30

##නිම්හිම් සේයා##
30
පාන්දර සීත ජනේලෙන් ඇවිල්ලා මුලු ඇගම හිරි වට්ටනවා..මිදුලේ පිපිලා තියෙන කහ පාට කපුරු මල් එකින් එක තරග කර කර මාත් එක්ක හිනා වෙනවා..මෙච්චර දවසක් හිතේ හිර වෙලා තිබුනු හැම දොම්නස් සිතිවිල්ලක්ම කොහේ හරි හැන්ගිලා වගෙ..තූ මීදුම මැදින් පේන සමනල් කදු යාය ,ඒ සමනල කන්ද හා පුරා කියලා වදින්න යන කහ පාට සමනල්ලු රෑන..ම්ම්..සුබ නිමිති…
පාන්දර සීත ගැන හිතන්නෙ නැතිවම මන් වොශ් රූම් එකට ගිහින් නා ගත්තා..අම්මො සීත අයිස් කුට්ටි නෑවා වගේ..දත් කට කටස්..කිටි කිටිස් ගානවා..වෙවුල වෙවුලාම ඇවිත් සුදු පාට කුර්තා ටොප් එකයි කලු ඩෙනිමයි ඇද ගත්තා…
ආ ටෙඩියෝ අපි අද රෑට සෙල්ලම් කරමු හොදද…
මන් ටෙඩියෝ ගොඩ ලග චුට්ටක් ඉදගෙන ලොකුම ටෙඩියගෙ නහය මිරිකලා රූම් එකෙ දොරත් වහන් සාලෙට ආවා…
මගේ දීපීකා පදුකෝන් මාලියා එක්ක තේ බොනවා..මගෙ කුක්කු එකත් බීලා දෙන්නටම සාදූ කියලා පාරට බැස්සා…
අද ඒ දව්ස..දෙනෙත් අයියගෙ නඩු දවස අපි හොයාගත්ත සාක්ශි එක්ක අද නඩුව කොයි විදියට වෙනස් වේවිද…
තනියෙනුත් හිනා යනවා..මට ඉක්මනට දෙනෙත් අයියගෙ වෙන්න ලැබේවි කියලා..ම්ම්ම් ම්ම්ම් ම්ම්…
###
උතුමානෙනි අපි ඔබට වැදගත් සාක්ශියක් ඉදිරිපත් කරනවා මේ නඩුව සම්බන්දයෙන්..මෙහි තියෙන විදියට සරත් ජයසුන්දර මහතාගේ මරන පරික්සන වාර්තාවත්,ඒ හ සම්බන්ද විශ රසායනික දවය ගැනත් ,එය සෑදු ආකාරයත් සදහන් වෙන ලියකියවිලිත් ,එය සෑදු පුද්ගලයාගේ සටහන් සමගින් මනජූරීයට ඉදිරිපත් කරනවා…
උසාවිය පුරා කසු කුසුවක් ,දෙනෙත් අයියගෙ මුනෙ ජයගාහි හිනාවක්..එත්කොට මිශෙල් ,..
මේ වෙලේ මිශෙල්ගේ මූනේ තිබ්බෙ තැති ගත්ත විස්මයක්..ඊට එහා පැත්තෙන් උන්නු මිහිරාන්ගෙ මූන හැගීම් විරහිතයි..එයා මොනා හිතනවා ඇත්ද…
ටික වෙලාවකට මුලු උසාවියම නිශ්ශබ්ද කරමින් තෝල්කතුමා එයාගෙ හඩ දියත් කලා…හැමෝටම දැනගන්න ඕන කරලා තිබුනෙ මොකක්ද මේ වෙන්නෙ කියලා…මිශෙල්ව විත්තිකාර කූඩුවට කැදෙව්වා..අපේ ලෝයර්ගෙන් එල්ලවුනු හරස් ප්ර්ශ්න එයාව හෙම්බත් කලා වගේ.එකිනෙකට පරස්පර විරෝදී උත්තර ගොඩක්…මිශෙල් කියන්නෙම බොරු…
මිශෙල් කියන්නෙ බොරු කියලා ඕනම පොඩි එකෙක්ට පේනවා..ලෝයර් අන්කල්ගෙ තර්ක බිද දාන්න මිශෙල්ලගෙ ලෝයත් පුදුම උත්සහයක් දරන්නෙ…ඊලගට මෙච්චර කාලයක් කරලියට නොආපු මිහිරාන්ව ගෙන්නුවා…මිහිරාන් කිසිම දාක නොහිතපු එයාගෙ පොත් දකිද්දි ඒ ඇස් උඩ ගිය තරම්..ඊටත් වඩා මිහිරාන් එයාගෙම අත් අකුරු දැක්ක වෙලේ මූනේ ආපූ රොදුරු පෙනුම..මන් දිහා බලපු ඒ බැලිල්ල..අනෙ අම්මෙ අර ශිවන්යා වගෙ ගින්දර එහෙම පිට කරන්න පුලුවන් උනානම් පුච්චනවා එතන ඉදන්ම මාව..ඇත්තටම මන් ඩබලගෙ පිටිපස්සෙ හැන්ගුනා..මෙච්චර කාලයක් ලෝකෙටම රහසක් වෙලා තිවුනු මේ මිනිමැරුමෙ සිද්දිඑකින් එක ලස්සනට ලෝකෙට දිගෑරෙද්දි මගෙ දෙනෙත් අයියගෙ මූන පුරා ඇදුනු සැනසුම් හිනා මගෙ හිතටත් සහනයක් ගෙනත් දුන්නා..
හනෙ ඉතින් මෙච්චර සාක්කි තියෙද්දි මේ නඩුකාරතුමා නඩුව කල් දැම්මනි..ඔහොම්මමයි ඉතින්..ඒත් නඩුව දැන් අපෙ පැත්තට හැරිලා ඉවරයි
උසාවියෙන් එලියට ආව දෙනෙත් අයියව මන් බදා ගත්තා…ඒ සතුට වැඩි කමට..ඒත් ඒ මුනේ නෑ සතුටක් හරියට බය වෙලා වගේ…එයා මොනා හරි කියන්න කට හදද්දිම එතනට ආවෙ මිහිරාන්…
බැල්ලි තෝ කෑවා මාව..ශි ශි රැවටුනා මම..උඹේ මූනට රැවටුනා..ඔය ලස්සනට රැවටුනා..හිතන් ඉන්නෙ දිනුම් කියලද මීට පස්සෙ තමයි ගේම..මේ මිහිරාන් ලේසියෙන් පරදින්නෙ නෑ..බලන් ඉන්නවා මන් මොකද කරන්නෙ කියලා..ඔය සුදු මූන අටපට්ටම් කරලා තමයි පස්ස බලන්නෙ දැනගන්නවා…
මේ මිහිරාන් තමුසෙගෙ සෙල්ලම් ඉවරයි තේරුනාද..තමුසෙ දාපූ සෙල්ලම් ඒවා සේරම මීට පස්සෙ මේ දෙනෙත් එක්ක බෑ..අතාරිනවා සේයව..තමුසෙගෙ හුස්මක් හරි සේයට වැදුනොත් මමත් නිකම් ඉන්නෑ තේරුනාද..
අනෙ උඹයි උබේ මේ ටීවී බෝනික්කියි එකතු වෙලා රැගුව දේ මට තේරුන්නෑ තමයි හැබයි මතක තියාගන්නවා උඹේ මේ ටීවී කිරිල්ලිගෙ මේ ලස්සන මූන දකින්න ලැබෙන්නෙ තව ටික දවසයි කියලා..
දැන් මෙතන සෙනගත් පිරිලා..මිහිරාන් මගෙ අත් අල්ලගෙන..දෙනෙත් අයියා මිහිරාන්ව අල්ලගෙන..කොහොම හරි ශේන් අයියගෙ මැදහත් වීමෙන් අත බේරුනා…අහ් රතු වෙලා හොදටම..ඒත් ඊටත් වඩා බය මේ දෙන්නා ගහ ගනීවී කියලා…උසාවි මිදුලෙ ගහ ගත්තොත් දෙනෙත් අයියට හිරෙ ඉන්නත් වේවි…
අනෙ දෙනෙත් අයියා නවත්වන්න ඕක උසාවිය මේ..ප්ලීස්..
දෙන්නට දෙන්නා කරවල් වලින් ඇදන්..බයයි මට..
දෙනෙත් අයියා වටපිට බලලා ඒ කර මුදා හැරියා..මිහිරාන් මටත් දෙනෙත් අයියටත් තරජනෙ කරලා පසු බැස්සා…
රිදුනද..
ටිකක්..
අහ් රතු වෙලා මේක දැක්කනම් මන් දෙනවා ඕකගෙ ඇන්දක් බඩට යන්න
හ්ම්ම් කමක් නැස් මෙතන රන්ඩු වෙන්න බෑ නී අයියෙ අමතක කරමු..
අමතක කරමු..ඔයා හිතන්නෙ ඌ ලේසියෙන් අතාරියි කියලද දැන් ඌ ඉන්නෙ වෙඩි කාපූ ඌරා වගෙ..මට ඔයා ගැන බයයි මැනික..ශිට් මේක කල් ගියානෙ..ශිට්..
හ්ම්ම් යමන්..නන්ගිව ගෙදරින් දාමූ..දැන් නන්ගිලගෙ ගෙදර අය දන්නවා ඇතිනෙ ..උබේ මේ මැනිකව රැකගමු අපි..උඹ වෙනුවෙන් සුපිරි ගේමක් දුන්නු කෙල්ලව..යන්..මෙතන ඉන්න එකේ තේරුමක් නෑ..
ඩබලට බයික් එක දීලා දෙනෙත් අයිය මාව ගෙදරින් බැස්සුවා..තාත්තා බනියි කියලා ගෙදරට ආවෙ නෑ..එයා..ශේන් අයියා සේරම විස්තරෙ මිදුලෙ ඉදන්ම කියලා යන්න ගියා..
මට නම් සතුටුයි ගොඩක් දෙනෙත් අයියා දිනයි..
අම්මගෙත් තාත්තගෙත් බය පිරුනු මූන දැක්කම මටත් බයයි ..ඇත්තටම මිහිරාන් මොනා හරි කරාවිද…
(මතු සම්බන්දයි) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *