27

අචින්තයි අපේ ආදරේ
27
ඊයේ ගොඩක් රෑ වෙලා නෑව නිසාද මන්දා ..උදෙ නැගිටිද්දි උගුර නිකම් බල්ලො කාලා වගෙ දැවුනා..කතා කරන දෙයක් තේරෙන්නෙත් නෑ..කටින් වචන පිට වෙන්නෙත් නෑ..
යාන්තම් ඇගෙ රස්නෙත් තියෙන්වා..ඒත් පුරුද්දට ආයෙම උදෙත් නාලා කැම්පස් ආවා..
ආවට කිසි වැඩක් කරන්න තරම් ඇගට ෆිට් එකක් නෑ..ඇග ඇතුලින් වෙව්ලනවා වගෙ දැනෙනවා..ඔලුව උස්සන් ඉන්න බැරිම හින්දා මන් ඔලුව තියාගත්තා..
කවුරු හරි මගෙ ඔලුව අතගානවා වගෙ දැනුනු නිසා මන් අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා..
ම්ම්..මින්දු..
සම්මානි ඇයි මෙ
ඔලුව උස්සන් ඉන්න අමාරු වගෙ දැනුනා මින්දු..
හ්ම්ම්..ඔයා වෙව්ලනවා නේද…ම්ම්..ආහ් නෙ ඔයාට හොදටම උනනි දෙයියනි..
මගෙ නල්ලට පිට අත්ල තිබ්බ මින්දු කෑගහන්න ගත්තා..
මෙහෙම ලෙක්චර්ස් වලට ඉන්න බෑනි කෙල්ලෙ..කෝ යන් නැගිටිමු..
අමාරුවෙන් නැගිට්ට මාව වත්තන් කරගෙන මින්දු ගියෙ සුපුන් ගාවට…
මොකො මෙ යාලුවො දෙන්නා බදාගෙන…
සුපුන් සම්මානිට උන හොදටම..
මින්දු කලා වගේම සුපුනුත් නල්ලට අත තියලා බැලුවා..
අම්මො ඔව්..ඉතින් දැන් ගෙදර එක්කන් යන්නද යන්නෙ
ම් ඔව්..පව් මෙහෙම ඉන්නත් බෑනි..අපිට වීල් එකක් කතා කරලා දෙන්නකො සුපුන්..
සුපුන් අපි එක්කම ස්ටෑන්ඩ් එකට ඇවිත් වීල් එකක් හෙව්වා..කරාස් ගාලා නැවත්තුව කාර් එකක් අපෙ ඉස්සරහින් නැවත්තුවා..
අඩෝ සූප්පුවා කොහිද මේ කෑලි දෙකක් එක්ක කැරකෙන්නෙ..
ආ උබනෙ..මේ සම්මානිට උන බම්..වීල් එකක් හෙව්වා ගිහින් දාන්න..මේ වීල් කාරයොත් නෑනි ඕන වෙලාවට..
ටිකක් වෙලා කල්ප්නා කර කර උන්නු රන්දික කා එකෙන් බැස්සා…
අම්මො ගොඩක් ආමාරුයි වගෙනෙ..යකො නැගහන් මන් ගිහින් දාන්නම්..
අනෙ මින්දු මට වීල් එකක් කතා කරලා දෙන්න කාර් එපා..
මැට්ටියෙ දැන් වීල් හොයා හොයා හිටන් ඉන්න බෑනි මෙතන..යමු රන්දික එක්ක
ඒත්
ඒත් මේත් නෑ නැගහන්…
මින්දුගෙයි සුපුන්ගෙයි කීමට අන්තිමේදී මට රන්දික එක්ක එන්න උනා…
මාත් මින්දුත් පිටිපස්සට නැග්ගා..අමාරුවට මන් සීට් එකෙ දිග ඇදුනා…
රන්දික සැරින් සැරෙ පිටිපස්ස හැරි හැරි පාර අහ අහ ස්කීම් එකට ආවා…
මන් මින්දුගෙ අතක් අල්ලන් කාර් එකෙන් බැස්සා..හිටන් ඉන්නවත් පන නෑ..රන්දිකත් සුපුනුත් අපෙ පස්සෙන් ආවා..
මේ වෙලේට ඇනෙක්ස් එකෙ කවෘත් නෑ..ඉතින් තුන් දෙනාට මුකුත් බොන්න හදා දෙන්නත් බැරි වුනා…මින්දුට යන්න හදිසි කීව නිසා ඒ තුන් දෙනා මුකුත් නොබීම යන්න ගියා..
පැන්ඩෝල් දෙකක් බීලා ටිකක් නිදාගන්න කියලා හදද්දිම පෝන් එක රින් උනා…
අමාරුවෙන් හෙලො කීවා
හෙලො
එහා පැත්තෙන් නුපුරුදු කටහඩක්..
දැන් අඩුද සම්මානි
ක් කවුද ඔයා
ඔයා දන්න කෙනෙක්..
ලෙඩ මදිවට මේ යකාත් එනවා කෝලම් කරන්න..
ඇයි සම්මානි සද්ද නැත්තෙ..අඩු නැද්ද..
කවුද ඔයා
මන් රන්දික අනෙ අඩුයි නේද
මොකක්..ක් කවුද නම්බ එක දුන්නෙ ඔයාට
හොයා ගන්නද බැරිනන්ගි ඕවා අපිට..ඉතින් කියන්න දැන් අඩුද ඔයාට
හ්ම්ම් ඔව්..අමාරුයි..මන් තියෙන්වා..
එහෙම්ම පෝන් එක කට් කරලා ඔලුව තියාගන්න හැදුවා විතරයි ඒ පාර ආයෙමත් රින් වෙන්වා..මොන මල වදයක්ද මෙ..මින්දු වෙන්න ඇති දෙන්න ඇත්තෙ..මේ පාර නම් බනිනවා මන් අම්මපා
පෝන් එකෙ නම්බ එක බලන්නෙ නැතුවම මන් පෝන් එක ආන්සර් කලා
ඇයි මට අමාරුයි..
අමාරුයි හුම් මල් කඩලා වෙන්න ඇති
ප පබා
ප පබා නෙමි..නිකම්ම පබා..මොකා එක්කද මල් කැඩුවෙ ආ..පෝන් වේටින්..එතකොට කියනවා මට මොක්කු එක්කද ඒ ආවෙ කියලා..නෝන හාමිට කොච්ච්‍ර විසේද කියන්නෙ කාර් එක එහා පැත්තෙ උන්නු මාව දැක්කෙත් නෑ..ඇයි ඌට කාර් එකක් තියන හින්දද ආ..
මොනාද ආ ඔයා කියන්නෙ
මොකො කෙදිරි අමාරුද ආ..කවෘත් නැති වෙලෙ කපල් කපල් ඇනෙක්ස් එකට රින්ගන්නෙ..පෝන් වීටින්..ආ..ඌට කාර් එකක්..මට බයික් එකක් නිසාද
ඔයා මොනාද දෙයියනෙ මේ කියන්නෙ
කියන්නෙ දැක්කදෙ..දැනගන්නවා අහු උනොත් එකෙක් නෑර පෙති ගහනවා..
අනෙ අයියො මට බනින්න එපා මන් අමාරුවෙන් ඉන්නෙ..
ඔව් ඔව් සුදු නෝනට අමාරුයි අරූ එක්ක හුරතල් වෙලා මන් දන්නවා..අහගන්නවා මන් ආයෙ තමුසෙගෙ මූනවත් බලන්නෙ නෑ..
කේන්තියෙන් මට බැනපු පබා පෝන් එක තිබ්බා..ඒත් දෙවියනෙ ඇයි මෙ..මන් අමාරුවෙන් ඉන්නවා කියද්දිත්..එයා මට බනින්නෙ..අනික කිසි වරදක් නැති මාව සැක කරන්නෙ..
දෙතුන් පාරක් කෝල් කලත් එයා පෝන් එක කට් කලා..ඇයි මෙ මන් එක්ක තරහින්
පබාත් තරහ වෙලා..අනෙ ඉතිම් මන් වරදක් නොකර..ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි ඇදට නොගිහින් සෙටියෙ නිදා ගත්තෙ ඒ ටික දුර යන්නත් ඇගට පන නැති නිසා..මල්ශා එද්දිමන් නිදි..
මගෙ ඇගෙ තිබ්බ අසාමාන්‍ය රස්නෙ නිසාම මල්ශා ඉක්මනට මාව ඩොක්ට ලගට අරන් ගියා..ඒ වෙලෙ මාව චෙක් කරපු ඩොක්ට ඉක්මනට හොස්පිට්ල් යන්න කියලා කීවා..
කොලබ ජාතික රෝහලෙ මාව ඇඩ්මිට් කලා..මාව චෙක් කරලා ලේ එහෙම අර ගත්තා..
ඇග පුරා දාලා තිබ්බ රතු පාට හීනි බිබිලි දැක්කෙ ඒ වෙලෙයි..
මෙයාට ඩෙන්ගු..
ඩොක්ට කියනවා ඇහුනා..හුම්.අපි ජීවත් වෙන වටපිටාවෙ තියෙන පිරිසිදුකම කොච්චරද කියනවනම් ඩෙන්ගු නොහැදුනොත් තමයි පුදුමෙ..
උදේ ඉදලා හාමත් වෙලා උන්නු මට සේලයින් දීලා නින්ද යන්න දුන්නු ටැබ්ලට් නිසා සනීපෙට නින්ද ගියා..
හවස ඇහරිලා බලද්දි පබා ඉන්නවා මන් ඉස්සරහා..
මන් කැනියුලා එක තියෙන අතින් පබාගෙ මූන අතගෑවා..එයා මගෙ අත හිමින් අරන් කම්මුලකට තියා ගත්තා..ඒ ඇස්වල කදුලු.ඒත් ඇයි
නිසිත.
මට සමාවෙන්න කෙල්ලෙ..ඔයාට අසනීපයි කියලා නොදැන මුකුත් අහන්නෙ බලන්න්‍ර් නැතුව මන් ඔයාට බැන්නා..සමාවෙන්න මැනිකෙ..
එයා මගෙ අත අරන් එයාගෙ කම්මුලට ගහගත්තා..කැනියුලා එක නිසා අත රිදෙනවා
අහ් ආව්..
අනෙ සොරි මැනික මට අමතක උනා..කියන්න මගෙ මැනිකට අමාරුද
හ්ම්ම්
මගෙ මැට්ටි සමාව දෙනවා නේද
හ්ම්ම්
ඇයි හ්ම්ම්
මුකුත් නෑ..
අනෙ ඔහොම ඉන්නෙ අමාරුද..කොහිද රිදෙන්නෙ
මෙතන
මන් මගෙ පපුවෙ මැදට අතක් තියලා පෙන්නුවා..ඇත්තටම පබා තරහා වෙලා බැන්නම රිදුනෙ මගෙ අහින්සක හිතයි..
මුලු ලෝකෙම නැති උනත් මට ඔයා තරහා උනොත් ඒක දරා ගන්න බෑ ඒකයි ඇත්ත..
මගෙ මැනික නිදන්න..

හොස්පිට්ල් එකෙ උන්නු දවස් තුනම උදේ දවල් ,හවස තුන් වරුවම එයා මාව බලන්න ආවා..මල්ශලාත් ඒ වගකීම එයාටම පවරලා හවස් වරුවෙ විතරක් මාව බලන්න ආවා..
තුන් වේලේම මන් කෑවෙ පබා උයපු පබාම කවපු කෑම..මගෙ කෝකීයට හොද අත් ගුනයක් තියෙන්වා..උන තියෙද්දි එක එක විදියෙ ගුන කෑම..බීම ජාති එයා මට ගෙනත් දුන්නා..ටිකට් කපලා ආයෙම යද්දි යාලුවෙක්ගෙ වීල් එකක ආව එයා මාව කැලනි පන්සල් එක්ක ගියා
ඇයි නිසිත අපි මෙහෙ ආවෙ
මන් බාරයක් උනා සමන්පිච්ච වට්ටියක් පූජ කරන්න..මගෙ මැනික සනීප කරලා දෙන්න කියලා
අනෙ..ඇයි දෙයියො මෙච්චර ආදරයක්…
දන්නෙ නෑ..මට පිස්සු නිසා වෙන්නැති
හ්ම්ම් ඔයාට නෙමි ඔයා මේ කරන දේවලින් මටයි පිස්සු..
—මතු සම්බන්දයි– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *