34

~~~සමනළ වසන්තය~~~~
34 කොටස
‘හිරුෂිට ස්ටාෆ් රූම් එකට එන්න කිව්වා …’ පංතියට අඩිය තිබ්බා විතරයි කේතකි ඒ ආරංචිය අරන් කඩාගෙන බිදගෙන වගේ මාව හොයාගෙන ආවා …
‘කව්ද එන්න කිව්වේ …’
‘මිස් ලයිට් තමා …’
‘මම ගිහින් එන්නම් …මොකද දන්නේ නැහැ …’
බයක් දැනුනත් හිතට ශක්තියක් අරන් මම ස්ටාෆ් රූම් එක පැත්තට ඇවිදගෙන ගියා … සමහර විට වෙච්ච දේවල් මිස්ට ආරංචි වෙලා ඇති … මම යද්දී මිස් හිටියේ ළමයෙක් එක්ක මොන මොනවාද කතා කරකර … මම පැත්තකට වෙලා බලාගෙන හිටියා ඒ ළමයා යනකන් ..
‘මිස් මට කතා කරාද …’ මම එහෙම අහද්දී මිස් මගේ පැත්තට හැරුනා … එයාගේ මුහුණේ තිබ්බේ අපැහැදිමක ලකුණු ..
‘හිරුෂි ඔයා ගැන ලැබෙන ආරංචි නම් අන්තිම නරකයි දැන් … ‘’ තරහින් පිරිලා තිබ්බ එයාගේ කටහඩ කිව්වේ අද උදේ වෙච්ච සිද්දිය ආරංචි වෙලා කියන එක … දෙනෝ දාහක් ළමයි යනඑන පාරේ සිද්ද වුන දෙයක් ආරංචි නොවුනොත් තමා පුදුමේ ..
‘මිස් ….මට සමාවෙන්න …’ මට නිවැරදි කාරයා වෙන්න ඕන උනේ නැහැ …බොරු කියලා ප්‍රශ්නෙන් පැනලා යන්න ඕන උනෙත් නැහැ …
‘හිරුෂි ….ඔයාට මම කීප සැරයක් අවවාද කළා … ඒ උනත් ඔයා ආපහු වැරදි කරනවා .. හැම සැරේම සුළු සුළු වැරදි කියලා ඔයාට සමාව දුන්නා … ‘’ මිස් ටික වෙලාවක් මගේ දිහාම බලාගෙන හිටියා …ඊට පස්සේ ආයෙම කතා කරන්න පටන් ගත්තා
‘ අද උදේ ඔයා ප්‍රසිද්දියේ පිරිමි ළමයෙක් එක්ක ඉස්කෝලේ ඉස්සරහා රණ්ඩු වෙලා තියෙනවා … මට මේ ගැන ප්‍රින්සිපල් මැඩම්ට කියන්න වෙනවා …. ‘’
මිස් ස්ථිර හඩින් එහෙම කියද්දී මට මතක් උනේ අම්මාව … එයා මේ දේවල් දැනගත්තොත් සිද්ද වෙන දේ හිතාගන්නවත් බැහැ …. මිස් ගේ කකුල් දෙක ලග වැටිලා හරි සමාව ගන්න ඕන …..
‘මිස් මට සමාවෙන්න මිස් ……ආයෙම කවදාවත් මගේ අතින් වැරද්දක් වෙන්නේ නැහැ …’ කොහේ තිබ්බ කදුළුද මන්දා මගේ ඇස් වල පිරුනා ….
‘ඔයා කි සැරයක් පොරොන්දු උනාද වැරදි කරන්නේ නැහැ කියලා …’
‘මේ සැරේට මට සමාව දෙන්න …මම මිස්ට පොරොන්දු වෙනවා ආයේ කවදාවත් ඒ වගේ දේවල් මගෙන් වෙන්නේ නැහැ කියලා ..’ මම අත්දෙක එකතු කරලා වදිද්දී මිස් මගේ දිහා බලාගෙන හිටියා ….
‘මේ සැරේට මම ඔය ළමයාට සමාව දෙනවා …ආයේ එහෙම වැරද්දක් උනොත් මතක තියාගන්න ඔයාගේ පංති තහනම් කරන්න වෙයි ….’
සැරෙන් වගේ එහෙම කියපු මිස් ස්ටාෆ් රූම් එකට ගියේ මම බලාගෙන ඉද්දීමයි ….
‘මොකක්ද බන් උබ මේ දාගන්න ලෙඩ ..මෙන්න මෙහෙ වරෙන් යන්න .’ පුජනී ඇවිත් කතාකරනන් මම ස්ටාෆ් රූම් එක ලගින් හෙල්ලුනේ නැහැ …
‘අනුප ඇවිත් මට සද්දේ දාද්දි මම කොහොමද ඉවසගෙන ඉන්නේ …’
‘මොකක්ද ඌට උබත් එක්ක තියෙන ප්‍රශ්නේ දැන් ..’
‘අපේ සදූ එක්ක තියෙන එෆෙයාර් එක නවත්තන්න කිව්වා කියලා ….සදුට ආදරේ කරන්න බැරි නම් මට ආදරේ කරන්න අයිතියක් නැහැ ලු ….’ මම උන දේවල් පිළිවෙලට කියාගෙන ගියා
‘උබ කලබල වෙනවා වැඩි නේ හිරු .. ඉවසලා කරන දෙයක් කරපන් … ඒකාගේ තාත්තා මැරයෙක් නම් ඌටත් ඕන මැරකමක් කරන්න බැරි කමක් නැහැනේ ….අනික තාත්තාගේ ලේනෙ ඌට තියෙන්නෙත් …’
පුජනී මගේ හිත හදන්න ගොඩක් දේවල් කියද්දී මම කලේ ගොනාසේ අහගෙන හිටිය එක …එයා කියන හැම වචනයක්ම ඇත්ත කියලා මම දන්නවා නේ ….
කතා කරකරම අපි පංතියට යද්දී කෙල්ලෝ කට්ටියම සින්දු කියනවා …. අද නිවාඩු දවසනේ … නිවාඩු දෙන දවස කියන්නේ කෙල්ලන්ට ෆන් ඩේ එකක් තමා ….
‘හිරු වරෙන් වැඩක් කරන්න …..’ පුජනී පංතියට යන්නේ නැතිව මාවත් ඇදගෙන ටැප් එක පැත්තට ගියේ ……
‘මොකක්ද වැඩේ …’
‘වැඩේ මෙන්න මේකයි …. ’ පුජනී ගවුම් සාක්කුව ඇතුලට අතදාලා ෂොපින් බෑග් වාගයක් එළියට ගත්තා
‘මෙන්න මේවාට වතුර පුරවලා ..අරුන්ට ජල ප්‍රහාරයක් එල්ල කරමු …’ මම පුජනී එක්ක එකතුවුනේ හිතේ තිබ්බ බර පැත්තක තියන ගමන්මයි …
අපි දෙන්නා වතුර බෑග් පස්සට කරගෙන පංතිය ඇතුළට යද්දී කෙල්ලෝ එක රෝත්තට ගුලි ගැහිලා සිංදු කියනවා …….
‘චාකාස් ….චකාස් …’ අපි දෙන්නා පිටිපස්සට කරගෙන හිටිය වතුර බෑග් අරන් කෙල්ලෝ ගොඩ මැද්දට විසිකලා …
‘අයියෝ එකපාරට කොහෙන්ද මේ වතුර …’ කෙල්ලෝ ටික එක එක පැත්තට දුවන්න ගත්තා
‘කව්ද බන් මේ චාටර් වැඩේ කලේ …. බලපන් මං හොදට නෑවා ..’ තේජා දත්මිටි කාගෙන හැරුණ පාර ඉස්සරහා හිටිය පුජාවයි මාවයි දැක්කා ….
‘උබ නාන්නෙත් නැති එකේ හොදට නාගනින් ..’ මම අතේ තිබ්බ අනිත් වතුර මල්ලත් තේජා දිහාවට විසිකලා …..
‘හිටපන් උබට මම …’ තේජා එයාගේ ඩෙස්ක් එකේ තිබ්බ වතුර බෝතලේ අතට අරන් අපි දෙන්නා පස්සේ පන්නද්දී මම පුජාවත් ඇදගෙන පන්තියෙන් එළියට පැන්නා …
***
මම ..සදු වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් ජිවිතේ ලොකු තීරණයක් අරගන්න දෙපාරක් හිතන්න ගියේ නැහැ … දිනිතගේ එක්සෑම් ඉවරවුනාට පස්සේ මට එයාට කියන්න ගොඩක් දේවල් තිබ්බා ….
‘හිරූ එක්සෑම් ඉවරයි …’ හිතුවෙවත් නැති විදිහට එක්සෑම් ඉවරවුන දවසේ දිනිත මාව හොයාගෙන ආවේ අම්මයි සදුයි ගෙදර නැති වෙලාවක …
‘ගේ ඇතුළට එන්න අයියා ..’
‘බැහැ හිරූ ඉක්මනට යන්න ඕන …. ඔයාගේ සුදු මුහුණ පොඩ්ඩක් බලලා යන්නයි ආවේ …’
‘හ්ම්ම්….එක්සෑම් ලේසිද ..’
‘ලේසි කියන්නත් බැහැ අමාරුයි කියන්නත් බැහැ … මම උපරිමයෙන් එක්සෑම් එකට ලියුවා ..’
‘ඔයා පාස් වෙයි …’
‘අම්මාගෙයි ඔයාගෙයි ආශිර්වාදය තියෙනවා නම් මට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් හිරූ …’
එයාගේ මුහුණේ තිබ්බේ පුදුමාකාර ආදරයක් …එයා අම්මාට පස්සේ ආදරේ කරන්නේ මට කියලා මම දන්නවා … අම්මාට අසීමිත විදිහට ආදරය කරන දිනිත ඒ සමානව මට ආදරේ කරත් මගේ දෛවයේ එයාගේ ආදරේ ලියවිලා නැතිව ඇති …
‘මොකද හිරු එකපාරම මුහුණ කළු කරගත්තේ …’
‘එහෙම නැහැ මැට්ටෝ ….. ඔයාට පුළුවන්ද හෙට නුගේගොඩ ටවුන් එකේදී මාව හම්බවෙන්න …’
මම එයාගෙන් ඉල්ලීමක් කලේ දහසක් දේවල් කියන්න තිබ්බ නිසා …
‘අපි හෙට හම්බවෙමු ….මම දැන් යන්නම් . පරිස්සමින් ඉන්න ..’ දිනිත එහෙම කියලා බයික් එකට නැග්ගා
‘තෙරුවන් සරණයි අයියා ….’
මම හෙමින් මුමුනද්දී …අර ඇස් පුංචි කරලා එයා මගේ දිහා හරි ආදරෙන් බැලුවා …
******
පහුවදා උදේම ඇහැරලා මම ටවුන් එකට යන්න ලැහැස්ති උනා ….
‘හිරු කොහෙද යන්නේ මේ ..’
දිනිත හම්බවෙලා කියන්න ඕන දේවල් හිත හිතා ලැහැස්ති උන නිසා අම්මා ලගට එනකන්ම මට දැනුනේ නැහැ …
‘අම්මා මම ටවුන් එකට ගිහින් එන්නද …ඊයේ පුජනි කෝල් කරා ෂොපින් යන්න එන්න කියලා . ‘’ අම්මා දිහා බලන්නේ නැතිවම මම ඒ බොරුව කියාගත්තා ..
‘මම කැමති නැහැ ඔයා තනියම යනවට සදූ එක්ක යන්න ..’
‘සදුට අද ක්ලාස් අම්මා …. බයවෙන්න එපා මම කොහෙවත් යන්නේ නැහැ .. ‘

‘එහෙනම් පරිස්සමින් ගිහින් එන්න ..’
‘මගේ හොද අම්මා …’ මම අම්මා ලගට ගිහින් එයාව තුරුළු කරගත්තා ….
ටික වෙලාවක් යනකන් මම අම්මාගෙන් ඈත්වුනේ නැහැ ….. අන්තිමේට මම අම්මාගෙන් ඈත්වූනේ බිත්ති ඔරලෝසුවේ වෙලාව දැක්කාම …
‘හ්ම්ම්ම් යන දිහාවක ගිහින් රෑ වෙන්න කලින් ගෙදර එන්න …’ අම්මා එහෙම කියුවේ මම පාරට බහිද්දීමයි
‘අම්මා බයවෙන්න එපා මම ඉක්මනට එනවා …’
ආව පලවෙනි බස් එකටම නැගලා මම අපේ මිදුල දිහා බැලුවා ….අම්මා ගේට්ටුව ලගට වෙලා බස් එක දිහා බලාගෙන ඉන්නවා ….පව් දෙවියනේ අම්මගේ හිතේ අපි වෙනුවෙන් කොච්චර නම් ගින්දරක් ඇතිද ..
‘හොදටම පරක්කුයි ….’ දිනිත මග බලාගෙන ඉන්නවා දැකලා මම අඩියට දෙකට එයාට ලංවුනා ..
‘සොරි අයියා ….. ගෙදරින් එළියට බහින්න පොඩ්ඩක් අමාරු උනා ..’
‘මට හිතුනා … ම්ම්ම්ම් ඒක නෙවේ අපි කොහෙද යන්නේ ’
‘ කොහෙවත් යන්න බැහැ අයියා …. අපි දෙන්නා පාර දිගේ කතාකර කර යමු …..’
දිනිත මොකුත්ම කියන්නේ නැතිව මම කිවුව අදහසට එකග වුනා ….
‘දැන් නම් ඔලුවේ තිබ්බේ බර ඔක්කොම ඉවරයි …. ‘’ දිනිත සැහැල්ලුවෙන් හිනාවෙලා එහෙම කියන ගමන් ලාවට වගේ මගේ ඇගිල්ලකින් අල්ලා ගත්තා
‘දැන් ඔයා මොනාද කරන්න හිතන්නේ අයියා …’
‘අම්මා නම් කියන්නේ පිටරට කැම්පස් එකකට ගිහින් ඉගෙන ගන්න කියලා .. ඒ උනාට මට ලංකාව දාලා යන්න බැහැ …. ’ පාළු පාරක නැවතිලා දිනිත මගේ දිහා බලාගෙන ඔහේ කියවනවා
‘ඔයා යන්න අයියා …’ දිනිත හිතන්න නැතිව ඇති මම එහෙම කියයි කියලා …. ඒ තප්පරේ එයාගේ ඇස් පුදුමෙන් පිරිලා ගියා
‘හිරූ ….ඔයා මොනාද ඒ කිව්වේ …’ එයා මගේ දිහාවට ලංවෙලා එහෙම ඇහුවේ විශ්වාස කරන්න බැහැ වගේ
‘ඔයා රට යන්න අයියා … ’ දිනිත ඉස්සරහා ශක්තිමත්ව ඉන්නවා කියලා හිතුවාට මගේ කටහඩ වෙව්ළුවා
‘ඇයි හිරු එහෙම කිව්වේ …මොකක්ද එහෙම කියන්න හේතුව …..’ මගේ උරහිස් දෙක උඩින් අත්දෙක තියලා එයා තදට හෙලෙව්වා
‘ඔයා මාව අමතක කරන්න අයියා …. හිරූ කියලා කෙනෙක් ඔයාගේ ජිවිතේ හිටියේ නැහැ කියලා හිතන්න ..’
‘මොකක්ද …මොකක්ද ඒ කිව්ව කතාව …..කියනවා මට මොකක්ද මේ කතාවේ තේරුම කියලා ….’ බිම බලාගෙන හිටපු මගේ මුහුණ උස්සලා දිනිත මගේ ඇස් වලට එබෙද්දි මගේ ඇස් වලින් හෙමින් හෙමින් කදුළු වැටෙන්න ගත්තා ….
‘මට ඔයාගේ රත්තරන් ආදරේ හිමි නැතිව ඇති අයියා … මම අවාසනාවන්තියක් මගේ අප්පච්චි මගෙන් ඈත්වුනේ මගේ අවාසනාවට …එයා හිටියා නම් මේ කිසිදෙයක් වෙන්නේ නැහැ …. ආයෙත් මගෙන් මගේ පවුලේ කිසිම කෙනෙක් ඈත්වෙනවාට මම ආස නැහැ … ඒ නිසයි මම ඔයාගෙන් ඈත්වෙන්නේ ….’
‘මට ආදරේ කරා කියලා පවුලේ අය ඈත්වෙන්නේ නැහැ නේ …. පිස්සියක් වෙන්න එපා හිරු …’ ඒ වෙලාවේ නම් දිනිතට තරහා ගිහින් …
‘ඔයා දන්නවාද සදූට එයාගේ ආදරේ නැතිවුනා …. මම කිව්වේ එයාට අනුපගෙන් ඈත්වෙන්න කියලා ..එයාට ආදරේ කරන්න එපා කියලා …..එයා හැම දෙකින්ම ඈත්වුනා … එයාට ආදරේ කරන්න එපා කියලා මම කොහොමද ආදරේ කරන්නේ …. සතුටින් ඉන්නේ …මට සමාවෙන්න අයියා …. මම ඔයාට ආදරෙයි …..ඒත් මට ඔයා ලගට වෙලා ඉන්න වාසනාවක් නැහැ …’
දිනිත අයියාගේ පපුවට තුරුළු උනේ කොයි මොහොතකද කියලා මම දැනගෙන උන්නේ නැහැ … අසිහියෙන් වගේ එයාගේ පපුවේ තුරුළු වෙලා ඇඩුවා කියලා විතරයි මට මතක …
‘ඔයාට මගේ ඈත්වෙන්නම ඕන නම් ඈත්වෙන්න ….හිරු ඒත් මම ආදරෙයි කියලා මතක තියාගන්න ..’ මගේ ඔළුව පුරාම දිනිත ඇගිලි වල පහස විතරයි දැනුනේ ….
‘තෑන්ක්ස් අයියා …ඔයා ගොඩක් හොදයි …’ එයා හිතුවෙවත් නැතිවෙලාවක මම ඇගිලි වලින් ඉස්සිලා දිනිතගේ නළලට කිස් එකක් දුන්නා ..
‘මෝඩි ….මේ ඇස් වල කදුළු …බලනවා මගේ කමිසේත් තෙමුවා හොදටම …තව ටිකක් මෙතන මේ මුහුණ තිබ්බා නම් මගේ කමිසෙත් සවුත්තු වෙනවා .. ‘
වේදනාවෙන් රතුවෙලා තිබ්බ දිනිතගේ මුහුණට හිනාවක් ආවේ එයා ගොඩක් ට්‍රයි කලාට පස්සේ …
‘මාත් එක්ක තරහද …’
‘කවදාවත් නැහැ …. ඔයාට කවදාහරි මාව ඕන උනොත් එදාට මම ඔයා වෙනුවෙන් ඉන්නවා ..’ මගේ අත්දෙකම තද කරලා අල්ලාගත්ත දිනිත එයාගේ මුහුණට ලංකරලා කිස් එකක් දුන්නා … මට කිසිම දෙයක් කියාගන්න බැරිව ඒ මොහොතේ දිව ගොළුවෙලා තිබ්බේ
‘දැන් හොදටම වෙලා ගිහින් අපි යමු නේද ….’
දිනිත මගේ අතින් තද කරලා අල්ලාගෙන ආපහු එන්න හැරුනා … ඉස්සරහට තිබ්බ හැම අඩියකම අපි වචනයක්වත් කතා කලේ නැහැ ..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *