28

අචින්තයි අපේ ආදරේ
28
——————————-
මොන කරදරයක්ද මේ නිවාඩු දාකට වත් ඉන්න නැති හැටි..මෙ ඉලව් බබා අඩනවා..
පෝන් එකෙ ස්කීන් එකට වැටුනු නම්බර් එක දැක්කම මන් ඇදෙ ඉන්දවුනා..හෑ අද ඉර අනිත් පැත්තෙන් පායලද?එහෙමත් නැත්තම් ඔරලෝසුවෙ වෙලාව වැරදිලාද..තවමත් මගෙ මිතුරියො ටික සුව නින්දෙ..එතකොට මන් මෙයා මොකො මෙ ඇහරන්..
ගුඩ් මෝනීන් බබි..තව විනාඩි දහයකින් සුදු අම්මි ලෑස්ති වෙලා එන්න..විනාඩියක් ලේට් වෙන්න බෑ..ලේට් වෙන විනාඩියක් ගානෙ විදවන්න වෙයි..
මේ මොන හරුපයක්ද..මොනා උනත් සතාගෙ හැටි දන්න හින්දා ඉක්මනට ඇදෙන් පැන්නා..ඒත් ඉතින් වොශ් රූම් ගිහින් වොශ් එකක් දාන් එහෙට මෙහෙට ඇමිනි ඇමිනි ඉදලා ලෑස්ති වෙන්න පැය බාගයක් ගියා..විනාඩි විස්සක පරක්කුවක්..කමක් නෑ ..
ඕන දඩුවමකට යටත් වීමෙ පෙර සුදානමින් මන් බෑග් එකත් ,පෝන් එකත් අරන් ඇනෙක්ස් එකෙන් එලියට පැන්නා..
වෙලාව තාම අටයි..මෙයා ඉර දකින්නෙත් අද වෙන්න ඇති..ඊයේ රෑ හිතන් උන්නෙ හොදට අද ටිකක් නිදා ගන්න..
ඩෙන්ගු හැදිලා හොස්පිට්ල් උන්නු දවස් වල මග ඇරිච්චි නෝට් සේරම කොපි කරගත්තෙ ඊයෙ රෑ..එයත් ඊයෙ රෑ මල ගෙදරක ගිහින් උන්නු නිසා ඒ එනකම් මමත් අවදියෙන් නෝට් ටික ලීවා..කෝමත් නිදා ගද්දි තුනත් පහු වෙන්න ඇති…
ඉක්මනට ඉක්මනට පඩි බැහන් පහලට ආවා..ග්‍ර්වුන්ඩ් එකෙ මොකෙක් වත් නෑ..මොන මගුලක්ද මට එන්න කියලා මෙයා නෑ..ස්කූල් දවසකුත් නෙමි නිසා අද ගර්වුන්ඩ් එකත් ටිකක් පාලූයි..ඉදහිට පාරෙ ගිය වාහනයක සද්දයක් ඇරෙන්න මෙලො යකෙක් නෑ අද..මෙච්චර නිස්සබ්ද තාවයක් මන් දැක්කමයි..එයා නැතත් එක කොල්ලෙක් හරි මේ වෙලේට ග්‍ර්වුන්ඩ් එකෙ ඉන්න ඕනී..ඒත් නෑ..
ගර්වුන්ඩ් එකත් එක්කම පැත්තකින් තියෙන දෙලුම් ගහෙ අතු හෙල්ලෙනවා..මන් ඒ දිහා බැලුවා…අහ් චූටීයා දෙලුම් කන්න ගිහින්ද කොහිද උදෙ පාන්දර..ගහෙ එල්ලිලා ඉන්නෙ නැග්ග විදිය අමතක වෙලා වෙන්නැති..හිමින් හිම්න් අඩි තියලා චූටි බිමට යන්තම් බැස්සා..
කෝ මෙයා අටාමාරත් උනා..මට එන්න කියලා මෙයා නිදා ගත්තද…
පාරට පිටුපාලා චූටීයා දිහා ඇස් දාගෙන උන්නු නිසා පාරෙ වාහන ගැන හැගීමක් තිබ්බෙ නෑ..
එක පාරම වෑන් එකක් නැවත්තුවෙ කන් බීරී කරන තරම් හෝන් සද්දෙත් එක්කම..ඇගටම කැපුව වාහනෙ පුරෝලා කොල්ලො..
වෑන් එකෙ දොර ඇරලා ඒ ඇතුලින් ආව අතක් මාව ඇතුලට ඇද්දා…
අහ් අතාරිනවා….
මගෙ කෑ ගැහිල්ලත් එක්කම ඒ අත ඉක්මනට කියාත්මක වුනා..මගෙ කට වහලා..මූන ඒ පැත්තට හරෝ ගත්තා..
මෝඩි මේ මන්..කෑගහන්න එපා යකින්නියෙ පාරෙ ඉන්න මිනිස්සු බය වෙයි..
අහ් මෙයානි..
මන් කදුලු පිරිච්චි ඇස් වලින් තරහින් ඒ මූන බැලුවා..එයාගෙ යාලුවො ටික හිනා වෙනවා..මගෙ කටින් අත ගත්තු පබාත් අනිත් අයට එකතු වෙලා හිනා වෙනවා..දැන් මට කේන්තියයි..
මන් එයාව කොනිත්තගෙන කොනිත්තගෙන ගියා..
මැට්ටා මැට්ටා මැට්ටා..
හෑන්ඩ් බෑග් එකෙනුත් ගැහැව්වා..
හෝව් හෝව් අපි විරුද්දයි..අපෙ ලොක්කට ඔහොම ගහන්න බෑ..
හිටු හිටු ඕවා පවුල් ප්‍ර්ශ්න..
අඩ්ඩඩ්ඩා මේවනි යකූ ශුපිරි පාරවල්..අඩා අපා ලොක්කා ඉවරයි අද..
කමෝන් සුඩු ආප්පෙ කමෝන්..
අනා අපෙ අහින්සක හිත් තැලෙන්වා මයෙ අම්මා..අපිට කොයින්ද සුදු අතකින් ගුටි කන්න වාසනාවක්..
ඔන්න එහෙනම් අපෙ ලොක්කත් ගුටි කෑවා ඈ..ඒකනි කියන්නි කොයි ලොක්කත් ගෑනිට බයයි කියලා
ඕකනි මචන් අපි කෙල්ලන්ට සිරා නැත්තෙ කාටද පුලුවන් ඔහොම ගුටි කන්න..
උසුලු විසිලු විසිල් පාරවල් හිනා හඩවල් මැද පබා ගුටි කකා හිනා වෙනවා..ආව කේන්තියට මෙහෙම ගහලා මදි බිම දාගෙන දෙන්න ඕනී…
අනෙ අම්මි ගහලා ඉවරද..දැන් ඇති..
හ්ම්ම් ගහන්න නෙමි..මරන්න ඕනී..ඔහොමත් බය කරනවද..මේ බලනවා තාමත් පපුව ගැහෙනවා..
හූ හූ..
ශ් ශ් ඔන්න නවත්තහන් කච කකච සුදු ආප්පෙ පුපුරනවා..වෑන් එකත් එක්ක පුපුරයි..හරි සොරි සුදු අම්මි..සෝ සොරි..
සොරි සොරි තමයි මන් කොච්චර බය උනාද…
හරි බබි..සොරි
අනෙ අපෙ ලොක්කට සමාව දෙන්ඩෝ…
මෙයාලගෙ විහිලු නිසා මගෙ කේන්තිය නිවුනා..ඒත් මන් කොච්චර බය උනාද…
එයා මගෙ අතින් අල්ල ගත්තා..මන් ඈතින් පේන පාර දිහා බලන් ඔරෝගෙන හිටියා
මැනික
ඇයි
සොරි
හුම්
තරහද
හ්ම්ම්
යාලු වෙන්නකො ..
බෑ
ඇයි
බහින්න ඕනි
ඇත්තමද
ඔඅ
හ්ම්ම්..ඔය ඉස්සරහා හෝල්ට් එකෙන් නවත්තපන්..
අයියො මෙයා ඇත්තටම මාව බස්සන්නද යන්නෙ..කියන්නත්බෑ ඒ තරම් නපුරා
බහිනවා ඉතිම්
බෑ
බහින්නයි කීවෙ
බෑ..
හුම්එහෙනම් ඉන්නවා
මමත් එයාගෙ අතින් අල්ලගත්තා..ඒත් මන් තාම දන්නෙ නෑ අපි කොහිද යන්නෙ කියලා…
නිසිත
ම්ම්
කොහිද මෙ අපි යන්නෙ
පොඩි ගමනක්..යන්කො කට වහන්…
හුම්
අපායට හරි යනවා කියලා හිතන් මන් ඒ උරහිසට ඔලුව තියාගත්තා..
ටිකෙන් ටික කොලබ පීඩාකාරි ගීශ්ම හුලන් ඈතට ගිහින් ඇගට පුරුදු මුහුදු හුලන් වදින බවක් දැනුනා…
බබා නිදිද බහින්න…
අපි ඇවිත් තිබුනෙ ගෝල්ෆේස් එකට..පබාගෙ අතින් අල්ලන් මන් එයත් එක්කම ඉස්සරහට ගියා..මේ මගෙ සුපුරුදු පරිසරෙ..අපෙ ගමෙ ගෙදර ඉදලත් වැල්ලට තියෙන්නෙ චූටි දුරයි..ඒ හුලග වගේම මුහුදු හුලනුත් මාව ආදරෙන් වැලද ගත්තා..
වෑන් එකෙන් බැස්ස පබාගෙ යාලූවො ටික එක එක දේවල් එලියට අරන් බැස්සා..තවමත් තේරූමක් නෑ වෙන්නි මොනාද කියලා..ඒත් මොකක්දො ලොකු හොර වැඩක්..යාලූවො ඒවා ටික උස්සන් ගෝල්ෆේස් එකෙ තනකොල පිට්ටනියට දිව්වා..එතකන් මායි එයයි පාර අයිනෙ තියෙන පොල් ගස් පේලීයෙ සිමෙන්ති පඩියක ඉදන් එක එක විදියට් සෙල්ෆි ගත්තා..
නිසිත කියන්නකො චුට්ටක් මොකද වෙන්නි කියලා
ඉන්නවා ටිකක් මෝඩි පුදුම හදිස්සියක් තියෙන්නෙ..
ලොක්කා හරි
එන්න බබා..
වාව් ලස්සන කේක් එකක්..මෙයාලා නියමයි නෙ..කට්ලට්,පැටිස් ,සැන්විච් බීම ,එහෙම තියලා ලස්සනට ඇරෙන්ජ් කරලා..
හරි රයිට් මචන් මෙන්න පිහිය
හෑ මන්න පිහියක්..
පබා එක අතකින් මගෙ අතින් අල්ලම් අනිත් අතින් කේක් එක මන්නෙන් කැපුවා..ඔහ් දෙයියනි ඒ කිය්න්නි අද අද එයාගෙ උපන් දිනෙ..
මෙච්චර ආදරෙ කරලත් එයාගෙ උපන් දිනෙ මන් නොදන්න හැටි..අනෙ මන් නම්..
මුල්ම කේක් කෑල්ල මට කැව්වෙ..එතකොට මට ඇඩුනා..
ඇයි බබා
මට මට සමාවෙන්න මන් අද දවස් ගැන මුකුත්ම දැනන් උන්නෙ නෑහ්..
අයියො මෝඩි මුහුදෙ වතුර මදි කියලද හොටු පෙරන්න ගත්තෙ..යන්තම් වත් ලස්සනට තියෙන මූන කැත වෙනවා තවත්..බබා දැනගන්න මන් බබාට කීවෙත් නෑනී…
අනෙ ඒත්..මට දෙන්න දෙයක් වත් නෑ
ඔයා දීලා තියෙන්නෙ මට් ලස්අන ආදරයක්..මේ ලැබිලා තියෙන්නෙ නපුරු මූනක් තියෙන ලස්සන ආඩම්බරකාරීයක්..සුදු ආප්පයක් මට ඒ හොදටම ඇති..
මුන් තමයි ඕන කීවෙ මෙහෙම කරන්න..රෑට කොහොමත් මුන්ට පාටි..ඒත් රෑට බබීව ගේන්න බෑනෙ බොන පාට්ලා එක්ක..ඒකයි..පොඩ්ඩක් බය කලාට සොරි..ඕන උනෙ සුදු මැනික එක්ක අද ඉන්න..මගෙ යාලූ ෆිට්ලායි මගෙ ගෑනු යාලූවයි ..සුදු අම්මි මගෙ
මන් ඒ ඇස් වල ආදරෙ දරා ගන්න බැරුව ඇස් බිමට හරෝගත්තා..මන් එක්කම ජීවත් වෙන්න පෙරුම් පුරන මගෙ මහත්තයගෙ උපන් දිනෙ මන් දන්නෙ නෑ..මට මන් ගැනම ලැජ්ජයි..දෙන්න දේකුත් නෑ..
කකුලෙ ඇගිලි තුඩින් ඉස්සිලා ඒ බෝල මූන්ට හාදු දුන්නා..
කට්ටිය ඉන්නවා කියලා මතක් වුනෙ විසිල් පාරක් ගිය නිසයි..
තැන්කු සුදු අම්මි මගෙ ජීවීතෙ මට ලැබුනු වටිනාම බර්ත් ඩේ ගිෆ්ට් එක…
එදා දවස පුදුම සැහැල්ලුවෙන් ගෙවිලා ගියෙ..
අපි කට්ටිය බඩ පිරෙන්න කෑම කෑවා..නිවාඩු දවසක් නිසා ගෝල්ෆේස් එකෙ උදෙ ඉදන්ම සෙනග අද ඉස්සො වඩෙ කඩ එහෙමත් ඇරලා..
අපි ඇති වෙනකම් රැල්ල පෑගුවා..කට්ටිය එකතු වෙලා රැල්ලෙ මාලීගා හැදුවා..
මන් අපි දෙන්නගෙ නම් වැල්ලෙ සටහන් කලා..
පොඩි ඈයො වගෙ තනකොල පිට්ටනිය වටෙ දීවා..සරුන්ගල් යැව්වා..තරගෙට..
හොදටම හෙම්බත් වෙනකම් බීච් එකෙ උන්නු අපි ආයෙ එද්දි රෑ හතත් විතර .ඒ එනකොට හොද ගනන්..
පබා වගෙම එයාගෙ යාලුවොත් ගොඩක් හොදයි කියලා මන් තේරුම් ගත්තා..ටයි කෝට් දාලා සිල් ගත්තු උපාසකයො වගෙ ඉන්න කොල්ලන්ට වඩා ඔහෙන් මෙහෙන් අන්ඩ ඩාපු කොන්ඩෙ ඔහෙ කලර් කරන් දවසම රස්තියාදු ගහන මේ කොල්ලො ටිකගෙ තියෙන මනුස්සකම ,මිතුරුකම අද මට තේරුනා..
රස්තියාදුකාරයා,අන්ඩපාලායා,කාඩයා කියලා ලේබල් ගහලා තියෙන මේ තුරුනු සිත් ඇත්තටම කොච්ච්‍ර හොදද කියලා දැනුනා..
එන මග දිගට විහිලු කතා කිය කිය අපි හොදට හිනා උනා..ඔක්කොම කොල්ලො මන් එක්ක එකතු වෙලා පබාව චාටර් කලා..එයත් බොරුවට තරහක් පෙන්නුවත් ඒ මූනෙ තිබ්බ සැහැල්ලු බව මට දැනුනා
සුදු අම්මි
ම්ම්
ඔයාගෙ බර්ත් ඩේ එක කවද්ද
ම්ම්
ම්ම් ගාන්නෙ
කෙල්ලොන්ගෙන් වයස අහන්න හොද නෑ
ඉතින් මැට්ටියෙ වයස ඇහුවද .උපන් දිනෙ ඇහුවෙ..අනික මන් දන්නවා ආච්චිට දැන් හැටත් පැනලා අවුරුදු ගානක් කියලා..
අනෙ යනවා යන්න
හරි යනවා තමයි කියනවකො
සෙප්ටෙම්බර් නයින්..
හෑ..මොකක්..මට ඉන්ගිරිසි බෑ..
බොරු එපා
බොරු නෙමි..හරි ඒක තමයි ඔච්චර නපුරු..මගෙ නපුරි..මොනාද ඕනි එදාට
ම්ම් ඉල්ලන ඕනි දෙයක් දෙනවද
හ්ම්ම් ඔව්
එහෙනම් හෙට ඉදලා සේරම නවත්තලා එක්සෑම් වලට මහන්සි වෙන්න..ඒ ගමන් ජොබ් එකක් කරන්න..ජීවිතෙ ඉහලටම ගිහින් මට පෙන්නන්න..මගෙ මෝඩ මැටි පබා දිනලා පෙන්නන්න
අම්බො ..
ඇයි
මාර ගිෆ්ට් එකක් නෙ
ඔව් ඒක විතරයි මට ඕනි..හරිද
කතාවෙන් කතව අපි ස්කීම් එකට ඇවිත්..මාව බස්සපු කට්ටිය ආයෙම ගියෙ එයාලගෙ බොන පාටිය ගන්න..
හුම් මැට්ටො හැපි බර්ත් ඩෙ..කවදාහරි ඔයා දිනනවා..ඔයා දිනාවි..ඔයා වෙනුවෙන් නොවුනත් මන් ඔයාට දුන්නු ආදරෙ වෙනුවෙන්..විස්වාසයි ඔයාව…ආදරෙයි ගොඩක් මගෙ පබා ගොයියට..
–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *