🌸🌸මියුලැසියේ🌸🌸 33 වන දිගහැරුම (අවසාන කොටස)

කෙල්ලගේ කෑ ගැහිල්ලට සෝනු ඇදෙන් බැහැහත්තා නොව ඇදෙන් පැන්නා…..කොල්ලා කොහොමත් ඈ ඉන්නා තත්වය නිසාම නින්ද ගියත් හිතේ හෝදිස්සියෙනුයි උන්නේ….කෙල්ල සයනයට ටිකාක් එහාට වෙන්නට වැටී ඉන්නවා දුටු කෝල්ලාට උන් හිටිතැන් අමතක උනා….

එහෙම්ම තම දෑතට ඈව ඔසවාගත් කොල්ලා ගෙදරටම කෑගසාගෙන ඩ්‍රයිව අන්කල් සමග රෝහලට ගමන් ගත්තේය…..ඒ අතරතුර ඔහු වෛද්‍යවරයාද දැනුවත් කලේය….

යනකම් කෙල්ල දිහාම බලන් උනනු ඔහුගේ දෑසින් කදුලු ඇද වැටෙන්නට විය….තමා සමග ආදරණීය ජීවත් වූ තම ආත්මයටම කාන්දු වූ මේ ගැහැණු ආත්මයට ඔහු අසීමාන්තිකව ප්‍රේම කරන්නට විය….

“අනේ බනා ඇස් අරින්න මැනික….අනේ බලන්න මම දිහා…ඔයාගේ අයියා අඩනවනේ බලන්නකෝ….ප්ලීස්…ප්ලිස්ස්….”

කොල්ලා වාහනයේ තිබූ වතුර බෝතලයක් රැගෙන කෙල්ලගේ මුහුණට ඉසිමින් උත්සාහ කළේ කෙල්ලගෙ සිහිය මදකට හෝ ලබා ගන්නටයි…..සීසර් සැත්කමකින් මාස නවයට කලින් ගන්නට උන් දරුවන් මාස අට සම්පූර්ණ වන්නටත් පළමුව ස්වබාවිකව ඒමට උත්සාහා දැරීම සොනූ ගේ සිත බියෙන් මුසපත් කලා….

කෙල්ල මදින් මද ඇස් විවර කලා …..කොල්ලට මද සැනසීමක් දැනුනා….පෙරදා සතුටින් බෝල වී දිලිහුනු ඇස් ඈ ඇරන් පවා ඉන්නේ ඉතා අපහසුවෙන්….සෝනුගේ හිත කඩන් වැටුනා ඈගෙ මලානික පෙනුම දකිද්දී…..මවක් වීම කෙතරම් අමාරුද?ඔහුට තම මව කෙරේද දැනුනේ නොනිම් ආදරයක්….

“මැනික…අමාරුද වස්තුව…තව ටිකයි…ඉවසන්න මැනික…මම වෙනුවෙන්..අපේ බබලා වෙනුවෙන්….”

කොල්ලා චිනූගේ මුහුන අතගාමින් පවසන්නේ කදුලුබැස් වලින් බේරෙමින්….
චිනූ වේදනාවෙන් කෙදිරි ගෑවේ සෝනුගේ කදුළු ඇගේ අතින් පිසලන්නට උත්සාහ දරමින්…කොල්ලා ඒ අතක් ගෙන ඔහුගේ දෙතොලට තදකර තබා ගත්තා…..

“මට සමාවෙයන් රත්තරනේ….මම ආදරෙයි මැනික…ආදරෙයි…ඉවසන්න තව ටිකයි……”

“අයියේ….ම්…ම්..ම්මාත් ඔ..ඔයාට ගො…ගොඩා…ක්ක් ආදරෙ…යි….ම..මට මො..නාහරි …උ..නොත් බබාල..ව ආදරෙන් බලාගන්න….හොදේ…..”

කෙල්ලඒ ඇස් දිහා බලන් කීවේ වේදනාවෙන්……

“අනේ ඔයාට මොනාත් වෙන්නේ නෑ….කතා කරන්න එපා…..ඔයාට අමාරුයි…..ඉවසන්න කියන්න බෑ….ඒත් දරාගන්න මගෙ අම්මි…..”

කොල්ලා හැකිතාක් ට්ගම දුක දරාගෙන රෝහල වෙනකම්ම ඇය හා දොඩමලු වෙමින් ආවා….රෝහලට එද්දී ඈව ලේබරූම් ගන්නට හෙදියන් වෛද්‍යවරයා සූදානම් කර තිබ්බා පෙර දැනුවත් කළ නිසා….

“මෙයාට අමාරු වෙලා කියන්නේ බබාලා නෝර්මල් එන්න හදන්නේ මිස්ටර් ඒකනායක…..ගන්න නස් මෙයාව ඉකමන්‍ට…මිස්ටර් ඒකනායකට එන්න පුළුවන් ඩිලිවර් එක බලන්න……”

කොල්ලාටත් යාමට හැකිවුනා ප්‍රසූතිය බලාන්න මෙය පුද්ගලික රෝහලක් නිසා….සිත කෑගැහුවා ඔහුගේ මලක් මෙන් අත පත ගෑ ගැහැනිය වේදනා විදිනු හැකිදැයි බලන්නට තමාට හැකිද කියා….

නමුත් සිත දැඩි කරන් ඔහු නස් කෙනෙක් දුන් ඇදුම හා හිස් වැසුම් මුක ආවරණ යොදාගෙන ප්‍රසූතිකාගාරයට ඇතුල් උනා….

තමාගේ බිරිද වේදනාවෙන් කෑ ගසමින් තම ලෙයට උපත දෙන්නට විදින මේ වේදනාව තම පිරිමි සිතට බර වැඩියැයි ඔහුට සිතුනා……ඇදේ කොනක් කොල්ලා තද කර අල්ලා ගත්තේ දාඅස් තදකරලා පියාගන්න ගමන්….ඔහු කෙදිනකවත් නොමැතිව නොපෙනෙන දෙවියන් යැද්දා…..

“මිස්ටර් ඒකනායක….සිටුවේශන් එක ටිකාක් සීරියස්….අපිට බබාලා දෙනවම බේරගන්න බෑ….එක්කෙනයි පුලුවන්….වෙන්නම බේරන්න හැදුවොත් අම්මට කරදරක් වෙයි….ඉක්මට කරන දේ තිරණය කරලා මේකට සයින්කරන්න….”

වෛද්‍යවරයා කියද්දී කොල්ලාගෙ සිත කඩාවැටුනා…නමුත් චිනූ නොමැතිව තමාත් නැතැයි ඔහු හොදටම දන්නවා…….තව දරුවන් හදාගත හැකිය මව ඉන්නවානම්…..ඔහු සිත දැඩි කරන් මව සහ දරුවෙක් බේරීමට අත්සන් කොට ඉන් පිටව ගියේ හිත විලාඔඅ තියද්දියි…..

තප්පර විනාඩි ගෙවී යද්දී නොසන්සුන් සිත කොල්ලා හීලෑ කරගත්තේ අමාරුවෙන්…..ඒ වන විටත් එතනට පැමිනි මව්පියන් ඔහුව අස්වසන්නට උත්සාහ කලා….නමුත් කෙසේනම් සිත එකග කරගන්නද ඔහු….

පැය දෙකක් පමැන ගෙවෙද්දී වෛද්‍යවරයා එලියට එද්දි කොල්ලගේත් අනෙක් අයගේත් හදගැස්ම වේගවත් උනේ අසාමාන්‍ය ලෙස….

නමුත් වෛද්‍යවරයා සිනාවෙන් ඔවුන් අසලට ආවේ….

“කන්ග්‍රැජුලේශන්ස් මිස්ටර් ඒකනායක….ඔයා ලකී මෑන් කෙනෙක්….ඔන්න දැන් ඔයා දරුවෝ දෙන්නෙක්ගේම තාත්තා කෙනෙක්…….”

කොල්ලාට උන් හිටි තැන් අමතක උනා….සතුට දරාගත නොහැකිව වෛද්‍යවරයා ව වැලදගත්තා….

“මොකද්ද කියන්නෙ ඩොක්ටර් ඔයාට…පින් දෙන්නම් මගේ පැටවු දෙන්නයි මගෙ කෙල්ලවයි බේරලා දුන්නාට…..”

“ඉට්ස් ඕකේ ඒකනායක….යන්න ඔයා විතරක් දැනට ගිහින් බලන්න….අනිත් අය වෝඩ් එකේදි බලාන්න දැන් වෝඩ් දානවා….”

කොල්ලා ඇතුලට ගියේ මිටින් හල කුරුල්ලෙක් වගේ…..යද්දී ඒ සුන්දර මුහුණ වේදවෙන් උනත් මලක් මෙන් ආයෙමත් විකසිත වෙලා…..ඈ මවක් දැන්….දගකාර බටු ඇටේ දරුදන් දෙදෙනෙකුගේ මවක් වෙලා……

සෝනු ඈ ළගට ගියේ ආදරෙන් ඈ දෙසම බලන්….ඈත් ඔහුගේ දෑස් දෙස බලා උනා….

“තාත්ති….”

ඔව් කෙල්ල කොල්ලට මෙතෙක් කාලෙකට කතාකළ ආදරණීයම ආමන්ත්‍රණය …..කොල්ලගේ දෙනෙත් තෙත් උනා….ඔහු නැවී සෙමින් ඇගේ දෙතොල් මත හාදුවක් සටහන් කලා…..

“මගේ චූටි කෙල්ල අම්මියෙක් වෙලා……ආදරෙයි මැනික පණ වගේ……පින් ඔයාට මගේ ජීදිතේට හාමදාම සතුට ගේනවට…….”

මෙසේබ්පැවසූ කොල්ලා බැලුවේ අසල කුඩා සයනයේ ඉන්න තම චූටි දෝනියත් ච්ටි පුතු පැටියාත් දෙසයි….

ඉදින් ඔහුත් ඇයත් සැනසීමෙනි……ආදරණීය කැදැල්ල ඔවු සැමදා සතුටින් පුරවා තබා ගනු ඇත….

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අවසරයි සමුගන්නට සෝනුගේත් චිනූගේත් ආදරණීය කතාවෙන්……ඉතින් කොටස් 33ක් පුරා මා එක්ක උන්නු ඔයාලා හමෝටම ආදරෙයි ගොඩාරියක්…..අදනම් බලන හැමෝගෙන්ම වචනයක හරි කමෙන්ට් එකක් ඕනී…. 

11 Comments

    1. ගොඩක් ලස්සන යි ඇත්තෙන්ම අවසානයේ ඇස් දෙකට කදුලු ත් ආවා
      හරි ම ලස්සන යි ඔයාට ත් බුදු සරණයි
      තව තවත් මේවගේ ලස්සන කතාවක් දෙන්න 🌺👍❤️💐💐💐💐💐💐💐🌺

Leave a Reply

Your email address will not be published. Required fields are marked *