30 වන දිගහැරුම
චිනු හිමින් හිමින් ඇස් අරිද්දී කෙල්ලට සිතුවමක් වගේ මැවෙන්න ගත්තේ පෙරදින රැයේදී ගෙවුනු සුන්දර රාත්‍රියේ මතක සටහන් ය….
කෙල්ලෙක්ගේ ජීවිතේ වටිනම රාත්‍රිය තමා ආදරය කරන්නවූ ආදරණීය මිනිසෙකු හා ගෙවීමට ලැබීම කෙතරම් භාග්‍යක්දැයි කෙල්ල සිතුවේ තමා ගැන උපන් සතුටකිනි…
කෙල්ල එයට පින් දුන්නේ සත්‍යවශයෙන්ම තම පියාණන්ටයි ……
ඇස් දෙක ඇරපු කෙල්ලට දනුනේ සොනුගේ නිරුවත් පපුතුරේ උනුහුම…පිටුපසින් දෑතම දමා තමාව වැලදගෙන ඔහු තවමත් සුව නින්දක….කෙල්ල එහෙම්ම ඔහු දෙසට හැරී එසවී ඒ නලල මත උනුසුම් හාදුවක් සටහන් කළා……
ජීවිතය වනාහී ප්‍රශ්න පත්තරයක් බව කෙල්ල නොදන්නවා නොවේ.. ….නමුත් ඒවාට අදාල වෙලාවට මුහුණ දෙනවා මිස ඒව හිසමත පටවාගෙන ජීවිතය විදවන්නට කෙල්ල කැමති නෑ වාගේම දැන් සෝනුද අනුගමනය කරන්නේ ඒ පිලිවෙතයි…..
කිසිවක් සිතේ සිරකර තබා නොගෙන එන ප්‍රෂ්ණ ගැට්ළු හෝ වේවා..දෙදෙනා ගැන දෙදෙනාගේ හිතේ ඇතිවන සැක සංකා හෝ වේවා කතිකා කොට විසදගන්නට දෙදෙනාම තීරණය කොට හමාරයි….
ඒ අතින් සෙනේශ් චෙනායා යනු ජීවිතය පටන් ගද්දීම අවබෝධයෙන් ආරම්භ කල යුවලකි….
ඉදින් ප්‍රශ්න ගැටලු හෝ වෙන යම් යම් බාහිර බලපෑම් හෝ වේවා විසද ගන්නට ඔවුන්ට පහසුවෙන් හැකිවනු ඇත…එයයි බොහෝ අය විදවන ජීවිතය විදින්නට හැකි එකම මග….
පුරා සතියක් පමණ විනෝදයෙන් ඇවිදිමින් කාලය ගත කෙරූ සෝනූ චිනූ යුවල නැවත මව් රට බලා ආවේ ඉමහත් සතුටින්…..
අම්මලා තාත්තාලාගෙන් ඉක්මනින් එන පොරොන්දු ගෙන ආවේ කොහොමතත් ඒමට වැඩ සලසනවායැයි පවසමින්…
ඒ වාගේම ඒ උන් කාලය තුල චන්දු සහ සෙව්මිනී යුවල තම තමන් ගැන හොදටම නැතත් සාමාන්‍ය අවබෝධයක් ලබා විවාහා වී එකට දිවිය අරඹන්නට තීරණය කර තිබුණහ….
ඒ වාගේම රදීශ්….රදීශ් පොඩියට ව්‍යාපාරයක් කරන් ගියේ සෙනේශ්ගේ ව්‍යාපාර වලට අනුබද්ධවයි…….නමුත් ඒවා සෝනු අවලංගු කර දැමූ නිසා රදිශ්ගේ ව්‍යාපාර බිද වැටිණ…ඒ හේතුවෙන් මේ වන විට රදීහ් ලංකාව අතැර විදේශගතව සිටියා…
සෝනූ චිනූ ආදරණීය ව තම දින ගතකලේ මහත් සතුටින්…
“ඒයි ගොනෝ…..ලීලම්ම ගමේ ගියානේ…..”
චිනූ කියන්නේ ලැප් එකට මුහුණ ඔබන් හිටි සෝනූගේ පිටුපසින් ගොස් ගෙල වැලද ගනිමින්….ඔහු උන්නේ වැඩක රැදෙමින් කාර්යාලීය….
“ඔව් ඉතිම්…..”
“ඉතිම්න් කියන්නේ….කන්නේ කෝමද?”
“ආ උයනවා ගිහින්…..දැන් ඉතින් මම වෙනුවෙන් හැමදේම මගේ නෝනා කරන එකේ උයන එකත් කරනවකෝ…..”
“අපෝ මෝඩ දිගංචියා මගෙන් වැඩක් ගන්නමයි බලන් ඉන්නේ……”
කෙල කියන්නෙ විහිලුවට කොල්ලාගෙ හිසකෙස් අවුල් කරමින් ඔහුගේ රැවුල් ගස්වලින් සියුම්ව අදිමින්….
“අනේ ඉන්න දීපන් ගොන් වස්සීයේ….මේකි එක්ක නාකි වෙනකම් හිටොයොත් දෙයියනේ කියලා මගේ කෙස් ගහක්වත් ඉතුරු වෙන එකක්නම් නෑ……”
“හ්ම්….ඔව් ඔව්…….”
“හැමදාම වැඩක් කරන්න ආවොත් මේක වදුරෙක් වගේ පිටේ එල්ලෙනවානේ අම්මාපා….අර අන්කල් මේකව අවුරුදු 22න්ම මගෙ කරේ ගැහුවේ ඕක තමයි…..”
“අර්ර්ර්ර්ර්ර්….බූරුවා…….අනේ සත්තලන් යන්කෝ මොනාහරි හදාගන්න…..”
“අපෝ යම යම…..”
කරන වැඩේ පැත්තකින් තිබ්බ සෝනු තමාට කරදර කරමින් උන කෙල්ලව එකවරම හරහට ඔසව ගත්තා….
කෙල්ලත් ඉති සැපෙන් ඒ ගෙලවටා අත් යවලා බෙල්ල අස්සෙ මූන හංග ගත්තේ ඇයට හැමදාම පුරුදු ආසම විදියටමයි….
දෙන්නත් එක්ක්ම ගිහින් උදේට කන්න හදන්නයි හැදුවේ……ලෝකුවට දෙයක් හැදුවේ නැති දෙන්නා සැන්විච් හදලා පපායා ජූස් දෙකක් හදාගත්තා…….
“බබා……මට ටී එකක් හදලා දෙන්නකෝ…..”
සෝනු ජූස් නෝබී තේ ඉල්ලූ නිසා කෙල්ල එය හදනට ගද්දී පිටි සූවද ඈට අප්‍රිය හිතුනා….කැරකිල්ලක් වගේ එන්න ආව නිසා කෙල්ල එහෙම්ම මුළුතැන්ගෙයි මේසයට බර උනා…..
සෝනු මේ වෙනස දාක්කා..
“සූදූ මොකද උනේ…බබා කතා කරන්නකෝ…”
චිනූ ලගට දුවන්න් ආව කොල්ලා ඇහුවේ කලබලෙන්න්…..
“මන්දා අයියේ…..පිටි ඊක්කා…මට ගදයි….ඒකට කැරකිල්ල වගේ….”
කෙල්ලට ඒක කියන්න විතරයි හම්බ උනේ සෝනුගේ ඇගටම වමනේ කරන්න උනේ ඒක නවත්ත ගන්න බැරි උනු නිසයි….
“අනේ අයියේ සොරී….මම දන්නේ නෑ මොනා උනාද කියලා…..”
කෙල්ල අමාරුවෙන් කියන්නේ සෝනුගේ අතක් අපහසුවෙන් අල්ලන්…උදේට කාලත් නැතුව යන්න දේකුත් නැතුව වමනේ යන නිසා කෙල්ල උන්නේ අපහසුවෙන්….
“පිස්සී සමාව ඉල්ලන්නේ…මට මේ පිස්සූ වගේ…..”
එහෙම කියපු සෝනූ කෙල්ලව දැතින්ම ඔසවගෙන බාතෲම් එකට අරන්ගිහින් ටිකාක් ඉක්මන්ට පිරිසිදු කරලා පවුලේ වෛද්‍යවරියට එන ලෙස දැනුම් දුන්නා…
ඒ එනතුරු කෙල්ල උන්නේ සයනයේ වැතිරී….සෝනු කෙල්ල ළගින්ම උන්න අතක් අල්ලන් හිස අතගාමින්….
චිනූ ඔහුගේ අත ඇය ඇද උන් ටී ෂර්ට් එක මදක් ඔසවා ඇගේ නිරුවත් කුසට තබාගත්තා….
“අයියේ…..”
“අමාරුද මැනික….”
“ම්හ්……..මම හිතන්නේ එයා ඉන්නෝ මම ළග…..”
කෙල්ල කුසට තම අත තබන් කියද්දී කොල්ලාට ඒක තෙරුනේ…..
“ඒ කියන්නේ මම තාත්තා කෙනෙක්ද වස්තු……ඔයා මාව තාත්තා කෙනෙක් කරනවාද?”
කෙල්ල අහන්නේ ඉහවහාගිය සතුටකින්…..ඔව් තම ලෙයි දරුවෙකු මෙලොව එලිය දකිනු බැලීම සෑම මවකගේ පියෙකුගේම අශාවකි…..
“අනේ අනේ ඉතින් දන්නේ නෑ….ඩොක්ටර් ආවාම කියයිනේ…..'”
“ම්….”
සෝනු වෛද්‍යවරිය ඇවිත් චිනූව පරික්ශා කරද්දීත් උන්නේ නොයිවසිල්ලේන් මේ ආරංචිය දැන ගැන්මට…..
චිනූව පරික්ශාකෙරූ වෛද්‍යවරිය සිනාසුනේ සතුටින්….
“කග්රැජුලේෂන්ස් මිස්ටර් ඇන්ඩ් මිසිස් ඒකනායක…මම හිතන්නේ ඔයාලාට පැටියෙක් ඒන්නයි යන්නේ……හරියටම කන්ෆර්ම් කරගන ලැබ් එකට ඇවිත් යූරින් සාම්පල් එකක් දෙන්න ….ඕකේ…….බයවෙන්න දෙයක් නෑ…….මිසිස් ඒකනායක නිරෝගී කිසිම ගාටලුවක් නෑ….”
වෛද්‍යවරියට ස්තූති කර සමුදුන් කොල්ලා චිනූව තම උනුහුමට අරන් හරි පරිස්සමට ඈව සිපගත්තේ සතුට හිතේ පුදුමාකාර තරම් තෙරපෙද්දීයි….
“ඔයාට පින් මැනික දවසින් දවස මගේ හීන පාටකරනවාට…..ඒ වගේම සමාවෙන්න පුංචි වයසින්ම අම්මා කෙනෙක් කලාට…..”
“පිස්සා. මායි පින් දෙන්න ඕනී මාව අම්මා කෙනෙක් කලාට…..මම දග උනාට පැට්ටෝන්ට හලි ආසායි අයියේ….”
එසේ පවසමින් කෙල්ල තවත් ඒ උනුහුමට ළං උනේ තවත් නැවුම් බලාපොරොත්තුවක් හිතේ පිපෙද්දී ලබන නිරාමිස සතුටත් සමගින්…
මතු සම්බන්ධයි
ඉතින් හෙටින් ඉවර කරන්වා ළමයි මියුලැසීයේ…….හෙට අන්තිම කොටස ගේන්නම් ඔයාලට…