25

අචින්තයි අපේ ආදරේ
25
Excuse me..
කනෙ ඉයර් පෝන් එක ගහන් උන්නු නිසා කියපු ඒ වලින් බාගයයි ඇහුනෙ .එක්ස්කියුස්මි කියලා එන්න ඕනි පිට කෙනෙක්නෙ..ඉතිම් මට මොකො..ආව නම් ඉදගන්න එකැයි ඇත්තෙ..එපා කියන්න මේ මගෙ තැනක් නෙමීනේ..
ආව කෙනා ඉදගත්තා ..මට පේනවා..මන් මගෙ පාඩුවෙ බත් එක කෑවා..බලන් ඉන්නවදත් මන්දා..බඩත් රිදෙයි මගෙ..
මොනා උනත් මාර සුවදයි..මාර පර්ෆියුම් එකක්..බෝතලේම හලාගෙනද කොහිද ඇවිත් තියෙන්නෙ..
මන් මගෙ පාඩුවෙ කකා ඉන්න කොට ඒ අතක් ඇවිත් මගෙ අතෙ ගෑවුනා..මෙ මොකාද මේ මගෙ අතින් අල්ලන්නෙ කිසිම බයක් හැකක් නැතිව..
මෙ මිස්ටර්..ත…
අහ් මෙයා නම්..හිනා වෙන හැටි..කොහෙ යන ගමන්ද මෙ..මනමාලායා වගෙ ඇදන්..දත් ටික පෙන්නලා විරිත්තන හැටි..
මැට්ටි..
මැට්ටා හොද නෑ..
මන් හොද නෑ..බොරූ..
නෑ ඇත්ත..නරකයි නරකයි නරකම නරකයි..බය කරනවා මාව හැන තිස්සෙම..
ඉතින් බය වෙනවකො
බය වෙනවකො තමයි..ඔහොම බය කරලා මන් හාට් ඇටක් හැදිලා මැරෙයි මෝඩයෝ
අම්මො කියලාවත් කරගන්න බැරි වැඩක්..මැරෙනවකො..මල වදෙ..කෝෆී පාරක් දාලා..චොක්ලට් බිස්කට් එකක් කාලා ආතල් එකෙ වට්ටක්කා ඩාන්ස් පාරකුත් දාන්න තිබ්බා
හා මන් මැරෙනකම් ඉන්නෙ නෙහ් ආ
නැතුව නැතුව..
හුම් මැට්ටා..කෑවද
නෑ සුද්දියෝ
ම්ම්..කෝ කට කට අරින්න
අත සෝදලා නෙහ්..ඩෙටෝල් දාලා ..නැත්තම් මට විශබීජ ගිහින් වෙන ලෙඩෙ හොයා ගන්න බැරි වෙයි..
ඔයා නම්..අහ්. දෙනවා මන්
මන් මැට්ටව කෙනිත්තුවා
ආව් කන වෙලේට සතෙක්ට වත් හින්සා කරන්න එපා කියලා අම්මා උගන්නලා නැද්ද ආ..
අම්මා…කීවෙ ඔහුය..කෙනිත්තුවෙ ඔහුවය..එහෙත් රිදුනෙ මටය…
මුකුත් නොකියා මන් පබාට කැව්වා..
මැට්ටි
මැට්ටියෙ සොරි..හිතලා කිවෙ නෑ සොරි..
හුම්
මැට්ටි
ඇයි
අහන්නෙ නැද්ද මෙහෙ ආවෙ ඇයි කියලා
මට වැඩක් නෑ..ඔයා කනවද මේ ටිකත් මට් ඇති…
මන් කාලා ඉවරයි..
හුම් මටත් ඇති..
ඔයා දැන්ම යනවද
ම්ම්..ඔව්..මැට්ටිත් යන්
මන් ආව විදියටම යන්නම්..
මොකො මෙ මෙච්චර නපුරු
කීවා නෙ ආව විදියට යන්නම්..
අපො සැර..බලාගෙන ආච්චියෙක් වෙයි
කමක් නෑ ඔයා වෙන කෙනෙක් බදින්න..ආච්චියෙක් වෙලා මන් මැරිලාම යන්නම්..
වහනවා හැකර කට..
හුම්
මන් එක්කම යන්..යාලුවන්ට කියලා එන්න..
හුම්
සුපුන් ,රන්දික,මින්දු මේ පැත්තම බලන් ඉන්න බව දැක්කෙ දැන් මම..එයාලට පුදුම ඇති.කැම්පස් එකෙ ඉන්න අය එක්කවත් කතා නොකරන මන් කොල්ලෙක් එක්ක හිනා වෙවි කතා කර කර ඉද්දි..අනික මන් පබාට බතුත් කැවුවනි..
මින්දු..මන් යනවා
හදිස්සියෙ .තව ඉදහන් බම්..තාම ඉවර නෑ..
මට වැඩ තියෙ කෙල්ලෙ..හැපි බර්ත් ඩේ සුපුන්..මේක ඔයාට පුන්චි ගිෆ්ට් එකක්..
සුපුන් වෙනුවෙන් ගත්ත පුන්චි ගිෆ්ට් එක දීලා මන් ආයෙම යන්න හැරුනා..
යන අයට යන්න දීපන් බම්..අනන්ගයා ඇවිත් නෙ ඒකිගෙ..
ඒ රන්දිකගෙ කට හඩ..
සම්මානි..ටිකක් ඉන්න
ම්ම් කියන්න..
කවුද ඒ සම්මානි..අදුරන කෙනෙක්ද..බතුත් කැව්වෙ ඔයා..
මගෙ මූනට පබා ගැන අහද්දි එන පෙම් හිනාව මේ වෙලාවෙත් ආවා වගෙ මතකයි..
අහ්..එයාද
අහ් මමද…මන් නිසිත පබසර..කොහොමද ඉතිම්
මෙ මැට්ටා නම්..මන් කියන්න කලින් මෙතනට ඇවිත් ඉවරයි..දැන් ඉතින් හදුන්වලා දෙමු..
ම්ම් මින්දු,සුපුන් ,රන්දික මේ ඉන්නෙ නිසිත පබසර..මන් බදින්න ඉන්න කෙනා..සින්මන් ග්‍රෑන්ඩ් එකෙ චෙෆ් කෙනෙක් වෙන්න ස්ටඩී කරනවා..
අම්මට සිරි එල එල..එහෙනම් අපෙ සම්මානි ගොඩ..උයන්න පුලුවන් හස්බඩෙක්..ක්න්ගැරෑට් මචී..
තුන් දෙනාම පබාට අතට අත දුන්නා..බෑග් එකත් අරන් මන් පබා එක්ක ආවා..
මැට්ටියෙක් මහ
ඇයි
ඇයි කියන්නෙ ..අර විදියට කියන්නෙ..මන් හිතලාවත් නැති දෙයක්
මීට පස්සෙ හිතන්න හරි නෙ
මැට්ටියෙක් මහා..ඕකුන් දැන ගත්තම බොරුවක් කියලා ඔයාව චාටර් කරයි
ඉතින් ඔයා ඒක ඇත්ත කරන්න
මොකක්
ඔව් ඇත්ත කරන්න
කොහොමද
කොහොම හරි..හිතන්න මන් උන්ට කීවා නම් ඔයා තාම ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා..කියලා උන් මාව ඔයිට වඩා චාටර් කරයි..ඔයා නිකමෙක් කියන්නද කියන්නෙ
ඒ කියන්නෙ ඔයාට මාව නිකමෙක්ද ආ කියනවා මට
නෑ බබා මේ අහන්න..
මන් බයික් එක උඩ ඉදගෙන එයාගෙ මූන දෝතට අරන් ඇස් වලට එබුන..
මෙ අහන්න මහත්තයො ඔයා මැරෙනකම්ම ඔහොම උන්නත් මන් ආදරෙයි ඔයාට..ඒත් මාත් ආසයි මුලු ලෝකෙම ඔයාව පිලිගන්නවනම්..මගෙ මහත්තයා හොද තැනක ඉන්නවනම්..මට අනිත් අය ඉස්සරහා ඔලුව උස්සන් මගෙ මහත්තයා ගැන කියන්න ආසයි…ඒකයි.අපි මන් කියපු දෙ ඇත්ත කරමු..ඉස්සෙල්ලම එක්සෑම්..පස්සෙ ඔයාට පුලුවන් දෙයින් අපි යන් ඉස්සරහට…මිනිස්සු මට සම්මානි කියලා නෙමි අර යන්නෙ නිසිත පබසර මහත්තයගෙ වයිෆ් කියලා අදුන්වන තැනට කතා කරන්න ඕනි..ඒක කරන්න ඕනි මගෙ සුදු බබා..සම්මානිට සම්මානයක් වෙන්න ඕනි සුදු මහත්තය…තේරුනාද
එසේය සම්මානියනි..මන් දැන්ම සම්මානයක් දෙන්නම්..කෝ කෝ එම්න ශුඩු මූන කිස් කොරන්ඩ
අයියො මැට්ටා මේ පාර..යන් යන්..
අපි දෙන්නා බයික් එකෙ වාහන තදබදේට වැටුනා..
මැට්ටි ඔච්චරම මන් ගැන විස්වාසද ආ
ම්ම් ඔව්
හිතනවද මට පුලුවන් කියලා
ඔව්..පුලුවන්..
හරි..මැට්ටි ඔයා මාව ටච් කලා
කොහිද
වල් වෙන්න එපා මෝඩි..මගෙ හදවත ටච් කලෙ..
ඔයා නම් මැට්ටා
මැට්ටි
කියන්න ඇයි මෙහෙ ආවෙ
මගෙ ගෑනි කොහොද මන් එතන
බොරු එපා ඉතිම් කියන්නකො
හරි හරි
ම් කියන්නකො ඉතිම්
මන් පන්චිකාවත්තට ආවා බයික් එකට බඩු වගයක් ගන්න..බඩගිනි හැදිලා ගියා කඩේකට..එතකොට මැට්ටිට මැසෙජ් එකක් දාන්න පෝන් එක ගත්තෙ..කනකම් පරන මැසේජ් ඔක්කොම කියෙව්වා..ම්ම් හිතුනා පොඩ්ඩක් මැට්ටිව බලන්න ඕනි කියලා..පස්සෙ ආවා අතනට..බැලුවා හැම තැනම..
ම්ම්
ලොකෙ ඉන්න කැතම කෙල්ල කෝ කියලා..අනික ගදයි නෙ..මට හෙව්වෑකි කොහෙ උන්නත් මගෙ ගදිච්චිව..දැක්කා තනියම මුල්ලක ඉදන් සීගීරි කන්ද වගෙ බත් එකක් කොටා බානවා..තනියම ඔච්චර ලොකු බත් කන්න හොද නෑ..තෙල් වැඩියි ඕවල..අනික ගදිච්චි මහත් උනාම පසුවට මට කරදරයි..ඉතින් මැට්ටිගෙ හිත සුව පිනිස මන් ආවා..
අනෙ යනවා..මන් ගදයිද ආ
නැතුව..ඒකනි මන් පර්ෆියුම් බෝතලේම හලා ගත්තෙ..ගදයි ගදම ගදයි
එහෙමද හොයා ගන්නවා සුවද එක්කෙනෙක්..බස්සනවා මාව..නවත්තනවා..
හෝව් හෝව්..ඔහොම දැගලුවොත් දෙන්නම් ඩවුන් වෙයි මැට්ටියෙ..බස්සනම් ඉන්නවා..අද ඇනෙක්ස් එක ඇතුලටම බයික් එකෙ ගිහින් දානවා
ඕනි නෑ තරහයි මන්..
මන් යාලූයි නෙ



යි
මගෙ නපුරි..මන් යාලුයි නෙ..මගෙ බබාලා පස් දෙනාගෙ අම්මි කැටේනෙ…ම්ම්ම්කෝ කෝ ම්ම්ම්
ඕනි නෑමයි
මට ඕනී නෙ..මැට්ටි මට ලෙව් නේද
නෑ ලෙව් ඉලව්…
—මතු සම්බන්දයි—- 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *