26 වන දිගහැරුම

සෙනේශ් ලෑසිතිවෙලා පහළට ගියේ ලීලම්මාව දැනුවත් කරන්න….

ඒ අතරේ කෙල්ලත් ලෑස්තිවෙලා ආවා …

හිමීට පහළට බහින කෙල්ල දිහා සෝනු බලන් හිටියේ ඇස් ලොකු කරගෙන….
කලු පාටින් හීනී බෝඩරයක් ගිය ලාකහ පැහැ සාරි එකකින් චිනූ හැඩවෙලා හිටියා….වෙඩින් එකෙන් පස්සේ කෙල්ලව මෙහෙම දැක්කේ අද….එදා ඒ තරම් ඇය දිහා බලන්න කොල්ලට ඕන උනේ නෑ….ඒත් අද කොල්ලා බලන් ඉන්නේ තමන්ගේ සුන්දර බිරිද දෙසයි….

ඇත්තටම දගකාර චුටි කෙල්ල අස්සේ මේ තරම් සුන්දර ගැහැණුකමක් සැගවී ඇතැයි ඔහු සිතුවේ නැහෑ….නමුත් චෙනායා සෑම අතින්ම සුන්දර කෙල්ලෙකැයි ඔහුට ආයේ අයේමත් සිතුණා….

සෙනේශ්ගේ දැල්විනු දෑස් තමාගෙන් නොමිදි තියෙනවා දැකපු කෙල්ලට ටිකක් ලැජ්ජා හිතුන….සාරී එකක් ඇන්ද එකට තමාව විළුවට ගනීද කියලත් හිතුනා….

තමා දෙසට ඇවිදන් එන කෙල්ල ලගට කොල්ලත් ටිකක් ඇවිදන් ගියා….

“මම ඔයාව සප්‍රයිස් කරන්න හදද්දී ඔයා මාව සප්‍රයිස් කරනවා මැනික…ඔයා ගොඩාක් ලස්සනයි….”

කොල්ලා කීවේ කෙල්ලගෙ ඉනවටේ අත යවලා තමා ළගට අරගෙන ඇගේ නලල් තලය මත ආදරණීය හාදුවක් සටහන් කරලා….

සෝනු එහෙම්ම කෙල්ලගේ නලල මත නලල තියලා ඒ මූන දිහා බලන් හිටියා….චිනූ එහෙම්ම ඇස් බිමට හරව ගත්තා….

“චිනූ….මගෙ පිස්සු කෝලම….ඔයා දවසින් දවස මාව පිස්සු වට්ටනවා….ආදරේ හිතෙනවා මට….ගැලවෙන්න දෙන්නේම නෑ නේද මට….ආ……”

සිඔනු එහෙම අහද්දී ලැජ්ජාව පැත්තකින් තියලා කෙල්ල දගකාර පාටට හිනා උනා…

“ම්හ්….ගැලවෙන්න දෙන්නේම නෑ….ලබන ආත්මේත් ඇනයක් වෙලා පස්සෙන්ම එනවා…එනවා…එනවමයි…..”

කෙල්ල හිනාවෙවි කියද්දී සෝනු ඔහුගේ වැඩුනු රැවුල සහිත කම්මුලක් කෙල්ලගේ කොපුලේ ගැවෙන ලෙස ලං කළා…

“ආව් මෝඩයෝ සිදෙනවා මේවා ඇනුනාම…..”

කෙල්ල ඔහුගෙන මදක් ඈත්වෙලා ඒ රැවුල් ගස් අතින් අදින ගමන්….

“ආයි පුංචි යක්ශනී රිදෙනෝ…යන් යන් අරුන් ඇවිත් ඇති…පරක්කු වෙනෝ….”

“ම්…කවුද අරුන්….”

“මම කීවේ අපේ වෙහිකල් එක බබෝ….”

“මොකක හරි තීනෝ අයියේ මෙතන…..”

“මොකක් හරි නෙවෙයි තිබ්බ ඔක්කොම තියෙනවා බන් අඩු නැතුව….මේ…..”

මෙසේ කියමි සෝනු ඇගිලි දෙකකින් කෙල්ලගෙ දෙන් ටිකක් තද කරලා ඇල්ලුවා….ඔහුට සියම් පහරක් ගසමින්ම කෙල්ල ඔහු හා යාමට පිටත් උනා…..

දෙන්නත් එක්ක පැයක් වගේ යනකොට එයාපෝට් එකට ගියා…යද්දි එතනට ආවේ කෙල්ල බලාපොරොත්තු නොවුන දෙදෙනෙක්….

කෙල්ල ඔවුන් දිහා බලන් හිටියේ පුදුමයෙන්….ඒත් සෙනේශ්ටනම් එහෙම පුදුමයක් තිබුනේ නෑ වගේ…..

වෙන කවුරුත් නෙදෙයි ඇවිත් හිටියේ චන්දුයි සෙව්මිනීයි….

“අයියේ….මේ දෙන්නා මොකද මෙතන….අර චන්දු මට පේන්න බෑ එයාව…..”

“අපෝ හරකියේ කට වහගන්නවා….”

“අනේ මේ ඔයා මේව දන්නව…..මට තේරුන ඔයාගෙ මහලොකු සප්‍රයිස් එක අම්මි තාත්තිව පෙන්නන එකම නෙවෙයි කියලා …..”

“අලේ මැනික කට වහගනින්කෝ…..සප්‍රයිස් එක මුන් දෙන්න දකින එක නෙවෙයි මම මුන් දෙන්න ජෝඩු කරපු එකයි…..”

සෝනු කියන්නේ ඇගට පතට නොදැනී….

“මොකද්ද ගො දිගංචියෝ ඒ කලේ….පව් සෙ අක්කා….අර චන්දුව….එයාට ජෝඩු කලේ ඇයි….”

“අනේ මැට්ටී චන්දු ගොඩාක් නරක නෑනේ….චන්දු ඔයා ගැන හිතන් හිටියා…සෙව්මිනී මම ගැන හිතන් හිටියා…ඉතින් මම ඒ බෝල්ට් ඇන දෙක එකතු කලා ….කොහොමද මගෙ ටිකිරි මොලේ ….”

සෝනු කියන්නෙ ඔවුන් එනතුරු මග රැදිලා ඉන්න සෙව්මිනි ත් චන්දූත් දෙස බලමින්….

“ගොන් වස්ස…එයාලා කැම්තීද?”

“තාම නෑ….එහෙම වෙන්න තමයි මම යෝජනා කරලා දෙන්නට ඕසීවල ටුවර් එකක් මම ගානේ දෙන්නේ?”

“අයියේ උයානම්…..”

“ඇනත් එක්ක ඉස්සරහට යන්ව්වට වඩා හොදයිනේ බටු ඇටේ ඒවා ගලවලා දාන එක එහ්ව්ම නේද?”

චිනූ චන්දු උන් නිසාම සෝනුගේ අතක් තම දෑතිඅ බදා ගත්තා…..

කට්ටියම ඉතින් කතා බහ කරලා ෆ්ලයිට් එකට නැග්ගෙ ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙන්න…..

චන්දු ත් සෙව්මිනිත් මේ වෙනකොට තම තමන්ගේ හිත් හදාගෙනයි උනේ….ඔවුන්ටත් ඕන උනේ ටිකක් දැන හදුනගෙන අලුත් ජීවිතයක් සාර්තක ව ආරම්භ කරන්න යි….ඒකට ඕන හැම උදවුවක්ම කරන්න සෝනු පොරොන්දුවෙලා තිබ්බා….

ඒ වගේම රදීශ්ටද කිව යුතූ සෑම දෙයක්ම සෝනු කියලා වගේම අනතුරුඅගවලා තිබ්බා..කොල්ලාට ඕන උනේ චිනුයි තමනුයි එකතුවෙලා මේ ගොඩනගන අලුත් ජීවිතේ ගැටලු කරදර වලින් අවම ලස්සන ආදරණීය එකක් කරගන්නයි…….

කට්ටියම ලංකාවෙන් පිටත් වෙලා ඔස්ට්‍රේලියාව ට ආවා….

සෝනු වෙනම හෝටලක් ඔවුන් වෙනුවෙන් වෙන් කරගත් අතර සෙව්මිනී ටත් චන්දුටත් නවාතැන් ගන්න ඔවුන්ගේ මව්පියන් ඉන්නා නිවසේම ඉඩ සලසලා දුන්නා…

සෝනුට ඕන උනේ චිනුත් එක්ක තනිවම මේ ගමන විදගන්නයි….එනිසාම තනිව නතරවන්නට ඔහු තීරණය කළා….

මව්පියන් සිවු දෙනා ඉන්නා නිවසට ඔවුන් පළමුවෙන්ම පිටත් උනා….

චිනූත් සෝනුත් එකට දැකපු අම්මලාට තාත්තලාට දැනුනේ පුදුම සතුටක්…..

“අනේ මගෙ රත්තරන් චුටික්කී…….!”

කෙල්ලව දැක්ක ගමන් කෙල්ලගේ අම්මාතට්ජ් වඩා සෝනුගේ අම්මාටයි සතුටු හිතුනේ…..

“මේ අම්මේ අම්මාගේ පුතාත් ඉන්නවා මෙතන…..”

සෝනු කීවේ සිනාසෙමින්….

“ඔයා වැඩක් නෑ මට දැන්….මෙයා මට චුට්ටි කොලෙකුයි කෙල්ලෙකුයි ගෙනත් දේවී නේද මගෙ පුතේ…..”

සෝනුගේ කනක් මිරිකන ගමන් අම්ම කියාන්නේ චිනූව වැලදගෙනමයි…..
කෙල්ල ඉතින් ඒකටනම් රතු කරගත්තා….සෝනු හොරෙන් කෙල්ලට ඇහැක් ඉගිමැරුවේ මනමාල හිනාවක් එක්කමයි….

කට්ටියම එක්ක සුහදව ඉදලා සෝනලා පිටත් උනේ එයාලා නවතින්න සූදානම් කරපු හොටෙල් එකට….

“මේ බටු ඇටේ…..මගෙ කෙල්ල බටු උනාට කමක් නෑ කොල්ලා නම් මම වගේ ඕනේ ඈ……”

ගමන් කරන වාහනේ ඉදන් කෙල්ලගේ මූනට එබීගෙන…

“යනවා මෝඩ හරකා….”

තමන්ගේ මූනට එබීගෙන ඉන්න කොල්ලගේ මුහුන තල්ලු කරලා කෙල්ල කීවේ හිනාවෙවී…

“ආ යන්නලු….යන්න නෙවෙයි බන් මම උබගේ ජීවිතේට ආවේ ඉන්න….මගෙ වෙන්න ක්මති නෑද නංගි….”

එවරනම් සෝනු අහන්නේ හැගීම්බරව….චිනූ ඒ ඇස් දිහාබලන් මොහොතක් බලන් උන්නා….එහෙම්ම ඔහුගේ ගෙල වැලද ගත්ත චිනු ඒ බෙල්ල අස්සේ මූන හංගගත්තා….

“මම ආදරෙයි අයියේ…..”

කෙල්ල කීවේ ඇහෙන නෑහෙන ගානට…..සෝනු එහෙම්ම චිනූගෙ හිස තම පපුවට තුරුල් කරගත්තා…..හෝටලයට යනකම්ම කෙල්ල හිස එසෙවුවේ නෑ…එහෙම්ම ඔහුගේ පපුවේ උනුහුමට ගුලි වෙලා අවා…..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *