26

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 26 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

ආදරය කියන්නේ එක හදවතක් වෙනුවෙන් අනිත් හදවත ගැහෙන එකට..

අමීන්ව කෙලින් කරගෙන තියා ඇතුලට යද්දිමයි අමීන්ගෙන් හුස්මක් වත් තියාට නොදැනෙන්නේ..

අමීන් අයියේ ප්ලීස් දරා ගන්න දෙයියනේ එයාට මුකුත් වෙන්නේ නෑ 😭

තියා අමීන්ගේ අත් දෙකම අල්ලන් වැන්දේ නැට්ජි ටික විතරයි..ඒ හදවත් දෙකම අවසන් ගමන් යන්න හදන්නේ..ඉතින් තව දරා ගන්න ඕනද..

තව ජීවන් වෙන්න ඕනද.එකට ඉන්න බැරි උනත් එකට මැරෙන්න පුලුවන් නේද..

ආදරය හදවත් දෙක අතර ගොලු වෙලා දෙපැත්තට දෝලනය වෙද්දිත් අමීන්ගේ බාගෙට ඇරුන ඇස් පිය උනේ..

අනේ එපා..අමී අයියේ එපා 😭

තියා අඩ අඩම කොල්ලාගේ කම්මුල් වලට තට්ටු කරන්නේ කොයි මොහොතේ හරි අමීන්ට හුස්ම ගන්න මතක් වෙයි කියලා හිතලා..

අවීනාශ්ගේ කෝල් එකට සනත් ආමින්දි වගේම රේණූ එක්ක තනූජුත් හොස්පිටල් එනවා..

කවදාවත් නැතුව සනත් අවීව බදාගන්නේ දරාගන්න බැරි සෙනෙහසකින්..
මීට වඩා අවීගේ ආදරේ මනින්න මිමි නෑ..මායිම් සීමා නෑ.

අවී කෙල්ල ගාවට යන්න ගියත් එතන ඩොක්ටර්ස්ලා වට වෙලා ඉන්නවා දැක්කාම අවිනාශ් යන්නේ සනත්ට එතන ඉන්න කියලා.

අවී ඇතුලට යද්දිත් දිගටම පාරුල්ගේ හදවත ප්‍රෙශ් කරනවා..කොල්ලා එතන ඉන්න නර්ස් කෙනෙක්ට කතා කරලා ඇයි කියලා ඇහුවත් පිලිතුරක් නෑ..

පොඩ්ඩක් ඉදගෙන ඉන්න සර් දැනට එයා නෝර්මල් 😊

අවී ඒත් එතනටම වෙලා ඉන්නේ ගැහෙම හදවතින්.අමීට සිහිය ආවෙත් පාරුල් කොමා තත්වයෙන් සිහිය ලැබුවෙත් එකටම..

ආදරේ මහා පුදුමාකාරයි..අපි ආදරේ කරද්දි දුකම දීලා ආයම සතුටක් දෙන්නේ මොහොතකට..සනත් වගේම අමීන් තනූජ් අමන්දි ඔක්කොමලා අවුරුදු ගානක් විදවනවා..

ඒත් මොහොතකට ඒ වේදනාව අමතක කරලා අපි හිනා වෙනවා..තවත් සති දෙකකින් අමීන් වගේම පාරුල්ගෙත් ටිකට් කැපුවත් තාමත් අමීන් පාරුල් වත් පාරුල් අමීන් වත් දැකලා නෑ..

තියාගේ ගෙදර යන්න පාරුල් දිගම දිග ගවුමක් දාගත්තේ හෙට කෙල්ලගේ බර්ත්දේ එක නිසා..

පාරුල්ට ඕන කෙල්ලව ස්ප්‍රයිස් කරන්න ලස්සන ගිෆ්ට් එකක් දෙන්න..කෙල්ල සනත්ටත් කියාගෙන අවීගේ කාර් එකට නැග්ගත් අවී කාර් එකේ නෑ..

පාරුල් ඉදගෙන අනිත් පැත්ත හැරුනේ අවීට කතා කරන්න උනත් කෙල්ලගේ ඇස් ටික් බෝල වෙන්නේ එතන අමීන් ඉන්න නිසා..

කෙල්ල පුලුවන් තරම් නෝර්මල් වෙන්න හිනා වෙන්න හැදුවත් ඒ තරමටම ඒ ඇස් වලින් කදුලු එද්දි කෙල්ල පොඩි එකෙක් වගේ අමීන්ට තුරුල් වෙනවා .

අරතොරක් නැතිව ඒ කම්මුල් අමීන් සිපගන්නේ හිතේ උතුරලා යන ආදරෙන්..කොල්ලා ඒ කම්කුල් සිපගෙන කෙල්ලව ඈත් කරන්නේ ලෝබ කමින්..

කතා කරන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා කියලා දන්න නිසාම කොල්ලා කාර් එක වත්තෙන් එලියට දාන්නේ කෙල්ලගේ අතින් අල්ලාගෙන..

පාරුල් ශීට් එකට හේත්තු වෙලා අමීන්ගේ දිහාම බලන් ඉන්නවා..ඒ දවස් වල ඉදන් ආස කරපු ඒ පිරිමි රුව අවුරුදු ගානකට පස්සේ තමන් ගාව.

කෙල්ලට දැනෙන්නේ අලුත් ආදරයක් අලුත් ජීවිතයක් වගේ..ඒ ජීවිතේ එක්ක ආයම ජීවත් වෙන්න කෙල්ලට ආසයි..

කොල්ලා එක්ක රට වටේ ටුවර් යන්න වගේම කෙල්ලගේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න..පාරුල් ආයම කොල්ලා දිහා බැලුවත් කොල්ලා ඉන්නේ වෙනම කල්පනාවක..

අමී 😐

ආහ් ආදි කියන්න 😐

ආදි ..😳 මන් පාරුල් අමී 😊

ආහ් නෑහ් මේහ් ඔයා ආමින්දීනේ..ඉතින් ඒකයි පාරු..අනික ඔක්කොම පාරු කියනවනේ 😬

පාරුල් මුකුත් නොකියා නිහඩ උනාම අමීන් තමන්ටම බැන ගන්නේ තරහට…පාරුල්ට කොයි තරම් ආදරේ කරත් කොල්ලගේ හිතේ තියෙන්නේ ආදි විදියට පාරුල් ඉද්දි ඒ තිබ්බ හිතුවක්කාරකම් වලට ආසවක්..

කොල්ලා ඔඩෙල් එක ගාවට එනකන්ම මොකුත් නොකියා ආවේ තව මොනාවත් කියන්න තරම් හිතේ හැගීමක් නැති නිසා..

තමන්ට මොනා වෙලාද කියලා අමීන්ට හිතා ගන්න බැඑඉ උනත් කොල්ලට බෑ පාරුල්ව ආයම ඈත් කරගන්න..ඒත් මොකක්දෝ හේතුවක් නිසාම අමීන් කෙල්ලගේ දගකාරකම් වලට ආසයි..

ඔඩෙල් එකෙන් තියාට ඇදුමක් අරගෙන එනකන් අමීන් කාර් එකටම වෙලා හිටියේ හිසේ කැක්කුමයි කියලා.
පාරුල්ට දැනුනත් ඒ ඇස් වල වෙනසක් කෙල්ල නිහඩවම ඉන්නේ ආයම අමීන් ගැන වැරදියට හිතා ගන්න කැමති නැති නිසා..

බෑග් එක ඇරලා පෙනඩෝල් දෙකක් එක්ක වතුර බෝතලේ අමීන්ට දුන්නාම අමීන් ඇස් පියාගන්නේ එන්න එන්නම කොල්ලගේ හිස රිදෙන නිසා.

අමී මන් කාර් එක ගන්නද 😐

අමීන් කියන පමාවට ඩ්‍රයිවින් ශීට් එකෙන් අනිත් පැත්තට පැන්නේ කෙල්ලට හිසින් සන් කරලා ඩ්‍රයිවින් ශීට් එකට එන්න කියන ගමන්..

පාරුල් කොල්ලගේ හිසට අත තියලා බැලුවේ කොල්ලට උනද කියලා..ඇගේ රස්නයක් නැති උනත් ඒ ඇස් වල විඩාබර ගතියක් දැක්කාම පාරුල් නිහඩවම හුස්මක් අරගෙන කාර් එක ස්ටාර්ට් කරගන්නවා..

පාරු 🤒

ඔයාට අමාරුද අමී..කියන්න කොහාටද යන්න ඕන 😧

යන් මන් පාර කියන්නම් පාරු..මන් යන්නේ ඔයා ගැන වැරදි හැගීමකින් නෙවේ පාරු..ප්ලීස් මට කතා කරන්න ඕන ඔයාට..ඒකයි 😔

ඒකට කමක් නෑ අමීන්..ගොඩක් දේවල් අපි කතා කරලා විසදා ගන්න ඕන..මන් දන්නවා මට දැනෙනවා ඒවා අපි ගිහින්ම කතා කරමු 🙂

නැහැ පාරු මන් කියන්න ගියේ ඒකම නෙවේ..😖

ඉස්සරලාම අපි යන්කෝ..ම්ම් පස්සේ කතා කරන්න පුලුවන්..දැන් අපේ මහත්තයා පොඩි ඇලට් එකක් දාගන්න..මට යන්න ඕන තැන කියලා☺️

අමීන් මුකුත්ම නොකියා හිනා වෙලා යන්න ඕන තැන කීවාම කෙල්ල ඩ්‍රයිව් කරගෙන යනවා..ඔරිකොම් එක ගාව කෙල්ල කාර් එක නතර කරන්න කලින් ෆාමසියක් ගාව කාර් එක නතර කරලා කොල්ලට පිරිටන් දෙකක් එක්ක ඇක්සොයිල් එකක් අරගෙන ඔරිකොම් එකේ පාර්කින් එකට කාර් එක දැම්මා..

අමීන් 😊

කෙල්ල හිනා වෙලා කතා කලත් අමීන් තදින් ඇස් පියාගෙන ඉන්නවා දැක්කාම කෙල්ලට පලවෙනි වතාවට කොල්ලා දිහාම බලන් ඉන්න ආසවක් හිතට දැනුනා .

ඒත් අමීන් ඉන්නේ අපහසුවෙන් කියලා තේරුනාම කෙල්ල අමීන්ට කතා කරනවා..

අමීන් අපි ආවා 🙂

ටිකක් නින්ද ගියා පාරු..යන් 😓

කෙල්ලට ආයම අර වෙනස දැනුනේ ආදි කීව කෙනා පාරු කියන්නේ ඇයි කියලා..මොනා උනත් අමීන් කියයි කියලා හිතලා අමීන්ගේ පස්සෙන් ගියේ කතා කරලා විසදාගන්න ඕන කියලා හිත කෑ ගහද්දි..

රූම් එකට ආව ගමන් අමීන් බුරියානි දෙකක් ඕඩර් කරලා මූන සෝදා ගත්තේ කන්න..

පාරු කෑම කමු..ඉස්සරලාම සොරි මේ වගේ තැනකට ගෙනාවාට..ඇත්තටම මට ඕන ඔයාට කතා කරන්න විතරයි..😪

ඒකට කමක් නෑ අමීන් අපි කාලා ඉමුද මටත් බඩගිනි ☺️

හිතේ තියන වෙනස හන්ගන් කෙල්ල හිනා වෙලා කීවාම අමීන් ඒ මූනට හිනාවක් මවාගන්නේ ආයාසයෙන්..

කොල්ලා දන්නවා කොයිම හරි මොහොතක මේ හැමදේටම මූන දෙන්න වෙනවා කියලා..
කෑම ගෙනත් බෙල් එක ගැහුවාම අමීන් කෑම තිබ්බ ට්‍රොලිය ඇතුලට ගන්නවා..

අමීන් ට්‍රොලිය අරන් කෙල්ලට හිසින් කන්න එන්න කීවාම කෙල්ලත් මුකුත්ම නොකියා කෑම කනවා..

එන්න එන්නම අමීන්ගේ ඇස් වල රතු පාට වැඩිවෙද්දි නොකීවාම පාරුල් ඉන්නේ බය වෙලා..අමීන් අඩනීපෙන් කියලා හිතුනත් කෙල්ල ඉක්මනට කාලා පිරිටන් දෙක අරගෙන ඇක්සොයිල් එක අරගෙන ගියේ අමීන් ගාවට..

අමීන් කාලා වොශ් රූම් ගිහින් ආවම කෙල්ල ඇක්සොයිල් එක අතේ තියන් අමීන්ට කීවේ ඇදේ නිදාගන්න කියලා..කොල්ලා පිරිටන් දෙක බීලා හිස තද කරගෙන කොට්ටෙන් ඔලුව තියාගන්න ගියත් පාරුල් කොල්ලව ඔඩොක්කට ගන්නවා..

අමීන් ඇස් උස්සලා බලලා ආයම ඇස් පියාගත්තාම කෙල්ල ඇක්සොයිල් ටික ටික අරගෙන හිසට දාලා අතගානවා..

සනීපෙට අමීන්ගේ ඇස් පියවෙලා..පැය බාගයක්ම කෙල්ල හිස අතගෑවත් කෙල්ල ඉන්නේ එකම ඉරියව්වෙන් නිසා කෙල්ලට අපහසුයි..

කකුල් දෙක දිගෑරලා අමීන්ගේ නින්ද නොකැඩෙන විදියට කෙල්ල ඉදගෙන ආයම හිස ඔඩොක්කට අරගෙන ඇදේ වියලට බර වෙනවා..

ඒ ඇස් වලට නින්දක් එන්නේ දෙන්නට නොදැනීම උනත් අමීන්ගේ හිස උඩ අත තියාගෙනම කෙල්ලත් ඒ හද ගැස්ම එක්කම නින්දට වැටිලා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තියා ගෙදරට ඕන බඩු ටික අරගෙන ගෙදරට ආවේ වයලා අම්මා උයන්න එලවලු නෑ කීව නිසා..

දිගටම කෙල්ල ජීවන්ගේ ෆෝන් එකට කෝල් කරත් ජීවන් ආන්සර් නොකරද්දි තියා කෝල් එක ගන්නේ මල්කිට.

මල්කි ජීවන් ඉන්නවද 🙂

මේ ජීවන්..මේ එයා ඉන්නවා 😕

කෝ දැන් කියන්න..මට කතා කරන්න ඕන මල්කි..මන් එයාට ගත්තා 😕
ඒත් එයා ආන්සර් කරන්නේ නෑනේ..මට පොඩි හදිස්සියක් මල්කි 🙂

එයා මේ නිදිනේ තියා..ඇහැරවන්න එපා කිවා 😐

ඕකේ ඇහැරුනාම කියන්නකෝ මල්කි එයාගේ පොතේ නමට ඉන්න වයිෆ් කෝල් කරා කියලා..මන් තියන්නම්..හොදට ස්ලීප් කරන්නකෝ ඔයත් 😒

කෙල්ල තරහටම ෆෝන් එක දමලා ගහලා බෑග්ස් ටික අරගෙන ඇතුලට ගියේ ජීවන්ට බනින ගමන්..නොකීවාට තියා ඉන්නේ වේදනාවෙන්..

මාසය පහක් වෙලත් තාමත් කෙල්ල දිහා එදා උන දේවල් එක්ක ජීවන් බලන්නේ නෑ..ගෙයක් දොරක් තියනවද කියලා අමතක ජීවන් ඉන්නේ මල්කි එක්ක ඇනෙක්ස් එකට..

කෙල්ල ඇවිත් පැයක් විතර ගියාම ජීවන් එන්නේ අතින් කොන්ඩේ හද හද..

ජීවාහ් 😠

තියා මට කෝල් කරා කියලා මල්කි කීවා 😒

මගේ හස්බන්ඩ් ඉන්නේ එයාගේ එක්ස් එක්කනේ..ඉතින් එයාව කන්ටෑක් කරගන්න මන් එයාගේ වයිෆ් වෙලා ගන්න ඕන එක්ස්ට 😏

මොනාද වෙන්න ඕන කියන්න් තියා..මට වැඩ තියනවා 😒

වයලා අම්මා අඩියට දෙකට ඉස්සරහට ආවත් තියා අතින් සන් කරලා එන්න එපා කීවාම වයලා අම්මා නතර වෙනවා..

මාරයි ජීවන් ඔයාගේ ඔය කටින්ද මට ආදරෙයි කීවේ..මාව කසාද බැන්දේ..තමන්ගේ ගෑනි මෙතන මැරිලා ගියත් ඔයාට අදාල නැද්ද ජීවාහ්.😠

මන් ඇයි ඔයාව අදාල කරගන්නේ තියා ඇයි කියන්න 😕

තියා හිතට ආව තරහට ජීවන්ගේ ෆෝන් එක ඇදලා අරගෙන පොලේ ගැහුවාම ජීවන් තියා දිහා බලන් ඉන්නේ රවාගෙන..

අඩියට දෙකට තියා ගාවට ආව ජීවන්…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *