34

අචින්තයි අපේ ආදරේ

34

මැට්ටියේ නිදිද..
ම්ම්
නැගිටිනවකො මෝඩීයෝ
ඇයි ම්ම්..ඉන්න දෙන්නකො
ඉන්න දෙන්න තිබ්බා..දැන් මගෙ කකුල් හිරි වැටිලා..ඒ මදිවට දැන් පහත් වෙලා..නැගිටිනවා මෝඩී
මන් නිදි ගැට ඇරලා නැගිට්ටා..ලෝබයි නැගිටින්න
අම්මො කම්මැලිච්චි..මදැයි තීරනයක් ගන්න කීවම කරපු දේ
ම්ම් මන් මොනාද කලෙ..මන් කල්පනා කලා
අහ්..හරි..හිතට දැනිච්ච දුකත් එක්ක මන් එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා මතකයි..එයා හීන් සීරුවට අත් යවලා හිස කෙ අතර මාව සැනසුවා මතකයි..එතකොට මන් පැය එකාමාරක් විතර දොයියන් මෙයාගෙ ඔඩොක්කුවෙ..පව් මැට්ටා..
මැට්ටා
මොකො
ඇහරුවෙ නැත්තෙ..ගොඩක් සිදේද කකුල
ම්ම්
කියන්නකො
ම්ම්ම්
ම්ම් ගාන්නෙ..
ඇහරුවෙ නැත්තෙ නේද..ලෝබ හිතුනා චූටි බබාව ඇහරවන්න..කොන්ඩ කරල් දෙකක් දාගෙන උක්කු බබෙක් වගෙ මගෙ බඩත් බදන් දොයියන් ඉද්දි..
ම්ම්ම්
ම්ම් කියන්නෙ ගොඩක් අමාරුවෙන් උන්නෙ
කකුලද
මෝඩි මගුලක් කියෝනවා..පුන්චි ගෙම්බියෙක් මගෙ ඔඩොක්කුවෙ මගෙ බඩත් බදන් දොයියන් ඉද්දි කොල්ලෙක් කොහොමද මෝඩියෙ ඉන්නෙ..චූටියා දිහා බල බල උන්නා..මගෙ මැට්ටි හෙල්ලෙන්නවත් බැරි විදියටනි උන්නෙ..දැනුත් ඇහරවන්නෙ නෑ..තව ටිකකින් ගෑනු එයි රෙදි දාන්න..ඕකුන් රෙදි දාන එක පැත්තක තියලා ඔයාගෙයි මගෙයි නම හෝදයි..මට ඉතින් අවුලක් නෑ..මන් කොහොමත් චාටර් නෙ .ඒත් මැනිකගෙ නමට අබමල් රේනූවක වරදක් වෙන්න බෑ..
ඔච්චර ආදලේ කලන්න එපා මයෙ දෙයියෝ..මට බැරිවෙයි ඔයා නැතුව ඉන්න
ඒ කියන්නෙ ඔයා..මාව දාලා යනවද
ලොකු හුස්මක් අරන් මන් හුම් කීවා..ඒ මුන පරවුනු හැටි..මන් ගැන මෙච්චර ආදරයක් තියෙන කෙනෙක්ව අතාරින්න තරම් මන් මෝඩියක් නෙමි..ඒත් මේ සීගීරි සුකුමාලිව තත්පරේකට වත් ඇවිස්සුවෙ නැත්තම් එදාට මට කෑවෙ නෑ වගේනෙ…
හුම්..මන් යන්නම්
හ්ම්ම්..
මන් ය්න්නම් කියලා මගට ඇවිත් ආයෙම හැරිලා බැලුවා..එයාඅහස බලන් කල්පනා කරනවා..පව් මගෙත් වැඩේම හිත රිද්දෝන එකනි..චූටියා එයාත් එක්ක හුරතල් වෙන්න හදනවා..ඒත් එයා ලොකු කල්පනාවක වගෙ..
ඇගිලි තුඩු වලින් ඇවිදන් ගිහින් එයාගෙ කම්මුලක් සිප ගත්තා..
මැට්ටො මන් ආදරෙයි හැමදාටම..ඔයා මන්..මන් ඔයා..තේරූනාද..දාලා ගියොත් මාව ආප්ප කවලම මරනවා…
මැට්ටි මැට්ටි ඔහොම ඉන්නවා..
මාව අල්ලගන්න අත් දික් කරද්දි මන් බාගයක් දුර ඇවිත් ඉවරයි..දන්නෙ නෑ මගෙ තීරනෙ හරිද වැරදිද කියලා..ඒත් මේ ආදරේ එයා වෙනුවෙන්..දයිවය අපිව මෙහෙම මුන ගැස්සුවෙ මන් වෙනුවෙන් මැවුව කෙනා එයා හින්දයි..ජීවිතෙ ඉස්සරහට මොන මොන දේවල් සිද්ද වේවිද කියන්න මන් කොහොමටත් දන්නෙ නෑ…එන දේකට මූන දෙනවා එයත් එක්කම එයාගෙ ආදරෙත් එක්කම…

එහෙම්ම ඇනෙක්ස් එකට ඇවිත් කැම්පස් යන්න ලෑස්ති උනා..දවස් දෙකකින් කැම්පස් ගියෙ නෑ..දැන් නෝට් ගොඩ ගැහිලා ඇති..

හවසට අම්මව බලන්න යන්නත් හිතයි..ඒත් හුම්..මින්දු මග දිගට මගෙන් ඇහුවෙ මොකක් හරි ප්‍ර්ශ්නෙකද ඉන්නෙ කියලා..ඒත් දෙයියනෙ කටක් ඇරලා මනුස්සයෙක් එක්ක කියන්නෙ කොහොමද..මගෙ අම්මා තමයි දැන් මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ අම්මා..මගෙ අම්මාම තමයි මගෙ නැන්දම්මා කියලා..අනෙ මන්දා තේරෙන්නෙ නෑ..ඒත් වැඩිය මේ ගැනම හිතලා ඔලුව රිද්දො ගන්න බෑ..කැම්පස් එකෙ පේපර්ස් වලට දෙන පශ්න විසදුවම හොදටමහොදටෝම ඇති..ඕනි නෑ..ලැබෙන දෙයක් බාරගන්නවා..වෙන දෙයක් වෙයි .දෙවියො තීරනෙ කරයි වෙන්න ඕන දේ..හැමදේම කාලෙට ඉඩ දීලා එයත් එක්ක සතුටින් ඉන්නවා..එච්චරයි..

……

හවස ඇනෙක්ස් එකට ඇවිත් එයාට මැසේජ් එකකුත් දාලා ආයෙම ඇදුම් අස් කලා..කට්ටිය එන්න කලින් කන්නත් හදලා නාලා ටිකක් නිදා ගත්තා..

අද මල්ශගෙ බර්ත් ඩේ එක..ඉතින් එයා කේක් ගෙනත්..මටත් දුන්නා ලොකු කේක් කෑල්ලක්..

කේක් කෑල්ල අතට ගද්දි මතක් උනෙ මැටි පබාව..එයත් හරි ආසයි නෙ මේවා කන්න..කොහොමද එයාට මේක ගිහින් දෙන්නෙ දැන්..මට දැන් එයාලගෙ ඇනෙක්ස් එකට් යන්න මොකක්ද වගෙ..අනික දැන් මන් දන්නවා ඒ ඉන්නෙත් මගෙ නන්ගියි මල්ලියි කියලා..එයාලා වෙනුවෙන් අමුතුවෙන් සහෝදර හැගීමක් එන්න දෙයක් නෑ..මුල ඉදන්ම මට දැනුනෙ ඒ මගෙ නන්ගියි මල්ලියි වගෙ..ඉතින් ..බැහෑ එහෙට යන්න නම්..

ඒත් මේක එයාට දෙන්න ඕනී..කල්පනා කර කර ඉද්දි තමයි චූටීයා මේ පැත්තට පැන්නෙ..

කොහිද ඉතින් චූටියගෙන් එයාව ඇහුවට වැඩක් තියෙනවැයි..හැම එකටම යාව් යාව් ගානවා මිසක්..

චූටි ඔයා ආවද

ඔන්න යාව්ලු

ඔයත් එයා වගේම මැට්ටෙක් චූටීයො..ඉගෙන ගන්බකො මන් වගෙ කතා කරන්න..ම්ම්..

චූටියා එක්ක හුරතල් වෙද්දි තමයි එහා පැත්තෙන් එයාගෙ කට හඩ ඇහුනෙ…

මැට්ටො ඔයා ඔතනද

ම්ම්ම්

ම්ම් ගාන්නෙ කියන්නකො

ඔව්…

බඩුවක් තියෙනවා දෙන්න

මොකක්දෝ..මන් ලොකූ වැඩක්

ඒ මොකක්ද

වැඩක් මෝඩියෙ

විනාඩියකට මේ පැත්තට එන්නකෝ..

හරි හරි ඉන්නවා. වැස්සි..මල වදෙ..

එයාඅපේ පැත්තට චූටියා වගේම පැන්නා..

අයියො..මේ….මට උන් හිටි තැන් අමතක උනා එයා උන්නු හැටි දැකලා…

මුන පුරාම පිටි ගාගෙන..කෝකියෙක් වගෙ ඒපන් එහෙකුත් ඇදගෙන..හික්ස්

මොකො හිනා වෙන්නෙ..

එයා තාමත් කෙටි බැම්මෙ එහා පැත්තෙ..දැක්කමත් ඉතින් හිනා යනවනි අයියො..හිනා නොවී ඉන්නෙ කෝමද..චූටිත් නිකම් හිනා වෙලා වගෙ ඉන්නෙ..චූටි එයාට ඉව කරනවා .

මොකො මැට්ටියො

මුකුත් නෑ කුස්සි අම්මෙ

හා හා මොකටද එන්නෙ කීවෙ කියනව. ඈම් ශෝ බිශී කෙල්ලෙ

ඔහෝ..

ඔහෝ නෙමි කීනවාකීනවා අඩගහපු හේතුව..අද රෑටත් මගෙ ඔඩොක්කුවෙ දොයියන්න ඕනීද

ම්ම් අදහස නරකමත් නෑ..ඒත් අද මට මගෙ ඇදෙ ඉන්න ඕනි..ඔය ගද සීගිරි සුකුමාලිලා ගාව ඉන්න බෑ

අහ්හා හරි හරි මට දැන් රන්ඩු වෙන්න බෑ..නැත්තම් මන් පෙන්නවා මගෙ ගද..මැට්ටි ඉක්මනට කියනවා තාච්චිය ලිපෙ

හෑ ඒ මොකො

ඒ මොකො කියන්නෙ..මට හම්බුනා උලුදු වඩෙ හදන රෙසපි එක..දැන් මේ එක හදන්න ටයි කොරන්වා..තෙල් ලිපෙ මෝඩියෙ

අහ්..හොර වැඩක්..ම්ම්ම් මටත් ඕනි හරිද..

හා හා ඉස්සෙලා හදන්න එපැයි දෙන්න..කියනවා මොකටද එන්න කීවෙ

ම්ම් කිස් එකක් දෙන්න..ඒත් දැන් දෙන්න බෑ වගෙ ..මූනෙ පිටි නෙ..මාවත් කැතවෙයි ඕවා ගෑවිලා

මන් කියන්නෑ..ඉති…

ඉතුරු ටික කියන්න කලියෙන් මන් එයාගෙ කටෙ කේක් කෑල්ල එබුවා..

මැ..මැට්ටි..

අමාරුවෙන් ඒක ගිල ගිල මෙයා මට බනිනව

රසයි..කොහින්ද

මල්ශගෙ බර්ත් ඩෙ ..මට දුන්නු කේක් කෑල්ල ඔයා මතක් උනාඒකයි..

ඕකි වහ එහෙම දාලද දන්නෙ නෑ

ම්ම්ම් කියන්න බෑ..ඒ සැකේට තමයි මන් මෙ ටෙස්ට් කරන්න ඔයාට දුන්නෙ..

අහ් මැට්ටි මරනවා මන් ඉන්නවකො..

හා..මරන්න..කැමත්තෙන්ම මරනෙ වැලද ගන්නවා..හැබයි මන් එනවා හොල්මනක් වෙලා..

හෑ

ම්න්

නිශිත..පබෝ මට ලේ ඕනී…බුහා හා හා..

ආහ් මාත් එතකොට මෙහෙම කියනවා

මොකක්ද

කෝ එම්න සුඩෝ අපි බබා හදමූ..හොල්මනක් උනත් මොකද කෙල්ලෙක් නෙ

ඔයා නම්..අම්මො..මහා වලා..

මන් එයාට ගැහුවා

මෝඩි මෝඩි මාව වැටෙයි මෙතනින්..

ම් මටත් අමතක උනා..මෙයා පොඩි කන්ඩිය උඩනි ඉන්නෙ

සුද්දො මේන් තෙල් කර වෙනො

සුමනාඅම්මා එහෙ ඉදන් කෑ ගැහුවා

මැට්ටි මන් යනො..පලවෙනි වඩෙ එක සුඩු ආප්පෙට ඈ..ගෙදර උන්ව අවදානමකට දාන්න බෑ මේ වෙලේ..මන් ගියො

ස්පයිඩර් මෑන් වගෙ මෙයා ඉක්මනට අනිත් පැත්තට පැන්නා..සතුටුයි..එයා එයාගෙ හැකියාවෙන් ඉස්සරහට යන්න උත්සහා කරන එක. එහෙමයි කියලා මටත් අවදානමක් ගන්න බෑ..පලවෙනි වඩෙ කාලා..

තනියෙන් හිනා වෙවී මන් ඇදට වැටුනා..මේ සැහැල්ලුව ඒ ආදරෙ ඒ ඇස්..ඒ නපුරුකම් හැමදාම මාත් එක්කම රැදේවා…ආදරෙයි මගෙ පැට්ටො..ඔයාට හැමදාම හරි යන්න ඕනී…

–මතු සම්බන්දයී— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *