35. වන කොටස.
මියෙදෙන තුරා..
”කලබල වෙන්න දෙයක් නෑ. මම ටිකක් නිදා ගන්නම්.”
”ලොකු අමාරුවක් නෑ නේද?”.
” අනේ නෑ නිල්මී.”
ඒදා දවස ගෙවිලා ගියේ හරිම වේගෙන් වෙනදා වගේම හවස් වන විට විජී අයියා
නිවස වෙත පැමිණියා.
” නිල්ම්ණි නගා. නිල්ම්ණී නගා.”
”අැයි විජි අයියේ.”
ඔහු ඉදිරි පස දොර අසලට වී මගේ නම කියමින් අමතන විට මම ඒදෙසට පිය
නැගුවා.
”දැන් ඉතින් අවසර ගන්න ඒපෑ ගෙට ඒන්න.”
”ඒ මොකටද?.”
” ඉස්සර වගේ බැනේ. ඉස්සර ශාමලී නගාව බලා ගන්න මම විතරයි හිටියේ.
දැන් ඒයාගේ හොදම යාලුවා ඉන්නවානේ ඒයා ළග.”
” අනේ ඔයාට පිස්සු විජී අයියේ. මගෙන් අහන්නේ මොකටද.”
”නිල්මිණි නගා දැන් ශාමලී නගාට කොහොමද?”
”සුව අතට හැරීගෙන ඒනවා මම හිතන්නේ. අද හුගක් වෙලා මාත් ඒක්ක
කතා කලා.”
”ඔයා අාවේ හොදම වෙලාවට නිල්මිණි නගා නැත්තම් මේ අහිංසක කෙල්ලගේ
ජීවිතේ මෙතනින්ම කෙලවර වෙන්න තිබුනා.”
විජී අයියා කතා කලේ සැබෑ වේදනාවකින්. සැබවින් ඔහු අාදරය කියා ගන්න
බැරුව ළතවෙනවද?. නැත්තම් ශාමී පුතයි, හේෂානුයි නිසා අාදරේ පිළිගන්නේ
නැතුව ළතවෙනවද? මා සිත තෙරපුනේ ප්රශ්න රැසක්. නමුත් ඔවුන් දෙදෙනාගෙන්ම
ඒය විමසීමට සිතේ ශක්තියක් තිබුනේ නැ.
පසු දින උදෙන්ම අවදී වු මම නිවසේ සියලු වැඩ ඉක්මණින්ම අවසන් කර
ගැනීමට උත්සහා කලා. උදේ අාහාරය පිළියෙල කර ගැනීමට සෝම මාමා
බොහෝ සෙයින් උපකාර කලා. උදේ අාහාරයෙන් පසු දිනයේ වියදම සරි කර
ගැනීමට කුමක් හෝ වැඩක් සොයා ගන්න ඔනේ කියලා සෝමේ මාමාත් පිටවී
ගියා. මම ශාමලී ළගට ගියේ අැයගේ කතාවට සවන් දී අැගේ දුක ටිකක් හෝ
අඩු කර දෙන්නට සිතාගෙන.
” ශාමී දැන් ඔයාට සුවයක් දැනෙනවා නේද?.”
” අනේ ඔව්. ඔයා නිසයි මම අද මෙහෙම වත් සුවෙන් ඉන්නේ.”
” ඒහෙම කියන්න ඒපා ශාමී. ඔයා වෙනුවෙන් මම මේ තීරණය ගත් නිසයි අද
මමත් ගොඩක් සැහැල්ලුවෙන් ඉන්නේ.”
”අැත්තටම අැයි නිල්මී ඔයා වලව්වෙන් අාවේ. මම මේ අහන්නමයි හිටියේ.”
”ඔයාට උදවු කරන්න තිබුණ උවමනාව තමා මුල්ම හේතුව. තව හේතු තියෙයි
ශාමී.”
” නිල්මී මට වාඩි වෙන්න උදව් කරන්න. මට අාසයි වාඩි වෙන්න . මේ සතියට
දෙකට මම නැගිටින්න බැරි තැනටම වැටුනා. මම මගේ අවසානේ කියලා හිතන්
හිත් හදන් වුනේ.”
”මොනවද ශාමී ඔය කියන්නේ.”
මම අැයට බිත්තියට පිටදි වාඩි වන්නට උදවු කලා. සැබවින්ම අැයට
ලොකු අසනීපයක් වැළදී තිබුනේ නෑ. නියම ප්රතිකාල නාෙගත් උණ සහ
සෙම්ප්රතිස්සාව රෝගත්, අැගේ සිත දවා ලන නොයෙක් ප්රශ්න නිසා
අැති වු කලකිරීමක් සමග අැති කර ගත් තත්වයක්. වෙෙද්යාවරයා නම්
කියා සිටියේ අැගේ සිත සතුටින්
තබන්න කියායි.
” කවුද මේ…. අක්කේ.”
පිටුසින් අැසුනේ සුපුරුදු කට හඩක, මා මග බලා වුන් කටහඩකි. හුන් තැනින්
නැගිට ගත් මම ඒ දෙස හැරී බැලුවා. මගේ දෙසවනට වැරදි නැ. මම ඉක්මණින්
ඔහු අසලට ගොස් වැළද ගත්තා.
” අනේ සිගිතියෝ.”
මේ සිදුවීම දෙස සතුට උතුරන දෙනයන වලින් බලා වන් ශාමලී. අැගේ නෙතග
බොද කල කදුල පිස ගත්තා.
”නිල්මී ඔයා මගේ මල්ලිව අදුරනවද?”
”ඔයාගේ මල්ලී. මේ ඔයාගේ මල්ලිද? ඒතකොට මේ සිගිතා නෙමෙයිද?”
මම ක්ෂණයකින් ඔහුගේන් මිදී පුදුමයෙන් ඔහු දෙස බලා වුන්නා.
” කවුද නිල්මී සිගිති කියන්නේ . මේ මගේ ඒකම මල්ලී ශාමල්.”
”මොනවා වෙන්න බෑ. මෙයා සිගිති මයි. අනේ ඔයා සිගිති නේද?”
මම දෑස් පිස දා ඔහු දෙස හොද හොදින් බැලුවේ මම සිගිති ඒයි
යැයි බලාපොරොත්තුවෙන් වුන් නිසා හීන පෙනවා වත්ද කියලා.
නැත්තම් ශාමල්මල්ලිව සිගිති වගේ මැවිලා පේනවද කියා සිතලා.
වෙනසක් නෑ ඒ රූපයමයි.මෙයා සිගිති නෙමේ නම් කොහොමද මේ
තරම් ඒක වගේ වුනේ. නෑදෑයෝවුණ පලියට මෙහෙමත් කොපි ගහලා
වගේ වෙනවද?. නෑ නෑ මේ සිගිතිම තමා. ශාමීට වැරදිලා අැති. ඔහුගේ
නිහඩ භාවය මට තවත් පෙහේළිකාවක් වුනා.
”පොඩ්ඩෝ ඔයා දන්නවද මේ මගේ හොදම යාලුවා නිල්මිණී. ඔයාට නම් මේ
අක්කව මතක නැතුව අැති. ඒයා ඒ කාලේ හුගක් පොඩී.”
කෙසේ වෙතත් ඔහු ගොළුවෙලා සියල්ලන් කියන දෙය අසා සිටිනවා
විනා තවම වචනයක් වත් කතා නොකලාය.
”ලොකු බේබී අැයි වලව්වෙන් අාවේ.”
”පොඩ්ඩෝ නිල්මිණීව දන්නවද?”
” අනේ සිගිතියෝ මේ ඔයා නේද?”
”ඔව් ඔව් මම සිගිති තමා. ලොකු බේබී මොකද වලව්වෙන් පැනලා අාවේ
කියන්න. ඒහෙ ඒක යුද්දයයි. ලීලා නැන්දා කෑමක් බීමක් නැතුව අඩනවා.”
” පොඩ්ඩෝ..”
මෙම කතාවේ අග මුල පටලා ගත් ශාමලී පුදුමයෙන් බලන් හිටියා.
” අැයි අක්කේ. අක්කා අැහුවනේ හැමදාම මම කොහෙද රස්සාව කරන්නේ
කියලා.”
”ඔව් ඉතිං…”
” මම වැඩ කලේ වලව්වේ. ලීලා නැන්දා වැඩ කරපු තැන.”
”මොනවා. මම පොඩ්ඩට මේ තරමි මහන්සියෙන් ඉගැන්නුවේ වලව්වලට
මෙහෙකාර කම් කරන්නද?”
අැගේ වචනයේ ගැබ් වී තිබුනේ ශෝකයක්. තම සහොදරයා
වෙනුවෙන් අැති වූ සාධාරණ වේදනාවක්. අැගේ මුහුණම අදුරු වී තිබුනා.
සැබවින්ම මමත් හිටියේ ශාමලීගේ මතයේමයි. ධනවත් පවුලක දරුවෙකු
වී උපන්නත් මා ඔවුන්ගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් වූ අදහස්
අැත්තියක් වීම මටම පුදුම සහගත වුනා.
” තව ටික කාලයක් මට ඒහෙ වැඩ කරන්න වෙනවා අක්කේ දුක් වෙන්න
ඒපා. මම ලීලා නැන්දා වෙනුවෙනුයි මේ හැමදේම කරන්නේ.”
”අනේ ඒත් පොඩ්ඩෝ.”
”දුක් වෙන්න ඒපා අක්කේ.”
” ඒත් සිගිතායෝ මොකටද දුක් විදින්නේ . ලීලම්මා වත් ඒහෙන් ඒක්ක
අැවිත් ඔයා හොද රස්සාවකට ගියානම් හරිනේ. මගේ අම්මා අප්පච්චී වුනත්
ඒ මිනිස්සුන්ගේ උද්දච්චකම මට නම් පෙන්න බෑ.”
”ඒහෙම කරන්න බෑ ලොකු බේබී. ඒකට හේතුවක් තියේ.”
”ඒ හේතුව දැන් වත් මට කියන්න බැයිද?”.
” පුළුවන්.”
” ඉතිං කියන්නකෝ.”
” අද නෙමේ දවසක් ඒයි ඒදාට කියන්නම්.”
”ඔය දවස කවදාවත්ම නෑවිත් තියේවිද?.”
” නෑ නෑ දැන් ඒ දවස ළගයි ලොකු බේබී.”
”සිගිතියෝ මට ලොකු බේබී කියන්න ඒපා දැන්. මම දැන් බේබී කෙනෙක්
නෙමෙ. අායි බේබී කෙනෙක් වෙන්නෙත් නෑ.”
”මටත් සිගිති කියන්න ඒපා ඒහෙනම්. ඒක මගේ අනුවර්තන නාමයක්
විතරයි.”
සිගිති හිනා වෙමින් කිව්වා අපි සේරටම හයියෙන් හිනා ගියා. බිත්තියට
වාරු වී හිදන් වුන් ශාමලී අපි දිහා බලාගෙන සතුටින් හිනා වුනා.
”පොඩ්ඩෝ කෝ ”හ්හ් ”කෑල්ල. ඒකත් අනුවර්ථන පදයක්ද?”
”හ්හ්… ඔව් නිල්මී අක්කේ.”
”මෙන්න මෙයාත් මට නිල්මී කියන්න අරන්.”
” අැයි ඔයත් මට පොඩ්ඩෝ කියන්න අරන්නේ.”
අපි සියලු දෙනාට නැතත් හිනහව පාලනය කර ගන්න බැරි වුනා.
” මොකද මේ මගුල් ගෙයක්ද අා.. කට්ටියට.”
”අම්මට සිරි විජී අයියා .”
විජී අයියා දැකීමෙන් සතුට පත් වූ සිගිති පිළිගත්තේ දෙවියෝ බුදුන්
දැක්කා වගේ අාදරෙන්.
” මම මේ ඔබ අා බව අාරංචී වෙලා අාවේ. මොකද මේ ටිකේ මෙහෙ නාවේ.”
” දන්නැද්ද වලව්වේ මහ යුද්දයයි . ලොකු බේබී පැනලා ගිහින්නේ.”
”අම්මට සිරි කොල්ලෙක් ඒක්කද බං.”
” නෑ නෑ බං හිටපු කොල්ලා හොද නෑ කියලා .වෙන කෙල්ලෙක් හොයන්
ගිහිල්ලලු.”
සිගිතිත් විඡී අයියත් මා දෙස හොරෙන් බලමින් මට විහිළු කලා. සැබවින්ම
මම මෙහෙ අා ඒකට සිගිති සතුටු වුන ඒක ගැන මට දැනුනේ සැනසීමක්.
” හිනා වුනා වගේ නෙමේ බං අර මන්ත්රී බේබීඋන්නාස්සෙට අාරංචී වුනෝත්
මෙහෙ අැවිත් යුද්දයක් කරලා මෙතුමියව උස්සන් යයි.”
” ඒක නම් සිරා බං. අායි ඒක්කන් ගියොත් නම් නිල්මීණී නගාට විසුමක්
වෙන්නේ නෑ.”
ඊ ළග කොටසින් හමු වෙමු..