26
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ
****26 වැනි දිගහැරුම****
භානුක පහළට බැස ගමන් කලේ මවගේ කාමරය වෙතයි…බිත්ති ඔරලෝසුවේ අළුයම 12.30 ලෙසින් වේලාව සටහන් වී තිබෙන බව ඔහු දුටුවේ සාලයේ දැල් වූ විදුලි පහන් එලියෙනි…
ඔහු රම්‍යා මහත්මියගේ කාමරය අසල නැවති දොරට කුඩා තට්ටුවක් දමන්නට විය…කිහිප සැරයක්ම එසේ තට්ටු කල පසු රම්‍යා මහත්මිය අවදි වී කාමරයේ විදුලි පහන දැල් වූ බව භානුක දොර යටින් පෙනෙන දාරය ඔස්සේ දැක ගත්තා…
කව්ද…..
රම්‍යා මහත්මිය මේ වෙලාවේ කවුරුන්ද කියා කුතුහලයෙන් විමසීය…
අම්මා….මම…පොඩ්ඩක් දොර අරින්නකෝ…
භානුක පහත් හඩින් පවසන්නට විය…
එවර කාමරයේ දොර විවර කල රම්‍යා මහත් කුතුහලයෙන් හානුක දෙස බලා සිටින්නට විය…
ඇයි පුතා…මොකක් හරි හදිස්සියක්ද….
ම්ම්ම්…ඔව් අම්මා පොඩ් හදිස්සියක් තමයි…යංකෝ කියන්න කාමරේට….
භානුක මවත් සමගින් කාමරය තුලට පිවිසෙන්නට විය….
ඔහු ඒ අතරම මව දෙස බැරෑරුම් බවින් බලා සිටින්නට විය….
ඇයි පුතා..බය නොකර කියන්නකෝ ලමයෝ….මොකක්ද වෙලා තියෙන්නේ….
අම්මා….මට දැන් දැහැම්ගේ අයියා කෝල් කලා…අම්මේ එහෙ පොඩි කරදරයක් වෙලා….දැහැම්ගේ තාත්තා නැති වෙලා….අපි දැන් මේක දැහැම්ට කියන්නේ කොහොමද….කෙල්ල මේක දැන ගත්තොත් මොනවා කරයිද කියලා මට හිතා ගන්න බෑ….
භානුක සුසුමක් හෙලමින් පැවසුවා….
අනේ පුතා දැහැම්ගේ තාත්තා හිටියේ අසනීපෙන් නේද….දැන් අපි මොකද කරන්නේ දරුවෝ…පව්….
අම්මේ මටත් තේරෙන්නෙ නෑ මොකක් කරන්නද කියලා…ඒත් මේක එයාට නොකියත් බෑ නේ…අපි පානදර මෙහෙන් පිටත් වෙන්න ඕන…දැහැම්ට අපි දැන්ම නොකියා ඉදලා ගෙවල් ළං වෙලා කියමු…අම්මා පුළුවන් නම් අනූ නංගිට කියලා මොනවා හරි කරන්න බලන්න…මම එතකල් දැහැම් එක්කන් උඩට යන්නම්…අම්මට පුළුවන් ද අනූ නංගිව ගිහින් හෙමීට ඇහැරව ගන්න…
ඔව් පුතා එහෙමවත් කරමු…අපි නංගිව ශාලනීලගේ දිහා යවමු..එයාට exam තියෙනවනේ…මම අනූ දුව එක්ක හෙමින් විස්තරේ කියලා යන්න ලෑස්ති වෙන්නම්..පුතා උඩට ගිහින් දවස් කීපෙකට හරියන්න ඇදුම් ටිකක් පැක් කර ගන්නකෝ….පුලුවන් ඉක්මනට අපි මෙහෙන් පිටත් වෙමු….
හරි අම්මා…මට කෝපි එකක් හදලා දැහැම් අතේ උඩට එවන්න…එතකොට හරි ..
භානුක මවගේ කාමරයෙන් පිටවී යලි උඩු මහලට නගින්නට වුනා….
අනූපමා සහ දැහැම් සිදුවූ කිසි දෙයක් නොදැන සුව නින්දේ පසු වූවා…රම්‍යා මහත්මිය ඔවුන්ගේ කාමරයට පැමිණ අනූපමාට හඩ ගසන්නට ව්ය…
නිදි මතේම අනූපමා කාමරයේ දොර විවර කලේ නැන්දා මේ අවේලාවේ කතා කරන්නේ කුමටදැයි සිතන අතරේමය…
අනූ දුව දැහැම් නිදිද….
රම්‍යා පහත් හඩින් විමසුවා.
ඇයි නැන්දා….දැහැම් නිදි….
අනූ දුව සද්ද නොකර එන්නකෝ එළියට පොඩ්ඩක්…
ඇයි නැන්දා මොකක්ද හදිස්සිය…
අනූපමා බියෙන් වගේ රම්‍යා සමගින් සාලයට ඇවිත් ඇගේ පිළිතුර අපේක්ෂාවෙන් සිටියා..
දුව අපේ පුතාට දැන් දැහැම් දුවගේ අයියා කතා කරලා….දුව එහෙ පොඩි කරදරයක්…දැහැම් දුවගේ තාත්තා නැති වෙලා….
අනේ නැන්දා….මොනවද මේ කියන්නේ….දෙයියනේ දැන් දැහැමි පොලොවේ පස් කයි….නැන්දා දැහැම් වික්‍රමසිංහ මාමාට පුදුම ආදරයක් තියෙන්නේ…අනේ මට මේක විශ්වාස කරන්නත් බෑ..කොහොමද නැන්දා මේක අර අහිංසක කෙල්ලට කියන්නේ…ඒකිට වෙනදේ හිතා ගන්නවත් බෑ..
අනූපමා හඩන්නට විය…
දුව අපි දැන් මෙහෙට වෙලා ඉදලා බෑ නේ..දැන්මම පිටත් වෙන්න ඕනෙ…අපි දැහැම්ට මොනවා හරි කියලා එක්කරගෙන යමු..මේක එයාට කොහොම හරි කියන්නත් එපෑය….ඔයා දැහැම් දුවට කතා කරලා උඩට යවන්න…අවශ්‍ය කරන දේවල් අපි කාර් එකට දාගෙන පුලුවන් ඉක්මනින් යමු…ඔයා කියන්න බාරයක් ඔප්පු කරන්න නුවර යනවා කියලා..බොරුවක් කිව්වට කමක් නෑ දුව…ඔයා වෙනසක් පෙන්නන්න එපා..මම කෝපි ටිකක් හදන්නම්..ඔයා දැහැම් දුව ඇහැරවගෙන එන්න…
හා නැන්දා…ඔව් එහෙමවත් කරමු….
***********************************
මොකද අනූපමා නිදා ගන්න දියන්කෝ බං..මම මේ හීනයක් දැක දැක හිටියේ…තාත්තා හිනා වෙලා මගේ ළගට ඇවිත් මගේ ඔලුව අතගාගෙන යන්න ගියා….මට කෝල් එකක්වත් ගෙදරට දෙන්න බැරි උනා…මගේ හිතට හරි අමුත්තක් දැනෙනවා බං…
අනූපමා තම සිතැගි පාලනය කර ගත්තේ බොහෝ ආයාසයෙනි…ඒක නෙවෙයි…දැහැම් නැන්දා බාරයක් වෙලා…අන්න එයා භානුක අයියටයි උඹටයි ඉක්මනින් ලෑස්ති වෙන්න කිව්වා..නුවර යන්න…නැන්දට හදිස්සියෙ මතක් වෙලා තියෙන්නේ…උදෙන්ම ගියොත් ලේසී කිව්වා…
මොනවද මේ කියන්නේ අනූ….අම්මා ඊයේ රෑවත් කිව්වේ නෑ නේ..භානුක යනවද….
ඒකනේ බං අමතක වෙලා කිව්වේ…කෝ නැගිටලා ලෑස්ති වෙයන්..නැන්දම්මගේ ඉල්ලීම අහක දාන්න උඹට බෑ නේ…
ඒ අනුව දැහැම් ඉක්මනින් ලෑස්ති වන්නට සිතුවේ ඇගේ සිතට නොදන්නා අමුත්තක් හැගෙනා අතරතුරේය…
අනේ මංදා…මට භානුක කිව්වෙත් නෑ මෙහෙම ගමනක් යනවා කියලා…සමහරවිට අම්මා පහුගිය දවස් වල අපි දෙන්නා වෙනුවෙන් භාරයක් උනාද දන්නේ නෑ නේ…ඇය සුදට හුරු ඇදුමක් තෝරා ගත්තේ ඔවුන් යන ගමනට ගැලපෙන අයුරිනි…
දැහැම් භානුකගේ කෝපි එකත් රැගෙන උඩු මහලට නැග ඔහු ගේ කාමරය වෙත ගමන් කලා…එහෙත් භානුක සැදැල්ලට වී ඈත අහස දෙසට දෑස් යොමා කල්පනා බරව සිටින්නට විය….
භානුක…….
දැහැම්ගේ හඩින් ඔහු තිගැස්සී ගොස් ඇය වෙත සැහැල්ලු සිනාවක් පාන්නට විය…
ඔයා කොහෙද දුරක ගිහින් හිටියේ…මම ළගට එනකල්වත් දැක්කේ නෑ…
එහෙම දෙයක් නෑ මැණික….ඔයා බිව්වද….ඔහු කෝපි කෝප්පය ඇය අතින් රැගෙන වෙනසක් නොපෙන්වා විමසන්නට විය…
ඔව් බිව්වා….ඒක නෙවෙයි අනේ…මොකද මේ හදිස්සියේ නුවර යන්න ඕන කිව්වේ…ඔයා මට ඊයේ කිව්වෙවත් නෑ නේ…
මටත් අම්මා පාන්දර ඇහැරෙව්වේ දරුවෝ…අපි ඉක්මනට ගිහින් එමු හොදේ…..භානුක කෝප්පය පසෙකින් තබා දැහැම් ඔහුගේ පපුවට ඇද ගනිමින් පැවසුවා…
ඔය අහිංසක මූණ දිහා බලාගෙන මම ඇත්ත කියන්නේ කොහොමද මැණික….මට ඔය ඇස්වල කදුළු බලන්න පුළුවන් කමක් නෑ….
භානුක ඇගේ හිස්මුදුන මතින් ඔහුගේ නිකට තබාගෙන කල්පනා කරන්නට විය…
ඇයි භානුක අමුතු වෙලා…ඔයා කල්පනා කරනවා වැඩී….මට බයයි ඔයා ඔහොම ඉද්දී….
පිස්සුද දරුවෝ…එහෙම දෙයක් නෑ…මං ඔයාට කොච්චර ආදරෙයිද ආ…..
ඔයාට දැනෙනවා නේද….කෝ මෙහෙ බලන්න…මොනදේ උනත් ඔයාට මම ඉන්නවා මැණික තේරුනාද…භානුක ඇගේ මුහුණ පුරාවට දෙතොල් ගෙන යන්නට විය…
භානුක දැන් අපි යමුද එහෙනම් පහළට…අම්මලා ලෑස්තිවෙලා බලන් ඇති…
හ්ම්ම්ම්ම්…යමු…භානුක ඇගේ දෑත් මොහොතකටවත් මුදා නොහැර දැහැම් සමගින් පහලට යන්නට විය…
මේ යන ගමන ගැන ඔයා දැන ගත්තා නම් දැහැම් ඔයා කොයි තරම් දුක් වෙයිද….
භානුකට නිතැතින්ම සුසුමක් හෙලෙන්නට විය…
රම්‍යා මහත්මියද දැහැම් දෙස බලා සිටියේ වේදනා මුසු දෑසින්….
ඔවුන් කාරය අසලට යන විටම දැහැම්ගේ පය පැටලී ගිය අතර භානුක ඇයව හනිකට අල්ලා ගන්නට විය…
දැහැම්ට මහා අමුත්තක් දැනෙන්නට විය…ඇයි මගේ හිතට අමුත්තක් දැනෙන්නේ…..
මම මොනවද මේ හිතන්නේ…නෑ..නෑ..මේ ගමන සතුටින් යන්න ඕන…ඇය තම සිතටම වටහා දී රියට ගොඩ වූවා….
***********************************
භානුකගේ වෙනදා තරම් උද්යෝගයක් නොවිනි…ඔහු සැරෙන් සැරේ දැහැම් දෙස බලන අතරේ වාහනය පදවන්නට විය….
කාරය තුල ඇත්තේ මූසල නිහැඩියාවකි….
ඔවුන් රැගත් රිය නුවරටද ආසන්න විය..එහෙත් භානුක රිය පැද වූයේ දැහැම්ලාගේ ගෙවල් වලට යන අතුරු මාර්ගය දෙසටයි…
ඉන් කලබලව ගිය දැහැම් භානුක මේ යන්නේ කොහෙද අපි මේ අපේ ගෙවල් වලට යන පාරනේ….කතා කරන්නකෝ…යනුවෙන් පැවසීය….
ඒත් එක්කම දැහැම්ගේ දෑස් නතර වූයේ පාර දෙපස සරසා තිබූ සුදු පාට කොඩි වැල් වෙතය….
ඇය විමතියෙන් පසුවන සුදු කොඩි දෙස බලා සිටින්නට විය….කාරය දැහැම්ගේ නිවස අසලට සමීප වන විට ඇය දුටුවේ නිවස අසලින් කලබලයෙන් එහෙට මෙහට යන මිනිසුන් හා කොඩ් වැල් එල්ලන ගමේ තරුණයින් කිහිප දෙනෙකුවයි….
භානුක අනේ…අර අපේ ගෙදර….මොකද්ද දෙයියනේ වෙලා තියෙන්නේ….මාව තවත් පුච්චන්නෙ නැතුව කියන්නකෝ…ඇය බියෙන්ම හඩා වැටෙන්නට වූයේ නිවසේ කිසිවෙකුට කරදරයක් නොවන ලෙස ප්‍රාර්ථනා කරන අතරේමය…
අනූපමාද ඉවසා ගත නොහැකිව හඩන්නට විය….
දැහැම් භානුක කාරය නවත්තන්නා හාම රියෙන් බිමට පැන නිවස තුලට දිව යන්නට වූයේ අසිහියෙන් මෙනි….
දෙයියනේ…සාලය මැද තබා තිබෙන නිසල දේහය…..කවුරු විය හැකිද…..අම්මා…තාත්තා…අයියා….ඇගේ හද වේගයෙන් සැලෙන්නට විය…
දැහැම් දෙවියන් යදිමින් දේහය අසලට ළං වී බැලුවා විතරය….
මගේ රත්තරං තාත්තේ……………..
චූටි දුව මොනවද මේ දකින්නේ……….අනේ තාත්තා නැගිටින්නකෝ……….අම්මා………අනේ තාත්තා ඇයි මාව රවට්ටනේ…..තාත්තේ නැගිටලා බලන්න….චූටි ගෙදර ආවා මගේ තාත්තේ…….
දැහැම් ඒ නිහඩ අලුයම විලාප තැබුවේ මුළු ගමටම ඇසෙනා පරිද්දෙනි….
ඇගේ මව හඩාගෙනම ඇයව වත්තම් කර ගත්තේ දුවේ තාත්තා අපිව දාලා ගියා යනුවෙන් පවසමිනි…..
අම්මා….ඇයි තාත්තා එයාගෙ චූට් එනකල් හිටියේ නැත්තේ……..මගේ තාත්තා මාවදාලා ගියේ කොහොමද අම්මේ…….මං කොහොමද දරාගන්නේ….තාත්තේ…..
දැහැම් පියාගේ නිසල සිරුර බදා ගනිමින් හඩා වැටෙන්නට විය….
භානුක හා අනූපමා පැමිණ ඇයව වලක්වන්නට උත්සාහ කල අතර දැහැම් විලාප දී ගෙනම කපා හෙළූ ගසක් මෙන් සිහි මූර්ජා වී භානුකගේ දෑතට වාරු විය……
##නැවත හමුවෙනතුරාවට##
ආදරෙයි හැමෝටම