31

අචින්තයි අපේ ආදරේ
31
(කට්ටිය ඉල්ලුව නිසයි තව කොටසක් ඔන්න අදම…බලාපොරොත්තු කඩ වුනොත් සොරි හොදේ)
පස්සෙන් පස්සට ගිහින් බිත්තිය දිගේ රූටාන බිම ඉන්දුනු පබාව මට පේනවා…ඔලුවට අත් දෙකම තියාගෙන එයා මන් දිහා බලන් ඉන්නවා..
අම්මා මිසක් ඔයා අත වරදක් නෑ කියලා මන් හොදටම දන්නවා..ඒත් මට ,මගෙ අප්පච්චිට උනු දේ ඔයාට උනා නම් ඔයාට තේරේවි පබො..ඔයාට මාව තේරේවි..
අපිට අයිති මව් සෙනෙහසයි ඔයාලා ලබන්නෙ..අපිට අයිති සැප සම්පතුයි ඔයාලා බුක්ති විදින්නෙ..
ඔයාට එහෙම උනානම් මාව දැනෙයි රත්තරනෙ..මාව දැනෙයි..මේ හිතෙ ඔයා ගැන තියෙන ආදරෙ එහෙමමයි..සදාතනිකයි..සම්මානි ආදරෙ ඔයාට විතරයි…විතරමයි
මොනාද මන් මෙ හිතන්නෙ..එයාගෙ කදුලු ඉස්සරහා මන් පරාජය වෙනවා..නැ නැ නෑ කවදාවත් නැ…
එයාට ඔයා ලෝකේ හොදම අම්මා වෙන්න ඇති මට එයා තමයි මේ ලෝකෙ ඉන්න ජරාම ගෑනි..අපිව අතරමන් උනෙ ඔයාලා නිසයි…ඔයාලා ඔයාලා නිසයි..
මගෙත් පබාගෙත් මූනු දිහා මාරුවෙන් මාරුවට බලන් උන්නු මල්ශා මන් ලගට ආවා..
සම්මානි මොනාද මේ වෙන්නෙ..තේරෙන්නෙ නෑ..පබාගෙ අම්මාද නැන්දා
මන් ඔලුව වැනුවා
දෙවියනි
මල්ශා තනියම කියො කියො යන්න ගියා..නවෝදත් නිරූ අක්කත්…මායි පබයි විතරක් රූම් එකෙ
එයා තවමත් ඔලුව ඔබන් අඩනවා..මට ඕනී ගිහින් එයාගෙ ඔලුව අතාගාන්න..අඩන්න එපා කියන්න..
ඒත් හැමදේම වෙනස් වුනෙ එයාලා නිසා කියලා දැනෙද්දි මගෙ හිතට කුරිරු සතුටක් එනවා…
මන් පබා දිහා බලන් උමතුවෙන් වගෙ හිනා වෙද්දි එයා මන් ලගට ආවා..
මැනික..මන් මන් මුකුත් දැනන් හිටියෙ නෑ..මට ඔයා තේරෙනවා..ඒත් මන් වැරැද්දක් කලෙ නෑ මැනිකෙ..මගෙ අතෙ වරදක් නෑ..ප්ලීස්
මම් මුකුත්ම කියන්න ගියෙ නෑ..හිස් සිවිලීම දිහා ඔහෙ ගල් පිලිමයක් වගෙ බලන් උන්නා…
සම්මානි ප්ලීස් කතා කරන්බ..මන් එක්ක කතා නොකර ඉන්න එපා..මන් වැරදි නෑ..අම්මාගෙ වරදට සමාව ඉල්ලනවා..ඔයාගෙ නිහඩබව මට බැ ඉවසන් ඉන්න..ප්ලීස් ..මට ගහන්න..බනින්න..තල්ලු කරන්න..ඔහොම ඉන්න එපා..මට ඕනී ඔයාව…ඕනී ආදරෙයි ඔයාට..ඔයා තරහා උනාම ඉන්න බෑ මට…බෑ…
පබා කියෝනවා..ඒවට උත්තර දෙන්නෙ මගෙ කදුලු…ඒත් මගෙ කේන්තිය තරහව,,අම්මා නැතිව අපි වින්ද දුක්,ගැරහුම් ,,අසරන වීම්,අප්පච්චිගෙ අහින්සක මූන ,චූටි නන්ගිගෙ කදුලු..අම්මා නැතිව උන් දෙන්නට මන් අම්මා කෙනෙක් උන හැටි පුන්චි කාලේම ..ස්කෝලේදි කොන් වුනු හැටි ඒ සේරම දේවල් සිතුවම් පටක් වගෙ මගෙ ඇස් ඉස්සරහා එකින් එක මැවිලා පේනවා…
ඒ මතකය මගෙ හිතෙ තරහව ආයෙම අලුත් කලා…

පබා ප්ලීස් යන්න මෙතනින් මන් ආස නෑ ඔයා දකින්න කොහොමටත් ආස නෑ..මාව අඩවන්නෙ නැතුව යනවා මෙතනින්…

මන් පබා යනකම්ම ඔලුව ගහන් උන්නා..ජීවීතෙ මට ලැබුනු ආදරනීයම පිරිමියා..එයාගෙ වරදකුත් නැ..මගෙ වරදකුත් නෑ..ඒත් ඒත් මට බෑ..මට..අපිට හිමි වෙන්න ඕනි හැම දෙයක්ම එයාට ,එයාගෙ තාත්තට සහෝදරයන්ට හිමි වෙලා..

හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් විදියට මන් මන් මේ දේවල් කොහොමද දරා ගන්නෙ දෙයියනෙ..තේරෙන්නෙ නෑ මගෙ මහත්තයො..මන් ආදරෙයි..මට ඔයා ඕන ..ඒත් ඒ ඕනකම පරදලා ඔයා ගැන මගෙ හිතෙ තරහක් උපදිනවා..වයිරයක් උපදිනවා..මමත් මනුස්සයෙක් දෙවියනි..මගෙ හිතට දැනෙන දුක..ඒක ඒක වචන වලින් විස්තර කරන්න බෑ මට…

අද දවස අපි කොච්චර සතුටින්ද ගත කලෙ..ඒත් ඇයි මෙහෙම..ඇයි අපිටම ඇස් වහා වැදුනෙ…මන් මට තේරේන්නෙ නැ…

අඩ අඩාම මන් නිදා ගත්තා…හීනෙනුත් පෙනුනෙ අපි දුක් වින්ද හැටි..එක හීනෙක මමත් පබත් අත් අල්ලන් උන්නා..ඒත් අම්මා ඇවිත් අපි දෙන්නගෙ මැදින් හිට ගත්තා..පබාගෙ අත මගෙන් ගිලිහුනා..මම මම වැටුනා අගාදයටම…

අම්මේ…
මුලු ඇගම දාඩියෙන් පෙගිලා..මන් කෑ ගහගෙන නැගිටුනා..ඊලග දවසත් වෙලා..ඔලුව බරයි..

කීයද වෙලාව..

එකොලහට ඇවිත්..මෙච්චර දවල් වෙනකම් නින්ද ගියා මයි..පුරුද්දට මන් පෝන් එක අතට ගත්තා..

ඒත් ආයෙම මට ඊයෙ දවස මතක් උනා..

අඩලා අඩලම දියාරු වුනු මූන යාන්තම් හෝදගෙන තේ ටිකක් හදා ගත්තා..

පෝන් එක වයිබ්‍රේට් වෙනවා..දෙවියනි එයා..

එයා මගෙන් සමාව ඉල්ලලා..සමාව ඉල්ලන්න තරම් එයා වරදක් කරලා නෑ..ඒත් අපිව අතරමන් කරන්න හේතු වුනු මනුස්සයගෙ පුතා එයා..මන් කෝමද ආයෙම එයාට ආදරෙ දෙන්නෙ…

මැසේජ් ඔක්කොම විස්සකට වැඩි..උත්තර යවනවද නැද්ද

මට බෑ එයා අමතක කරන්න…මන් පෝන් එක අර ගත්තෙ එයාට මැසේජ් කරන්න හිතා ගෙන..

ඒ වෙලේමයි ඇනෙක්ස් එකෙ බෙල් එක රින් උනෙත්

මන් ගිහින් දොර ඇරියා..

ආයෙමත් මගෙ ඇස් ඉස්සරහට ඒ රූපේ

දුවේ

සම්මානි

හිතෙ අඩු වෙලා තිබ්බ තරහා ආයෙම වැඩි වුනා

අම්මා මාව බදා ගත්තා..හිත කීවෙම උඹත් බදාගනින් කියලා ..ඒත්

එයා මාව් අතගානවා..

මගෙ දුවෙ මැනිකෙ..ලොකු හොදින් නේද

සම්මානි අපි එලියෙ තාම

එන්න කියන්නෙත් නැතුව යන්න කියන්නෙත් නැතුව මන් දොර ලග හිටන් උන්නා..

අනෙ පුතෙ ඔයාලා හොදින් නේද..මල්ලි නන්ගි එයාලා..මන් කොච්චර හිතෙ අමාරුවෙන්ද ඔයාලා නොදැක උන්නෙ..

හහ්..මෙච්චරකල් නැති සෙනෙහසක් මේන් දෝරෙ ගලනවා..අවුරුදු පහලවක් තිස්සෙ නොතුබුනු සෙනෙහසක්..චූටි නන්ගි දාලා යද්දි..චූටි නන්ගි කිරි ඉල්ලලා අඩද්දි ඔය සෙනෙහස තබ්බෙ කොහිද දන්නෙ නෑහ්..ි

දුවෙ ඔයා ලස්සනයි ඉස්සර මන් වගේමයි

ඔව් මගෙ කරුමෙට අප්පච්චි වගෙ නොවී ඔයා වගෙ උනා..ඔව්

මාව හිබගෙන හිබගෙන ගිය අම්මා මගෙ ඔලුව අත ගෑවා..

මගෙ හිත මෙච්චරකල් අහිමි උනු මව් සෙනෙහස ඉල්ලලා අඩනවා මට ඇහෙනවා…මුකුත් කටින් නොකීවට ඇස් වලින් මන් ගැන,අපි ගැන උපන්නු අනුකම්පාව කදුලක් වෙලා කම්මුල් සරසනවා..

අනෙ අම්මෙ මමත් ආසයි ඔයාගෙ සෙනෙහස විදින්න…

තරහව නිවිලා අම්මගෙ උනුහුම ලබන්න හිත ලෝබකම් කරනවා දැනෙනවා..මගෙ අත් හිමින් හිමින් අම්මව බදාගන්න නලියෑවා..

මගෙ වැරැද්දට සුදු පුතාට දඩුවම් කරන්න එපා..එයයි ඔයයි එක තාත්තගෙවත් එක අම්මගෙ වත් දරුවො නෙමීනෙ..මගෙ වැරැද්දට මගෙ දරුවට දඩුවම් කරන්න එපා

මොකක්..මගෙ දරුවා..

දෙයියනි මන් අන්ද උනා..තව ටිකෙන් මන් මෝඩ වෙනවා..මේ ගෑනිගෙ බදා ගැනිල්ලට..දැනුත් ඇවිත් තියෙන්නෙ මන් ගැන තියෙන ආදරේට නෙමී..එයාගෙ මහ ලොකු පුතා වෙනුවෙන්..

එයා එයා ආවෙ මන් බලන්න නෙමි..මන් ගැන උපන් ආදරෙන් නෙමී..පබා වෙනුවෙන් ..ආයෙමත් හිතෙ තරහා කොහොදෝ හැන්ගිලා ඉදලා මතු වුනා

මාව අල්ලන්න එපා

දුවෙ

අල්ලන්න එපා කීවනි..

ඇයි

යනවා

සම්මානි මොකො මෙ ඉගෙන ගන්නවා වැඩිහිටියෙක්ට කතා කරන්න..අම්මා සමාව ඉල්ලුවානි..මොකො මෙ

ඔව්
අම්මා සමාව ඉල්ලුවා..ඒට් ඒ මගෙ අම්මා විදියට නෙමි තමුසෙගෙ අම්මා විදියට..යනවා මෙතනින් මගෙ දෑහට නොපෙනි යනවා..තොපි දෙන්නම

අන්තිම වචනි සැර වැඩි..ඒත් කියපු දේ ආපහු ගන්න බෑ..කවුරුත් මාව තේරුම් ගන්නෙ නෑ..මට රිදෙන හැටි..මේ හිත හඩා වැලපෙන හැටි..මගෙ අම්මා වෙන දරුවෙක් වෙනුවෙන් මන් ඉස්සරහා බැගෑපත් වෙනවා..

එයා ආයෙම මට අත් දෙක එකතු කරලා ආයාචනා කලා..මාව අල්ලුවා

මන් ඒ අත් පිලිකුලෙන් ගසලා දැම්මා
යනවා ගෑනියෙ..යනවා තමුන්ගෙ පුතා අරන් යනව .තමුන් අපිට ආදරෙ කරලා නෑ දැනුත් ආවෙ මේ පුතා වෙනුවෙන්..තමුන්ට මන් ගැන දුකක් ආවෙ නෑ…මම් තමුන්ගෙ ලෙ..ඒත් තමුන් මගෙ පුතා කියලා මෙතන ආවෙ මෙයා වෙනුවෙන්..මට පේන්න බෑ එකෙක් වත්..යනවා යනවා

සම්මානි කට පරිස්සම් කරගන්නවා..
පබා මගෙ අත අබරෝලා තර්ජනෙ කලා

හහ් කතා කරන්න..මන් දන්නවා කතා කරන්න..මගෙ දුප්පත් අප්පච්චි සිරිත් විරිත් හොදට උගන්නලා තියෙන්නෙ..තමුසෙ යනවා තමුසෙගෙ අම්මා එක්ක..මට කවුරුත් එපා..මගෙ දෑහැට නොපෙනි යනවලා මෙතනින්..

පබා මගෙ නිකට මිරිකුවා

මේ අහනවා කෙල්ලො නෑ කියලා නෙමි තමුසෙගෙ පස්සෙන් එන්නෙ..මන් තමුසෙට ආදරෙ නිසයි..තේරුනාද..

ආදරෙ මට ඕනි නෑ තමුසෙගෙ ඉලව් ආදරෙ ඕනි නෑ..තමුසෙවත් තමුසෙගෙ කවෘවත් දකින්න මට ඕනි නෑ..යනවලා..යනවලා

හොදයි යන්නම්..මතක තියාගන්නවා..කෙල්ලො නැතිවට තමුසෙගෙ පස්සෙන් එන්නෙ නෑ..පාරෙ ගියාම තමුසෙට් වඩා හොද ලස්සන පොශ් කෑලි හොයා ගත්තෑකි..ඒත් මන් තමුසෙට ආදරෙයි..ආදරෙ කරනවා..කෙරෙයි..ඒක හැමදාටම එහෙම්මමයි..

ඉතින් හොයා ගන්නවා තමුසෙ පොශ් කෑල්ලක්..මටත් තමුසෙ විතරක් නෙමි ඉන්නෙ..යනවා යනවා..මගෙ දෑහට නොපෙනි යනවා

ඔයාලා දෙන්නා මෙහෙම රන්ඩු කරන්න එපා මන් හින්දා

මේ මට තමුන් එක්ක කතාවක් නෑ

චටාස්

පබා මට කම්මුලට ගහපු දෙවනි පාර අද..

මට මට මගෙ ලමා කාලෙ අහිමි උනා..අද මේ ගෑනි නිසා මගෙ ආදරෙත් නැති උනා…

කම්මුල අතගගා මන් සෙටියෙ ඉදගත්තා..ඔක්කොම අර අම්මා කියන ගෑනි හින්දයි

එක පාරටම හිතට ආව සිතුවිල්ලක් හින්දා මන් නැගිට්ටා..

ඔව් ආයෙ මේ මූනු මට දකින්න ඕනි නෑ..

අනෙ නිසිත මමත් ආදරෙයිි ගොඩක් ආදරෙයි..ඒත් අනෙ ඔයා..

මට තවත් ඔයා දිහා බල බල හූල්ලන්න බෑ..මන් තීරනයක් ගත්තා..

මන් වැරදිද..

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *