36

අචින්තයී අපේ ආදරේ

36

ඒත් මන් කැමති නෑ..
හදිස්සියෙ හෙන පුපුරන්නා වාගෙ ඇහුනු කටහඩින් අපි සේරම ගැස්සිලා හැරුනා..
දෙවියනේ..මෙ දේවල් කවදහරි දැන ගන්න ඕන තමයි ඒත් මෙච්චර ඉක්මනට..
ස් සනත්
ඔව් සනත් තමයි..අතාරිනවා මගෙ කෙල්ලව..තමුසෙට කිසිම අයිතියක් නෑ මගෙ දරුවා ගැන තීරන ගන්න..තේරුනාද
අප්පච්චි මගෙත් පබාගෙත් අත් ගසා දාලා මාව ඇදලා ගත්තා..
ලොක්කියෙ උඹ ඉගෙන ගන්නද නාඩගම් නටන්නද ආවෙ ආ
අනෙ අප්පච්චි
වහපිය කට..ඉස්සෙල්ලා මට මෙ අම්මන්ඩිට දෙයක් කියන්නම්..මන් මන් අහන් උන්නෙ සේරම..අනෙ ගෑනියෙ උඹ අතෙ වරදක් නැත්තම් උඹට තිබ්බා දරුවො තුන් දෙනා ගන්න..මන් සැක කරා තමයි..ඒ මොකද මන් ගොඩාක් ආදරෙ නිසා අවුරුදු හයක් තිස්සෙ බයෙන් උන්නෙ..කොයි වෙලේ තමුසෙගෙ චන්ඩි අයියලා ඇවිත් මාව මරාවිද කියලා..මගෙ දුප්පත්කම නිසා තමුසෙ මාව දාලා යයි කියලා..මන් කොච්චර කට කැඩෙන කම් කීවද මේ මිනිහව ගේ අස්සෙ දාගන්න එපා කියලා ඇහුවද ඇහුවද මන් කියන දෙ..කනකට ගත්තෙ නෑ..මට වැඩිය කාර් එකෙන් ආව මෙ මිනිහා ලොකු උනා..මන් නැතිවෙලේ ඌ ව ගේ අස්සෙ දාගත්තා..මන් කොච්චර බැන්නත් අන්තිම මොහොත වෙනකම් විස්වාස කලා උඹ මගේ විතරමයි කියලා..මිදුලෙ අඩ අඩා ඉද්දි මන් දොර ඇරියා..තමුසෙ හොදට මෙ මිනිහගෙ කරෙ අතක් දාන් යන්න ගියා..මන් ඉස්පිරිතාලෙට ආවා ඒ දවස් හයේම උඹ මේ මිනිහා එක්ක හිනා වෙවේ උන්නා..ඉස්පිරිතාලේට නම් දීලා තිබ්බෙ උඹ මෙ මිනිහගෙ ගෑනි කියලා..කොහොමද ගෑනියෙ මන් ඉවසන්නෙ ආ
තමුසෙට තිබ්බා මන් වැරදි නම් ලමයි අරන් යන්න..තියෙන වල් කමට නෙමීද ආයෙ බැන්දෙ..මන් බැන්දද..ඇයි මට ඕනි නැද්ද ගෑනියෙක්..අවුරුදු දාසයක් මන් මුන් තුන් දෙනා එක්ක ඔට්ටු වෙලා මගෙ කෙස් පැහුනේ..මේ ලොක්කියා ගෙට උනු වෙලෙ මන් කොච්චර අසරන උනාද දන්නවද..අර පොඩි එකි කිරි ඉල්ලලා අඩද්දි මන් අහස බලන් හීල්ලුවා..මේ අහින්සකි උන්ට අම්මෙක් උනෙ..
තමුසෙගෙ රූපේම අරන් මේකි ඉපදිලා ගමෙ එවුන්ගෙ ජරා කතා ,නෑදෑයන්ගෙ නින්දා අපහාස ඔක්කොම වින්දෙ මේකි උබෙ රූපේ නිසා..හැම දුකක්ම විදගෙන මේකී ඉගෙන ගත්තෙ උඹෙ හොර මිනිහගෙ පුතාව බදින්න කියලා හිතුවද..
අහගනින් ගගෙ මූදේ දැම්මත් මන් ලොක්කිව උඹෙ පුතන්ඩියට දෙන්නෙ නෑ…ලොක්කියෙ උඹත් අහගනින් ,අද තීරනයක් ගනින් මේ කොල්ලවද එහෙමත් නැත්තම් ජාතක කරපු මේ අප්පච්චිවද ඕනී කියලා..
මන් ලොක්කියෙ දුවෙ මැනිකෙ පැය කාලක් හැමදෙයක්ම විසදන් වරෙන්..මන් ආස නෑ මේ අම්මන්ඩිගෙ හුලගක් වත් මගෙ ඇගෙ ගෑවෙනවට..
අනෙ අන්කල්..ප්ලීස් මාව සම්මානිගෙන් අයින් කරන්න එපා මන් එයාට ආදරෙයි
මේ අහපන් කොලුවො..මේකෙ වැරැද්ද කොලූගෙ අතේ නෙමී..මෙන්න මේ මහ එවුන් දෙන්නගෙ..කොලූ හිගන්නෙක්ගෙ මන්කොල්ලකාරයෙක්ගෙ පුතෙක් උනත් මයෙ කෙලි කැමති නම් මන් මනාප වෙනවා..ඒත් මගෙ පවුලට වින කටපු..මාව දාලා ගිය මේ ගෑනිගෙ මිනිහගෙ ලෙ තමුන්ගෙ ඇගෙ දුවන්නෙ..දෙවියො බුදුන් වදින අත් දෙකෙන් මන් කොලූට වදින්නම්..මයෙ ලොක්කිව අතෑරලා දාහන්..
එක සීරූවට කියාගෙන කියාගෙන ගිය අප්පච්චි එලියට ගියා…
දෙවියනෙ මේ මොන පරික්ශාවක්ද මන් කාවද දැන් තෝරගන්නෙ…අවුරුදු විසි දෙකක් මාව හදාපු මගෙ අප්පච්චිවද?එහෙමත් නැත්තම් මට ආදරෙ කරන මන් ආදරෙ කරන මගෙ නිසිතවද…

මන් හිරවෙලා..එක පැත්තක අප්පච්චිගෙ සෙනෙහස,අනිත් පැත්තෙ පබාගෙ ආදරෙ..ඒ සේරම විසදගන්න එක පැය කාලයි..දැනටමත් ඒකෙන් විනාඩි පහක් ගිහින්

අසරන මූනින් මන් පබා දිහා බැලුවා..ඒ ඇස් වලින් වැටෙන කදුලු මට නොතේරෙනවා නෙමි..අනෙ ඒත් මන් අසරනයි.ගොඩක් අසරනයි..

පබා මට කතා කරන්න ඕනී..

මන් එයාගෙ අත අල්ලන් සාලෙට ආව..ඇස් වලින් බේරෙන කදුලු පොදි මගෙ බ්ල්වුස් එක පොගලා..මේ කදුලු මගෙ අසරන කම වෙනුවෙන්

මැනික..මැනික මාව දාලා යනවද

එයා මාව තුරුල් කරන් දෝතින් මූන අල්ලන් ඇහුවා..

අනෙ දෙයියනෙ මන් මන් මොනාද කියන්නෙ..මන් කොච්චර අසරනද දෙයියනෙ..ඇයි මගෙ පපුවවත් පැලිලා නොයන්නෙ..

මැනික මන් තරහා නෑ..ඒත් ඒත් මට ඕනි මැනික මගෙ මැනික…ඕනි..මන් තරහා නෑ..මට දැනෙනවා මගෙ මැනිකව..දැනෙනව..

මුකුත් කියන්න මගෙ කටුන් වචන පිට වෙන්නෙ නෑ..උගුර් හිර වෙලා මගෙ..හුස්ම නොවැටෙන තරම්..

දෙයක් ඉල්ලන්නම්

ඉල්ලන්න මැනික ඉල්ලන්න..මගෙ පන උනත් දෙනව

ඔයා තව ඉගෙන ගන්න ඕනි..පාඩම් කරන්න ඕනි..ඉගෙන ගන්න ගමන් හොටෙල් කෝස් එකක් කරන්න..ජොබ් එකකුත් කරන්න..මන් ගැන හිත හිතා ජීවිතෙ නාස්ති කර ගන්න එපා..මන් මුලින් දැක්ක පබා විදියම හැමදාම ඉන්න..ප්ලීස්..සතුටින් ඉන්න..ජීවීතෙ ජයගන්න..හැමදාටම..ජීවිතෙ ඉහලටම යන්න..ඔයා ඔයාම වෙන්න

මැනිකෙ ඇයි මැනිකෙ ඇයි අපිට මෙහෙම උනෙ

ආදරෙයි මහත්ත්‍යො ගොඩක් ආදරෙයි..සමා දෙන්න මට ඔයාගෙ ජීවිතේට ඇවිත් ඔයාව අවුල් කලාට..සතුටින් ඉන්න..ඔයා හිනා වෙන හැම මොහොතකම..ඔයා සතුටින් ඉන්න හැම මොහොතකම මන් ඔයත් එක්කමයි කියලා මතක් කරගන්න..මතක තියාගන්න..ඔයා මන්..මන් ඔයා..

ජීවිතෙ ඉස්සරහටම යන්න..

පපුව රිදෙනවා මගෙ දැනෙන වේදනාවට..ඒත් මන් අසරනයි..දවසක පබාට කෙනෙක් හම්බ වෙයි ඒත් මගෙ දුප්පත් අප්පච්චිට..හුම්..තවත් මෙ මූන දිහා බලන් ඉන්න බෑ

මන් ඇගිලි ටුඩු වලෛන් ඉස්සිලා එ නලල සිප ගත්තා..මොහොතක් ඒ පපුවට වාරු දීලා හිස තියන් උන්නා..තවත් උන්නොත් මගෙ පපුව පැලෙයි මෙතනම..

යන්නම් මහත්තයො..සතුටින් ඉන්න..බුදු ස්සරන්‍යි..

වාවගන්න බැරි දුක් කන්දක් එක්ක මන් එයාගෙන් ඈතට දිව්වා..හැරුනොත් ආයෙම දුකක් දැන්නේවි කියලා මන් හැරුන් නෑ..

අප්පච්චි ගාවට ආවට මගෙ ගත විතරයි ආවෙ..හිත පබා ගාවම නතර කරලා ආවෙ..

සෙනෙහස ලග ආදරෙ උගස් තියලා මන් ආවා..

දවසක ඔයා දින්න දාට ඔයාට ආදරෙ කරන්න මට වඩා හොද කෙනෙක් ලැබෙයි මහත්තයො..ලැබෙයි..ඒත් මගෙ දුප්පත් අප්පච්චිට ඉන්නෙ මන් විතරයි..සමා දෙන්න මට..

ඔයාව අවුල් කරලා මෙහෙම මගදි යන්න හිතන් ඔයා ලගට ආවෙ නෑ රත්තරන්..මන් අසරනයි..ගොඩක් අසරනයි..

මල්ශා,නිරූ අක්කා,නවෝදා මේ හැමෝවම දාලා අප්පච්චි එක්ක මන් ආවා..

අප්පච්චි මාව එයාගෙ යාලු මහත්තයෙක්ගෙ ගෙදර නැවත්තුවා..

කාලය මෙ පර්ශ්න වලට බෙහෙතක් හොයලා දේවී..


මාව බලන්න පබා කීප දවසක්ම කැම්පස් එකට ආවා..ඒත් දෙයියනෙ මට බෑ අප්පච්චිට උනු පොරොන්දුව කඩන්න..මන් කොච්චර අසරනද..දුරින් ඉදන් මන් ඒ මූන දිහා බලන් උන්නා..

මට පුලුවන් හැම වෙලාවකම මල්ශට කෝල් කරලා පබාගෙ විස්තර ඇහුවා..මන් ගැන මුකුත් එයාට කියන්න එපා කියලා ඒ හැම වාරෙකම මන් ඉල්ලුවා..

මම් දවස් දෙක තුනක්ම ස්කීම් එක ලගට ගිහින් හොරෙන් එයා දිහා බලන් උන්නා..එයා ඇදිලා ගිහින්..අනෙ මන් දැනන් උන්නනම් එයාගෙ අම්මා මගෙ අම්මමයි කියලා මෙච්චර දුරක් එයාව අරන් ඇවිත් මගදි අත හරින්නෙ නෑ ..

එක දවසක් ස්කීම් එක ලග බලන් ඉද්දි පබාගෙ යාලුවෙක් මාව දැක්කා..එදායින් පස්සෙ මන් ස්කීම් එකට යන එක නතර කලා..

තුවාල වුනු මගෙ හිත මන් සනීප කර ගන්න උත්සහා කලා .

පොත් අතරම හිර වෙලා පොත් ගුල්ලියෙක් උනා..කැම්පස් එකෙ ඩිග්‍රි එක ඉවර කරද්දි මන් කොලබ මහජන පුස්තකාලෙ ඔක්කොම පොත් කියෝලා ඉවර කරලා තියෙන්න ඇති..අන්තිම දවසෙ පබාව බලන්න ඕනී කියලා හිත හඩා වැටුනත් මන් මගෙ හිත ගල් කරගත්තා..එයා හිත හදන් ඇති..

මල්ශා එක්ක කතා කරන එකත් මෙ වෙද්දි මන් නවත්තලා..උපාදි උත්සවෙන් පස්සෙ මන් ගමට ගියා ආයෙමත්..

ජීවීතෙ මට හම්බුනු ආදරනීයම දගකාර ,මගෙ හිත කියෝපු ඒ ආඩම්බරකාරයා මගෙ හිතේම තැන්පත් කරන් මන් ආයේම ජීවීතෙ පටන් ගත්තා..

සබද මා ආදරෙයි.
ඔබෙ පෙම අපමනයි
නුඹට ගැති සිත සදා
තනිකඩව සුසුම් ලයි..
එපා නුඹ තරහා වනු
අනෙ මා අසරනයි..
නුබට පිදු මගෙ සිත
තවම අනෙ නුඹ ලගයි..

–මතු සම්බන්දයි–

අද කතාව ලීවෙ ගොඩක් දුකින්..මේ වගෙ ආදරයක් වෙන් කරන්න උනු එක ගැන.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *