27

~~~යශෝධරා ~~~
27 කොටස
පසුදින උදාවුවේ බොහෝ සෙමිනි …… උදෑසනින් අවදිවූ මා සුදු පැහැති ගවුමකින් සැරසුනෙමි… අද මා මේ නිවසේ ගතකරන අවසන් දවසයි … මට මෙහි අතහැර යෑමට බැරී එකම එක අයෙකු උවත් ඔහුට මා නොවටින්නේ නම් මම මෙහි රැදී පලක් නොමැත …
‘යශෝධරා ඉක්මනට එන්න …’
මම පහළ මාලයට යද්දී අභීත සහ නෙත්මා සුදානම්වී උන්නේය .. නෙත්මා සුදු පැහැති සාරියකින් සැරසි උන් අතර ඇගේ පෙනුම ප්‍රිය උපදවන දර්ශනයක් විය … කළු පැහැති දිගු කලිසමක් සහ සුදු අත්දිගු කමිසයකින් සැරසී උන් අභිතගේ මුව පුරා විසිරුණු සිනාවකි …. මා පෙර දිනවල දැකපුරුදු අභීත මොහු නොවේ ඒ අභීත සිනාසෙන්නේ කලාතුරකිනි ….
‘යමු යමු …. පරක්කු වෙනවා …’ නෙත්මා අභීත සමගින් මිදුලට බසිද්දී මම ඔවුන් පසුපසින් ඇවිද ගියෙමි …
අභිතට ලංවී මුමුනමින් ගිය ඇය අසුන්ගත්තේ අභිතට අනිත් පස අසුනෙනි …. රිය පදවන ඔහු දෙස බලමින් යමක් පවසන ඈ මහා හඩින් සිනාසෙන්නේ මා උන් බව හෝ නොතකමිනි … අභීතව හැරදා අන් පුරුෂයකු හා පලා ගිය නෙත්මා .. අභීතට අයිතිවාසිකම් කීම මගේ හිත තුල ඇති කලේ නොරිස්සුමකි …
ලංවී අල්ලාප සල්ලාපයේ යෙදී උන් ඔවුන්ට මා උන්නාද නැද්ද කියා කිසිදු වගක් නොවිය …ඔවුන්ගේ කතාවට රුකුල් තියන්න මට උවමනාවක් නොවිය …….ඉතින් මා උසාවිය ලගට යනතුරුම වදනක් නොදෙඩුවෙමි …
‘ හලෝ නෙත්මා …’ උසාවි භුමියේ අප පිළිගැනීමට සැදි පැහැදී උන් තරුණිය නෙත්මාගේ වයසේම වෙන්න ඇත … ඕ නෙත්මා වැළද ගත්තාය .. ඔවුන් යෙහෙලියන් වෙන්න ඇත …
‘කොහොමද නිශා …’
‘අපි උබව කොච්ච්ර හෙව්වද …මෙහෙම හරි උබව දකින්න ලැබුණු එක ලොකු දෙයක් …’
‘ඒ කාලේ මතක් කරන්න කැමති නැහැ නිශා …. මගේ අපලයක් ගෙවෙන්න ඇති …’
‘හ්ම්ම්ම් හරි දැන්වත් ඔය හැමදෙයක්ම අමතක කරලා දාලා … දෙන්නා එකලාසයක් වෙයන් … දැන් තනියම හිටිය කාලේ හොදටම වැඩි … බලපන්කො න නෙත්මා අභිතගේ කෙසුත් පැහිගෙන එන්නේ …තව ටික කාලෙකින් අභීත සියා කියන්න තමා වෙන්නේ ’ යෙහෙළියන් දෙදෙනා අතරට මැදිවූ අභීත යොවුන් තරුණයෙක් මෙන් රතුවී ගියේය …
‘ හලෝ මැඩම් දැන් නඩුවත් පටන් ගයි ….මෙහෙම ඕපාදුප කියන්න ගත්තොත් නඩුව අහලා ඉවරවෙනකන් මෙතන ඉන්න වෙන්නේ …’ අභීත එසේ පවසා හිස ඔසවා බැලුවේ මා දෙසය ..
‘යශෝධරා ඔයාගේ සාක්ෂිය ගොඩක් වැදගත් ….. වෙච්ච හැමදෙයක්ම නිරවුල් විදිහට උසාවිය ඉස්සරහා කියන්න ඕන … මේ ඉන්නේ අපේ ලෝයර් නිශා …’
එලෙස පවසා තරුණිය හදුන්වා දුන් අභීත උසාවි ගොඩනැගිල්ල දෙසට පියවර තබන්න විය …
නඩු විභාගයේදී පොලිසියේ සාක්ෂි සහ ඇසින් දුටු සාක්ෂි නිසාවෙන් වැරදිකරුවන්ට අවුරුදු දහය බැගින් සිරදඩුවම් නියම කරන ලදී ….ඇන්ජලා , සිරිල් සේම මර්වින් සෝමේ යන අයගේ දෑස් වල උවේ කෝපයකි … මා දෙසට එල්ල වී තිබුණු මර්වින්ගේ මුහුණ තරහෙන් වෛරයන් වියරු වැටීමට ආසන්නය .
පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව ඇතිව ඔවුන් එකින් එකා බන්ධනාගාරගත කිරීමට ගෙනගියේ අප අසලින්මය …. ඉදිරියට යන්න ගිය මර්වින් මා අසල මදකට නතරවිය ..
‘ මම හැමදාම හිරේ ලගින් නෑ කෙල්ලේ …. මම අවුරුදු දයකින් හරි එළියට එනවා …එදාට මම මොන ලෝකේ හිටියත් උබව හොයාගෙන එනවා ….’
දෑත්වලට මාන්චු දමා තිබුනද මර්වින්ගේ වචන වලට යදම් දමා නොතිබිණි … යම් දිනක … ඔවුන් නිදහස් වූ දිනෙක මා සොයා විත් පළිගනියි යන බිය හදපුරා ගින්නක් මෙන් පැතිර යද්දී මම බැලුවේ අභීත දෙසය ..
‘මෙන්න මේ මිනිහාව මෙතැනින් එහාට එක්කන් යන්න පිසි … ‘’ අභීත කෑ ගැසුවේ මගේ මුහුණ පුරා විසිර පැතිර ගිය බිය දැකය …
‘යශෝධරා බය වෙන්න එපා …. ඔයාට මොකුත්ම වෙන්නේ නැහැ .. මම ඉන්නවානේ ’
මට බොහෝ ලංවූ ඔහු මගේ හිස සෙමින් පිරිමදින්න විය … මට උවමනා උවේ ඔහුගේ විසල් පපු තලයේ හිස හොවාගෙන ආරක්ෂාව පැතිමට උව මෙය එයට සුදුසු ස්ථානයන් නොවන බැවින් එම හැගීම් මම හිත තුලම සගවා ගතිමි …..මම නෙත්මා දෙසට බැල්මක් හෙලිමි ඒ මොහොතේ ඇගේ මුහුණ පුරා පැතිර ගොස් තිබුණු හැගීම් තේරුම් ගත හැකි ඒවා නොවේ… බිය කෝපය තරහාව සියල්ල කැටිව තිබුණු ඒ මුහුණේ උවේ මා පිලිබදව නුහුරු බියකි …
‘අපි යමු නේද අභීත …’ අභීත සහ මා අතර ගොඩනැගුනු බන්ධනය දැක නෙත්මා බියවෙන්න ඇත … වදනකදු නොදෙඩු අප තිදෙනා නාදුනන්නන් ලෙසට ජීප් රියට නැග ගත්තෙමු …
අප තිදෙනාගෙන් එකෙකුගේවත් මුහුණුවල සතුටක සේයාවක් නොවුනි … ජීප් රිය ඊයක වේගයෙන් ඉදිරියට ඉගිල යමින් පැවතුණි. …
‘යශෝධරා ……හෙට බණ්ඩාරවෙල දාලා සදහටම යන්න යනවා නේද …’ හදිසියේ යමක් සිහිවූවා මෙන් නෙත්මා පැති කන්නාඩියෙන් මදෙසට බැල්මක් හෙළුවාය …
‘ඔව් ….. සදහටම යන්න යනවා ….. ආයේ කවදාවත්ම එන්නේ නැහැ ..’ මගේ වචන වලට අභීත තිගැස්සෙන්න ඇත ….
‘යශෝධරා අපේ වෙඩින් එකට එන්න ඕන ….ඔයා කරපු දේවල් කවදාවත් අපිට අමතක කරන්න බෑ නේද අභීත අයියේ …’ ඇයට උවමනා වෙන්න ඇත්තේ අභිතව කතාවට ඈදා ගෙන මා රිදවීමටය …
‘ඔයාලා මැරී කරනවාද …’ මා නෙත්මා දෙස කුහුල් බැල්මක් හෙලිමි …
‘ඔව් දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ .. මම අභීතට ලොකු වැරද්දක් කළා … අභීත මට සමාව දුන්නා … දැන් කාටවත් අපි අතරට එන්න බැහැ ..’ ඈ උඩගු බැල්මක් හෙලද්දී අභීත බොහෝ අසරණවී යන්න ඇත ….
‘මට වෙඩින් එකට එන්න බැරිවුනත් මම හදවතින්ම ඔය දෙන්නාට සුභ පතනවා ..’
හිත බොහෝ රිදුම් දෙද්දී මා එලෙස පැවසුවෙමි … ඉන්පසුවද නෙත්මා බොහෝ දේවල් කියද්දි මා ගොළුවෙකු බිරෙකු ලෙස අසා උන්නා පමණි …
*************
සියල්ල අවසන්ය .. … මා බණ්ඩාරවෙල නගරයට පැමිණියේ අනාථ දැරියක ලෙස උවද බොහෝ සැහැල්ලු සිතිනි …එහෙත් දැන් බණ්ඩාරවෙල හැර යන්නේ ඒ අනාථ දැරිය උවද හිත මත අතුරාගත් මහා බරක් ඇතිවය ….
එකින් එක ගවුම් ගෙන පිළිවෙලට නැවු මම ගමන් මල්ල තුල ඒවා පිළිවෙලට ඇහිරුවෙමි …. ගෙන යාමට තිබුනේ ගවුම් හතරක් පහක් පමණි …. එම නිසා ගමන් මල්ල තුල බරක් නැත ඒ කෙසේ උවත් මගේ හිත බොහෝ බරය …. අද රාත්‍රිය මට නින්දක් නම් නොඑන බව සහතිකය ….
උණු ජලයෙන් ගත දොවා නිදන ඇදුමට මාරුවූ මම සැදැල්ලට පිවිසියෙමි …… මේ නිවසට පැමිණ ගතවී ඇත්තේ දින කීපයක් උවද නිහඩ සොදුරු පරිසරයට මම බොහෝ පෙම් කලෙමි .. සුපුරුදු කෙටි බැම්මට හේත්තුවූ මම බොහෝ වෙලා ගතවෙන තුරුම ඉරියව් මාරු නොකර එලෙසම උන්නෙමි …
එක්වරම මා දුටුවේ නිවස තුලින් පැමිණි අයෙකු මිදුල පුරා නිහඩව සක්මන් කරන අයුරකි ..වඩාත් නැබුරුවී බලන කල ඒ අභීත බව වටහා ගැනීමට මට අපහසු නොවුනි … මේ කළුවර ශිත රාත්‍රියේ උනුසුම්විමට කබායකදු නොමැතිව ඔහු කල්පනා කරන්නේ මොනවාද . …බොහෝ වෙලා මම ඔහු දෙස බලා උන්නෙමි …..
අවසාන වරට ඔහු හමුවිය යුතුය … මට අවසානයේ එලෙස සිතුනි … මෙහි පැමිණිදා අභීත මට පැළදවු සළුව අතට ගත් මම සෙමින් සෙමින් පියගැටපෙළ බැස්සේ විමලා හෝ අන් කිසිවෙකු මා දැක විමසයි යන බිය නිසාය ….
එළිමහන බොහෝ ශිතය …. ගත දවටාගෙන උන් ශිත කබාය පසාරු කරගෙන ශීතල දැනෙද්දී මම ඔහු උන ස්ථානයට පියවර මැන්නෙමි …
‘’යශෝධරා ….’ මගේ පියවර හඩින් තිගැස්සී ගිය ඔහු මා දෙස බැලුවේ දෑස් විසල් කරමිනි
‘සර් ඔයා මේ ශිතලේ මෙතන ඉන්නේ ඇයි … මේක දාගන්න .’ මම අත තිබු සළුව ඔහු දෙසට පෑවෙමි
‘ මේ ශීතල මට ගානක් නැහැ යශෝධරා ….. පුංචි කාලේ ඉදලා මට මේ ශිතල හුරුයි ..’ ඔහුගේ දෑස මගේ මුහුණ පුරාම දුවද්දී මම කලේ දෑස් බිමට හැරවිමය ….. සද එලිය නිසා පරිසරය පුරා තිබුණු අදුර මැකී සද කිරණින් කාන්තිමත්ව තිබුනි
‘සර් බය වෙලා වගේ ….’
‘ඔව් යශෝධරා මම බය වෙලා ..මට දැනෙනවා මට අයිති වෙලා තිබ්බ වටිනා දෙයක් මට නැතිවෙන්න යනවා වගේ …. එතකොට උගුර හිරවෙලා යනවා …කෑ ගහලා අඩන්න ඕන උනත් වචනයක්වත් එළියට එන්නේ නැහැ …’ බිමට යොමා උන් දෙනෙත් ඔසවා මම තවත් වරක් ඔහු දැක ගත්තෙමි …
‘සර්ට නැතිවෙලා තිබ්බ දෙයක් දැන් හම්බවෙලා තියෙන්නේ …… ඔයාට දුක් වෙන්න කිසිම දෙයක් නැහැ ..’ මට උවමනා උවේ ඒ හිත හැදීමටය ..
‘ ඇයි යශෝධරා මට දැනෙන්නේ මගේ හිත බ්ලොක් වෙලා වගේ … මගේ හිතේ තියෙන දේවල් මටම වෙලාවකට තේරුම් ගන්න බෑ ….’
‘ඔච්චර හිතන්න යන්න එපා සර් …. ඔයා දැන් ගිහින් නිදාගන්න ….හෙට උදේ ඇහැරෙද්දි මේ හැම හැගීමක්ම නැතිවෙලා තියෙයි … ’
‘එහෙම වෙයිද යශෝධරා …’ කුඩා දරුවෙකු මෙන් විමසන ඔහු දෙසට බැල්මක් හෙලා හිසවැනු මම පිටවී යෑමට හැරුනෙමි …
‘යශෝධරා …’ ඒ කටහඩ බොහෝ හැගුම්බරය …. මම පෙරට තැබූ පය එලෙසම තබා නැවතුනෙමි
‘ එකම එක සැරයක් මගේ දිහා බලන්න …. මට ඔයාව බලාගන්න ඕන …. ජීවිතේටම මතක තියෙන්න ..’ අදහන්න හිරකරගෙන උන් හිත එකවරම කඩා වැටුනේය ….. මහා හයියෙන් අඩාගෙන මම ඔහු දෙස හැරී බැලීමි …..
‘යශෝධරා …. මම දන්නේ නැහැ …මට මගේ හිත තේරෙන්නේ නැහැ …ඒ උනත් සත්තයි …ඔයා යනවා කියලා හිතද්දීත් මගේ හිත පිච්චෙනවා වගේ ….’
යෝධයෙක් මෙන් මා ඉදිරියේ හිටගෙන උන් අභිතගේ දෑසේවූ කදුළු බිදක් දිලිසුනේය ….. තවත් නොසිතා මම ඔහුගේ ගෙලේ එල්ලුනෙමි …. ඒ පපු තලයේ හිසහොවාගත් මට දහසක් දේ කීමට තිබුනත් මම කල එකම දේ හඩා වැටීම පමණක්මය …
‘යශෝධරා කොහේ හිටියත් සතුටින් ඉන්න …’
අවසානයේ ඔහු එලෙස පැවසුවේ මා ඔහුගේ ඈත් කරමිනි …. ඉන්පසුව මගේ දකුණත මුවට ලංකරගත් මහා දයාවකින් එහි දෙතොලෙන් සටහනක් තැබුවේය …. ඒ මොහොතේ මට එකම එක දෙයක් වැටහුණි …ඒ අප අපට පෙම් කරන බවකි … ඒ ප්‍රේමය අව්‍යාජය එකකි …නමුත් අභීත එය තේරුම් නොගනු ඇත ..බොහෝ කාලයකට පසු ඔහුට එය වැටහුණත් එවිට අප බොහෝ පමා වෙනු ඇත …. මා වයස දාසයක කුඩා දැරියකි ඔහු මට වඩා දෙගුණයකින් වැඩිමහල්ය … ඔහු ඒ නිසා සිතුව්ලි හිත තුලම සගවා ගන්නවා ඇත ….
‘ඔයත් ගොඩක් සතුටින් ඉන්න …. ‘’
එලෙස පැවසු මා තවත් එහි නොරැදී ඔහුගෙන් මිදී කාමරයට දිව ගියෙමි …මේ අපේ අවසන් දැක්ම විය යුතුය …. තවත් වරක් හෝ ඔහු දුටුවොත් මේ හැගීම් හිරකරගනු නොහැකිවෙනු ඇත … ඉතින් මා තීරණයක් ගතිමි ..ඒ කිසිවෙකුගෙන් සමුනොගෙනම බණ්ඩාරවෙල හැරයාමටය …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *