25. වන කොටස.

මියෙදෙන තුරා..

*ඒ තරම් අමාරුයිද? කවුද ඒයාව බලා ගන්නේ.*
*බලාගන්න ඉන්නේ මම විතරයි. මට ඒකී දුක් විදිනවා බලන් ඉන්න බෑ ලොකු බේබී. ඒත් මට කරන්න දෙයක් නෑ. ඒකිට හරියට කෑම ටිකක්වත් ලැබෙන්නෙනෑ.*
*මොනවා ..ඒ මොකද සෝමේ මාමේ.*
*මට ඒකී දැක්කම දුක ඉවස ගන්න බෑ. සේරම අමතක වෙන්න මම හවසට මොනවා හරි කටේ අලාගෙන තමා යන්නේ.*
පවු දෙයියනේ බඩගින්නෙන් වේදනාවෙන් තනිකමින් අැති. මගේ හොදම යාලුවා වෙලත් මට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න බෑනේ .මට මේ ගෙරින් ඒළියට යන්න විදියක් නෑනේ. මම තනියම විලාප දුන්නා.
*කෝ මාමාමේ ශාමලීගේ මල්ලී ඒ කලේ පුංචියට හිටිය.*
*ඔය දරුවා දන්නේ නැද්ද මගේ කොල්ලා කවුද කියලා වූ තමා ඉද හිටවත් ශාමලියගේ කුස ගින්න නිවන්නේ. නාවලා කරලා ඒන්නේ.*
*මම කොහොම දැන ගන්නද සෝමේ මාමේ.*
* උෟට නම් කෙල්ල නැහිලා නැහිලා ඉගැන්නුවා. වැඩක් නෑ උෟත් දුක් විදිනවා.*
*අානේ ලොකු බේබී. අදුරනවද මෙයාව.හ්හ්*
*මම ලොකු බේබීබව දන්නේ උබ අත දරුවා කාලේ ඉදන් බොල.*
සේදූ පිගානද අතැතිව අප අතරට අා සිගිතිගේ පැනයට සෝමේ මාමා පිළිතුරු ලබා දුන්නේ මා දෙස බලා සිනා සෙමින්.
*මේ අද දවස අැතුළත අර ටික පේන්ට් කරලා ඉවර කර ගන්න ඔනේ යමු.*
සෝමේ මාමා මා අදුරන බව දැන ගත් වහා සිගිති බොහෝ සෙයින් කලබල වුනා. සෑම වදනකම අගට ඒක් වන හ්හ් පදයද අමතක කළ ඔහු සෝමේ මාමාවද රැගෙන ඒතනින් නික්ම ගියා. ශාමලී ගැන අැසීම නිසා මා සිත තුළ වුනේ විශාල කම්පනයක්. පැත්තකට වි දවස් ගණනාවක් හඩන්නට තරම් සිත් වුනා. කුස්සියේ වූ බංකුව මත හිද ගත් මම කල්පනා කරන්න වුනා.
*ලොකු බේබී අැයි මේ කුස්සියේ ඉදගෙන කරන්නේ*
*අනේ ලීලම්මේ ශාමලිට හුගක් අමාරුයිලු. අනේ මගේ ඒකම යාළුවා.*
*කවුද ලොකු බේබීට ඔක කිව්වේ.*
*සෝමේ මාමා*
*සෝමේ මල්ලී ඔය ටිකට ඒකත් කිව්වද?*
*අැයි ලීලම්මේ ඒහෙම කියන්නේ ලීලම්මට දුක නැද්ද?*
*දුකයි ලොකු බේබී. ඒත් ලොකු මහත්තයා කැමති නෑනේ මම නෑදෑයෝ අශ්‍රය කරනවට. වෙලාවකට මේ සේරම අතෑරලා මට ඒ කෙල්ල ළගට යන්න හිතෙනවා.*
*අනේ ඔයා මම වෙනුවෙන් මගේ යාළුවා ළගට යන්න ලීලම්මේ. මම සල්ලිත් දෙන්නම් ඔයාට වියදමට.*
*ඒත් මම ඔයාව දාලා කොහොම යන්නද ලොකු බේබී.*
*මට මොකුත් කරදරයක් නෑනේ ලීලම්මේ. ශාමලීට දැන් තනියෙම ජිවත් වෙන්න බෑ.*
*ලොකු බේබීටත් මම ඔනෙම වෙලාව මේක.*

*මට සුමේධ අයියා ඉන්නවනේ ලීලම්මේ.*
*අනේ මන්දා ලොකු බේබී මම මේ සේරම අතෑරලා ගියොත් අායෙත් කවදාවත් මට ලොකු බේබීට ළං වෙන්න වත් ලැබෙන්නේ නෑ. මම දන්නවනේ ලොකු මහත්තයගේ හැටි.*
*සුමේධ අයියා අප්පච්චී වගේ නෑ. මම ලීලම්මව කවදා හරි මගේ ළගට ගන්නම්. මම වෙනුවෙන් ශාමලි ළගට යන්න.*
අසුනින් සිට ගත් මම නෙතට නැගුන කදුළ ලීලම්මාගේ උරහිසට වැටෙන්නට ඉඩ දී අෑ වැළද ගත්තා.හිතේ තිබෙන් දුක ටිකක් හෝ තුරන් වේ යැයි සිතා මම උරහිසේ හිස හොවාන අඩන්න ගත්තා.
*ලොකු දූ.. මොකද මේ අඩන්නේ.*
පිටු පසින් අම්මාගේ හඩ අැසිමත් සමග අපි දෙදෙන් දෙපසට විසි වුනා. ලොකු වරදක් කළ කලක මෙන් ලීලම්මා අම්මාට හිස සැලුවේ අාචාර කරන්න මෙන්.
*ලීලාවතී කවුද මැරිලා තියෙන්නේ.*
*කවුරුත් නෑ ලොකු නෝනා.*
*මොකද ඒහෙනම් දෙන්නා ඒක්ක අඩන්නේ. මොනවද ලොකු දුවට ලීලාවතී ඒක්ක ඔය හැටි තියෙන කතාව.*
අම්මා සිටියේ කේන්තියෙන්. ලිලම්මා වෙත පෑවේ නපුරු බැල්මක් කවදාවත් නැතුව අම්මා ලීලම්මට සැර වෙනවා දුටුවාමයි.
*අම්මේ ශාමලීට හුගක් අමාරුයිලු.*

මම අම්මාලේ උරහිසට හිස තබාගෙන හඩමින් කිව්වා.
*ඒකට දැන් ලොකු දූ මොකටද අඩන්නේ.*
*ඒ මගේ යාලුවනේ අම්මේ. අම්මට අමතකද?*
*නෑ . නෑ . මම මැරිලා උපන්නේ නෑ. ලීලාවතීට නම් සේරම මතක් කරලා දෙන්න වෙයි වගේ මුල ඉදන්.*
*අනේ වැරදි දෙයක් කිව්වේ නෑ ලොකු නෝනා.*
*මම කිව්වා සෝමපාලව ගෙන්නන්න හදද්දිම ඔක වෙයි කියලා. ලොකු දූ යන්න ගිහින් වැඩක් බලා ගන්න ඔයාගේ.*
අම්මා ලිලම්මාට දොස් නගන්න වුනා.
*අනේ අම්මේ අපි ශාමලීට උදව් කරමුකෝ.*
*ලොකු දූ කිව්වම අහලා කාමරයට යනවා. මම ඒක ලීලාවති ඒක්ක බලා ගන්නම්.*
*අනේ අම්මේ ලිලම්මට බනින්න ඒපා.*
*ලොකු දු කිව්වම අහලා මෙතනින් යන්න. අායි ලීලාවතී ඒක්ක වැඩි අැයි හොදැයිකම් ඔනේ නෑ*
මේ සිදුවන කිසිත් මට තේරුම් ගන්නට නොහැකි වුනා. හඩාගෙන කාමරයට ගිය මම අැදට වැටී ඉකි ගසමින් අඩන්නට වුනා. සිත ටිකක් හෝ සැහැල්ලු කර ගැනිමට වෙහෙසුනත් සැනසෙන බවක් දැනුනෙම නෑ. කදුළු පිස දා ගත් මම පහළ මහලට අාවේ සෝමේ මාමාගෙන් තව විස්තර ටිකක් අහගන්න හිතාගෙන. මම වට පිට බලමින් කුස්සිය දෙසට යන්න වුනා.
*ලොකු දූ කොහෙද හොරා වගේ යන්ෙන් *
*අනේ අම්මේ.*
*කිව්වම අහලා කාමරේට යන්න. නැත්තම මට මේක අප්පච්චී ඒක්ක කියන්න වෙනවා. මෙතරම් කල් මම ලීලාවතිව විශ්වාස කලා. මට පේන්නේ ලීලාවති ලොකු දුවව අපෙන් අෑත් කරලා වගේ.*
*අනේ ඒහෙම නෑ අම්මේ.*
*හරි ලොකු දූ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. මම අප්පච්චී ඒකක කතා කරලා ශාමලී වෙනුවෙන් දෙයක් කරන්නම්.*
තවත් අැවිටිලී කිරීමෙන් තීරන වල වෙනසක් කළ නොහැකී බව වටහා ගත් මම කාමරය දෙසට ගියේ හරිම හිත් වේදනාවෙන්. මේ සැමටමත් වඩා සුමේධ අයියා සංවෙදී අැති කියලා මගේ හිත කියන්න ගත්තේ ඒක පාරටමයි. අල්මාරිය තුල වු දුරකතනය පිටතට ගත් මම ඒය විවෘත කලා. සුමේධ අයියාගේ අංකයට තෝරා ඒයට අැමතුමක් ගන්න උත්සහ කලා.
*හෙලොව් නිල්මිණි නංගි.*
*අනේ සුමේධ අයියේ.*
*අැයි මේ අඩන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුනාද?*
*මට ඔයාව හම්බෙන්න ඔනේ*
*අැයි ඒක පාරටම. මම ගෙදරට ඒන්නම් ඒහෙනම්.*
*ඉක්මණට ඒනවද?*
*හරි මම ඒන්නම් අඩන්නේ නැතුව ඉන්න. මම ඉක්මණට ඒනවා බුදු සරනයි.*
*බුදු සරණයි! පරිස්සමින් ඒන්න.*
මට දැන් පිහිට විය හැකි ඒකම පුද්ගලයා සුමේධ අයියා බව තේරුම් ගත් මම දෙවරක් නොසිතාම ඔහුගෙන් උදවුක් ඉල්ලනට සිතුවා. ඔහු ඒනතුරු මග බලා වුන් මට ජනෙල් කවුළුව අසල වූ අසුනේම නින්ද ගිහින් තිබුනා.
*ලොකු බේබී .. ලොකු බේබී.. මේ සුමේධ මහත්තයා අැවිත්.*
*කාමරයට ඒන්න කියන්න ලීලම්මේ.*
කාමරයේ දොර තල්ලු කරගෙන සුමේධ අයියා කාමරය අැතුළට අාවා. නැගිට ඔහුට අසුන දුන් මම අැද කොනක හිද ගත්තා. ඔහුගේ මුහුණේ වුනේ විමතියක්.
*අැයි නිල්මිණී නංගී හදිස්සියෙම.*
*ඔයා දන්නවා නේද මම ඔයාව මැරී කරන්න කැමති වුන බව.*
*ඔව් මට කිව්වා. මට ඔයාව බලෙන් මැරි කරන්න ඔනේ නෑ. මම දැන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙලා නේද? මම මේ හැමදේම අත් අැරලා ළමයි දෙන්නත් අරන් යනවා. ඔයාගේ තීරණය මත තමා ඒක වෙන්නේ.*
*ඒහෙම කරන්න ඔනේ නෑ. මගේ තීරණ වලින් අපේ ගෙදර අයට වැඩක් නෑ. *
*ඒ කියන්නේ ගෙදර අය කියන නිසාද ඔයා මාව මැරි කරන්නේ.*
*නෑ මම ඔයාට අකමැති නෑ . දරුවෝ දෙන්නා වෙනුවෙන් මම හැමදේම කරන්නේ.*
*ඔයා හිතන්න ඒපා මම කපටි කමින් මගේ ළගට ගන්න හදනවා කියලා. මට මුල ඉදලම වුමනාවක් තිබුනේ නැ මේ කටයුත්තට ශාලින්ද මල්ලී යෝජනා කලාට. දරුවෝ දෙන්නට ඔයා අදරේ නිසයි මම කැමති වෙන්න හිතුවේ. අකමැති වෙන්න මට ඔයා ගැන කියන්න සාධාරන හේතුවකුත් නෑ. මම දන්නවා මාව මැරි කරත් නැතත් ඔයා දරුවෝ දෙන්නට අාදරේ බව.*
*ඒහෙම මොකුත් නෑ සුමේධ අයියේ . දැන් මම කැමතී .වුන දේවල් අමතක කරළා දාන්න.*
ඊ ළග කොටසින් හමු වෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *