29

අචින්තයී අපේ ආදරේ
29
ගෙවී ගොසින්
අදුරු කාලයක්..
ඔබ මා වෙන් කරමින්..
අද යලි හිරු පායා
ඔබ සිනා වේවී
මා ලගින්..
ම්ම් ඔන්න හරී…
සති දෙකක දුක්බර කාලයක් මෙහෙමෙ නිමා වුනා..අද මන් එයා බලන්න යනවා…නෑ අද එයා මාව බලන්න එනවා…
එයාටත් මටත් මේම ටිකක් ඈත් වෙන්න උනෙ දෙන්නටම එක්සෑම් වැටුනු නිසයි…මන් මයි ඒ තීරනෙ ගත්තෙ ..මොකද නැත්තම්.මැට්ටා පාඩම් කරන්නෙ නැති නිසා..
මෙ එයාට ලැබුනු අන්තිම අවස්තාව ජීවීතෙ ඉස්සරහට යන්න..ඉතින් ඒක මන් නිසා පස්සට කල් යන්න බෑ..ඒ නිසාමයි මන් එක්සෑම් ඉවර වෙනකම් හම්බෙන්නවත් කතා කරන්නෙ වත් නැතුව ඉමු කීවෙ..ඉතින් මගෙ මැට්ටා හොදට එක්සෑම් කලා කියලා මන් විස්වාස කරනවා..
අද හිත කලබලයි..හුග දවසකින් ඒ ඇස් ඉස්සරහට යන්නෙ..ම්ම් මැට්ටා බබා වෙනස් වෙලාද දන්නෙ නෑ..සමහර දාට ග්‍ර්වුන්ඩ් එකෙ එයා ඉන්නවා කියලා දැනුනා..හිත කීවෙම බලපන් බලපන් කියලා ඒත් මන් ගියාම ඒ හිත ආයෙම වෙනස් කරන් මන් දිහාම බලන් ඉදියි..
මගෙ මතකය,මාව බලන්න තියෙන උවමනාව,මට වෙච්චි පොරොන්දු ඒවා නිසා එයා පාඩම් කරන බව මගෙ හිත හැම වෙලේම විස්වාස කරනවා..කලා..ම්ම් ඉතින් ඒ කතා ඇති..
මොකක්ද මන් අද අදින්නෙ…කල්පනා කරලා කරලා අන්තිමට එකක්ක් තෝර ගත්තා.
මතකයි දවසක් මේක ඇදගෙන මන් එයාට පොටෝ එකක් යැව්වා..කලු පාට අත් දිග ටී ශර්ට් එකට රෝස,නිල්,කලු මික්ස් වුනු ලෙගින් එක…කොන්ඩෙ මුදුනට කරලා බැන්දා…මේ ටිකේ පාඩම් කරන්නම වෙහෙසුනු නිසා ඇස් යට ටිකක් කලු වෙලා…චුට්ටක් මහතුත් වෙලාද මන්දා..ම්ම් හරි..
මැට්ටා ආසම කෑමක් හැදුවා..හී හී මහා ලොකු දෙයක් නෙමි..සමපෝශ..ලොකු පැකට් එකක්ම අරන් හැදුව..මගෙ චූටි පබා බබාගෙ ආසම කෑම..ඒකත් ලස්සනට ඔතාගෙන ඇනෙක්ස් එකෙන් එලියට ආවා..
අපි දෙන්නගෙ ආදර කතාව ස්කීම් එකෙ අයට රහසක් නෙමි..සුමනාඅම්මත් අවුලක් නෑ..ම්ම්
එයා එනකම් මන් ස්කීම් එක ඉස්සරහා හිටගෙන උන්නා..එතන තිබ්බ පුන්චි බුදු මැදුරට ගිහින් පුන්චි පාර්තනාවක් කලා…
බුදු සාදු පබාගෙ ජීවීතේට හොදක්ම වෙන්න ඕනි..එයා ජීවිතෙ ජයගන්න ඕනී..හැමදාම හිනා වෙලා ඉන්න ඕනි සතුටින්..
මොන හේතුවකටද මන්දා..මන් මෙහෙමත් පාර්තනා කරා ඇස් පියාගෙන..
අනෙ අපෙ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා බුදු සාදු..මට ඕනි එකම දෙ එයාගෙ සැහැල්ලු හිනාව,ඒ ජීවිතෙ හැමදාම එයත් එක්ක රැදෙන්න..මන් උන්නත් නැතත්..
අහ් මොනාද මේ මන් හිතන්නෙ පිස්සු පිස්සු මට..
බුදුන් වැදලා අනිත් පැත්ත හැරෙද්දි ඇස් දෙකක් මගෙ පැත්තට යොමු වෙලා කියලා දැක්කා..කාලෙකින් දැක්ක මේ රුව කාගෙද…ම්ම්ම්
දැක්ක ගමන් මට බකස් ගාලා හිනා ගියා..හික්ස් මැට්ටා රැවුල කපලා..ආයෙම ස්කූල් යවන්න පුලුවන් නෑ නෑ මොට්ටසෝරී
මොකද මෝඩියෙ බක බක ගාන්නෙ..
ඒත් මට හිනාව නවත්ත ගන්න බෑ
හී ඔ ඔයා මරු
ඇයි මොකෝ
එයා ටීශ්හර්ට් එක ඩෙනිම එහෙම අත ගාලා බැලුවා මුකුත් අවුලක් තියේද කියලා..
නෑ නෑ යන්..
මන් ඒ අතෙන් හෙල්මට් එක උදුර ගත්තා..කියන්නත් කලින් ගියා බයික් එක ලගට..බොහොම අමාරුවෙන් තොල් පට විකන් හිනාව නවත්තන් උන්නෙ..හී කොල්ලො රැවුල ඔක්කොම කැපුවම මන්දමානසික පාට ඇයි අයියෝ..හී හී..
එයා උඩ බිම බල බල බයික් එකට නැගලා ඒක ස්‍ටාර්ට් කලා..
මැට්ටි කියනවා හිනා වෙන්න හේතුව
මුකුත් නෑ යන්කො
මුකුත් නැට්තෙ නැ කියනවා හිනාවෙන්න හේතුව
මන් අත දිගෑරලා එයාට සයිට් කන්නාඩිය පෙන්නුවා..සයිට් කන්නාඩියෙන් පේන එයාගෙ මූන වටෙ ඇදලා පෙන්නුවා..
අහ් මෝඩි මරනවා මන්..
ඇයීඊඊඉ
ඇයි කියන්නෙ මැට්ටි බලන්න ඕන නිසා රැවුල කැපුවම මේකි එනවා මට හිනා වෙන්න…
ඉතින් හිනා යනවනි..හි
ඉන්නවකො අද මරනවා මන්
ම්ම්
ම්ම් නෙමි මරනවා
හ්ම්ම් ඔයා හැම තිස්සෙම කියනවා ඕක කවදාහරි මරයි හ්ම්ම්..
මරනවා තමයි මට නැති උනොත්..කියනව කොහිද යන්නෙ..
ම්ම්ම් යන්නෙ නේද..යම් අපි අපායට
හේ හේ මැට්ටි මාව අපායෙන් ගන්නෙ නෑහ්..මැට්ටිව තමයි ගන්නෙ
මාව
නැතුව..
මේ සති දෙකට ආවෙ නෑ මන් බලන්න..කෝල් නෑ..මෑසේජ් නැ..හිනා නෑ කතා නැස්..මුකුත් නෑ..අසරන පබාගෙ හිත ගත නෙත දුකට පත් කලා..කොච්ච්‍ර මන් බලන් උන්නද..චූටි එව්වද..කෝ ඉතිම්..හුම් පව් පුරෝගත්තා හොදට දැන් ලෑස්ති වෙනවා අපායෙ යන්න
හුම්..
ඇයි
ඔයා ස්වර්ගෙ යන්නකො..මන් අපායට වෙලා ඉන්නම්..
ඒවා කොහිද හිතෙ ඇති යම රජ්ජුරුවො එක්ක යාලු වෙලා ඌවත් පිස්සු වට්ටන්න..මන් මැට්ටි කොහෝ ගියත් එනවා පස්සෙන්..තේරුනාද..මගෙන් ගැලවිල්ලක් නෑ..
හුම් මැටි පබා..
ම්ම් ඔන්න හරි එන්න යන්..
අපි ආවෙ විහාරමහා දේවි පාර්ක් එකට..පොඩි කාලෙ එක පාරක් ස්කෝලෙන් ඈවා..දැන් ලස්සනයි..ආයෙම පුන්චි ලමෙක් වෙලා ඔන්චිලි පදින්න හිතයි..
මොකො මැට්ටි..
ඔන්චිලි..ඒවා පදින්න ඕනි
ඔව තියෙන්නෙ පොඩි එවුන්ට මිසක් හැට පැනපු ආච්චිලට නෙමි
අනෙ කවුද දන්නෙ නෑ ආච්චි..ඔයා තමයි පබා සීයා
මොකක් කීවෙ..දතුත් හැලිච්චි කෙසුත් පැහිච්ච මගෙ සුදු ආප්ප ආච්චි..
හුම් හුම්..මන් වයසට ගිහින් මැරිලා යන්නම්කො..හරි නෙ..චූටි බබා ඉන්නවකො සදා අමරනීය වෙලා..මතක තියා ගන්නවා..මන් වයසට ගියොත් ඔයා වයසට යන්නෙ මට වැඩිය අවුරුදු දෙකකින්..
හා හා මගෙ ආච්චි..මෙන්න මෙහාට එනවා..මෝඩී
අපි බෙන්ච් එකක ඉද ගත්තා..
ඉතින්
ම් ඉතින්
කෝ නැකිටිනවා චුට්ටක්
අර මොකටද
නැකිටිනවකො
හ්ම්ම් හරි
පබා මන් ඉදන් උන්නු තැන අතගෑවා..පිස්සුද මන්දා මේ මෝඩයට..
මෙ බලනවා..මැට්ටි ඉදගත්තට පස්සෙ මෙතන ගිලා බැහලා හයියො
හුම් ඕනි නෑ
මෝඩි හුග දවසකින්නෙ දැක්කෙ ඉතින් ලස්සන බලන්න නැකිටින්න කීවෙ
පබා මාව කරකො කරකො බැලුවා..මමත් මොඩ්ලර් කෙනෙක් වගෙ එයාට එක එක විදියට හැරි හැරි පෙන්නුවා
පිස්සි..ඕන විදියකට මූනෙ හැගීම් හසුරුවන්න දන්නවනි
හී ම්ම් ඉතිම්..බැලුවද ලස්සන
ඔව්..ඔලුවෙ තඩි දෙන්නෙක් බොක්සින් ගහගන්නවා දැක්කා..නියපොතු වල කුනු,එක දතක් බාගෙට මැදලා..මූනෙ පිම්පල් පහයි..එක පැත්තක් ඇදයි..ඇස් වල වපරෙ වැඩි වෙලා..ගොරකා ලෙලි වගෙ තොල්..නහයෙ බක්කන් ගතිය තව්ත් වැඩියි..ලොම් හැලිච්චි වල් බැල්ලියෙක් වගෙ..
හෑ මොනවා…
මන් උඩතොල් හපාගෙන ඇස් හීනි කරලා රැව්වා..මෙ මැට්ටා නම්..
යනවා හුම් ඕනි නෑ..
අනා මගෙ සුඩු තලාවෙන්න එපා මැනිකො ඇහට දැක්ක දෙ කීවෙ
හුම්
තරහද
නෑහ්
මෝඩි ලස්සන වෙලා..හපන්න හිතෙනවා..මැට්ටිව..
ඕනි නෑ
මට ඕනි..කෝ කියනවා මොනාද ගෙනාවෙ මට
මුකුත් නෑ
අපො ඔහොමද ගෑනි මහත්තයට සලකන්නෙ
.මන් ඔයාගෙ ගෑනි වෙන්නෙ නැස්
එහෙනම්..අර කැම්පස් එකෙ ඉන්න එකෙක්ගෙද වෙන්නෙ ආ කියනවා..ඔක්කොම පෙති පෙති ගහලා මරන්නෙ..දැනගන්නවා මේ පබා හොදට හොදයි..නරකට….
එයා මිට මොලෝලා ඒක කියපු විදියට බයට කෙලත් ගිලිනා..
නරකට ඒත් හොදයි මෝඩී..
මෝඩයා
ඉතින් කියන්නකො මොනාද ගෙනාවෙ
අහ් හරි වැඩක්..වෙන කොල්ලොයි කෙල්ලට තෑගි ගේන්නෙ මෙන්න මෙයා මගෙන් තෑගි ඉල්ලනවා..
මන් වෙනස්..මන් කෙල්ලගෙන් තමයි ගන්නෙ
හුම් හුම්..මැට්ටා ආ
ආනෙ මොනාද..වාව් නියමයි..ගුලි .ගුලි..සමපෝශ ගුලි..
සමපෝශම තමයි දෙන්න ඕනි මැට්ටට
මැට්ටි මන් ඔක්කොම කනවා දෙන්නෙ නෑ එකක් වත්
පුන්චි එකෙක් වගෙ කන ලස්සන..
ම්ම්ම් මැට්ටියෙ
ම්ම්
දන්නවද අද මට ගොඩක් සතුටුයි
ම්ම් ඒ මොකො
ම්ම් මෝඩියෙක් හම්බුනා..හුග කාලෙකින් දැක්කෙ..ම්ම්
ම්ම් ගාන්නෙ තව හේතුවක් තියෙනවා වගෙ
ම්ම් ඔව්..අද අම්මා එනවා
ම් එහෙමද
හ්ම්ම් ඔව්..මැට්ටි එයා ආවම මන් ඔයා ගැන කියනවා..තාත්තා අහන්නෙ එයා කියන දේ නෙ..
ම් ඉතිම් එයා මට කැමති වෙයිද
ම්ම් දන්නෙ නෑ
අකමැති උනොත්
ම්ම් එහෙම උනොත් නේද
පබා කන එක නවත්තලා කල්පනා කලා
ම්ම් අක්මැති උනොත් මන් මෙහෙම කියන්නම්..
කුමටද සම්මානියෙ කදුලු සලන්නෙ
හේතුව මන් නොදනිම්
හෙට මගෙ වෙඩින් එකෙ
දෙවනි මනාලිට මන් ඔබ අන්දන්නම්..
ඔබ හට මේකප් මන් දාන්නම්..
වෙඩින් පොටෝ එක ලස්සනටම ගන්නම්
ඔයා නම් හොද නෑ..
මන් එයාට ගහපු පාරට එයාට ඉස්පොල්ලෙ ගියා
අම්ම්..ම්..මෝඩි මරනවා මේකි මාව බදින්නත් කලින්ම
ම්ම් සොරි ආ මේක බොන්න
මැට්ටි..
එදාහවස් වෙනකම් එහෙම උන්නු අපි හැන්දෑවෙ පහට විතර ආවා..
අද ගොඩක් හිත පිරිලා..මැට්ටව දැක්කනි..
ඇත්තටම එයාගෙ අම්මා මට කැමති වෙයිද..කල්ප්නා කරලා බැලුවොත් අකමැති වෙන්න හේතුවක් නෑනි..අපෙ දුප්පත්කම හරහට හිටියොත් මිසක්..
එකතු වෙලා තිබුනු ඇදුම් එහෙම හෝදලා රෑට කන්න නූඩ්ල්සුත් හදලා මන් මල්ශලා එනකම් උන්නා..
මල්ශලා එක්කත් හුග දාකින් නිදහසෙ කතා කරන්නෙ..එක්සෑම් නිසා පොතෙ එල්ලිලා උන්නා මිසක් මේ සෙට් එක එක්කත් හරියකට කතා කරන්න ලැබුන්නෑ
ඉස්සරහා සෙටි එකට වෙලා කෝපී බිබි චොක්ලට් කේක් කකා අපි පස් දෙනා සෑහෙන්න වෙලා කතා කර කර උන්නා..
නිරූ අක්කි ඉන්න තැන කොහොමත් පාලුවක් නෑ..කට්ටියගෙ පේම දඩයම්..පේම කතා..අලගිය මුලගිය තැන් කියො කියො ඉදලා රෑ නමය පහු වෙනවත් දැනුන්නෙ නෑ..කතා ටිකෙ ඉතුරු හෙටට කල් දාලා අපි ඩිනර් ගන්න ලෑස්ති උනා විතරයි…
මෙන්න මගෙ බබා අඩනවා..මැටි පබා
හෙලො
මෝඩි ඉක්මනට අපෙ ඇනෙක්ස් එකට එනවා
මෙහෙම
ඔව්
දැන්
ඔව් ඔව් එනවා..
මෙ මැට්ට නම් කන්න දෙන්නෙත් නෑනි..

මන් රෑට අදින පිජාමා කලිසමයි..ලොකු ටීශරට් එකකුයි ඇදලා උන්නෙ..කොන්ඩෙත් කරල් දෙකක් බැදන්..මේ මෝඩයා ඉතින් කීවොත් කීවාමනි ..මෙතනට පැනලා මාව එක්කම් යයි..
මල්ශා මන් පබා ලගෙ ගිහින් එන්නම්
ඇයි මෝඩි කන්නෙ නෑද
ඇවිත් කන්නම්
අහ ඒකීට ඕනි නෑ. අපි කමු
කට්ටිය කියන දේවල් වත් හරියට අහන්නෙ නැතුව මන් පබාලගෙ ඇනෙක්ස් එකට ගියා..
බෙල් එක ගහපු ගමන් පබා දොරකඩින් මතු වුනා
හෑ කවුඩ බොලෙ මෙ සූටි කෙල්ල..
ම් විහිලු එපා අනෙ ඇයි එන්න කීවෙ
ම්ම් එන්නකො
පබාලගෙ මුලු ඇනෙක්ස් එකම රට සුවදයි..තැනක ලොකු බෑග් දෙකක් ..ම්ම් හරි අම්මා ආව කීවනි..
එන්න ඉදගන්නකො..මන් අම්මා එක්කන් එන්නම්..එතකම් මේක කන්න..
පබා මට ලොකු කිට් කැට් චොක්ලට් එකක් අතට දීලා ඇතුලට ගියා..
අද මෙයාගෙ ඔක්කොම ඉන්නවා..ගේ ඇතුල පුදුම රට සුවදයි..සුමනාම්මත් දාගෙන උයනවදකොහිද බැදුම් සුවදක් එන්නෙ..
චොක්ලට් එකෙ හැඩ බල බල ඉන්නකොට පබා ආවා..
අම්මි මෙ සම්මානි….සම්මානි මේ මගෙ අම්මි…
පබාගෙ අම්මව දැකලා මට ඉබේම පුටුවෙන් නැගිටුනා..
–මතු සම්බන්දයි—- 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *