28
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ
****28 වන දිගහැරුම****
දැහැම්ගේ පියාගේ අවසන් කටයුතු සියල්ල නිමවීමෙන් පසු භානුක ඔහුගේ මවද සමගින් ආපසු කොළඹ බලා පිටත් වූයේ යලි හත් දවසේ දානායට සහභාගී වීමේ අරමුණින්…
භානුක ඒ වෙනකොටත් තෙදිනක නිවාඩු අනුමත කර ගත් බැවින් ඔහුට අකමැත්තෙන් වුවත් දැහැම්ව නිවසේ තනි කර කොළඹට යාමට සිදුවුනා……..
දැහැම් තවමත් පියාගේ වෙන්ව යෑමේ සොවින් පසු වූ අතර අනූපමාද ඇගේ තනියට නිවසේ නතර වී සිටියා….
භානුක කොළඹ යාමට සැරසී දැහැම් සොයා ඇගේ කාමරය වෙත ඇවිද ගියා…අනූපමා ඒත් එක්කම භානුකට ඉඩදී කාමරයෙන් පිටව යන්නට වුනා….
දැහැම්……මැණික….මෙහෙ බලන්නකෝ…..
භානුක ඈ අසලින් වාඩි ගනිමින්ම ඇගේ ශෝකයෙන් මැල වී තිබූ මුහුණ දෙස බලා කතා කරන්නට විය….
දැහැම් සිටියේ ඒ වෙනකොටත් කියා ගත නොහැකි තරම් වේදනාවකින්….ඇගේ දෑසේ කදුළු අළුත් වී කම්මුල් දිගේ ගලා යන්නට වූයේ ඇසිල්ලකින්…….
පියාගේ වෙන්වීම දරා ගන්නට වෙර දරන ඇයට භානුකගේ දින කීපයක වෙන්ව යාම නිසා තවත් වේදනාවක් එක් වුනා….
ඇය සුසුම් පා කරමින් දෑස් බිමට නැඹුරු කරගෙනම පසුවන්නට වූයේ ඇගේ වේදනාව භානුකට පෙන්වීමට අකමැති නිසාවෙන්….
භානුක එක්වරම ඇගේ හේබාවී ගිය මුහුණ දෝතින්ම ගෙන ඒ දෙස බලා සිටියේ වදනින් කිව නොහැකි තරම් පෙම්වත් දෑසකින්……
ඇයි මගේ පණ මේ……..ඔයා ඔහොම ඉන්නකොට මට මොකද වෙන්නේ කියලා හිතුවේ නැද්ද…..පුළුවන් කමකට ඔයාව තනිකරලා යනවා නෙවෙයි මැණික…..මට නිවාඩු නෑ ….අනිත් එක මේ ප්‍රශ්න ටිකක් අඩු වුනාම මං ඉක්මණින්ම ඔයාව මගේ ලගට ගන්නවා…එතකල් තව පොඩ්ඩක් ඉවසන්න…ඔයා හොදටම දන්නවා මට ඔයාගේ කදුළු බලන්න බෑ කියලා දරුවෝ….ඉතින් අඩන්න එපා….
භානුක ඇගිලි තුඩු අගින් සියුම්ව ඇගේ කදුළු පිස ඇයව පපුවට ඇද ගන්නට වුනා……
දැහැම් භානුකගේ පපුවෙන් එන රස්නය විද ගත්තේ අපූරුවට දෑස් පියාගෙනයි……..
මං අඩන්නේ නෑ භානුක…ඔයා යන්න….මං ඉන්නේ තාමත් තාත්තගේ මතකෙත් එක්ක….ඒකයි මට හිත හදා ගන්න බැරි…….
දැහැම් භානුකගේ පපුව මත හිස රදවාගෙනම පැවසුවා….
ඔයා ගොඩාක් කෙට්ටු වෙලා…පහු ගිය දවස් ටිකේම හර් හැටි කෑමක් බීමක් නෑ…එහෙන් හොද හැටි අඩලා බලන්න දැන් ඇගේ හැටි…මම ඔයාට ඕන හැම දේම ගෙනත් දැම්මා….හොදට කන්න බොන්න ඕනි මීට පස්සේ…මම අනූ නංගිට කියලා තියෙන්නේ හරිද………මං ගැනත් හිතන්න දැහැම්…
භානුක සුසුමක් පිටකර පැවසුවා…..
මට සැරෙන් සැරේ කෝල් කරන්න හරිද…..
එවර දැහැම් හුරතල් හඩින් පැවසීය….
හරි හරි දරුවෝ…මම කොලඹ ගියාට ඔයාගේ හිත අරගෙනයි යන්නේ…ඒක කොයි වෙලෙත් මෙතන තියෙනවා ….මම එනකල් මගේ කෙල්ල පරිස්සමින් ඉන්න ඕන තේරුනාද…..
භානුක ඇගේ නලලට වැටී තිබුනු කෙස් රොදක් කන පිටු පසට කරමින් පැවසුවේ බොහෝ ආදරනීය ලෙසිනි…….
ඒ දවස් දෙකට මතක් වෙන්නවත් මට මොකුත් දෙන්නේ නැද්ද ළමයා……
ම්ම්ම්ම්…..මොනවද……
දැහැම් හොර සිනාවක් නගා පැවසීය….
ආ….දන්නෙම නෑ නේද…ඉන්නවකෝ කොළඹ ගිහාම අල්ල ගන්න….භානුක ඇගේ නළල මතට දීර්ඝ හාදුවක් ඇතිරුවා….
දැහැම් භානුකගේ මුහුණ දෝතට ගෙන ඔහුගේ කොපුලක් සිප ගන්නට විය…..
ඒ අවසරයෙන් භානුක ඇගේ දෙතොල් වලට බර වී දිගු වේලාවක් සිප ගන්නට වුනේ දැහැමිව ඔහුගේ වතට වාරු කර ගන්නා අතරේය….
භානුක වෙතින් ඉවත් වූ දැහැම් ඔහු දෙස නොරිස්සුමෙන් බලා සිටින්නට විය…
හරි නරකයි…ඒක නම් රිදුනා…..
ඇය සෙමින් මිමිනුවා…
ම්ම්ම්…මට නම් ඉතින් මදි…ඒත් කෙල්ල මෙහෙ දාලා ගිහාම මතක් වෙන්නවත් දෙයක් තියෙන්න එපායෑ…
ඔහු පියකරු සිනාවක් නගා පැවසීය….
එහෙනම් මම යනවා මැනික…යමු අපි එළියට අම්මා බලන් ඉන්නවා…
භානුක නැගිට ගන්නට විය….
ඒ අනුව නැගී සිටි දැහැම් භානුකගේ ඉදිරියට විත් ඔහුගේ දෙපතුල් අල්ලා වැද වැටී සිටියා…
භානුකට ඇය කෙරේ දැනුනේ අපරිමිත සෙනෙහසක්….ඔහු ඇගේ උරිස් පත් වලින් අල්වා නැගිටවාගෙන නැවත වරක් ඇගේ නලලත ආදරයෙන් සිප ගත්තේ දෑසට කදුළු ඉනූ අතරේයි…..
මේ බලන්න මැණික…ඔයා දන්නවද…මිනිහෙක් තමුන්ගේ බිරිදට කකුල් අල්ලගෙන වැද වැටිලා සේවිකාවක් වෙන්න කියන්නේ නෑ….ඒත් මෙහෙම ආදරෙන් එයාගේ ආදරවන්තයා ඉදිරියේ එයාට වදිනකොට කියලා නිමකරන්න බැරි තරම් ගෞරවයක් ආදරයක් දැනෙනවා එයාගෙ ආදරවන්තිය වෙනුවෙන්…මේ ලෝකේ එයා විතරයි එහෙම කරන්නේ මාව විශේෂ වෙන්නේ කියලා හිතෙනවා….ඔයාගේ ඒ ගති ගුණ වලට මම තවත් ආදරෙයි….
භානුක හැගීම් බරව පවසා දැහැම් දෙස බලා සිටින්නට වුනා….
ඔව් භානුක මට දැන් ඔයාගේ ආදරේ ඉස්සරටත් වඩා ඕනි…ඔයාට පුළුවන් විදියට මාව බලා ගන්න…ඔයාට මගේ තාත්තට සමාන වෙන්න බැරි වෙයි…ඒත් ඒ අඩුව මට දැනෙන්න නොදී ආදරෙ රැකවරණය දෙන්න පුළුවන්…ඒක මට විශ්වාසයි…
දැහැම් භානුකගේ අතින් අල්ලාගෙනම කාමරයෙන් පිටව යන අතරේ පැවසීය…..
මම පොරොන්දු වෙනවා මැණික…..
භානුක ස්ථීර හඩින් පැවසීය….
දැහැම් භානුකගේ මවටද දන නමා වැද ඔවුන් කාරයට ගොඩ වන දෙස කදුළු පිරි දෑසින් බලා සිටින්නට විය…….
භානුක රැගත් කාරය පිටව ගිය පසු නිවසේ කිව නොහැකි තරම් මූසල පාලුවක් වෙලා ගත් බව දැහැමිට දැනෙන්නට විය…..
ඇගේ මව තවම ඇදට වී නිසොල්මනේ පසු වූ අතර සොහොයුරා වේදනාව සගවා සියළු කටයුතු සොයා බලා කරන්නට වුනේ දැහැම් හා මව හැරුණු කොට නිවසේ වගකීම් දැරීමට තමා හැර අන් අයෙක් නොමැති නිසාය…
***************************************
අනූපමා සොයා ගිය දැහැම් සවස් වරුවේ ඇය සමගින් අශේන් ගේ මව බැලීමට ඇගේ නිවසට යාමට ඇවසි බව පැවසුවාය…
අනූපමාද දැහැම්ට එකග වීමෙන් පසුව ඔවුන් දෙදෙනා එක්වී නැවත නිවස පිළිවෙලකට අතු පතු ගා අසුරන්නට වූවෝය…
##නැවත හමුවෙනතුරාවට##
සමාවෙන්න යාළුවනේ කතාව පරක්කු කරන්න වුනාට…අදත් ලියා ගන්න පුළුවන් උනේ පොඩ්ඩයි….ඔයාලා බලන් ඉන්න නිසා මේ ටික හරි මම ටයිප් කලේ…හෙට දිග කොටසක් දෙන්නම්…
ආදරෙයි හැමෝටම