26. වන කොටස.

මියෙදෙන තුරා.

*මම හැමදේම අමතක කරලා ඉවරයි. කවදාවත් ඔයා හිතට ඒකග නැති තීරණයක් නම් ගන්න ඒපා තේරුනාද ඔයා ගන්න ඔනේ තීරණයකට මම ඒකගයි.*

මම සුමේධ අයියා සමග ශාමලි ගැන සියලු විස්තර කිව්වා . ඔහු අැය ගැන බොහෝ සෙයින කණගාටු වුනා. ඔනෑම උදව්වක් කරන්නට ඔහු කැමති වුනා.

*මම මොනවද නිල්මිණී නංගී දැන් කරන්න ඔනේ.*

*මට තේරෙන්නේ නෑ සුමේධ අයියේ. ඒයාට අැවිදින්න වත් බැරිලු.*

*මම හොයලා බලලා දෙයක් කරන්නම්.*

විවාහයට තියෙන්නේ තව දවස් අටයි. මම සිත හදාගෙන හිටියේ සුමේධ අයියා සමග විවාහා වෙන්න. සුමේධ අයියා ගමේ ගෑනු කෙනෙක්ට වැටුප් දෙන්නට පොරොන්දු වී ශාමලී බලා ගන්නට යවලා තිබුනා. ඒ අාරංචිය ලැබුණම මම තව තවත් සුමේධ අයියා ගැන පැහැදුනා. මොනම හේතුව නිසාවත් මට සුමේධ අයියා ගැන යහපත් හැගිමක් මිස අාදරයක් අැති වී තිබුනේ නැ. නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ලොකයේ හැකි කල් ඉන්නට මම සිතා ගත්තා.

විවාහා උත්සවයට තව දින පහක් ඉතිරිව තිබුනා. පුංචි නංගීද පෙර මෙන් නැතත් මට ළං වී තිබුනා. නමුත් ඔවුන්ට ළං නොවු මම හුදකලාව ඉන්නට නිතර උත්සහ ගත්තා. සැන්දෑ වරුවක දරුවන් දෙදෙනාද සමග සුමේධ අයියා අප නිවසට පැමිණියා. ඔහු අා බවට ලද පණිවිඩයෙන් මම පහළ මාළයට පැමිණියා.

*අම්මී නැද්දී.*

චූටී දූ මා ළගට දුවගෙන අාවා. අැය වඩා ගත් මම කොපුල මත හාදුවක් තැබුවා. අැයත් ඔසවාගෙන ලොකු දූ අසට ගිය මම අැයත් අාදරයෙන් සිප ගත්තා.

*නිල්මිණි නංගී පංසල පැත්තේ ගිහින් ඒන්න යමුද?*

*යන්න දෙයිද දන්ෙන් නෑ.*

*මම අහලා බලන්නම්. ඔයා යන්න කැමතිනේ.*

*මගේ අකමුත්තක් නෑ.*

විවාහා යෝජනාවත් සමග අැති වු අාරවුල මත අපගේ මිතුරු කම පවා දුරස් වූ නිසා කලෙකින් නිවසින් බැහැරට යන්නට මට ලැබුනේ නැහැ. සුමේධ අයියා අවසර ඉල්ලන පරක්කුවෙන් නිවසින් අවසර ලැබුනා. හරිම සතුටින් කාමරයට ගිය මම සුදු අැදුමකින් සැරසි පහළට අාවා.

*අපි ගිහින් ඒන්නම් අප්පච්චී.*

පැවසූ සුමේධ අයියා අපිවත් පෙරටු කොට ගෙන නිවසින් පිටත් වුනා. මෝටර් රථයට නැගී අපි මුලින් හමු වූ පන්සල අසල වාහනය නැවතුනා.

*නිල්මිණි නංගී දන්නවද ඔයාව මේ පන්සලටම ඒකන් ඒන්න හේතුවක් තියෙනවා.*

*ඒමොකද්ද සුමේධ අයියේ හේතුව. අපි මුලින්ම මුන ගැහැනු පන්සල නිසාද?*

*ඒක ඒක හේතුවක් විතරයි. ඉස්සරලාම බුදුන් වැදලා ඉමුකෝ. ඔයාලා යමු මම මල් ටික ඒහෙම අරන් ඒන්නම්.*

ඔහු ඒන තුරු දරු දෙදෙනාගේ සුරතල් අතගිලි අතර අත් පටලාගෙන සිහින් වැල්ල මතු පිට පන්සල දෙසට පියමැන්නා. මල් සහ අනෙක් ද්‍රවය සහිත කවරයද අතැතිව සූමේධ අයියාද අපි අතරට ඒක් වුනා. පුජා භූමියට අැතුල් වූ අපි මල් පහන් පුදා බුදුන් වැන්දා. ඉන් පසු බෝ මළුවේ කොනක හිද ගත් සුමේධ අයියා ලොකු සුසුමක් හෙළුවේ ලොකු කතාවකට මුල පුරන්නට වෙගේ.

*නිල්මිණි නංගී හිත සැහැල්ලු වෙන්නත් ඒක්ක මෙතට වෙලා ටිකක් ඉදලා යමු. වැදගත් දෙයක් තියේ මට කියන්න.*

ඔහු අසලින් වාඩු වුන මම, ඔහු දෙස බැලුවේ කියන්නට යනදේ අසා සිටින්නයි. චූටි දුවත් ලොකු දුවත් බෝ මළුවේ වැල්ල පුරා අැවිදිමින් දුවමින් සතුටින් හිටියා. කොනක වූ නිල් මානෙල් පිපී සුවද දුන් පොකුනේ මසුන් බලමින් ඔවුන දෙදෙනා සිනසෙන්න වුනා.

*නිල්මිණි නංගී අද අපි අන්තිම තිරණය ගන්න ඔනේ.*

*තව මොන තීරණයක්ද සුමේධ අයියේ.*

*මම දන්නවා නිල්මිණි නංගී මේකට කැමති වුනේ කැමැත්තෙන් නෙමේ. ඒකට ඔයාට හේතුවකුත් අැති.*

*කොහොම හරි දැන් මම කැමතිනේ.*

*ඒ වචනයෙන්ම තේරෙනවා මේක ඔයාගේ හදවතට ඒකග තීරණයක් නෙමෙයි.*

*බොරු කියන්න ඔනේ නෑනේ සුමේධ අයියේ. මගේ හිතේ තාමත් ඔයා ගැන පැහැදීමක් අැර වෙනත් හැගිමක් නෑ. ඒ දෙවල් මැරේජ් ඒකෙන් පස්සේ අැතිවෙයි කියලා හිතනවා.*

*මගේ හිතෙත් නිල්මිණි නංගී ගැනත් ඒහෙම හැගීමක් නෑ. අපි බොරුවට අපේ හිත් රවට්ට ගන්න ඔනේ නෑ. ඒත් මම කැමති වගේ ඉන්නේ ඔයා වෙනුවෙන්. මම ඔයාගෙන් අෑත් වෙනවා කියන්නේ ඔයාගේ ලොකු මල්ලිගෙන් ඔයාට ප්‍රශ්න අැති වෙනවා.*

*ඒකට කමක් නෑ සුමේධ අයියේ.*

*මම දන්නවා ඔයාගේ මල්ලිගේ හැටි හොදටම . මේ බලන්න.*
කවරයකින් ඒළියට ගත් කුඩා පොත් කිහිපයක් මා අත තැබුවා. ඒවා ඔහුගෙත් දරුවන් දෙදෙනාගෙත් ගුවන් බල පත්‍ර.

*සුමේධ අයියා රට යන්නද හදන්නේ.*

*අපි කොහොමත් දිගටම වගේ හිටියේ රට තමයි. අපිට ඒහේ පුරවැසිභාවය තියෙනවා සෙව්මිණිගේ අම්මලා ළගට යන්න සුදා නම් වුනේ .*

*මේක ශාලින්ද මල්ලී ඒහෙම දන්නවද?*

*නෑ කවුරුත්ම දන්නේ නෑ. අපි ලංකාවට අාවේ දරුවෝ දෙන්නා ලංකාවේ ඉගෙන ගන්නවා දකින්න, සිංහල විදියට හැදෙනවා දකින්න සෙව්මිණි කැමති වුන නිසා. අනික සෙව්මිණී දැනන් හිටියා ඒයා ගෙවන්නේ අන්තිම කාලේ බව. ඒක නිසා අන්තිම කාලය ලංකාවේ ඉන්න ඔනේ වුනා ඒකයි අපි ලංකාවට අාවේ.*

* සුමේධ අයියා අැයි දැන ලංකාව දාලා යන්න හදන්නේ. සෙව්මිණිගේ කැමැත්ත ඉස්ඨ කරන්නේ නැද්ද?*

* මම කැමති නෑ ඔයා අකමැති දෙයක් කරන් වද විදිනවි දකින්න. අනික ශාලින්ද මල්ලී ඔයා ගැන හුගක් දේවල් කියලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා ඔය ඔයාගේ ගෙදර හිර වෙලා ඉන්නේ කියලා ශාලින්ද මල්ලී කියලා තියෙනවා.*

*මටත් ඒක කම් හිතෙනවා සුමේධ අයියේ. ඔයා ගැන මම මොන තරම් නරක විදියටද හිතුවේ. මම හිතුවේ ඔයත් මේ කසාදෙට මුල ඉදන් කැමැත්තෙන් හිටියා කියලා.*

*නෑ. නෑ නිල්මිණි නංගී . ශාලින්ද මල්ලී කිව්වා ඔයා ඒයා ඒක්කත් කතා කරන්නේ නැ කියලා. මේ යොජනාව ඒයා කලේ සල්ලි වෙනුවෙන් කියලා ඔයා හිතනවා කියලත් ඒයා කිව්වා. අැත්ත ඒක ඒහෙම නෙමෙයි. ශාලින්ද මල්ලී හරිම හොද කෙනෙක් . ඔයාගේ නිදහස තමා ඒයා අරන් දෙන්න හැදුවේ. *

*මට මේ සේරම පැටලිලා.*

*මම දන්නවා ඔයාලගේ ගෙදරින් මට කැමති වුනේ සල්ලි වෙනුවෙන් බවත්.*

ඒ වචනයත් සමග මට පොළව පලාගෙන යන්න හිතුනා. සුමේධ අයියා නම් මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක්. මනුස්සයෙක්ට පුළුවන්ද මේතරම් අනිත් මිනිස්සු ගැන හිතන්න. මම කොහොමද මේ තරම් හොද හිතක් තියෙන කෙනෙක් නැති කර ගන්නේ. ඒත් මට බෑ මේ හොද හිතට දෙවෙනි පාරටත් දුකක් දෙන්න. සෙව්මීණී වෙනුවෙන් වේදනාවෙන පුපුරු ගහපු හිතට අායෙත් නිල්මිණි වෙනුවෙනුත් පුපුරු ගහන්න සලස්වන්න බෑ . මමත් ඔයාගේ සෙව්මිණී ගිය තැනටම යන්න ඉන්නේ සුමේධ අයියේ. මගේ හිතට තවත් ජිවත් වෙන්න ලෝභ කම් අැති වුනාත් මරණය වලක් වන්න බෑ . තීරණයක් ගන්න බැරිව සිත දෙගිඩියාවෙන් ළත වුනා.

*නංගි තව දවස් දවස් පහක් තියේ ඔයාට තිරණයක් ගන්න. වෙඩින් ඒකට පැයක් තියා ඔයා ගන්න තිරණයට වුනත් මම ඒකගයි. හොදට හිතලා තීරනයක් ගන්න.*

*මට හිතා ගන්න බෑ සුමේධ අයියේ.*

දින කෙමෙන් ගෙවි ගියා සුමේධ අයියා කිව් සියලු දේ ගැන මම හොදින් කල්පනා කරන්න වුනා. නිතරම කල්පනා කිරීම නිසාදෝ වරින් වර මට පපුවේ වේදනාව මතු වුනා. ඒ වේදනාව මට කිව්වේ සුමේධ අයියාගේ ජිවිතේට යන්න ඒපා කියලා. මම සුමේධ අයියට අකමැති වෙලා සුමේධ අයියා රට ගියොත් මැරෙනකන් මට හිර කාරයක් වගේ ඉන්න වේවි. මේ ගෙදරින් නිදහස් වෙන්නටත් ඔනේ සුමේධ අයියගේ ජිවිතේට නොයා ඉන්නත් ඔනේ . හරියට රෑවුලත් ඔනේ කැදත් ඔනේ වගේ.

විවාහයට දවස් තුනක් තිබියදී මම තීරනයක් ගත්තා. සැහැල්ලු සිතින් දුරකථනය අතට ගත්මම ජනෙල් කවුළුව අසලට ගියා. ජනෙල් කවුළුවේන බාහිර ලෝකය දකින්න උත්සහ කළ මම අදත් ඒ විදියටම රෑස්ස ගස් පෙළ අතරින් අෑත බලාගෙන් සුමේධ අයියට අැමතුමක් ගත්තා.

*හෙලොව් සුමේධ අයියේ.*

*හෙලොව් නිල්මිණි නංගී.*

*මම තීරණයක් ගත්තා අයියේ *

*මොකද්ද තීරණය.*

*අන්තිම වතාවට මාව මේ ගෙදරින් ඒළියට ඒක්ක යනවද?*

*හරි මම ඒන්නම් නිල්මිණි නංගී. තීරණය කියන්න.*

*ඒක හම්බුනාමම කියනන්නම්.*

*හොදයි මම හවස් වෙන්න අැරලා ඒන්නම්.*

*හොදයි සුමේධ අයියේ බුදු සරණයි*

*බුදු සරණයි!*

අැමතුම විසන්ධි කළ මම ගස් අතරින් පෙනෙන පාර දෙස බැලුවා. හුග දිනකට පසු මර හඩ දීගෙන විජී අයියගේ බයික් ඒක පෙරටම අැදුනා. මටත් අන්න ඒ වගේ නිදහස ලබන්න තිබුණා කොල්ලෙක් වුනා නම්. මට නැවතත් නිල්ල පිරුණු මිටියවත පොත සිහි ගැන්වුනා. සිටු මැදුරින් පලා අාපු ඒ තරුණයාට වගේ සැහල්ලු ජිවියක් ,මගේ අවසන් කාලෙට මට ලැබෙනවා නම් මම සිහින මැව්වා.

ඒදා සිදු විමෙන් පසු ලීලම්මත් මාත් අතර වූ සම්බන්ධය දුරස් වුනා. ලිලම්මා මා ළග සිටිනවාව අම්මා අකමැති වුනා. අම්මාට හොරන් මෙන් වචන කීපයක් කතා කලා. ඒ හේතුව නිසා මගේ පාළුව තවත් වැඩි වි නිසා නිවසේ සිටිම තව තවත් ඒපා වුනා.

ඊ ළග කොටසින් හමු වෙමු… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *