31. වන කොටස.

මියෙදෙන තුරා…

ටික වෙලාවකට පසු ස්විචය නිවන හඩ මට අැසුනා. පැය බාගයක් පමණ අැදටම වි හිටියේ මා හොදම තැතිගෙන සිටි නිසා .නැවතත් අල්මාරිය ළගට ගිය මම සද්ද අැති වීම වලක්වා ගැනීමට උත්සහා කලා. අල්මාරියේ අගුල කරකවා අලිමාරිය හැර උඩම වූ අැදුම අතට ගත්තා. අල්මාරිය වසා දමා ඒ අැදුම හැද ගත්තා. ඔරලොසුවේ සහන් අාලොකයෙන් පෙනුනා ඒක මට තිස් හතරවන උපන් දිනයට සිගිතියෙන් ලද තෑග්ග බව. ඒකත් හොදයි මම අම්මලාගේ මොකුත්ම ගෙනියන්නේ නෑ කියලා හිතලා හිත හදා ගත්තා. විදුලි රැහැන ගලව අකුලා ඔරලොසුවත් , මට නැතුවම බැරි පොත් දෙකත් අතට ගත් මම පාන්දර තුනට පමන මගේ කාමරයේ දොර වෙත අාවා. නිවස පුරා පැවතියේ දැඩි අදුරක් කොහෝ හරි හැපී සද්දයක් අැතිවේ යැයි බියෙන් මම ඉදිරියට අැදුනා.

දොර හිමි අැර ගත් විට පහත මාළයේ බුදු පහන ළග දල්වා තිබූ බල්බයේ අාලෝකය පඩිපෙළ දෙසින් ගලා විත් තිබුනා. දෑසත් අදුරට හුරු වීදෝ මට වට පිටාවේ අැති දේ තරමක් දර්ශණය වුනා. මම ලීලම්මගේ කාමරය පසු කරගෙන පඩිපෙල දෙසට අාවා. හඩ නොනැගෙන්නට පඩිපෙල් ඒකින් ඒක බැහුපු මට අාලින්දය ඒන්නට සෑහෙන කාලයක් ගත වුනා. මගේ හදවත වේගේන් ගැහෙනවා. ඒ හඩ පිතටඩ අැහෙනවා අැති කියලා මට හිතුනා. ඒ හඩ මාව අධෙෙර්ය කලා. මට සිතුනෙම නැවත කාමරයට යන්න. අද මම මේ ගමන නොගියොත් මට අායි අවස්ථාක් ලැබෙන්නේ නෑ. මම ප්‍රධාන දොර වෙත ගමන් කලා.

හරිම පරිස්සමින් දොර හැර ගත්තා. මගේ දෑතම වෙව්ලනවා. දෑත විතරක් නෙමේ මුළු සර්වාංගයම වෙව්ලනවා. දෙපා නගන්නට වාරු නැ වගේ. මම නිවසින් පිටතට අැවිත් දොර වැහුවා. ගෙයින් නම් පිටතට පැමිණියා. දැන් ගේට්ටුවෙන් පිට වෙන ඒක තමා තිබෙන ඒකම ගැටළුව. ගේට්ටුව හැර නිවසින් බැහැර යන්නට වෙනත් මාර්ගයක් තිබිනේ නෑ. මම අනුමාන කරන් හිටියේ පාන්දර යාමය නිසා මේ වෙලා වෙනකොට මුරකරුට හොදටම නින්ද ගිහින් තියේවී කියලා. නිවසින් පිතට හරිම අන්ධකාරයි. සීතල දරන්නටත් නොහැකි තරම්. මම කවදාවත්ම රෑ අදුරේ තනිවම නිවසින් පිටතට අැවිත් නැහැ. මට හුගක් දුර තනියෙම මේ අදුර මැදින් යන්න තියෙනවා. ගමනේ බයානක බව පෙනී පෙනී මම ඉදිරියටම ගියා. මම ගේට්ටු කිට්ටු වෙද්දී මුරකව්ළුවේ බිත්තියට මුවා වුනා. මගේ අනුමානය නිවැරදි වෙලා තිබුනා . මුරකරු අසුනෙම හොදටම ගොරවමින් නිදි.

ගේට්ටුව වෙත පියනැගුව මම ගේට්ටුවේ කුඩා කවුළුව විවෘත කලේ හරිම පරිස්සමින්. පොඩි හෝ සද්දයක් නැගුනොත් මුරකරු අවදි වෙන්න පුළුවන්. දැන් මම මුරකරුට අසු වුනොත් , මේ නිවස තුළ මට උදාවන තත්වය හිතා ගන්න වත් බෑ. මට කියන්න හෝතුවකුත් නැතිව යනවා. අවසානයේ මම නිවහනෙන් බයානකයි කියන, කටුකයි කියන බාහිර ලෝකයට පිවිසියා. ”සිටු මැදුරින් පලා යන කුමාරිකාව” මගේ සිතට සිවුම් සතුටක් කාන්දු වුනා. මට සිහි ගැන්වුනේ” සිටු විමන” කතා මාලාව. මගේ ජීවිතේ මේ වගේ වෙනසක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. මම පා ඉක්මන් කරලා පාර දිගේ ඉදිරියට අැදුනා.

ඊ ළගට මට හමු වුනේ රූස්ස ගස් පෙලින් අාවරණය වූ මාර්ගය. ඒ තුළ වුනේ පුදුමාකාර අන්ධකාරයක්. රාත්‍රියේ නද දෙන කෘමි සත්තුන්ගේ නාද මගේ හිත තවත් බිය ගැන්නුවා. කිසාදා නිවසින් බැහැට නොඒන මට ඒ හඩවල් හුගක් නුහුරුයි. මට හිතුනෙම මේ කෑ ගහන්නේ මහ බයානක සත්තූ කියලා. ගස් අතර සැගවී සිටින ඔවුන් මගේ අැගට පැන මාව කා දමාවී කියලා මට හිතුනා. හදිස්සියෙම මට සිහි ගැන්වුනේ මා කියවූ භූත අාත්ම ගැන කතාවක්. කිසි දිනක මා මෙතරම් බියකට පත් වෙලා නෑ. මම මට හැකි වේගයෙන් දුවන්න වුනා.

අනේ දෙවියනේ මම මේ ලෝකය ගැන දන්නේ බොහොම ටිකයි. මට හිතෙනවා දැන් මම ගත්තේ මෝඩ තීරනයක් කියලා. තවත් නම් මට ඉදිරියට යන්න බයයි. තව ඒළිය වැටෙන්නත් හුගක් වෙලා යයි ඒළියක් පෙන මානයකවත් නැහැ. මම ලොකු අමාරුවක වැටිලා වගේ මට දැනෙන්නේ. අනේ ලීලම්මේ . ඔයාලට දෙන් දුක් ගින්දර තමා මේ පල දෙන්නේ. මගේ දෑසත් කදුලින් බොද වෙලා. අවසානගේ සහන් ඒළියක් හමු වුනේ ගස් වදුල නිම වී වෙල් සහිත පෙදෙසක් හමු වූ නිසා. මිනිස් පුළුටක් වත් පේනමානයක නොමැති මාර්ගයේ මම හඩමින් ඉදිරියටම පිය මැන්නා.

මම මාර්ගය දන්නේ නැහැ . මට ගම දෙසට ගිය දිනයක් වත් මතක නැහැ. මාර්ගය අසන්නත් කිසිවෙක් නෑ. මට දැනුනේ ලොකු අසරනකමක්. මගේ ලීලම්මේ ඔයා කියනවා වගේම ගෙදරින් පිට ජීවිතේ හරිම බයානකයි. නිවසින් පිට වුන මේ විනාඩි කීපයට මට හොදටම ඒක තේරුනා.

දැන් මට අාපසු හැරෙන්නට බැ. කදුළුත් බයත් සමග ඉදිරියට අැදුනේ නිවැසියන්ට මා නැති බව දැනුන විට සැම තැනම මා සොයන්නට වාහන යොදවන බව දන්න නිසා. මම හිත සවිමත් කරගෙන පය ඉක්මන් කලා. නිමක් නැති වෙල් යාය මිස නිවසක් පේන මානයකවත් නැ. කෙතරමි හිත සවිමත් කර ගත්තත් වෙල් යාය තුළින් අැසෙන සත්ව නාද මාව බිය ගැන්නුවා. කළු පැහැති කුරුල්ලන් සමුහයක් හිස ළගින්ම වගේ මහ බයානක හඩක් නගාගෙන වන වදුල දෙසට පියාඹා ගියා. රෑ කාලය නිසා වවුලන් විය යුතුයි, මම අනුමාන කලා. කෙතරම් මම ස්වභාව ධර්මයෙන් අෑත් වී බිත්ති සතක් මැද සිර වී සිටියාද කියා තව තවත් පසක් වුනේ මේ සිදු වීමත් සමගයි. මම කිසි දිනෙක හැබැවින් වවුලන් දැක තිබුනේ නැහැ. මම පොත් කිපයත් ඔරලෝසුවත් ළයට තද කරන් ඉදිරියට අැදුනා. හිමිදිරියේ මිහිදුමෙත් සිතලෙත් අපහසුව මට නොදැනුනේ බිය නිසා මුළු සිරුරම බයට රත් වි තිබු නිසා විය යුතුයි. හිතට නොදැනුන සිතලත් මීදුමත් නාසයට හොදින් දැනී අැති බව පසක් වුනා. නාසයේ සිට ඉහළ අෑදී අා දැවිල්ල සිතල නිසා බව මම හිතුවා. උගුරත් තරමක් රිදුම් දුන්නා.

මම පණ මේන් අාදරය කළ සියල්ලන් සිහිපත් කරමින් ඉදිරියටම පිය නැගුවා. දැන් නිවෙස් ඒකින් ඒක හමු වෙනවා. මගේ බිය තරමක් පහ වුනා. නිවෙස් වල දල්වා තිබු විදුලි බුබුලු මට අාලෝකය සැපයුවා. ඒතරම් ළග නොපිහිටි නිවෙස් අතර තරමක පරතරයක් තිබුනා. නිවෙස් නැති හරියේ දුවමින් ගමන් කළ මම නිවෙස් අසළදි විඩා නිවා ගත්තා හිරු ඒළිය ටිකෙන් ටික අදුර නසමින් තිබු නිසා මගේ සිත සැනසුනත් ලොකු මල්ලිගේ වාහන මේ දෙසට ඒ යැයි බිය හද ගිනියම් කලා.

නිවෙස් තුළින් මිනිස් කටහඩවල් අැසිම මට සහනයක් වුනා. මට ටික දුරක් යන විට හොදින් අැද පැළද ගත් අයෙකු මා දෙසට ඒනු පෙනුනා. කෙමෙන් ඔහු මට ළං වෙත්ම් ඔහුගේ මූනේ තිබුනේ බියක් හරියට හොල්මනක් දැකලා වගේ. සමහර විට මම හොල්මනක් කියලා හිතනවා අැති. මගේ මුහුනට මද සිනහවක් නැගුනා. මා පසු කර ඔහු නගරය දෙසට අැදුනා. පරිසරය තුළ වූ බයානක හඩවල් නසමින් කුකුළන් හඩලන හඩත් , කපුටන්ගේ හඩත් අැසෙන්න වුනා. ඒ හඩවල් මා සිතට ගෙන දුන්නේ චමත්කාරයක් . නිවසේ සිටියදි මේ හඩවල් මට අැසුනේ අෑතින්. ඒ හඩවල මිහිරියාව හැබැහින් විදින්නට මම පිං කරලා තියෙයි , මගේ තීරණය ගැන වු පළමු සතුටු හැගීම සිත තුළ අැති වුනා.

ලීලම්මා අද ටිකක් දවල් වෙලා මාව අැහැරවන්න කාමරයට ගියොත් හොදයි. අනිත් කවුරුත් නම් මාව හොයාගෙන කාමරයට ඒන්නේ නැනේ. සිකුරුටි අංකල් දකීද දන්නේ නෑ ගේට්ටුවේ අැතුලේ ලොග් ඒක අැරලා කියලා. ඔයා රෑ වහන්න බැරි වෙලා කියලා හිතුවොත් හොදයි. විය යුතු දේ අනුමාන කරමින් මම ඉදිරියටම අැදුනා. මම පැය ගන්නාවක් ඒක දිගටම අැවිදන් අා නිසා දෙපය අැදුම් දෙනවා. තවත් අැවිදින්න බෑ සිත කිව්වා. මට මෙහෙම අැවිදලා මට පුරුදුත් නෑ. චාරිකාවක් හරි පංසල් හරි ගියොත් මිස මම මෙහෙම අැවිදින්නේ නෑ. ජීවිතේ මුල්ම වතාවට තමා මා මෙතරමු දුරක් පයින් අාවේ. මේක නම් මගේ ජීවිතේට ලොකුම ලොකු අද්දැකීමක්. මම මැරුණත් මට අද දවස නම් අමතක නොවේවි.

විඩාව නිසාම මම කුඩා කඩයක් ඉදිරි පස වු පඩියක් මත හිද ගත්තා. මම වට පිට බැලුවේ ලොකු පිපාසයක් දැනෙන නිසා. උගුර කට සියල්ල වියලිලා ගිහින්.නාසයත් උගුරත් දැවිල්ලයි. මම දුටුවේ ලි පතුරක් දිගේ විත් අැද හැලෙන දිය පහරක්. ඒ යට විශාල බාල්දියක් තබා තිබුනා. අැසට සොදුරු දසුනක් වුණ ඒය. මා කියවු පොත් පත්පත් වල වූ ජල පිල්ලක් විය යුතුයි කියා මම අනුමාන කලා. මම සියල්ල කියවා , රෑපවාහිනියෙන් නරඹා තිබුනා මිස සියසින් දකින්නේ දැන් බව මට වැටහුනා. කුඩා වතුර පීල්ල වෙත ගිය මම දොත අැල්ලවා. ඒ වතුර අයිස් වගේ සීතලයි මම පිපාසය සන්සිදෙන තුරු ජලය පානය කලා.

දැන් නම් ගම කෙලවරටම මම අැවිත් අැති. කාගෙන් හෝ පාර අසන්නට ඔනේ කියලා මම හිතුවා. ඒත් අහන්නට කිසිවෙක් නැ. මම පඩිය මත වාඩි වී බලා සිටියේ රැකියා කරා යක නිසිවෙකු හො මාර්ගයට පැමිනෙන තුරු.

මෙතරම් වෙලා වාහන හඩක් වත් අසන්නට නොතිබූ පාරේ අැතින් වාහනයක හඩක් අැහෙන්න වුනා. මගෙ හිත කිව්වෙම ලොකු මල්ලි වෙන්න අැති කියලා . ඉක්මනින් හිද සිටි තැනින් නැගිට ගත් මම කඩය පිටු පසට දිව්වේ කිසිවක්ම නොසිතා.මම සැගවි බලාසිටියා. හිතුවා හරි දෙවියනේ ලොකු මල්ලී තමයි. ලීලම්මා අද උදෙන්ම මාව අැරවන්න ගිහින් වාගේ. වේගෙන් ගිය වාහනය ටික වෙලාවකින් නැවත කඩය පසු කර නගරය දෙසට ගියා. ඒහෙමම බිත්තියට වාරු වූ මම දෑස් පියා ගත්තා.

*කවුද මේ.*

මා දෑස් විවර කර බලන විට මා ඉදිරයෙහි කාන්තාවක් සැක මුසු මුහුණින් මා දෙස බලා සිටියා. මල් ඉහිරුන චිත්ත රෑ අැදුමක් හැද සිටි අැය වට පිට බැලුවේ කෑ ගහන්න වගේ.

*අනේ අක්කේ කෑ ගහන්න නම් ඒපා. මම හොල්මනක් වත් හොරෙක් වත් නෙමෙයි.*

*මොකද ඒහෙනම් මේ පාන්දර අපේ ගේ පිටිපස්සේ කරන්නේ. *

*දැන් වාහන ගොඩක් අාවා ඒකපාරට ඒවට බයේ හැංගුනේ.*

*ඒ මන්ත්‍රී බේබී මහත්තයගේ වාහනනේ. මේ නංගි මේ පැත්තට අළුත් වගේ.*

අැය මද සිනහවකින් මට සංග්‍රහ කරද්දී මට ලොකු සැනසිමක් දැනුනා. මේ මිනිස්සු මම ඒ මන්ත්‍රී බේබිගේ අක්කා බව අදුරන්නේ නෑ. ඒක නිසා හොදයි.

*අනේ මම අදුරන්නේ නෑ අක්කේ. මම මේ ඊයේ ඉදන් මගේ නෑදෑ කෙනෙක්ගේ ගෙයක් හොයාගෙන ඒනවා. *

*අනේ නංගියේ රෑ කොහෙද හිටියේ.*

*බස් වලයි පාරෙයි තමා අක්කේ.*

*අනේ දෙවියනේ ටවුමේ ඉදන් තනියෙම පයින් අාවද?*

*ඔව් අක්කේ.*

*ඔයා මාර ළමයෙක්නේ. උදේක ඒහෙන් පිට වෙන්න ඒපෑ. රෑ කියන්නේ ගෑනු ළමයින්ට අැවිදින්න පුළුවන් කාලයක් නෙමෙයි. ඔයා වගේ ලස්සන ගෑනු ළමයෙක් දැක්කම වලත්තයන්ගෙන් බේරුමක් වෙන ඒකක් නෑ. නංගී අර වාහන වලට බයේ හැංගුන ඒක හොදයි.*

*ඒ අැයි අක්කේ ඒහෙම කිව්වේ. උදේ වෙනකන් ඉන්න බැරි වුනා අක්කේ මම මේ ගෙදරින් තරහා වෙලා ඒන ගමන් *

*ඔය මන්ත්‍රීලා ළග වැඩ කරන වුනගේ හැටි දන්නේ නැද්ද?. තනි ගෑනු ළමෙක් පාර ඉන්නවා දැන්නම. මුව පැටියෙක් දැක්ක කොටි වගේ කඩා පනීවී. ඔය මන්ත්‍රීගේ කැරැට්ටුවත් ඒ හැටි හොද නැ.*

*මම ඒහෙනම් දෙවියන්ගේ අාරක්ෂාව නිසා බේරිලා තියෙන්නේ.*

*අම්මේ ඔව් . දෙවියන්ගේ පිහිටින් නංගි පරිස්සමට අාවනේ. යමුකෝ නංගියේ ගෙට . හොදටම මහන්සි නැතෑ රෑ පුරාම අැවිදලා. ටිකක් විවේක අරන් ඔයාගේ නෑදෑයගේ ගෙවල් පැත්ත හොයා ගමු.*

මම නිහඩවම අෑ දැස බලන් හිටියා.

*මොකද ළමයෝ බය වෙලාද ? ඒන්න ගෙට මායි දරුවයි විතරයි ඉන්නේ.*

මම අෑ සමග කුස්සිය පැත්තෙන් ගෙට අැතුල් වුනා. හැරෙන්න වත් ඉඩ නැති පුංචී කුස්සියක් . ඒකත් හදලා තිබුනේ මැටියෙන් කියලා වට පිටාව බලද්දී මට තේරුනා.

*මේ ළමයා හොද පොහොසත් පවුලක වගේ. අපි නම් ඉතිං බොහොම දුප්පත්. ඔන්න ඔය පුටුවෙන් ඉද ගනින්කෝ නංගියේ. මම මේ අපේ කොල්ලට කැද ටිකක් හදන්න හැදුවේ.*

අැය පෙන්නු ලී පුවුව මත් හිදගෙන මම බලා සිටියා. මා සමග නොයෙක් දේ කතා කරමින් අැය කැද පිසුවා. අවසානයේ විශාල කොප්පයනට දමා මා වෙත කැද පිළගැන්නුවේ හතුරු කෑල්ලකුත් සමග.

ඊ ළග කොටසින් හමු වෙමු… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *