33. වන කොටස.
මියෙදෙන තුරා..
*කාටහරි අැහුනොත් සෝමේ මාමා මට බේබි කියනවා. හැමෝම දැන ගනී මම තමා වලව්වෙන් පැනලා අාපු බේබි කියලා.*
*දැන් කියන්නකෝ බේබි වලව්වෙන් පැනලා අාපු හේතුව මොකද්ද කියලා. අපේ ලීලාවතී නංගී දන්නවද දුව මෙහෙ අාපු බව.*
*ඒක පාරින්ම මට දු.. කියන්න පටන් ගත්තේ. මගේ හොද සෝමේ මාමා.*
*ලොකු ෙබ්බි කොහොමත් මගෙම දරුවෙක් වගේ තමයි.*
*අායි ලොකු බේබි කියනවා.*
*හරි හරි දූ. *
*ලීලම්මා දන්නේ නෑ සෝමේ මාමේ. මම කිව්වෙ නෑ.*
*අනේ දැන් ඒකී වැළහින්නක් වගේ අඩා වැටෙනවා අැති දැන .*
මම සෝමේ මාමාත් සමග සිදු වූ සියල්ල විස්තරාත්මකව කියා සිටියා. මොන දේ කිව්වත් මගේ අසනිපය ගැන නම් සෝමේ මාමාටවත් කිව්වේ නෑ.
*ඉතිං අැයි දු. සුමේධ මහත්තයට අකමැතියි. ඔය කියන තාලෙට ඒ කොලුවගේ අැති වරදක් නෑනේ.*
*ඒකට හේතුවක් තියෙයි සෝමේ මාමේ . දවසක හැමෝටම දැන ගන්න ලැබෙයි. සෝමේ මාමා අකමැතිද කියන්නකෝ මම මෙහෙ ඉන්නවට.*
*මම කැමතී ලොකු බේබී.*
*අායි ලොකු බේබී කියනවා.*
අසුනෙන් හිටගත් මම වසා දාමා තිබු ජනේලය අසලට ගියා. කාලෙකින් ජනෙල් පියනේ අගුල අැරලා නෑ මළකඩක් කාලා. මම අමාරුවෙන් ජනෙල් පියන් දෙක විවෘත කලා. තවමත් පරිසරයේ වුයේ මද හිරු ඒළියක් පමණයි. මන්ද තවමක් වෙලාව උදැසන හත පසු වූවා පමණක් නිසාවෙන්.
*ලොකු බේබී මම උදෙට කන්න ඉදි අාප්ප ටිකක් අරන් ඒන්නම් කඩේට ගිහින්. දැන් ඉතින් සැප නෑ. අපට තියෙන විදිහට තමා කලා ඉන්න වෙන්නේ.*
*අර හිර ගෙදර ඉන්නවට වඩා මට මේ සැප නැති ජීවිතය හොදයි සෝමේ මාමේ. ලොකු මල්ලී ඒයිද අායි මෙහෙ.*
*ලොකු බේබි බය නොවී ඉන්න. ඒයා අවොත් මම බලා ගන්නම්. ලොකු බේබී යන්න අකමැතිනම් මම අායි කටත් බේබිව බලෙන් අරන් යන්න දෙන්නේ නෑ.*
*සෝමේ මාමා නැති වෙලාවක අාවොත්.*
*බේබී බය නොවී ඉන්න. මම ගේ පෙන මානෙන් තමා දවසම ඉන්නේ. ගෙදරට මොකද ඒන්නේ මම දන්නවා.*
සෝමේ මාමා අැද සිටි සරමටම කමිසයක් අැගලාගෙන නිවසින් පිට වී ගියා.ඉන් පසු මම ගියේ නිවසෙහි වු ඒකම කාමරයට. දෙවියනේ ශාමලී පැදුරු කෑල්ලක බිමි වැතිරිලා ඉන්නවා. මට අෑ අසලට යන්නටත් බය හිතුනේ අැය පුංචී ළමයෙක් වගේ අැග වැහැරිලා ගිහින්. කාමරය තුළන් අාවේ අප්‍රසන්ද දුගදක්. කිසිත් නොතැකු මම ශාමලි ළග දන ගහගෙන අැගේ මුහුනට ඒබුනා.
*ශාමලී…*
මගේ හඩ අැහෙත්ම අැය මළානික දෑස් දල්වා මා දෙස අමාරුවෙන් බැලුවා. මා දෙස ටික මොහොතක් බලා වුන් අැගේ මුහුනේ පද සිනාවක් අැදුනා. ඒ සිනහව කිව්වේ අැය මා හදුනා ගත් බව.
*ශාමලී.. ඔයාට කොහොමද?*
*ලො… කු.. බේ…*
*අනේ මට ලොකු බේබී කියන්න ඒපා ශාමලී. මම දැන් ලොකු බේබී නෙමෙයි මම අායි කවදාවත් ලොකු බේබී වෙන්නෙත් නෑ. මම අාවේ ඔයා ළගටම වෙලා ඉන්න.*
*අ…නේ… ලො..කු…*
*අනේ ශාමලි මට නිල්මී කියන්න ඉස්සර ඉස්කෝලෙදී වගේ.*
*නි…ල්..මී..*
අැගේ නෙතින් කදුළු වෑස්සුනා. නමුත් අැගේ මුහුනේ තිබුනේ සිනහවක්. මාව දැකීමම අැයට සැනසීමක් වී බව මට දැනුනා.
*ඔයාගේ නිල්මී ඔයාගේ ළගින්ම ඉන්නවා ශාමියෝ.*
අැගේ කදුළු පිස දැමූ මම අෑ ළගින් නැගිට කාමරේ ජනේලයද හැර දැමුවා. උදා හිරු ඒළිය ජනෙල් කවුළුවෙන් කාමරය වෙත කාන්දු වුනා. ශාමලී අමාරුවෙන් හිස හරවා ඒ දෙස බැලුවේ හරිම අාසාවෙන්.
*ඔයාට බඩ ගිනීද ශාමී. සෝමේ මාමා ගියා කෑම ගෙන්න.*
අැය බඩගිනි නෑ යැයි මුහුන වනා ඉගි කලා. මා හිටි සුදු අැදුම අැදගෙන නිවස අස් කිරීම අපහසු බව තේරුම් ගත් මම ශාමලිගේ කුඩා අල්මාරය හැර බැලුවා. සේරම අවුස්සලා දාලා. ඒකෙන් අැදුමක් තෝරා ගත් මම ඒය අැද ගත්තා. ඒය දනහිසට වඩා පොඩ්ඩක් පහළට දිග කළු පසුබිමෙහි කහ මල් වැටුණ චීත්ත ගවුමක්.
ඉන් පසු මම ගියේ කුස්සිය දෙසට. කුස්සිය ගෙයි අනිත් කැන් වලටත් වඩා අපිරිසිදුයි, පිළණු ගදයි. කුඩා නිවසක් වුනත් කුඩාවට පොරණුවක් බැද ලිප සකස් කර තිබුනා. නමුත් ලිපේ ගා තිබූ මැටි ගැලවි ගොසින්, පිගන් කොල්ල ගත් ගත් කැන් වල ,ඉදුල් වතුර කොරහක් පිලිණු වෙලා, පෝරණුව අසල වු කුණු භාජනය පෙරල ගෙන පුසෙක් කන්නට යමක් සොයනවා. මේ තත්වයෙන් ගොඩ ඒන්නය හුගක් මහන්සි වෙන්න වෙයි කියලා මම තනියම හිතුවා. මම මුලින්ම නිවසින් බැහැරට ගොස් බැලුවේ වතුර සපයා ගන්නේ කෙසෙද කියලා. විශාල ගල් කීපයක් අතර ගසා තිබූ පිල්ලක් දිගේ පිරිසිදු ජලය ගලා අාවා. පීල්ල යට දෙකය කපන ළද ප්ලිස්ටක් බැරලයක් ජලය රැස් විමට තබා තිබුනා. බැරලයට පිරුණු ජලය හතර වටින් උතුරා ගියා.
ඉන් පසු නැවත කුස්සියට අතුළු වූ මම ඉදුල් වතුර භජනය විසි කරන්නට රැගෙන ගියේ නාසය හකුලාගෙන. මට නිවසක වැඩ කිරිම පිළිබද කිසිම අත්දැකිමක් තිබුනේ නැ. මන්ද යත් කිසිදා අප කුස්සිය දෙසටවත් යනවාට අම්මා අකමැති වූ නිසා. කෙසේ හෝ මම මේ ජිවිතයට හැඩ ගැසිය යුතුයි. මගේ අහිංසක මිතුරියට යලි දෙපයින් නැගිටන්නට වාරු දිය යුතුයි. මම හිත දැඩි කරගෙන පිගන් කොප්ප අනිකුත් භාජනද පිල්ල ලගට රැගෙන ගොස් සොදා පිරිසිදු කලා. ළිප වටේම තබා තිබු ඉදුල් වලන් පීල්ල අසලට ගොස් දැමු මම කොස්සක් ගෙන කුස්සිය අතු ගා දැමුවා.
වතුර උණු කීරිමට අවශ්‍ය බව සිතු මම දැලි වලින් කළු වි තිබූ කේතලය ගෙන වතුර පුරවා ලිප මත් තැබුවා. පොරනය යට වූ දර කෑලී කිපයක් ලිපට දමා. ලීලම්මා අවුලන අාකාරය දැක අැති නිසා ඒ විදියට ලිප අවුලන්නට උත්සහා කලා.
* ලොකු බේබි .. ලොකු බේබී. කෝ මේ දරුවා.*
සෝමේ මාමා කුස්සිය දෙසට ඒන විට මම අාපසු හැරි බැලුවා. කුස්සිය පුරා දුමෙන් වැහිලා ගිහින්. මම දැක්ක වහාම සෝමේ මාමාට හොදම හිනා.
*මොකද සොමේ මාමේ.*
*පොඩ්ඩක් අල්මාරියේ කණ්නාඩියට ගිහින් බලන්නකො තේරෙයි. *
*අැයි මක් වෙලාද?*
*මූනේ දැලි පැල්ලම්. ඔලුව පුරා අළු ලිපට පිබලා. ඔය දරුවට ඔය වැඩ කරන්න බෑ. මම කරන්නම් ඉන්න.*
* අනේ මටත් අාසයි සෝමේ මාමේ මේවා පුරුදු වෙන්න.*
මම හිසේ වූ අළු ගසමින් කියා සිටියා..
*කොයි දේත් පුරුදු වෙන ඒක නම් හොදයි තමයි. බේබි හිතුවෙ නෑ කවදාවත් මේවගේ තැනක ජිවත් වෙන්න වෙයි කියලා. ජීවිතේ ඔහොම තමා හිටි ගමන් වෙනස් වෙනවා. අපිට ඒවට හැඩ ගැහෙන්න වෙනවා.*
ඒක වරම ලිප අැවිල වු ඔහු සිනා සී මා දෙස බැලුවා.
*ලොකු බේබි කුස්සිය සේරම අස් කරලා නේද කොප්ප පිගන් ටිකත් හොදලා. මට මේව සුද්ද කරලා තියා ගන්න අාසාවක් තිබ්බේ නෑ ළමයෝ. අපේ කොල්ලා අාවම තමා මේවා පොඩ්ඩක් පිළිවෙල කරලා. යන්නේ. උෟත් ඒන්නේ දුවන්න බලාගෙන.*
*මටත් අාසයි මල්ලිව දකින්න.*
*මේ දරුවා ඔය තෙත අැදුම මාරු කරන්. මුනේ දැළි ටිකත් හොදන් ඒන්න කෑම ටිකක් කාලා ඉන්න. මම උදවු වෙන්නම් මේ දරුවට ගේ පිළිවෙලක් කර ගන්න.*
මුණ අතපය සොදා ගත් මම තව අැදුමක් මාරු කර ගත්තා. ඉන් පසු සෝමේ මාමා ගෙන අා ඉදි අප්ප ශාමලීටද කවා මමත් අාහාරයට ගත්තා. සොමේ මාමා මම ශාමලිට කවන දිහා බලාගෙන කදුළු සැලුවා. මම දන්නවා ඒ කාලේ ඉදන්ම සෝමේ මාමා ශාමලිට අාදරෙයි. දැන් වත් මේ මනුෂ්සයට සැනසිමක් ලැබෙයිනේ.
හවස් වන විට නිවස පිළිවලට පිරිසිදු කර ගත්තේ සෝමේ මාමාගේද උදව්ව අැතුව. ඔහු ඉතා කැමැත්තෙන් ඒ වැඩවල නිරත වුනා. මිදුල පුරා පොළවට පොර වෙමින් තිබූ ඝන කොළ තට්ටුවද අතු ගා පුළුස්සා දැමුවා. දැන් නිවසම කල ඒළි වෙලා. ශාමලිද සෝම මාමාගේ උදව් අැතිව උණු දියෙන් නහවා පිරිසිදු කර අලුත් අැදුම් අළුත් රෙදි මත හාන්සි කළා. අැය අමාරුවෙන් අකුරු ඒක කර කියා සිටියේ ” ලොකු බේබී මට පව් සිද්ද වෙනවා ඔයා ලව්වා මේවා කර ගත්තම” කියලා පමණයි.
දවසම වෙහසුන නිසා මට දැනුනේ විශාල විඩාවක්. මගේ සිරුරට පුරුදුත් නෑ මෙහෙම වෙහෙසී වැඩ කරලා. මහන්සි නිවා ගන්නට සිතු මම ශාමලි ළගින් ටිකක් වාඩි වෙලා කතා කරමින් ඔන්න. අැයට කතා කරන්නට තරමක් අපහසුයි. ශරීරයේ ශක්තිය වැහැරිලා ගිහින්. මම අසන දෙවල් වළට අැය ඉගි කලා පමණයි.
*ලොකු බේබි.*
*අනේ සෝමේ මාමේ මට ලොකු බේබි කියන ඒක අත් අරින්නකෝ. මම දැන් ලොකු බේබි නෙමෙයි.*
*හරි හරි දරුවෝ ඒක පාරට වෙනස් වෙන්න බෑනේ.*
*අාන්න ඒහෙම වත් කතා කරන්න.*
*මම පොඩ්ඩක් කඩේ පැත්තට ගිහින් ඒනනම් . රෑට උයන්න දේකුත් අරන්.*
*හා හොදයි සෝමේ මාමා. අද නම් බොන්න ඒපා හොදද?.*
*හරි හරි දරුවාේ මම බොන්නේ නෑ.*
ඔහු පිට වි ගියා. සවස හයටත් කිට්ටු වි නිසා මම උයන්නට ඔනේ යැයි සිතුවා නමුත් මම උයන්නට දන්නේ නෑ. මම කුස්සිය පැත්තට ගොස් සහල් අැද්දැයි සොයා බැලුවා. ඒවිට ශාමලීගේ කාමරය දෙසින් අැසුනේ පිරිමි කටහඩක්. මම පුදුමයෙන් කාමරයේ දොර අසලට ගොස් බැලුවා. මට පිටු පා ශාමලි ළග වාඩි වි සිටි ඔහු, ශාමලි සමග කතා කරමින් සිටියා. ශාමලිත් සිනා මුසු මුහුණින් ඔහු කියන දේ වලට ඉගි කලා.
ඊ ළග කොටසින් හමු වෙමු…