27 වන කොටසට

අම්මාලාගෙන් සමුගෙන සෙව්මිනී වත් චන්දුව ත් එහි නතරකොට සෙනේශ් චෙනායා යුවල ආවේ ඔවුන් නැවතීමට සූදානම් කොට තිබූ හෝටලය වෙතයි….

එය ඉතාමත් අලංකාර ස්ථානයක් වූ නියාවෙන් චිනූට ඇති උනේ ඉමහත් සතුටක්….

“ආනේ දිගංචියෝ ඔවාට පොඩීයට මොලේකුත් තිනවා නේ…මේ වගේ තැනක් සිලෙක්ට් කරගන්න තරම්…..”

වාහනයෙන් බැහැගත්ත කෙල්ල කීවේ වටපිට බලමින්….මෙච්චර වෙලා පූසියෙක් වගේ කොල්ලාට තුරුල් වෙලා හිටිය මේ කෙල්ල දැන් ඔහුවත් විහිළුවකට අරගෙන…..

කොහොමටත් සෝනු කෙල්ලගේ මේ සැහැල්ලූ බාවයට ඇළුම් කළා……ජීවිතේ සියලුම ප්‍රශ්න ඔලුව උඩින් දමාගෙන විදවනවාට වඩා ජීවිතය විදින්නට කොල්ලා ඉගෙන ගත්තේ තමාට වඩා ගොඩාක් බාල උනු මේ පුංචි කෙල්ලගෙන්…..

“ආ ගොනිච්චියේ මම කවුරු කියලද හිතනින් ඉන්නේ ඈ….”

“ම්ම්….මොලේ කලදක් නැති උස විතරක් තියෙන පුවක් ගහක් වගේ දිගංචියෙක් කියලා….”

“ආ එහෙමද හිතන් ඉන්නේ මැඩම්…යමන්කො උසට වඩා දේවල් තියෙනවා කියලා පෙන්නනම් මම…ඔය ටොයිලට්ව කට වැහෙයි එතකොට….”

කොල්ලා කියන්නේ හිනාවෙවී……කෙල්ලට ඉතින් කියාගන්න දෙයක් නෑ….සෝනුගෙත් කටනම් දැන් ඉස්සර වගේ නෙවෙයි…..ඔහුටත් තමාගේ ලෙඩේ බෝවෙලා කියලා හිතපු කෙල්ල කට වහගත්තේ තවත් කතා අහන්න බැරි නිසායි….

දෙන්නත් එක්කම පුංචි පුංචි ආදරණීය රණ්ඩු ත් එක්කම තමන්ට වෙන් කරපු කාමරයට ආවා….

කොල්ලා තමන් අතේ තිබ්බ කාඩ් එක භාවිත කරමින් කාමරය විවෘත කරගත්තා….ඇරුනු දොරෙන් ඇතුල දුටු කෙල්ලට ඇස් අදහාගන්න බැරි උනා…

තමා ආසම වරණයේ කහ පැහැ රෝස මල් වලින් කාමරය අලංකාර කර තිබ්බා….මුලු කාමරේම ඉටිපන්දම් සහ මල් වලින් අලංකාර කරලා තිබ්බේ හරිම ලස්සනට…..කාමරය කෙල්ලට පෙනුනේ මල් වත්තක් වගෙයි….චිනූ මල් වලට ගොඩාක් ආස කෙල්ලෙක්….විශේශයෙන්ම කහරෝස වලට….

ඒනිසාම සෝනු මේ ඩෙකරේශන් වලට තීම් එක විදියට පවිච්චි කරලා තිබ්බේ යෙලෝ කලර් එකමයි…..

මේ හැමදේම සෝනු කලේ තම ආදරණීය බිරිද වෙනුවෙන්….ඔහු පෙර කොතරම් තද ගති ඇති මිනිසෙක් උනත් ඔහු මේ වන විට සුන්දර ආදරණීය මිනිසෙකු වී තිබුනා…

ආදරය නම් ඒ අපූරු අකුරු සතරේ සැබෑ අරුත නම් එකිනෙකා වෙනුවෙන් ,එකිනේකාගේ සතුට වෙනුවෙන් තම කාර්‍යන් කිරීම බව හොදින් මේ වෙනකොටත් සෙනේශ් වගේම චෙනායාත් තේරුම් අරන් තිබ්බේ….

ආදරය යනූ පරිත්‍යාගයද නොවේ……හිමි කරගැනීමද නොවේ….අනෙකා නිසා තමා අකමැති ලෙස වෙනස් වීමද නොවේ….තම රුචි අරුචිකම් වෙනස් කර ගැනීමද නොවේ….

ආදරය ඇතිවිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ තිබෙන්නාවූ ගතිගුන, පෙනුම,හැගීම්,ආකල්ප,තත්වය, තරාතිරම මේ සියල්ලටම තමන් කැමතිනම් පමණි….

නොවේනම් ආදරය කරන්න්ට පටන් ගත් පසු අනෙකාව තමාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට යාම සත්‍ය වශයෙන්ම සැබෑ ආදරය නොවේ….එය අනෙකාට වදයක් විය හැකිය…

ඒ අතින් සොනු හා චෙනායා යනු ඔවුනොවුන්ගේ සෑම දේකටම ආදරය කරන යුවලකි….ඒ ආදරයේ පැවැත්ම සදාකාලික වනු ඇත….සෝනු චිනූ ඒ අතින් කදිම ගැලපීමකි…..

තමා ආසම ආකාරයෙන් කාමරය සරසා තිබෙනු දුටු කෙල්ලට දැනුනේ අපමණ සතුටක්…..ඒ වගේම සෝනු ගැන ලොකූ ආදරයක්….සෝනු හරි අපූරුවට තම හීන පාට කරනවා නේදැයි කෙල්ලට හිතුනා….හිතට ආව සතුට නිසාම කෙල්ල තම ළග හිටපු සෝනුගේ ගෙල වැලදගෙන කොපුලක් මත සියුම් හාදුවක් සටහන් කලා.
..

කෙල්ලගේ මුහුණේ පොපියන සතුට දැකපු කොල්ලටත් ඇති වුනේ ලොකු සතුටක් වගේම ආදරයක්….

ඒනිසාම සෝනු ඉනෙන් ඔසවලා කෙල්ලව වැලද ගත්තා….

“චිනූ මේකට ආසද?”

කොල්ලා ඇහුවේ චිනූගේ සවනකට ළංවෙලා ඇහෙන නෑහෙන ගානට…….

“ම්…ගොඩාරියක් ආසයි…..ගොඩාරියක් ලස්සනයි…..වගේම ගොඩාරියක් ආදරෙයි මගෙ දිගංචියෝ…”

චිනූ කොල්ලාගෙ ගෙල මුලට මුහුණ තද කරන් කිවුවේ හිමීට….

“මගේ පිස්සු කෝලම…මෙච්චර රොමෑන්ටික් මූමන්ට් එකකදීවත් මේකට බෑනේ මට දිගංචියා නොකියා ඉන්න අම්මාපා….”

කොල්ලා හිනා වෙමින් කියලා කෙල්ලව එහෙම්ම හරහාට ඔසවගෙන කාමරේට ආවේ දොරත් වහගෙනමයි….

කාමරේට ආව සෝනු කෙල්ලව සෝනු කෙල්ලව තිබ්බේ සෝෆා එකක් මතින්….කෙල්ලව තියලා කොල්ලාත් එතන කෙල්ල ලගින්ම වාඩි උනේ කරවටා අතක් යවමින් ඈව තමාට තවත් ළං කරගනිමින්………

“සෝ මිසිස් ඒකනායක…..කියන්නකෝ මොනවා හරි….”

“ම්…බෑ….”

“ඇයි ඒ…..මුකුත්ම නැද්ද ඔයාට මට කියන්න……”

“මොනා කියන්න්ද අයියේ….මට කියන්න වචන නෑ……ඔයා මේ පිස්සිට ආදරේ කළා….ඒ විතරක්ද මාව මගේ තාත්ති වගේම ආරක්ශා කරනවා….මන් දන්නේ නෑ අයියේ…..මට ඔයාව ඕනේ…..මට සීරියස් කතා කරන්න තේරේන්නේ නෑ…..මම දන්නේ වෙන කවුරුත් ඔයාගේ ඇගිල්ලකටවත් අත තියනවා දකින්ම අකමැති තරම් ආත්මාර්තකාමී ආදරයක් මම ගාව තියෙනවා කියලා විතරයි…..”

චිනූ සෝනුගේ උරේකට බරවෙලා කීවේ ගොඩාක් ආදරෙන්……

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *