32

අචින්තයී අපේ ආදරේ
32

මුලු ලය පුරෝලා ගත්තු ලොකුම ලොකු හුස්මක් හුලගට මුසු කරලා මන් තීරනයක් ගත්තා…තව දුරටත් මට මෙහෙ ඉන්න බෑ..

මම් දන්නවා මන් ගොඩක් නපුරු වෙලා කියලා..ඒ මට මන් ගැනම ඇතු වුනු ආත්ම අනුකම්පාව නිසා..

මට මට ඔයා වයිර කරාවි..මන් දන්නෙ නෑ වියරුවෙන් මන් ඔයාට මොන මොනා කියලා බැන්නද කියලා..තරහා නෑ ..ඔයාගෙ කම්මුල් පාරවල් වලට..ඒත් චුට්ටක් ඔයා මගෙ පැත්තෙනුත් හිතුවනම් ඔයාට දැනේවි මගෙ හැගීම්..

මන් වගේම ඔයත් හිතාවි..මගේම අම්ම වෙන කෙනෙක් වෙනුවෙන් මන් ඉස්සරහා ආයාචනා කරද්දි මන් කොහොම ඉවසන්නද..

මට සමාවෙන්න රත්තරනෙ..මෙතන ඔයා දිහා බල බල හූල්ල හූල්ල ඉන්න මට බෑ..කොහොමටත් බෑ..තරහට මමත් ඔයාට එක එක දේවල් කියාවි..ඔයාටත් තරහා යාවි..

ඔයා දුන්නු ආදරෙ මට මහ මෙරක්..ඒ ආදරෙ මතකෙ තියාගෙන මම යන්නම්..කාටත් හොරෙන්..මට වැඩිය හොද කෙනෙක් ඔයාට ලැබේවි..මන් පින් කරලා නැතුව ඇති ආදරෙ විදින්න..මුලින්ම අම්මගෙ ආදරෙ..දැන් ඔයාගෙ..මන් යනවා රත්තරන්..යනව…මගෙ රත්තරන් හොදින් සතුටින් ඉන්න ඕනී හැමදාම..

මල්ශා,නිරූ අක්කා දාලා යන්න දුකයි..එයාලා මට මගෙම සහෝදරියො වගෙ..ස්නේහා නන්ගි,සෙනුර මල්ලි ඔයාලත් එහෙමයි..තරහක් නෑ..දුකක් ඉරිසියාවක් තියෙන්නෙ..අපිට අහිමි උනු ඒ සෙනෙහස ඔයාලට හිමි උනාට..කවදා හරි මට ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්න ලැබුනොත් කරනවා ..මොකද ඔයාලත් මගෙ සහෝදර සහෝදරියො නිසා..මගෙ රත්තරන් දවසක මාව තේරුම් ගනියි..මන් ආදරෙයි..සමා වෙන්න ඔයාට නපුරු උනාට..

බෑග් එකට මගෙ ඇදුම් පොත් ඔබා ගත්තා..මේ හදිස්සියෙ මන් කොහෙ යන්නද කියලා වැටහීමක් නෑ..අහ් මින්දු..

මින්දුට කෝල් එකක් අරන් ටික දවසක් එහෙ නතර වෙන්න එනවා කියලා කීවා..

අන්තිම පාරට ඒ මූන දැක ගන්න තිබ්බ නම්..ඒත් නෑ ඕනි නෑ..පබාගෙ ඇනෙක්ස් එක ලගට ගිහිල්ලත් ආයෙම හැරිලා ආවෙ ආයෙම අම්මා දකින්න වෙයි කියන බයෙන්..

ඒත් අවාසනාව..පඩිපෙල පාමුලදිම පබායි අම්මයි මූනට මූන හම්බුනා..

මන් බිම බලාන යන්න උත්සහා කලත් පබා මාව අල්ල ගත්තා..

කොහිද යන්නෙ

මන් කට ඇද කරලා අහක බලා ගත්තා..

කියනවා කොහිද යන්නෙ

මන් යන තැන් ඔයාට වැඩක් නෑනි මන් ඔයාගෙ කවුද

කවුද

ඔව් කවුද

මේ අහනවා නෑ කමින් බැලුවොත් මන් තමුසෙගෙ අයියා..තමුසෙ මගෙ ලොකු නන්ගි..ඒ නිසා අයිතියක් තියෙනවා

පබා අතාරිනවා..තමුසෙ මගෙ කවෘත් නෙමි..අතාරිනවා…මට තමුසෙගෙ හුලගක් වත් එපා..

දූ ..

අම්මා අපි දෙනනගෙ මැදට පැන්නා…

දුව මන් හින්දා ඔයාලා තරහා වෙන්න එපා අපි මේක කතා කරලා විසදගමු

ඔයත් එක්ක මට කිසි කතාවක් නෑ..

පබත් අම්මත් කෑ ගහද්දි මන් පාරෙන් පැන්නා…

කන් බිහිරි කරමින් ඇහුනු නලා සද්දෙ මාව ….

සම්මා..නී…
පබා මගෙ නම කියලා කෑ ගහනවා මට ඇහුනා…

පබාගෙ කෑගැහීම,නලා සද්දෙ මගෙ යන ගමන නතර කලා..

මන් හැරිලා බැලුවා..ඇයි මෙ සෙනග වට වෙලා..සෙනග අස්සෙන් මමත් ඔලුව දාලා බැලුවා..

අම්මා

ලේ විලක් මැද අම්මා වැටිලා ඉන්නවා ඒත් ඒත් මෙහෙම..

අනෙ නිසිත අම්මා

යන්..

අම්මව උස්සගත්තු පබා මට අඩ ගැහුවා..අතෙ තිබ්බ බෑග් එකත් එක්කම මමත් පබාගෙ පස්සෙන් ගියා..

අම්මා හැප්පුනු වාහනේටම අපි නැග්ගා..

අම්මා වේගෙන් හුස්ම ගන්නවා..

මෙච්චර කාලෙකට හිතෙ හිර වෙලා තිබුනු ඒ සෙනෙහස මට ආයෙම අම්මව මතක් කලා

මොන වැරැද්ද කලත් දස මාසයක් කුසෙ තියාන ලේ කිරි කරලා මට පෙව්ව මගෙ අම්මා..ලොකු කාලයක් මන් එක්ක නොවුන්නත් උන්නු දුන්නු සෙනෙහස මට අමතක නෑ..

පබාගෙ ඔඩොක්කුවෙ හුස්මක් වෙනුවෙන් සටන් කරන අම්මා දිහා බලන් මන් ඇඩුවා..

අනෙ නිසිත අම්මා

අම්මෙ ..අම්මෙ ඇහෙනවද ඔයාට මාව

මන් අම්මගෙ හිස කෙ අත ගෑවා..පුන්චි කාලෙ අම්මා ලගින් දැනුනු කිරි සුවද මට මේ දැන් දැනෙනවා දැනෙනවා වගෙ..අම්මා ඇස් දෙක යන්තම් ඇරලා මන් දිහා බැලුවා..

අනෙ අම්මෙ ඔයා හොදින් නේද

පබා මුකුත්ම කියන්නෙ නැ..ඒත් එයා අඩනවා මට පේනවා..

අපි හොස්පිට්ල් එකට ගියා ..ගිය ගමන්ම අම්මව තියට එකට ගත්තා..

නිසිත

එයා මට මූන දෙන්නෙ නෑ

නිසිත

යනවා අහකට..තමුසෙ තමුසෙ හින්දයි අම්මට ඔහොම උනෙ..තමුසෙගෙ පස්සෙන් එන්න ගිහින්

අනෙ එතකොට ඒකටත් මන් ද වැරදි..ඇයි පබා ඔයා මාව තේරුම් ගන්නෙ නැත්තෙ

අනෙ නිසිත

මේ අහනවා අම්මට මොනා හරි උනොත් මගෙන් තමුසෙට කිසි සමාවක් නැ..මතක තියා ගන්නවා ඒක

ඔයා ඔයා ඇයි මට බනින්නෙ..ඇයි මාව තේරුම් නොගන්නෙ..මගෙ තත්වෙට ඔයා වැටුනනම් මාව තේරෙයි ඔයාට..ඒත් අම්මා ඔයාගෙ විතරක් නෙමි මගෙත් අම්මා..

එහෙනම් මෙච්චර වෙලා බැන්නෙ

ඔව් බනිනවා තමයි එයාගෙ ඒ වැරැද්දට මන් කවදාවත් සමාව දෙන්නෙ නෑ..ඒත් මට අමතක නෑ පොඩි කාලෙ මට දුන්නු ආදරෙ..මන් දන්නෙ නෑ අම්මා පස්සෙන් ආව කියලා තේරුම් ගන්න මාව..මගෙ තත්වෙට ඔයත් පත් උනානම් ඔයාට මාව තේරෙයි

අපි දෙන්නා එතන රන්ඩු වෙද්දි තියට එක ඇතුලින් නර්ස් කෙනෙක් ආවා

එක්ස්කියුස්මි..මෙතන පේශන්ට්ගෙ රිලේශ්ස්න්ලා ඉන්නවද

මාත් පබත් එක පාරම ඔව් කීවා..නර්ස් අපි දෙන්නා දිහා මූනින් මූන බලලා ආයෙම මෙහෙම කීවා

ලෙඩාට ටිකක් අමාරුයි..වැඩිපුර ලේ ගිහින් තියෙන්වා..ලේ දෙන්න වෙයි..

හරි මිස්

හ්ම්ම් ..

මමත් පබාත් ලේ ගන්න තැනට ගියා..පබා ඒ වෙලේ සුමනාඅම්මට කෝල් කරලා විස්තරෙ කීවා..

පබාගෙ ලේ වර්ගෙ ගැලපෙන්නෙ නෑ කියලා නර්ස් කීවා..දැන් මොකො කරන්නෙ

මිස් මගෙ බලන්න

මගෙ මෙ උත්තරෙ අදහාගන්න බැරි වුනා වගෙ පබා බලන් උන්නා..ඔහොම පුදුමෙන් බලන්න දෙයක් නෑ පබා..මෙ මගෙත් අම්මා..ඔයාව හැදු අම්මා..මගෙ වැදු අම්මා..

වාසනාවට මගෙ ලේ ගැලපුනා..ලේ අරගෙන එතන ටිකක් වෙලා ඉදලා අපි එලියට ආවා…

තියටර් එක ඉස්සරහා මාර ගහ යට බන්කුවෙ අපි ඉද ගත්තා..

අමාරුද

හ්ම්ම් ටිකක්

සමාවෙන්න සම්මානි

මටත්

මට ඔයා තේරෙනවා

හ්ම්ම්

අම්මා පව්

හ්ම්ම්
හ්ම්ම් කියන්න එපා මැට්ටියෙ

එයා ආදරෙන් මගෙ අත පිරිමැද්දා

ඌයි

රිදෙනවද

ටිකක්

මට සමාවෙන්න..මන් ඔයාගෙ පැත්තෙන් හිතුවෙ නෑ..මටත් ඔහොම දෙයක් උනානම් මන් ඔයාට වඩා අන්ත වෙයි

හ්ම්ම්..මටත් සමාවෙන්න..අම්මගෙ වැරැද්දට ඔයා පලි නෑ

කමක් නෑ..ඒත් හිතුවෙ නෑ බැනපු විදියට අම්මට ඔච්චර ආදරෙ කියලා

ඒ මගෙ අම්මා පබා අම්මා..මාව හැදුවෙ නැතිවට මාව වැදුවෙ එයා..එයාගෙ උනුසුම,කිරි සුවද ආදරෙ මට තාම මතකයි..පුන්චි කාලෙ මමයි ලොකු මල්ලියි එයා ලගින් නිදා ගන්න රන්ඩු වෙනවා..චූටි නන්ගි ඉපදුනාට පස්සෙ අපි ගොඩක් අගහිග කම් වලට මූන දුන්නා..ඒත් අම්මා කවදාවත් අපිව බඩගින්නෙ තිබ්බෙ නෑ..ඒත් දවසක් අම්මා අපි ස්කෝලෙ ඇරිලා එද්දි චූටි නන්ගිවත් දාලා යන්න ගිහින් තිබ්බා..අප්පච්චිගෙන් කොච්චර ඇහුවත් එයා කීවෙ නෑ..මන් කොච්චර නිදි මරාගෙන අම්මව හෙව්වද..ඒ උනුසුම..චූටි නන්ගි කිරි ඉල්ලලා අඩද්දි මට කර ගන්න දෙයක් නැති වුනා..මට යන්තම් අවුරුදු හතක් විතර ඇති..පුන්චි මන් මොනා කරන්නද..ටික ටික මන් එයාලට අම්මා වුනා..මගෙ වයසෙ ලමයි අම්මගෙ හුරතලෙ දැවටෙද්දි මන් නන්ගිට මල්ලිට බත් ඉව්වා..මේ තරම් මට උස්ස ගන්න බැරි රෙදි පොට්ටනි පොට්ටනි හේදූවා..අප්පච්චි එක්ක හරි හරියට වැඩ කලා..ඒ ඔක්කොම කරලා ස්කෝලෙ ගියා..ඒත් දන්න්නවද ලමයි අම්මා ගැන කියලා අපිට විහිලු කලා..මමයි ලොකු මල්ලියි හැමදාම ඒ නිසා ඇඩුවා..ඒත් අපි දෙන්නා ඉගෙන ගත්තා..මොකද අසරන අපිට සතුටක් උනෙ ඒක විතරක් නිසා..පුන්චි කාලෙ ඉවර වෙලා මන් කෙල්ලෙක් උනා..ඔයා දන්නවද මන් ලොකු ලමෙක් උන්නු දා මට කිසි වැටහීමක් නෑ .අම්මෙක් නෑ උන්නෙ කියලා දෙන්න මට..නන්ගි මල්ලියි එක්ක මිදුලෙ සෙල්ලම් කලා..අප්පච්චි රෑ ඇවිත් දැක්කමයි මමත් දැන ගත්තෙ..මන් කොච්චර අසරන උනාද .කියා දෙන්න කෙනෙක් නෑ මට..මාව නාවපු දවසෙ තාත්තගෙ අක්කා කියපු වචනෙ දන්නවද..ඕකිත් අම්මා වගේමයි පේන්නෙ නැද්ද රූපේ..අම්මන්ඩි වගේම අඩු වයසින් බැදලා අත්තෙන් අත්තට පනියි කීවා..ටික ටික ලොකු වෙද්දි මගෙ රූපේට මන් වයිර කලා ඒ අම්මගෙ රූපෙම මටත් ලැබුනු හින්දා..ගමෙ මිනිස්සු මාව දැක්කම එක එක කතා කීවා..අම්මා වගේම මමත් කරයි කියලා..අප්පච්චි නොකීවට මන් හොයා ගත්තා..අම්මා අපිව දාලා ගිහින් තියෙන්නෙ වෙන මිනිහෙක් නිසා කියලා..මට අම්මව ඕන උනා..මගෙ යාලූවො එයාලගෙ අම්මගෙ ආදරෙ ලබද්දි .එයාලගෙ අම්ම එක්ක යාලුවො වගෙ ඉද්දි මට උනෙ අඩු වයසින් නන්ගිට මල්ලිට අම්මෙක් වෙන්න…හැමදාම රෑට අහස දිහා බලාන අප්පච්චි හූල්ලනවා .මමත් එහෙමයි..චූටි නන්ගි හීනෙන් අම්මා කියලා කෑගහනවා ..ටික ටික තේරෙද්දි අම්මා කියන වචනෙට මන් වයිර කරන්න පටන් ගත්තා..අපිව දාලා ගිය අම්මා වෙනුවෙන් තිබ්බෙ තරහවක් විතරයි..

ඊයෙ අම්මව ඔයාලගෙ ගෙදර දකිද්දි මට ඉවසුම් නැතිව ගියා..මුලින් සතුටු හිතුනා ආදරයක් හිතුනා..මන් එයා වගේම නිසා එයා බය උනා මිසක් එයාට බැරි වුනා මාව අදුර ගන්න..අපෙන් ගිලිහුනු ඒ සෙනෙහස ඔයාලට හිමි වෙලා තියෙනවා දැක්කම ඉරිසියාවක්..වයිරයක් තරහවක් ආවා..ඒ එක්කම අපිට ලැබෙන්න ඕන සැප නේද ඔයාලා මේ විදින්නෙ කියලා හිතුනා..

එයා අපෙ ඇනෙක්ස් එකට ආවම මන් හිතුවෙ මන් ගැන ආදරෙන් ආවා කියලා ඒත් ඒත් එයා ආවෙ ඔයා වෙනුවෙන්..මන් කොච්ච්රු එයාට දුරස්ද..මන් කොච්චර අසරන වුනාද

මාව තේරුම් ගන්නෙ නැතුව ඔයත් මට රිද්දුවා..මන් වැරදිද කියලා මගෙ පැත්තෙන් හිතලා බලන්න..මන් අසාදාරනද කියලා

හ්ම්ම් මට තේරේනව්ව..සමා වෙන්න මට..

හ්ම්ම්

ඉස්සරහට මොනා වේවිද මන් දන්නෙ නෑ..ඒත් ඔයාලා දිහා බල බල මට මෙහෙ ඉන්න බෑ

ඇයි ඒ..ඇයි ඔයා එහෙම කියන්නෙ

ඉන්න බැරි නිසා

ඒ කියන්නෙ ඔයා මාව දාලා යනවද

හ්ම්ම්

එතකොට මට දුන්නු පොරොන්දු

ඒ පොරොන්දු දුන්නෙ ඔයාට නෙමි

හෑ යකො ඒක මාර කතාවක් නෙ ..එහෙනම් කාටද පොරොන්දු දුන්නෙ

මන් දුන්නෙ නිසිත පබසර කියන මගෙ ආදරනීය ඉසකුඩිච්චියට

හෑ යකො ඒ කවුද..එතකොට මන් කවුද

ම්ම් අද දවල් දොලහට කලින් නම් ඒ ඉස කුඩිච්චිය ඔයා

එතකොට දැන්

මන් එද්දි මට පඩිපෙල ගාව නිසිත පබසර කියන කෙනාව හම්බුනා..ඒත් මට වරදිලා..ඒ අර ඉසකුඩිච්චි පබා නෙමී

එහෙනම් කවුද

මගෙ අයියා..එයාමයි කීවෙ..මන් එයාගෙ ලොකු නන්ගි කියලා

හෑ ඔව් නෙ..

පබා ඒ පාර නල්ලට පාරක් ගහගත්තා..මෝඩයෙක් වගෙ ඔලුව කසනවා..

ඒ ඔයා යන්න හදපු නිසා..එහෙම කීවම ඔයා නවතියි කියලා හිතුනෙ

නෑ ඉතිම් ඒකනි ඇත්ත..ඔයා අයියා මගෙ මන් ලොකු නන්ගි

මෝඩි ආයෙ අයියා කීවොත් මරනවා

හා ලොකු අයියෙ

මොකක්ද කීවෙ

අයියා

හොද නන්ගි..මේ අහනවා..මන් තාම මැට්ටිගෙ මහත්තයා..ඒ වෙලේ කටට ආව එක කීවා මිසක් එච්චර හිතුවෙ නෑ..තමුසෙ මගෙ නන්ගි නෙමි..නන්ගි වෙන්නත් බෑ..තමුසෙ මැට්ටි මගෙ ගෑනි..මගෙ බබාලා පස් දෙනාගෙ අම්මා..තේරුනාද

හා අයියෙ

මොකක් කියනවා බලන්න ආයෙ

අයියා..ලොකු අයියා පබා අයියා..නිසිත් අයියා

මරනවා අයියා කීවොත් .ඔය කටින් මට අයියා කීවොත් ත්ලනවා කට..අනික අපෙ අම්මලා තාත්තලා එක්කෙනෙක් නෙමී නෙ..නන්ගි නෙමි මගෙ නෝනා..තේරුනාද

අයි..

මට ඉතුරු ටික කියන්න නොදීම පබා මගෙ කට වැහුවා

මගෙ මූනට ඒ මුන ලන් කලා

මෝඩි මෙතන සෙනග නොවුන්නනම් මන් කනවා තමුසෙගෙ කට..උරනවා ලේ..තේරුනාද

අහ්..අය්

මොකද

මගෙ කට වහන් ඉන්න හින්දා මට කියන්න විදියක් නෑ..මන් අතින් පෙන්නුවා..

මිස්..

බැරෑරුම් මූනක් එක්ක අපි දිහා බලන් උන්නෙ තියට එකෙන් එලියට ආව නර්ස්..

–මතු සම්බන්දයි– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *