25

##නිම්හිම්සේයා##
25
Computer screen එක මත එක පිට එක පෙල ගැස්වෙන විවිධ චායාරූප පෙලක් ,ඒ හැම එකකම මිහිරාන්..ඒ අතර ගොඩක් පොටෝස් වල එකම යුවතියක් ..බැලු බැල්මට ඉතින් වරදක් නෑ..අනික එයා මගේ කවුරු වකුත් නෙමීනේ තරහා යන්න ..මේ වෙනුවට ඩීඑන්එස් ගෙ පොටොස් දැම්මනම් ඕන් මට තිබ්බා කාලී මෑනී කෙනෙක් වෙන්න..
මම් දෙනෙත් අයියට කට ඇදකරලා උරහිස ඇකිලෙව්වෙ ඉතින් මට මොකො කියන්න ..ඒත් ඒ ඇස්වල තිබ්බ තරවටු බැල්ම මගේ වක්කඩාක් වගේ කට අගුලු දැම්මා..
එක පොටෝ එකක් ගාව නතර කරලා එයා ඒ බෝයීව පොයින්ට් කලා..ඊටත් පස්සෙ අර කෙල්ලව..
සේයා දන්නවද මේ කවුද කියලා
නිලියක් ද ලස්සනයි නෙ..මිහිරාන් ගෙ gfද?
නෑ
එහෙනම් ..එයාලා පොටෝ වල ඉන්නෙ නිකම් ඒ වගේ නේ..ඉතින් මේ කවුද ..ඔයාගේ පරණ කෑල්ලද
මෝඩී..කට…
ඉතින් දන්නෙ නැති නිසානේ ඇහුවෙ කවුද ..
මිශෙල් ජයසුන්දර
මිශෙල් ජයසුන්දර ..ඔයාගේ ස් නේම් එකම තියෙන්නෙ ඔයාගේනෑදෑයෙක්ද…
මාවත් විසික්වෙන තරමේ ලොකූ හුස්මක් පපුවට ගත්තු දෙනෙත් අයිය මිට මොලෝගෙන එයාගේ පුටුවට හයියෙන් පාරක් දුන්නා..විනාඩි පහක නිස්සබ්දයක් ..කවදාවත්ම විනාඩියක් වත් කට වහන් ඉන්න බැරි මට මේ නිකම් කල්පයක කාලයක් ..කියන්නෙත් නෑ මට බයකුත් හිතෙනවා ..ඇයි අනේ මෙයාගේ පරණ….
මෝඩී හිතුවොත් හිතන්නෙ ඔය වගේ ගොන් දෙයක් ..කොහොමද හිතුවෙ මේ වගේ කෙනෙක් එක්ක මන් යාලූවෙලා වත් ඉදීවී කියලා ..
ඉතින් ඔච්චර අගේ කරන්නෙ..මේන් මේම සුලිකුනාටූ වගේ හුස්ම ගන්නෙ..පුටුවට ජෝන්සිනා වගේ ගුටි දෙන්නෙ කියනවකෝ වදේ..
අනේ මගේ කටහැකිරි..මේ මගේ අම්මා
හෑ මොකක්..
ඔච්චර බලිය වගේ කට අරින්න ඕන් නෑ..මේ මගේ අම්මා..නීතියෙන්..හැබයි අම්මා කියන නමට කැලලක් මේ අම්මන්ඩි..මේ ගෑනී දැක්කම මගේ ඇගේ මාලූ නටනවා ..
ඒ කියන්නෙ මේ ..මේ ඔයාලෑ අප්පච්චිගේ දෙවනි කසාදේ..ඒත් මිහිරාන් ..
තේරෙන්නෙ නෑනේ අයියෝ…
හ්ම්ම් දෙවනි කසාදේ..මේකී මේකී නිසා තමයි මට මගේ අප්පච්චි නැතිව ගියේ..මට අයිති හැමදේම නැති උනේ..මගේ ජීවීතේම වෙනස් උනේ..
හ්ම්ම්..ඒත් මිහිරාන් අයියෙ ..එයා
ඌ තමයි මේ ගෑනිගේ හොරමිනිහා..මේ ගෑනී මගේ අප්පච්චිගෙ සල්ලි වලින් මූව හුරතල් කරනවා..ඌ ඌ මේකිව තුරුම්පුව කරන් රට වටේම ගෑනු එක්ක නටනවා..ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඌ සල්ලි බලෙන් ඒ කෙල්ලව උගේ ලගට ගන්නවා..
ම්..
ඇටිකුකුලි හොදට හුරතලේ ඌ එක්ක..මොකෝ මන් කලූ නිසාද ..උගේ සුද ඔයාව ඇවිස්සුවද..
දෙනෙත් අයියා කේන්තියෙන් කියන් යනවා..මන් ආයෙමත් ඒ පොටෝස් එකින් එක බැලුවා..මෙච්චර දේවල් දැනන් ඇයි දෙනෙත් අයියා නිහඩව ඉන්නෙ..දෙනෙත් අයියගෙ සල්ලි වලින් ඇයි ප්රෝයෝජනයක් ගන්නෙ නැත්තේ..මන්
හ්ම්ම් ඔයා හිතනවා ඇති ඇයි මන් මෙච්චර දේවල් දැනන් නිහඩව ඉන්නෙ කියලා ..ලන්කාවට ආව දා ඉදන් මායි ශේනයි එකතු වෙලා මිශෙල්ව ෆලෝ කලා..යන තැන් එන තැන්..ඔය අතරෙ තමයි මේ මිහිරාන්ව දැක්කෙ..ඌ ලන්කාවට ඇවිත් මාසයයි..මේ මාසෙම මිශෙල් ඌ එක්ක..මට වැඩක් නෑ ඒ ගෑනි මොකෙක් එක්ක නාඩගම් නැටුවත්..ඒත් මේ අපතේ යන්නෙ මට අයිති දේවල්
.අනික මගේ හිතේ සැකයක් තියෙනවා ..
මොකක්ද
මේ මුන් දෙන්නගෙ වැඩක් කියලා..අප්පච්චිගෙ මරනෙ..අනිවා මුන් සම්බන්දයි ..ඒක ශුව..මට තාම හරි පොටක් පෑදුන්නැ..මට ඕන මිශෙල්ගෙන් මගෙ අයිතිය ගන්න..ඒ සේරටම වඩා මගේ චූටී මැනික මගේ කරගන්න ..ඔයාගේ තාත්තට මන් වැරදි නෑ කියලා පෙන්නන්න …ඒත් ඒත් අපිට සාක්කි මදි..දැන් නඩුව ඇපිල් කරපූ නිසා මිශෙල් බයෙන් ඉන්නෙ දේපල නැති වෙයි කියලා ..ඒ හින්දා සාක්කි වෙන්න පුලුවන් හැම දෙයක්ම හන්ගලා දාවි..
මැනික ප්ලීස් ඔයා මේ බල්ලව හම්බෙන්න එපා උගෙන් ඈත් වෙන්න..ඔයා ඌ එක්ක එතන ඉද්දි මට හිතුනා ඇවිත් හොම්බ තලන්න..ඒත් එතකොට ඌ ඔයා ගැන දැනගනිවී..ඔයා මගේ කියලා දැනගනිවි..
දෙනෙත් අයියගෙ හිත දැනෙනවා මට..ඒ හැගීම්..ම්..ඒත් මට මේ වෙලේ වෙනින් දෙයක් හිතට එන්නෙ..ඒත් ඒ දේට දෙනෙත් අයියා කැමති වෙයිද..
මොකො කට වැහිලා ..
අයියා මන් කවුද
ඔයා සේයා
නෑ මන් මොකෙක්ද
මොකෙක්ද අහන්නෙ..සත්තු වත්තම ඔයා..
නෑ අයියෙ සීරීයස් අහන්නෙ..මන් කවුද
ඔයා ඔයා සේයා..යූත් එකේ නිවේදිකාවක් …ටීවී ස්ටා කෙනෙක්..මොඩ්ල කෙනෙක්..පුන්චි නිලියක් ..මගෙ මැනික..මගෙ හැම දේම..
ඔයාගේ දේවල් පැත්තකට කරමුකෝ..අහන්න ..මේ විදියට මිහිරාන්ව එව්වෙ දෙවියෝ වෙන්න බැරිද..
ඒ කිවේ…
මන් දෙනෙත් අයියගෙ ඔඩොක්කුවෙන් ඉදගත්තා..මගෙ අත් දෙනෙත් අයියගෙ බෙල්ල වටේ දාලා ඒ නිල් ඇස් දිහා කෙලින් බැලුවා..
මෙහෙමයි අයියා ..මේ මිහිරාන් මේ විදියට මට මුනගැස්සුවෙ ඔයාට උදව් කරන්න වෙන්න බැරිද..ඔයාගෙ ප්‍ර්ශ්නෙ හිර උනු තැන්වල උත්තර මිහිරාන් ලග තියෙනවා වෙන්න බැරිද..මගේ ජනප්‍රිය කමින් මට බැරි වෙයිද උදව් කරන්න ඔයාට..මන් ඔයාගේ කවුද කියලා මිහිරාන් දන්නෙ නෑ නේ..අනික මිශෙල් උනත් දන්නෙ නෑ නේ..ඉතින්..
අනේ මේ ඔයා හිතන්නෙ මේ හින්දි ෆිල්ම් එකක් කියලද ඕකෙන් වෙන්නෙ මට ඔයාවත් නැති වෙන එක..අදහස හොදයි ඒත් ඔයා ඔය බල්ලගෙ හුස්ම වැටෙන තැනකවත් ඉන්න බෑ..මට මගේ මැනික ලගින් ඉන්න විදියකුත් නෑ අවුරුද්දක් ..
ඇති ඇති..ඔයාට මාව විස්වාසද
ඔව් මැනික මටත් වඩා ..ඒත් ඔය බූත වැඩ එපා..
අහන්න අයියේ සේයා දන්නවා පරිස්සම් වෙන්න ..අනික මට පුලුවන් අපේ චැනල් එකෙන් මේක ප්‍රොෆෙශනල් විදියට කරන්න..ප්ලීස් මටත් චාන්ස් එකක් දෙන්න ..මට බෑ අවුරුද්දක් ඉන්න අයියෙ බැ.බෑ…
මන් දෙනෙත් අයියගෙ පපුවෙ ඉදන් ඇඩුවා..දන්න්‍ර් නෑ කොහොමද උදව් කරන්නෙ කියලා ඒත් මටත් ඕනී උදව් කරන්න …දෙනෙත් අයියගෙ වෙන්න..දන්නව මන් පරිස්සම් වෙන්න…දන්නවා..
මැනික ඇයි මෙ..
මට අවසර දෙන්න අයියෙ ..අපි..ඔයා මන් ශේන් අයියා ,අපෙ චැනල් එක අපි එකතු වෙලා මේක විසදමු..මට ඔයා ඕන මන් දන්නෙ එච්චරයි ..
excuse me..
excuse me කීවට මෙයා ඇවිල්ලත් ඉවරයි ලැජ්ජාවෙ බෑ ශේන් අයියා
ශේනා ..
හ්ම්ම්
හරි හරි ඔය චූටී කුක්කු කුමාරි ඔය ගෝතයගෙ ඇගෙන් බහින්න අපෙත් සුට්ටි හිත් රිදෙනවා …
උඹ දැන් ආවෙ හදිස්සියක් ද
නෑ..
එහෙනම්
මන් සේරම අහන් උන්නෙ..සේයා හරි..මේ අපිට ලැබුනු චාන්ස් එකක් …උඹට හිතෙන්නෙ නැද්ද එහෙම ..සේයා බබෙක් නෙමීනේ..අවුරුදු විසි හතරක් පරිස්සම් උනානම් එයාට මේ වැඩෙත් කරන්න බැරි වෙන්න විදියක් නැ..අපි ඉන්නවනේ..මන් ඉන්නම් සේයගෙ ලගින් අපි කරමු බන්..මේ ප්‍ර්ශ්න විසදගමු..උඹ හුල්ලන දිහා මට බලන් ඉන්න බෑ..අනික මේ උන්ට ගිය රටක් නෙමී …උඹ ඔහොම නිහඩව උන්නා මදිද ඩීඑන්එස් ..
මට තේරෙනවා බම් ඒත් සේයා ..මට බෑ සේයා පටලවන්න කොහොමටත් බෑ..
අනෙ අයියෙ ..ප්ලීස් ..අහන්න ..මටත් අවස්තාවක් දෙන්න..කොහොම හරි ඔයා වෙනුවෙන් මන් සාක්කි හොයල දෙන්නම්..අනෙ අයියෙ ප්ලීස්…
මගෙත් ශේන් අයියගෙත් පෙරැත්තට ඩීඑන්එස් කැමති උනා..ඒ එක පොරොන්දුවක් පිට..මොකක් හරි අනතුරක හුලගක් හරි වැදුනොත් එදාට මන් මේ වැඩෙන් අයින් වෙනවා කියන පොරොන්දුව පිට..
හ්ම්ම් දන්නෙ නෑ මොනා කරන්නද කියලා නම්..ඉස්සරහට මොනා වෙයිද කියල නම්..ඒත් සේයා වැඩේට එන්ටර් උන..
සේයා හෙට ඉදන් නිකම් සේයා නෙමි cid සේයා..
(මතු සම්බන්දයි …) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *