27

#නිම්හිම් සේයා ##
27
වීදුරුවෙන් පේන ඈත හිස් අහස දිහා මන් බලන් උන්නා..නූල් බෝලයක් වගෙ පැටලුනු නඩුව…හ්ම්ම්
එදා මිහිරාන් හම්බුනාට පස්සෙ කී දවසක් මිහිරාන් ආවද මාව බලන්න ..කොච්චර මට කෝල් කරනවද..ඒත් තාම මට කිසිම දෙයක් හොයා ගන්න බැරි හැටි..අන්වශය විදියට මිහිරාන්ට ලන් වෙන එක විතරයි සිද්ද උනේ..
මිහිරාන්ලා වගේ කොල්ලො මට පේන්න බෑ..ඕනවටත් වඩා කෙල්ලන්ට පැනි හලන..හරියට කෙල්ලෙක් දැක්කෙ නෑ වගෙ කතාව…දෙනෙත් අයියා හින්දා මිසක් දුර යාලූවෙක් විදියට වත් කෙල්ලෙක් ආශ්‍රයට සුදුසු කොල්ලෙක් නෙමි මිහිරාන්..රට වටේම ඉන්න ලස්සන කෙල්ලන්ට පැනි රස වෑහෙන වචන දීලා ඒ කෙල්ල එක්ක රූම් ගානේ යන කොල්ලෙක්..හ්ම්ම් වෙලාවකට බයත් එක්ක මන් මේ කරන මෝඩ වැඩෙ..කොහොම උත්සහා කලත් පැනි වෑහෙන වචන මිසක් වෙන කිසිම දෙයක් ඒ කටින් පිට වෙන්නෙම නෑනේ..හ්ම්ම්
ජනෙල් වීදුරුව මත තැවරිලා තියෙන මීදුම් තට්ටුවෙ මන් d අකුර සටහන් කලා..
කාමරේට පිටුපාලා උන්නු නිසා කවුද රූම් එකට ආවෙ කියලා පෙනුන්නෑ..තේ හදන මාරි ඇන්ටි වෙන්නැති…
සීතල අත් දෙකකින් මගේ ඇස් වැහුනා..හිතුවෙ වත් නැති වෙලේක සිද්ද උනු මේ දෙයින් මගෙ හිත ගැස්සුනා කීවොත් හරි…
ක්..කවුද
මිහිරාන් ..ඩීඑන්එස් ..??
කියන්නකො කවුද කියලා ..
ඒ පාර හයියෙන් හිනා වෙනවා..මේ..
මන් ඒ අත් අමාරුවෙන් ඈත් කරලා ඒ පැත්තට හැරුනා..හානේ ලොකූ අයියා (ලොකු නැන්දගෙ ටුවින්ස්ලා දෙන්න මතක ඇති කියලා හිතනවා)
ම්ම් හොද නෑ දැනුයි මාව මතක් වෙලා තියෙන්නෙ ..
මන් නෝක්කාඩූි බැල්මෙන් ලොක්කයියා දිහා බැලුවා..බකස් ගාලා හිනා උනු ලොක්කයියා මේසේ උඩ ඉදගත්තා ..මමත් අත් දෙක බැදන් තරහා මූනෙන් ඔරෝගෙනම උන්නා..
කෝ පොඩි අයියා නිකම් වත් කෝල් එකක් දුන්නොත් නරකයි නේද..දැන් ඉතින් ලොකු ඈයෝනේ..ම්ම්
ම්ම් ලොකුයී ඔව් ඔව් ලොකුයි අපේ චූටී දගකාරි ලොකු වෙලාකියලා ආච්චම්ම කීවා මට..ම්ම් කවුද අප්පෙ මෙයාට අහු උනු අහින්සක කොල්ලා..පව් ඌ ඉන්ශුවරන්ස් එහෙම දාන්ද දන්නෙ නෑ ඉන්නෙ..හනේ මගේ මස්සිනා පොඩ්ඩ..අබ සරණයි ඌට..
පෙනේද ආච්චම්ම ඉන්නෙ නම් ලෙඩ ඇදේ ඒ උනාට ආව ගමන් කේලම් සේරම කියලා…
කියනවකෝ පිස්සි ම්ම්..
හරි හ්ම් කියන්නම්
මොකෝ අවුලෙන්..කොල්ලා ඔයාගේ කෑම කන්න බෑ..මට හම්බෙලා තියෙන්නෙ කෙල්ලෙක් නෙමී කොල්ලෙක් කියලා වත් කීවද ම්ම්..
ඒ කියන්නෙ ආච්චම්ම සම්පූර්ණ සිද්දිය කියලා නෑ…මන් ජනෙල් පඩිය උඩ ඉදන් ලොකු සුස්මක් දිගෑරියා…එකම එක වචනයක් හලන්නෙ නැතිව දෙනෙත් අයියා හම්බුනු දවසෙ ඉදලා හැමදේම කීවා..ලොක්කයියා අපි හැමෝගෙම ලොකු අයියා දන්නවා මට ඇහුම් කන් දෙනවා කියලා ..එයා කැම්පස් එකේ රසායන විදයා අන්ශයෙ කතිකාචාර්ය කෙනෙක්..එයා මන් කියන හැමදේම ඇහුම් කන් දී ගෙන උන්නෙ මාත් එයාගෙ කැම්පස් ලමෙක් කියලා හිතාන වගේ…
ම්ම්…ලමයා සුපිරි ගේමක් රන් කරලා වගේ..
ම්ම්
දැන් එතකොට තව කොච්චර කල් තියෙනවද..
තව මාස හතයි ඉතුරු අයියෙ ..දෙනෙත් අයියගෙ වෙන්න බැරි උනොත් මන් බදින්නෙ නෑ සත්තයි..
හ්ම්ම්..මෙතනදි මාමත් වැරදි නෑ චූටී මැනිකෝ…එයා හරි..
හ්ම්ම් අයියෙ අම්මලාගෙ අකමැත්තෙන් දෙනෙත් අයියා කිසිම දාක මාව බදින එහෙකුත් නෑ..
ඔය දෙනෙත් ව මට බලන්න පුලුවන්ද ..
ම් ඉන්න..
මන් පෝන් එකේ තිබුනු දෙනෙත් අයියගෙ පොටෝස් එයාට පෙන්නුව ..
අහ් අම්මට සිරි..ඩීඑන්එස් නෙ..හැන්ඩියා ..නියමයි ..සුදු පොල් කෑල්ලට කලු කපුටෙක් වහලා වගේ..ඒත් හෙන ඩීසන් පාටයි..අමුතු ලුක් එකක් තියෙනවා ..ටැමිල් නලුවෙක් වගෙ..
ම්ම්..ඔ
මන් මේ කේස් එක නිව්ස් පේපර් වලින් දැක්කා චූටියෝ..ඒත් කවුද දැනන් උන්නෙ අපේ මස්සිනා පොඩ්ඩ කියලා ..ඉන්නකො තා චුට්ටක් බලමූ..
ලොක්කයියා මගෙ පෝන් ගැලරියේ පොටෝ ස්‍ර්ච් කලා…අහම්බෙන් එක පොටෝ එකක් …
ඉක්මනට ඩබලට කෝල් එකක් දීලා පාරට එන්න කීවා..මේ වෙලේ දෙනෙත් අයියම උන්න නම් හොදයි ඒත් ලොකු නැන්දා බය වෙයි දෙනෙත් අයියා එක්ක ගියොත්..අනික තාත්තිටත් කියාවි මන් එයා එක්ක එහෙ ගියා කියලා ..නිකම් සැකේට බාජනේ වෙන්න බෑ..චැනල් එකේ වැඩ වලට ඩීඑන්එස් හම්බුනාට එයාට මුකුත්ම කියන්න බැරිවයි ඉන්නෙ…
ගම්පහ උසාවිය පාරෙ තියෙන අපේ නැන්දගෙ ගේ තාමත් ඉස්සර වගේමයි වෙනසක් නෑ..මන් ඩබලවත් දාලා ගේ ඇතුලට දීවා..මට තියෙන හදිස්සියට තව පොඩ්ඩෙන් මාව බල්ලත් කනවා..
චූටී මැනික මොකෝ මේ ගාල කඩා ගත්ථ අශ්වයා වගෙ..ඇයි ගෙදර කාටහරි කරදරයක්ද..
අයියෝ නෑ නෑ එන්නකෝ යන්..මට ලොක්කයියගෙ පරන පොත් ඕනී මේ දැන්ම..දැන්ම…
මන් ලොකු නැන්දවත් ඇදන් ඒ පරන පොත් තියෙන රූම් එකට ගියා..හයියෝ කාමරෙන් එකයි පොත්..අද දවසම යාවි මට..
නැන්දව අත් හැරලා මුලු පොත් රාක්කෙම බිමට හැලුවා..එතන බිම එරමිනියා ගොතාගෙන ඔක්කොම පොත් එකින් එක පරිස්සමට දිගෑරියා..
එකින් එක පොත් පරිස්සමට දිග ඇරියත් ශික් නෑනී ඉතින් දැන් නම් මගෙ ඉවසීමේ සීමාවත් පැනලා..ඒ මදිවට දූවීලී වැදිලා වැදිලා නහය ගන්න දෙයක් නෑ..හචින් යනවා එකසිය ගානට..
සේරම බලාපොරොත්තු සුනු විසුනු වෙලා කෑලි කෑඩි යනවා වගේ..මන් දූවිලී පිරුනු පොත් ගොඩේම එහෙම්ම හාන්සි උනා..අහ් ඉකේයීයා..මොකාද මේ අතේ ගෑවුනේ..ශික් කැරපොත්තෙක්..
මන් ඇගිල්ලෙ වැදුනු කැරපොත්තව එහෙම්ම ගැසුවා..ඌ ගිහින් වැටුනෙ කලු පාට travaling බෑග් එකක් උඩට..ම්ම් මන් මේක බැලුවෙ නෑනේ…
දූවිලි විමානයයි..පුස් ගදයි ඔක්කොම පොත් බිමට හැලුවා..
අහ් මේ තියෙන්නෙ මට ඕන කරන ටික..ඔක්කොම පොත් තුනක් තියෙනවා ..ම්ම් මේ මේ ලොක් කරපු ඩයරි එකක් දැන් මගෙ හිතෙ තියෙන සතුට..අනෙ මේ ඩයරියෙ හැම දේම තිබ්බොත් මගෙ ඩී එන් එස් නිර්දෝශයි කියලා ඔප්පු වෙන…
පොත් තිබ්බ බෑග් එකට ආයෙම පොත් ටික ඔබාගෙන ඩයරිය මගෙ බෑග් එකට දාන් දූවිලි මකුළු දැල් ගෑවුනු ඇග පිහදාන්නෙත් නැතුව මන් සාලෙට ගියා ..
යද්දි ඩබලා නැන්දගෙ තේ කෝප්පෙක රස බලනවා..ඒකත් උදුරාගෙන මේසෙන් තියලා ඩබලවත් ඇදන් නැන්දට සාදුත් කියලා අපි ආවා..දැන් නම් මට තනියෙනුත් හිනා යනවා..මගෙ පිස්සු වැඩ..මතකෙ කොච්චරඩ්ද කියන්නෙ මන් හෙල්මට් එක දාගෙනත් නෑ..දාන් ගිය සැන්ඩ්ල් දෙක ආයෙ දාගෙන ඇවිල්ලත් නෑ..අයියෝ මට හදිස්සියි ..ඩ්ඩී එන් එස්..අයි ඇම් කමින්..
කොහාටද දැන්..
ඩීඑන්එස් බිල්ඩින් ..
(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *