35

~~සමනළ වසන්තය~~~
35 කොටස
ඒ උදේ ඇදටම වෙලා දිනිත අයියා ගැන කල්පනා කරකර හිටියා මිසක් නැගිටලා වෙනදා විදිහට මොකුත්ම කරන්න මගේ හිතට ෆිට් එකක් තිබුනේ නැහැ …. දිනිතව මතක් වෙද්දී මගේ පපුවෙන් පටන් ගන්න දැවිල්ලක් මුළු ඇග පුරාම පැතිරිලා ගිහින් මාව ගින්දරකින් පිච්චෙනවා වගේ මට දැනුනේ …. දිනිත අමතක කරන එක මෙච්චර අමාරු වෙයි කියල මට ඊයේ වෙනකන් දැනුනේ නැහැ …
‘හිරූ නැගිටින්නකෝ … අද අපි පන්සල් යමු ..’ සදු මගේ බෙඩ් ෂිට් එක ඇදලා අහකට විසි කරත් වෙනදා විදිහට මම එයාට සැර වැර කරන්න ගියේ නැහැ …
‘මොකද මේ අපේ කැලෑ පුසී …හික් මීයෙක් වගේ කිසි ඉන්නේ ….’ මම කිසිම දෙයක් කියන්නේ නැතිව නැගිටලා ස්ටුල් එක උඩ තිබ්බ වතුර එක අරන් ජනේලේ දිහාවට යනකොට සදූ කටත් ඇරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා …..
‘කියනවකො හිරූ මොකද උනේ කියලා ..’ සදූ මගේ පස්සෙන් ඇවිත් හාරා හාරා අහනවා ….
‘මට පාඩුවේ ඉන්න දීලා ඔයා යන්නකෝ මෙතනින් …’ ඉවසගෙන ඉදලා බැරිම තැන මම ඒ විදිහට කෑ ගහද්දි සදූ බයවෙලා වගේ තමා මගේ දිහා බැලුවේ …
‘ඔයාට මොකද එකපාරම තරහා ගියේ ….’
මම මොකුත්ම කියන්නේ නැතිව වත්ත දිහා බැලුවේ එකපාරම කැබ් එකක් අපේ මිදුලට හැරෙව්ව නිසායි … කව්ද මේ වේලාවේ අපේ ගෙදර ආවේ …… මම නාන කාමරේට ගියේ එහෙම හිතන ගමන්මයි …
‘ හිරූ අන්න අම්මා එන්නලු ..’ ටික වෙලාවකට පස්සේ සදූ බාත්රූම් එකේ දොරට තඩි ගහනවා …
‘ඇයි දන්නේ නැහැ …’ ඉක්මනට මුහුණ කට හෝදාගෙන ගවුමකට මාරුවෙලා මම සදූ එක්ක සාලේ පැත්තට යන ගමන් සදු දිහා බැලුවා …එයත් කාරණේ දන්නේ නැති පාටයි ….
සාලේ පුටුවක වාඩිවෙලා ඉන්නේ හොදට දැකලා පුරුදු මනුස්සයෙක් …කව්ද කියලා මතක් කරන්න ට්‍රයි කලත් එකපාරම මට මිනිහා කව්ද කියන එක මතකෙට ආවේ නැහැ
‘ඇයි අම්මා කතා කලේ ..’ අම්මාගෙන් එහෙම අහන ගමන් මම මිනිහා කව්ද කියලා මතක් කරන්න ට්‍රයි කළා ..
අම්මායි අර මනුස්සයයි දෙන්නාම එකපාරම අපි දිහාවට හැරුනා ….
‘දෙන්නාම මෙහෙට එන්න ..’ අම්මා අපිට එයා ලගට කතා කරද්දී අර මිනිහා ඇස් දෙකත් නළලට අරන් අපි දෙන්නා දිහා බැලුවා
‘මේ මහත්තයා කියන්නේ ඇත්තද …’
අම්මා එහෙම අහද්දී අපි දෙන්නා අර මනුස්සයා දිහා බැලුවා ….
‘මොකක්ද අම්මා … ‘
‘ඔය ළමයි දෙන්නාගෙන් කව්ද මගේ පුතා එක්ක සම්බන්ධයක් තියෙන්නේ ..’ මිනිහා එක පාරටම කතා කලේ ගේ දෙදරන සයිස් එකට …
‘ ඔයාගේ පුතා කව්ද …’ වෙන කොහේ හරි යන හෙන ගෙඩියක් අපේ ඔළුවකට වැටෙන්න එනවාද
‘අනුප ….අනුප තමා මගේ පුතාගේ නම ….ඌත් එක්ක යාලු වෙලා හිටියේ කව්ද .’ මිනිහාගේ කටහඩ හොදටම අහලා පුරුදු කටහඩක් …. මේ අර මිනීමරුවාවත්ද …මහා දවල් නුගේගොඩ ටවුන් එකේ මිනියක් මැරුවේ මෙයාද … මගේ හිත ඇතුලේ එක පාර විදුලි කොටන්න පටන් ගත්තා
මේ අනුපගේ තාත්තාද …. එකපාරටම මේ මිනිහා අපේ ගෙදරට ආවේ මොන හේතුවකටද .. දන්න ව්දීහට අනුපගේ තාත්තා මැරයෙක්
‘ඇයි අංකල් මොකක්ද ප්‍රශ්නේ …’ මම හිතට ශක්තිය අරන් මිනිහා දිහා බැලුවා …. මුහුණ පුරා තිබ්බ තුවාල කැළලි වගේම රතුපාට ඇස් මිනිහාගේ පෙනුම තවත් නපුරු කරලා තිබුනා …
‘ප්‍රශ්නේ තමුන් නිසා ඌ පිස්සෙක් වගේ හැසිරෙන්නේ …. දන්නවාද ඌ අද මාත් එක්ක එක කියාගෙන ආවා …ඌ හෙට මට අත උස්සයි …ඒ හැමදෙයක්ම උබ නිසයි … ’
මිනිහා සදු කියලා හිතාගෙන මගේ දිහා බලාගෙන බනිනවා ..මගේ අතේ එල්ලිලා හිටිය සදූ හොදටම වෙව්ලනවා … අම්මා අපි දෙන්නා දිහා බැලුවේ අදගන්න බැරි ගානට …
‘ඇත්තද මේ කියන්නේ …. ‘’ අම්මාගේ ඇස් වල කදුළු පිරිලා උතුරන්න ලංවෙලා …
‘ඇත්තද නෙවෙයි මේක තමා ඇත්ත … උබ ….උබ මුන් දෙන්නාවත් අරගෙන මෙහෙන් චුත වෙලා සදහටම යන්න ඕන .. නැත්තම් නැත්තම් උබේ සනුහරේම ඉවරයි ….’ මිනිහා අපි හිතන්නවත් කලින් කලිසම් සාක්කුවෙන් පිස්තෝලයක් ඇදලා අරන් මගේ බෙල්ලට තියලා තද කරා
‘අනේ මගේ දරුවෝ අත අරින්න …. අපි මෙහෙන් යන්නම් සදටම යන්නම් …. මගේ දරුවන්ට මොකුත් කරන්න එපා ..’ අම්මා අත්දෙක එකතු කරගෙන විලාප තියද්දි අර මිනිහා මගේ බෙල්ලේ තිබ්බ පිස්තෝලේ තද කළා …. මට දැනුනේ මගේ ජිවිතේ අවසානේ ඇවිල්ලා කියලා …. මොකුත්ම හිතන්නේ නැතිව මම ඇස් දෙක තද කරලා පියාගත්තා …. අප්පච්චි අම්මා සදූ වගේම දිනිතත් මගේ ඇස් ඉස්සරහා හිටගෙන මට ජීවත්වෙන්න කියලා ආයාචනා කරනවා … මට ජීවත්වෙන්න උවමනා උනත් මේ මිනිහාගෙන් ඒකට ඉඩක් නැතිවෙයි …
එකපාරම මහා හඩකින් පිපිපුරුම් සද්ද දෙක තුනක එක දිගට ඇහිලා විදුරු වාගයක් කැඩිලා බිදිලා යනවා ඇහුනා …. පිස්තොලේ නිසා බෙල්ලට දැනුන තෙරපුම නැතිවුණ නිසා මම ටක් ගාලා ඇස් ඇරියා … මිනිහා වෙඩි තියලා තිබ්බේ මට නෙවෙයි අපේ කැබිනට් එකට …. බයටම අම්මයි සදූයි මාව බදාගෙන විලාප දෙනවා …
‘ලකී අයියා අපි යමුද …. ‘’ මැරයෙක් ගෙට එබෙද්දි ලකී අපි දිහාවට හැරුනා …
‘දැක්කානේ මට තරහා ගියාම වෙන දේ ….. අද මේ කැබිනට් එක කැඩුන විදිහට හෙට උබලාගේ ජිවිත විනාශ වෙලා යන්න පුළුවන් …මේ ලකී කව්ද කියලා ඕන මිනිහෙක්ගෙන් අහලා බලපල්ලා මම නරක මිනිහෙක් බොහොම නරකයි …. උබලා පුළුවන් ඉක්මනට මෙහෙන් යන්න ඕන …. නැත්තම් උබලා ඉවරෙටම ඉවරයි ’
තුවක්කුව දික්කරගෙන තර්ජනය කරපු මිනිහා එළියට බැහැලා ගිහිනුත් විනාඩි ගානක් යනකන් අපි තුන්දෙනා ගල් හිටියේ ගල් ගැහිලා වගේ ….
‘මොකක්ද ….හිරූ උබ මේ කරේ …ඇයි ..ඇයි උබ මේ විදිහේ දෙයක් කලේ …’ අම්මාට හොද සිහිය ආව ගමන් මගේ පැත්තට හැරිලා කම්මුලට රිදෙන්න පාරවල් දෙක තුනක් ගැහුවා ….අම්මා හිතන්න ඇත්තේ ඒ මිනිහා තර්ජනය කලේ මට කියලා ….
‘අම්මා හිරූට ගහන්න එපා …. එයා නෙවෙයි මේකට වැරදි මායි …මම තමා අනුප එක්ක යාළුවෙලා හිටියේ ….’ සදූ අම්මාගේ අතේ එහෙම කියාගෙන එල්ලෙද්දී අම්මා එයාගේ පැත්තට හැරිලා එයාට ගහන්න ගත්තා ….
‘අම්මා සදූට ගහන්න එපා …’ මම අම්මාගේ අතෙන් අල්ලලා පපුවට තද කරගත්තා ..
‘මොකක්ද මේ අපේ පවුලට උනේ …එයා නැතිවුනා විතරයි අපේ මුළු පවුලටම නරක කාලයක් ලැබුනේ …’ අම්මා පපුවට ගහගත්තේ වේදනාව දරාගන්න බැරි උන නිසා වෙන්න ඕන ..
‘අනේ අම්මා ඔය ව්දිහට හැසිරෙන්න එපා …’ සදුයි මායි දෙන්නම අම්මාට තුරුළු වුනා ..
‘අපි මෙහෙන් යනවා …..හෙටම අපි මේ ගෙදරින් යනවා …..ඔයාලා දෙන්නා ලැහැස්ති වෙන්න සදහටම මෙහෙන් යන්න….’
අම්මා ස්ථිර විදිහට එහෙම කියද්දී මට දැනුනේ මහා විශාල අකුණක් එකපාරටම පුපුරලා ගියා වගේ හැගීමක් ..
‘කොහෙද අම්මා අපි යන්නේ …මේක අප්පච්චි අපිට හැදුව ගෙදර …අපේ හැම මතකයක්ම තියෙන්නේ මේ ගේ ඇතුලේ … අපි කොහොමද මේ ගෙදර දාලා යන්නේ … ‘’ මම වේදනාවෙන් කෑ ගහද්දි සදූ අඩාගෙනම කාමරේ ඇතුලට දිව්වා ..
‘අපි අපේ ගමේ යමු … මොන තරම් මතක තිබ්බත් මගේ දරුවෝ විනාශ වෙනවා නම් මෙහෙ ඉදලා වැඩක් නැහැ …අපි යනවාමයි ’ අම්මා එහෙම කිව්වේ තීරණය වෙනස් නොකරන විදිහට ….
******
පහුවදාට එළිවෙනකන් සදුයි මායි වැටුන තැන වැටිලා ඔහේ බලාගෙන හිටියා …අම්මා හීන් නැන්දා එක්ක එකතුවෙලා ගෙනියන්න ඕන බඩු පැක් කරන හඩ ඇහුනත් ගිහිල්ලා එයාට උදව් කරන්න පුළුවන් මානසික තත්වයක් තිබ්බේ නැහැ …
‘සදූ හිරූ කෝ ලැහැස්ති වෙන්න ඉක්මනට දැන් වෑන් එක එනවා ඇති ….’
අම්මා කාමරේට එබිලා බැලුවේ අපි දෙන්නාගෙන් කිසිම සද්දයක් නැති නිසා වෙන්න ඇති ..
‘අම්මා අපි ඉස්කෝලේ යන්නේ කොහොමද … ‘’ මගේ හිතේ තිබ්බ ප්‍රශ්න වලින් එකක් මම අම්මාගෙන් ඇහුවේ …
‘ඒ ගැන පස්සේ හිතමු . …ඉස්සරලාම මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඉමු ..’
‘අම්මා අපි කොහොමද යන්නේ …. මේක අපේ අප්පච්චිගේ ගෙදර …’ මම අම්මා ලගට ගිහින් එයාගේ මුහුණට එබුනා …කිසිම දුකක් නැති විදිහට හිටියත් එයාගේ ඇස් වල දුක පිරිලා …
‘මොකුත් අහන්න එපා මගෙන් …. දැන් ඔයාලා ගෙනියන්න ඕනෑම කරන දේවල් විතරක් අරගෙන යන්න ලැහැස්ති වෙන්න ..’
අම්මා තවත් එතැන ඉන්නේ නැතිව එළියට යද්දී මම අල්මාරිය ලගට ගිහින් ඇදුම් දෙක තුනක් ස්කුල් බෑග් එකට දාගද්දී සදුත් මගේ පස්සේ ඇවිත් ඇදුම් වාගයක් අරන් බෑග් එකට දාගත්තා ….
‘සදූ හිරූ ඉක්මනට එන්න වෑන් එක ඇවිත් …’
අපි දෙන්නා බෑග් එල්ලගෙන ඉස්සරහට යද්දී අම්මා හීන් නැන්දා එක්ක එකතු වෙලා බඩු වාගයක් වෑන් එකට දානවා … මම සදුගේ අතින් අල්ලාගෙන ගේ දිහා බලද්දී එයාත් ඇස් දෙකේ කදුළු පුරෝගත්තා
‘දෙන්නාම ඇවිත් වෑන් එකට නගින්න …’ අම්මා අපි දෙන්නා ලගට ඇවිත් එහෙම කියනකන් අපි දෙන්නා හෙල්ලුනේවත් නැහැ
‘අනේ අම්මා අපේ ගෙදර …’ මට අඩන්න ඕන උනා ..කෑ ගහලා අඩන්න ඕන උනා … මේ ගේ ඇතුලේ කොච්චර මතකයන් පිරිලා තියෙනවාද …. ඒ හැම මතකයක්ම අත ඇරලා යනවා කියලා හිතද්දී මගේ පපුව පැලෙන්න එනවා ..
‘මේ ප්‍රශ්න විසදුන ගමන් අපි මෙහෙ එමු …’ අම්මා අපි දෙන්නාව තුරුළු කරගෙන වෑන් එකට නැග්ගා …
වෑන් එක ස්ටාර්ට් කරලා ගේට්ටුවෙන් එලියට දැම්මාම අම්මා වෑන් එකෙන් බැහැලා ගිහින් ගේට්ටුවට ඉබ්බා දාලා ආයේම වෑන් එකට ගොඩවුනා …
‘හිරූ අපි කවද්ද ආයෙම මෙහෙ එන්නේ ….’’ එහෙම අහන ගමන් සදු මගේ පපුවට බර වෙද්දී මම ගහක් ගලක් වගේ ඇහිපිය ගහන්නේ නැතිව අපේ ආදරණිය ගේ දිහාම බලාගෙන හිටියා ..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *