34. වන කොටස..

මියෙදෙන තුරා…

මා නොදන්න මුත් ඔවුන්ගේ පවුලේ මිතුරෙක් විය යුතුයි. නැතිනම් කිසි බයක් සැකක් නැතුව කාමරය අැතුලටම ඒන්නේ නෑනේ. මම ඔවුන්ගේ සංවාදයට බාධාකලේ නැ. කවුරු වුනත් පවුලේ නෑදෑයෙන් වෙන්නට අැතැයි සිතු මම නැවතත් කුස්සිය දෙසට ගියා.
විශාල මැටි වළදක දමා තිබු සහල් වගයක් මට හමු වුනා.උයන්නට අවශ්‍ය ප්‍රමාණයක් නොදන්න මුත් ඒහි වු කෝප්පයෙන් අැයි සිතෙන තරම් සහල් කොරහට දා ගත් මම පිල්ල දෙසට යන්නට සැරසුනා.මුළු පරිසරයම අදුරු වෙලා. වැස්සක පෙර නිමිති පහළ වෙලා තිබුනා.
*මේ නිල්මිණි වෙන්න ඔනේ.*
පිටු පසින් අැසුනු ගොරෝසු කටහඩ නිසා මම අාපසු හැරී බැලුවා. කොහොම අදහන්නද? විජී අයියා. මම නෙත් විසල් කරගෙන පිළිමයක් සේ බලා වුන්නා.
*ලොකු කුමාරිහාමිනේ මේ . අප්පේ මොකද වලව්ව අැති වුනාද?.*
සිනාසෙමින් මා අසලට අා ඔහු. මගේ මුහුණට ඒබෙමින් සරදම් සිනහවක් පෑවා.
*මොකද ලොකු කුමාරිහාමී මන්ත්‍රී බේබී පැන්නුවද ගෙදරින්. කෝ කට. අැත්තට කතා කරන්න බැරිද? මට මතකයි ඒදා පාරෙදි හමුබුන දවසෙත් කතා කලේ නෑ.*
සැබවින් මම සිටියේ බියෙන්. දැන් ඉතිං ඉවරයි. අපේ ගේ ඉස්සරහට ගිහින් මේ මිනිහා මම මෙහෙ බව ගමම දෙවනක් කරලා කියයි. මේ නාදුනන මිනිහා මෙහෙ මක් කරනවද?. සෝමේ මාමාටත් පිස්සුද මන්දා. ගෑණු ළමෙක් ඉන්න ගෙදරට මේ පිරියෙක් ගෙන්න ගන්න.
*මොකෝ මොකෝ බය වෙලාද? නිල්මිණි නගා වචනයක් දෙකක් දාන්නකෝ කට හඩවත් අහන්න.*
*අනේ විජී අයියේ මම මෙහෙ බව නම් අපේ ලොකු මල්ලිට කියන්න ඒපා.*
*අප්පට සිරි මගේ නමත් දන්නවා.*
මේ මනුස්සයා නම් මොන ජාතියේ මිනිහෙක්ද මන්දා. හොදයිද නරකයිද කියලා වත් මට හිතා ගන්න බෑ.
*හරි හරි මම නොකියා ඉන්නම්කෝ . නිල්මිණි නගා කැමති මෙහෙ ඉන්න නම් ඒක ඒ විදියට වෙයි.*
මේ මනුස්සයා හරියට කතා කරන්නේ මාව උපන් දා ඉදන් දන්නා වගේනේ. මට තවත් කියන්නට දෙයක් සිහියට නොඅා නිසා ඔහු කතා කරන තුරු බලා සිටියා.
*නිල්මිණී නගා මෙහෙට අාපු හේතුව නම් මට දැන ගන්න ඔනේ නෑ. මම හිතනවා ශාමලී නගා වෙනුවෙන් ඒන්න අැත්තේ කියලා . කොහොම වුනත් දැන් අපිත් ඒක්ක තමා ඉන්න වෙන්නේ.*
*ඒ කිව්වේ ඔයත් මෙහෙද ඉන්නේ.*
ඒ පැණය මගේ මුවින් පිටවුනේ මම සිතන්නටත් පෙරයි. ඔහුගේ සිනහව ඒ වචනයත් සමග තවත් ත්‍රීවර් වුනා.
*ඔව් අැයි. අපි ඒක්ක ඉන්න බයද? *
*නෑ නෑ ඒහෙම ඒකක් නෑ.*
*නිල්මිණි නගා බය වෙන්න ඒපා. මම මෙහෙ ඉන්නේ නෑ. මම ඉන්නේ කොහෙද කියන්න කවුරුත් දන්නේ නැ.*
* කොහෙද ඔයා ඉන්නේ.*

*ඒක නම් කියන්න වෙන්නේ නෑ. උයන්නද යන්නේ කුමාරිහාමිට උයන්නත් පුළුවන්ද?*
මට සමච්චලයට කතා කරන නිසා මම අමනාපයෙන් ඔහු දෙස බැලුවා. මගේ හැගීම තේරුම් ගත් නිසාදෝ ඔහුට මහුණෙහි සිනහවක් අැදුනා.
*හරි හරි. නිල්මිණී නගා උයන්න බැරුව අැතිනේ. කෝ දෙන්න මම ඔය ටික ලිපේ තියලා දෙන්න.*
*ඔයාට උයන්න පුළුවන්ද?*
*මොකද බැරි මම තනි මිනිහිනේ. තනියෙන් තමා උයන් කන්නේ. නිල්මිණි නගා ශාමලී නගා වෙනුවෙන් කරන දේ නම් හුගක්ම වටිනවා. ඔනේ උදවුවක් මට කියන්න.*
ඔහුගේ භාෂාවද මුළුමනින්ම වෙනස් වුනා. මුහුනෙහි වූ රසතියාදුකාර සිනහව වෙනුවට සුහද සිනහවක් අැති වුනා. කෙසේ නමුත් ඔහු ශාමලී ගැන බෙහේ සෙයින් සිතන බව නම් මට වැටහුනා. මගේ අතේ වු සහල් සහිත කොරහා අතට ගත් ඔහු පීල්ල දෙසට ගියා. නැවත කුස්සිය දෙසට පැමිණි ඔහු මුට්ටියකට සහල් දමා ලිප තැබුවා.
*නිල්මිණි නගා ශාමලී නගාගේ ඉස්කෝල යාළුවලු නේද?*
*ඔව් විජී අයියේ.*
*නිල්මිණී නගාට වලව්ව ඒපා වුන ඒකනම් අහන්න දෙයක් නෙමේ. ශාමල් මල්ලී නිතර ඔයා ගැන කියලා තියේ මට.*
*කවුද ශාමල් කියන්නේ.*
මම පුදුමයෙන් ප්‍රශ්ණ කළේ ඒහෙම නමක් අැති අයෙක් නොදන්න නිසායි.
*අැයි දන්නේ නැද්ද? ශාමලී නංගිගේ මල්ලීනේ.*
*ඒයා කොහොමද මම ගැන දන්නේ.*
සමහර විට සිගිති කියන්න අැති. මම තනියම කල්පනා කරන්න වුනා. සෝමේ මාමා ඒවිටම නිවසට පැමිණි නිසා ශාමල් ගැන කතාව යට ගියා.
*විජී ළමයා කොයි වෙලේද අාවේ. මම මේ කඩේ පැත්තට ගියා .*
*දැන් ටික වෙලාවක් සෝමේ මාමේ.*
*මේ දරුවව අදුරනවද?*
*අප්පේ ඔව් වලව්වේ ලොකු කුමාරිහාමිනේ.*
*දැන් කුමාරිහාමී නෙමෙයි අපේ දරුවෙක්.*
*මට ශාමලී නංගා කිව්වා සෝමේ මාමේ.*
*හ්ම්.. කවුද හාල් ලිපේ තිබ්බේ.*
*විජී අයියා සෝමේ මාමේ.*
ඒතරම් වෙලා නිහඩව බලා උන් මම කතා කරන්න වුනා. සැබවින්ම වීජී අයියා ඒ මොහොත වන විට හොදින් දන්න හදුනන කෙනෙක් බවට පත් වෙලා තිබුනා.
ඒතැන් සිට දවස් කීපයක්ම ගෙවී ගියේ හරිම සාමකාමීව. මුල්ම දවසේ ලොකු මල්ලී මම හොයන්න සෝම මාමලාගේ නිවසට අැවිත් තිබුණත් ඉන් පසු ඔහුට මම ඒහි අැතැයි සැකය තුරන් වී යන්නට අැති. කිසිවෙක් මා සොයාගෙන මෙහි පැමිනියේ නෑ. මම ශාමලීට සාත්තු සප්පායම් කරමින් හරිම සැහැල්ලුවෙන් කාලය ගෙවා දැමුවා. සෑම දිනකම වගේ විජී අයියා හවස් යාමයේ අදුරත් සමග නිවසට ගෙඩවැදී. මහ රෑ වෙන තුරා සෝමේ මාමා සමග කතා බහ කරමින් සිට පිටවී ගියා. සෝම මාමාගෙත් විජී අයියාගෙත් උදවුවෙන් මම කුස්සියේ වැඩ ටික ටික හුරු වෙමින් සිටියා.
සිගිති ශාමලී බලන්න ඒයි යැයි මම මග බලන් සිටියත් තවමත් නොපැමිණිම මගේ නොවිසිල්ල තවත් වැඩි කලා. මම නිවසින් හොර රහසේම යාම නිසා අැති වු ගැටලුව නිසා සිගිතිට නිවසින් බැහැරට ඒන්නට නොහැක් වන්නට අැතැයි සිතුවා. දැන් දැන් ශාමලී වෙනදාට වඩා ප්‍රබෝධමත් බවකින් යුතුව පසු වුණා. අැගේ මලානික මුහුන දැන් ලස්සන සිහවකින් ජනිත වි තිබුනා. අැගේ ඒ සිනහවට හේතුව මම නිසා මගේ හිතට දැනුනේ තෘප්තිමත් බවක්.
මෙම නිවසට අාදා සිට මා හට තවම පපුවේ වෙදනවා අැති නොවීම ගැන මම පුදුම වුනේ, නිවසින් පිට වෙන්නට තීරණය කළ දිනෙයේ සිට වරන් වර ළග ළගම පපුවේ වේදනාව අැති වු නිසායි.
*නිල්මී….*
මම වුන්නේ ශාමලීගේ අැදුම් නමා අල්මාරිය අස් කරමින්. ශාමලීගේ කටහඩ ප්‍රාණවත් වී අැති බව අැසීම නිසා මම අෑ ළගට ගොස් දනගසා ගත්තා.
*අැයි ශාමී… මොවද ඔනේ ඔයාට.*
*මට මොකුත්…. ඒපා… නිල්මී…*
*දැන් ඔයාට සනීපයක් දැනෙනවද?*
*ඔව් නිල්මී…. මම හුගාක් සතුටින් ඉන්නේ.. ඔයා නිසා…. මම ජීවිතේ අතෑරලා හිටියේ නිල්මී… මට දැන් අායි ජීවත් වෙන්න ඔනේ… මගේ පණ, මගේ රත්තරං, මගේ පුතා මගේ ළගට… ගන්න ඔනේ.. මට විජී අයියා … ඒ්කට උදවු කරන්නම් කිව්වා….*
මම අැයට කතා කරන්නට ඉඩ දී අෑ දෙස බලන් හිටියා. විජී අයියා නිවසට අා විට ශාමලී හිටියේ හරිම සතුටන්. මට වැටහෙන විදියට ශාමලී විජී අයියට අාදරේ කරනවා. විජී අයියත් ශාමලී ගැන හොයා බලනවා, විජී අයියත් ශාමලීට අාදරේ අැති. ඒත් මේ දරුවා කාගෙද? කෝ දැන්මේ දරුවා.
*අනේ මගේ පුතා මොනවා කරනවද දන්නේ නෑ…. කනවා බොනවා නම් අැති.. මන් නැතුව අඩනවා අැති..*
*පුතා කා ළගද ශාමී ඉන්නේ.*
*ඒයාගේ තාත්තා ළග.*
*අැයි ඒයාලා ඔයාගෙන් අෑත් වෙලා ඉන්නේ. *
*හේෂාන් අයියලාගේ ගෙදරින්… මේකට මුල ඉදන්ම අකමැතී..*
*ඒ අැයි ශාමි..*
*ඒ ගොල්ලෝ හුගත් පෝසත් අය….*
*ඒත් පුතා….. ඔයාලා කොහොද මැරි කරලා හිටියා.*
*අපි මැරි කරලා හිටියේ නෑ…*
*මොනවා.*
*ඒක දිග කතාවක් නිල්මී.*
*ඔයා පව් ශාමී.*
*මම නම් පව් වුනාට කමක් නෑ…. මගේ දරුවා තමා පව්.*
*ඒ කියන්නේ හේෂාන් ඔයාව රැවැට්ටුවද?*
*නෑ . නෑ. ඒ කතාව… මම ඔයාට වෙලාවක කියන්නම්…*
* හ්ම්….*
*මට ටිකක් මහන්සී වගේ නිල්මී.*
*අැයි බෙහෙත් වේලත් බිව්වනේ.*
ඊ ළග කොටසින් හමු වෙමු.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *