27. වන කොටස.

මියෙදෙන තුරා..

සිගිතිත් ලීලම්මත් මගෙන් අෑත් වීම මට විශාල වේදනාක් වුනේ මම වෙනුවෙන් සිතා කටයුතු කරන්නේ ඔවුන් දෙදෙනා පමණක් යැයි මට දැනුන නිසයි. මම තවමත් ජනෙල් උළුවස්සට වාරු වී නොපෙෙනන කොදෙව්වක් දිහා නෙත් යොමාගෙන කල්පනා කරන්න වුනා. මම අද මගේ තීරණය සුමේධ අයියට කියනවා. සුමේධ අයියා හොද කෙනෙක් මට මං ගැන අැත්තම ඒයාට කියන්නත් හිතෙනවා. අැත්තටම මම අැන් සුමේධ අයියට කැමතී . ඒක අාදරයක් නොවුනත් ඔහුගේ හොද ගතිගුණ වෙනුවෙන් ඔහුගේම වෙන්නට මගේ හිත කියනවා. මොකද අන් කවර දාකවත් මොතරම් කිසිදු පිරිමියෙක් මගේ ජී විතයට ළං නොවූ නිසා.

*ලොකු බේබී. හ්හ්.*

*අනේ සිගිතියෝ .*

*ලොකු බේබී දැන් සුමේධ මහත්තයා ගැන කල්පනා කරන්නත් පටන් අරන් නේද?.හ්හ්*

*විකාර කියවන්නේ නැතුව ඉන්න සිගිතියෝ*

*විකාර නෙමේ මම දැන් මෙතනට අැවිත් මොන තරම් වෙලාද?.හ්හ් ලොකු බේබී දැක්කද? නෑනේ.හ්හ් මම දොර ළගට වෙලා කතා කරලා කරලා බැරිම තැන තමා අැතුළට අාවේ.හ්හ්*

ඒ වදනත් සමග මගේ හිතටත් ලැජ්ජාවක් දැනුනා. සැබවින්ම මම වුනනේ සුමේධ අයියගේ යහපත් ගතිගුණ ගැන සිතමින්නේ.

*ලොකු බේබී දැන් සුමේධ මහත්තයට අැත්තටම කැමති නේද? හ්හ්..ලොකු බේබීත් මෙහෙන් ගියාම අායි අපිට හොදින් කතා කරන්න වත් කෙනෙක් නැතුව යනවා.හ්හ්.*

*මොනවා කරන්නද සිගිතියෝ ජීවිතේ ඔහොම තමයි . මට යන්නම වෙනවා.*

මම ගත් තීරණය සිගිතිට කියනවද නැද්ද සිතමින් ,කෙසෙ නමුත් අපි ළගදීම වෙන වන බව සිගිතිට අැගෙව්වා.

*ඒකට කමක් නෑ .හ්හ්. ලොකු බේබීට මෙහෙට වඩා නිදහසේ සතුටින් සුමේධ මහත්තයා ළග ඉන්න ලැබේවී.හ්හ්.. ලොකු බේබිට හොදක් වෙනවා නම් ඒච්චරයි.*

*මමත් හිතනවා මම දැන් ඉන්න තැනට වඩා, මම යන්න ඉන්න තැන මට සැනසිමක් තියෙවී කියලා.*

*ලොකු බේබී මොනවා හරි හිතේ තියානද කතා කරන්නේ.හ්හ්*

*අනේ නෑ සිගිතියෝ.*

ඒක වරම පියවි සිහියට අා කලක මෙන් මම සිගිති දිහා බලා කියා සිටියා. සැබවින්ම ළගදිම මම යන්න ඉන්න තැන මොන වගේද කියලයි කලපනා කරමිනුයි සිටියේ.

*සිගිතියෝ සෝමේ මාමලාගේ ගෙවල් පැත්තේ ඒහෙම ගියේ නැද්ද?*

*අයියෝ මම හැමදාම යනවා.හ්හ්*

*හැමදාම යනවා.*

*ඔව් අක්කා අසනීපෙන්නේ.හ්හ් මම ඉතිං බලන්න යනවා.හ්හ් ලොකු මහත්තයලා දන්නවා නම් මගේ රස්සාවත් නැති වෙයි.හ්හ්.. අනේ ලොකු බේබී. කියන්න නම් ඒපා හොදද? ලොකු මහත්තයට.*

*පිස්සුද සිගිතියෝ මටත් ඔනේ ශාමලිට උදව් කරන්න. මම කියන්නේ නෑ. සිගිති දන්නේ නැද්ද ශාමලී කියන්නේ මගේ හොදම යාළුවා බව.*

*මට කිව්වා අප්පච්චී ඒක.*

*සිගිතිගේ අප්පච්චී නෑ කිව්වා නේද?*

*ඔව් ඔව් මගේ අප්පච්චි නෑ.හ්හ් මම මේ කිව්වේ ශාමලී අක්කගේ අප්පච්චී ගැන.හ්හ්*

*අාහ්.. දැන් අර ශාමලීව බලාගන්න හොයලා දුන්න ගෑනු කෙනා ශාමලිව බලා ගන්නවද?*

*අනේ ඔහේ නෑ ලොකු බේබී.හ්හ් සුමේධ මහත්තයා අැඩ්වාන්ස් ඒකක් දීලා තිබුනනේ .හ්හ් දවස් දෙකයි වැඩ කලේ ඒ ගැනු කෙනා සල්ලිත් අරන් පැනලා ගිහින්.හ්හ්*

*අනේ දෙවියනේ කවුද දැන් ශාමලිව බලා ගන්නේ.*

*කවුරුත් නෑ ලොකු බේබී . මම පුළුවන් හැම වෙලාවකම ඒයා බලන්න යනවා.*

මේකනම් මේ කෙල්ලට පෙර කළ කර්මයක් පල දෙනවද කොහෙද . පුංචි කාලේ ඉදන් අම්මා අසනීපෙන්. අම්මාගේ වැඩත් කරන් කෙල්ල අමාරුවෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ගාර්මට් ගානේ නැහෙන්න අැති. ශාමලී බැන්දද දන්නේ නෑ. සෝමේ මාමා කිව්වේ දරුවෙක් ඉන්න කතාවක්. අනේ මන්දා. මම මේ ගේ අස්සේ හිර වෙලා සැපට ඉන්න ගමන් හිතනවා මම තරම් වෙන කවුරුත්ම වේදනා විදින්නේ නැතුව අැති කියලා. හරියකට ඉන්න තැනක් නැතුව කන්න බොන්න දෙයක් නැතුව මේ කෙල්ල මොන අපා දුකක් විදිනවා අැද්ද?.

*මොනවද ලොකු බේබි කග්පනා කරන්නේ.හ්හ්*

*ඔයා දන්නවද ශාමලිගේ මල්ලි කොහොද ඉන්නෙ කියලා.*

*ඔව්.. ඔව්.. අැයි ලොකු බේබී. ඔයා ඒයාවත් දන්නවද?*

*නෑ සිගිතියෝ පොඩි කාලේ නම් දැකලා තියේ. දැන් දැක්කත් අදුර ගන්න බැරි වෙයි.*

*අනේ ලොකු බේබී . හ්හ්. මට කියන්න අා දේත් අමතක වුනා.*

*මොකද්ද සිගිතියෝ කියන්න අාවේ.*

*ලොකු මහත්තයා මට පලු යන්න දෙහි කපනවා අැති. හ්හ්. සුමේධ මහත්තයා අාවා .මම මේ ලොකු බේබීට පහළට ඒන්න කිව්වා කියන්න අාවේ.*

මගේ මූනේ අැදුනේ ලස්සන හිනාවක්. මම සිගිතිගේ පැත්තට හැරුනේ හරිම සතුටින්.

*අම්මේ …ලොකු බේබීගේ මූණේ තියෙන සතුට. හැමදාම ඔය වගේ සතුටන් ඉන්න ලොකු බේබි.*

*අැයි සුමේධ අයියා කාමරේට ඒකක් නාවේ.*

මම සිගිතිව පහු කරගෙන යමින් කිව්වා.

*ලොකු නොනත් කිව්වා සුමේධ මහත්තයට කාමරේට ඒන්න කියලා.හ්හ් දරුවෝ දෙන්නත් නැති නිසා බෑ කිව්වා.හ්හ්*

පුදුම මනුස්සගෙක් තමා. ළමයි දෙන්න නෑ කියලා මගේ කාමරයටත් ඒන්න අකමැතිලු. අැත්තනයි දෙවියනේ සුමේධ අයියාව මගේ ජීවිතයට ඒවන්න මේ තරම් පමා වුනේ අැයි. සුමේධ අයියත් ඒක්කම මගේ ජීවිතයට මරනය ළං කලේ අැයි. ඒක්කෝ ඒයාව මට මුණ නොගස්වන්න තිබුනා. මම හිත සමග මුරන්ඩු වෙමින් පහළ මහලට ගියා.

*මම හිතුවා පරක්කු වෙද්දී ලෑස්ති වෙලාම ඒයි කියලා. සුමේධ ළමයා කිව්වේ මනමාළි වෙන්න කලින් අද රවුමක් ඒක්ක යන්න ඔනේ කියලා.*

මගේ රුව දකිනවත් සමගම අම්මා කියනවා මට අැහුනා. අම්මයි අප්පච්චි හිටියේ හරිම සතුටින්. තව දවස් තුනකින් ඒයාලගේ ඒකම හීනය සැබෑවෙන නිසා නොයිවසිල්ලෙන් ඉන්න බව මට දැනුනා.

*දැම්මම යනවද සුමේධ අයියේ.*

*යන්න කියලා තමා හැදුවේ නිල්මිණි නංගී. මේ දවස් ටිකේ මම බිසි. අායි වෙඩින් ඒක දාට තමා ඒන්න වෙන්නේ. ඒකයි අද ටිකක් කලින් අාවේ.*

*ඒහෙනම් මම ටක් ගාලා අැදුමක් දාන් ඒන්නම් සුමේධ අයියේ.*

මම නැවතත් ඉහළ මහලට යන්න සැරසුනා.

*ලොකු අක්කි මාත් ඒන්නද ඔයාලා ඒක්ක යන්න.*

දැන් මොකද කරන්නේ පුංචි නංගි අාවොත් මට මගේ තීරනය නිදහසේ කියන්න බැරුව යනවා. ඒන්න ඒපා කියන්නත් බෑ.

*මට මොකද පුංචී නංගි. යනවානම් ලැස්ති වෙන්න. නේද සුමේධ අයියේ.*

ඒහෙම කියලා මම සුමේධ අයියා දිහා බැලුවේ මොකද දැන් කරන්නේ අහන්න වගේ.

*මගේ නම් අකමැත්තක් නෑ. නිල්මිණි නංගී.*

*ඔය අයියා නගා කෑලල් නම් දැන් නවත්ත ගන්න වෙයි දෙන්නට.*

පුංචි නංගි අපිට විහිළු කරන්න වුනා.

*පුංචී දූ … ඔයා කොහේ යන්නද. මේන් මෙහේ ගෙදරට වෙලා ඉන්න. ඒ දෙන්නට පාඩුවේ ගිහින් ඒන්න දිලා.*

*හරි හරි අම්මේ . මම යන්නේ නෑ. මොකද කියන්නේ බලන්න අැහුවේ.*

ඉහළ මහළට ගිය මම මම කැමතිම දම්පාට තට්ටු සාය අැදලා, සුදු පාට හැට්යයක් අැද ගත්තා. කණ්ණඩිය ඉදිරියට ගිහින් හැඩ බැලුවේ පුරුද්දට වගේ. මම දන්නවා මම ඒ තරම ලස්සන නෑ කියලා. මගේ අැග තවත් වැහැරිලාද කියලා මට හිතුනා. වෙනදා වගේම හකුලලා කොන්ඩයක් දා ගත්තු මම පහළ මහලට ගියා. සුමේධ අයියත් මමත් මෝටර රථයට නැගි ටික දුරක් අාවේ නිහඩවමයි.

*නිල්මිණි නංගී අපි දැන් කොහෙටද යන්නේ.*

*හුගක් නිදහස් තැනකට යමු.*

*තව වෙලා තියෙන නිසා අපි ටිකක් දුර තැනකට යමුද. අායි මට ඔයාව කවදාවත්ම මේ විදිහට මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුළුවන් . මේ අපේ අන්තිම හමුවීම වෙන්න පුළුවන්.*

*ඒ මොකද සුමේධ අයියේ ඒහෙම කිව්වේ.*

මම තරමක් ඔහුගේ දෙසට නැඹුරු වෙමින් අැසුවා. ඔහුගේ මුහුනේ තිබුනේ සිනහවක්.

*ඔයාගේ තීරණය මාව මැරි කරන ඒක නම්. යාලුවෙක් විදියට ඔයාව හම්බෙන් අන්තිම දවසනේ. නැත්තම් මගෙන් අයින් වෙන්න තීරනය කලා නම් . මම අායි කවදාවත්ම ඔයාගේ ජීවිතය ඒන්නේ නෑ. තරහක් නිසා නෙමෙයි. ඒක ඔයාට ගෙදරින් ප්‍රශ්ණයක් අැති වෙන දෙයක් නිසා.*

*ඔයා නම් හරි පුදුම කෙනෙක් සුමේධ අයියේ.*

*ඔයා දන්නවද නිල්මිණි නංගී. ඔය කතාවම තමා සෙව්මිණිගේ කටෙත් නිතරම තිබුනේ.*

ඊ ළග කොටසින් හමු වෙමු… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *