37

අචින්තයි අපේ ආදරේ

37

ඔබ ගැන වද වෙන
මේ සිත ගලවා
අගුලු ලා තැබුවෙමි
ලොවටම හන්ගා
මතු යම් දිනයක
ඒවිද කැන්දා
ඔබ එනතුරු මා
සිත ඉකි බින්දා
කාලය හැම පර්ශ්නෙකටම උත්තරයක් දෙනවා කීවට මෙ හිතෙ පබා වෙනුවෙන් උපන් ඒ ආදරෙ මැකිලා යන්න මන් මැරෙන්නම වෙයි..
දවසින් දවස කාලෙ ගෙවෙනවා..දින සති ගත වෙනවා..වයසට යනවා .
මමත් පබත් එකිනෙකාගෙන් වෙන්වෙලා දැන් අවුරුදු හතක්..තව මාසෙකින් මට අවුරුදු තිහත් ලබාවි..
ඔෆිස් යන්න ලෑස්ති වෙලා සාරියෙ රැලි ටික පරිස්සමට එකතු කර කර ඉන්නකොට චූටි දෝනී ඇවිත් මගෙ ඇගෙ එල්ලුනා..කොච්චර වැඩ තිබුනත් මේ පැන්චිව චුට්ටක් හුරතල් කලෙ නැත්තම් මට ඒ දවස ගෙවා ගන්න අමාරුයි..
චූටි පැට්ටො ටිකක් ඉන්න මන් සාරිය ඇදගන්නකම්..
පොඩි එකි මූන ඇල කලෙ හුරතල් විදියට..හැමදාම ඉතින් සිද්ද වෙන දේනේ මෙ..ඉතින් ඊලගට වෙන දේ හොදට දන්න නිසා චූටි දෝනි මගෙ ඇදට පැනලා කකුල් දෙක වන වනා තාලෙට සින්දුවක් කියනව..මන් පුනචි මේකප් එකක් දාන ගමන් ඒ හුරතල් සින්දුව අහන් උන්නා..හැබයි ඉතින් ලමා සින්දුවක් නම් නෙමි..කියන වචන පැහදිලි නැති උනත් තාලෙ හරි..
උදු සුලඩෙ ලින් ප්ටුලේ
චැඩවෙන්නෙ..
සිත ඩිනි ඩත්ත චිතුවිල්ල
අතුලා…ආඅ…
පේම ඩඩයම චොයා…
හික්ස්ස් මේ කෙල්ල..ටීවි බලලා බ්ලලා හොදටම නරක් වෙලා
ඊලගට මන් කලෙ චූටි දෝනිටත් පුන්චි මේකප් එකක් දාපු එක..කෙල්ල කොහොමත් මේ වැඩේට කැමතියි..
මන් ලෑස්ති උනු ගමන් මගෙ හෑන්ඩ් බෑග් එකත් කරෙ දාගෙන කෙල්ලත් මා එක්ක සාලෙට එනවා..
ටිකක් පරක්කුත් වෙලා..
අප්පච්චි මන් යනවෝ..
අප්පච්චි උන්නෙ ලෙඩ ඇදෙ..ඔෆිස් ඇරිලා ආව වෙලෙ ඉදන් මගෙ රාජකාරිය අප්පච්චි බලාගන්න එක..ගිහින් එනකම් චූටි දෝනියි නන්ගියි අප්පච්චි බලා ගන්නවා..
අප්පච්චිගෙ ඇද ලගට ගිහින් මන් එයාට දණ ගහලා වැන්දා..
ලොක්කියෙ
ම්ම්
හැමදාම මෙහෙම කරන්නද හිතන් ඉන්නෙ
නැතුව..වෙන කොහොමද..අප්පච්චි කියන්නෙ වදින්න එපා කියලද
අනෙ ලොක්කියෙ හැමදාම ඔහොම කීවම මොකක් හරිම කියලා පර්ශ්නෙ මග අරිනවා..මන් අහන්නෙ ලොක්කියෙ උඹගෙ අනගතෙ ගැන..
අනාගතෙ ඕනි නෑ අප්පච්චි වර්තමානෙ ජීවත් වෙමු.
මට අප්පච්චි ඉන්නවා අප්පච්චිට මන් ඉන්නවා .ආ තව මෙ චූටි දෝනිත් ඉන්නෙ..
අනෙ මේ සේරම මගෙ වැරදි එදා මන් හරස් නොවුනනම් ලොක්කිටත් අද මේ වගෙ දරු පැටියෙක් ඉදි..ඇයි පුතෙ මගෙන් පලි ගන්නෙ..ඒකා දැන් කාව හරි බැදලත් ඇති..තවමත් ඒකා ගැන හිත හිතා හූල්ලන එකෙ තේරුම මොකක්ද..හුම් එක්කො ඒකා ඉන්න තැනකින් හොයාන එන්න මයෙ දුවෙ..මගෙ ඇස් පියවෙන්න කලින් මයෙ ලොක්කිව බාර දෙන්න ඕනී..ලොක්කි හොයාපන් ඒ කොලුව ..තාමත් ලොක්කි ගැනම නම් ඒ කොලුත් හිතන්නෙ මගෙ නෑ අමනාපයක්..දෙයියනෙ කියලා මගෙ ඇස් පියා ගත්තෑකි එතකොට
පරන දේවල් ඕනි නෑ අප්පච්චි..මන් යනවා..බෙහෙත් බීලා ඉන්න..දවල්ට උයලා තියෙන්නෙ.
මන් පහත් වෙලා චූටි දෝනිවත් හින්බා..
හ්ම්ම් යන්නම්..
මගෙ කලු පාට නවීන පන්නයෙ කාර් එකට නැග ගත්තු මා ඔෆිස් එක බලා ඇදුනා.
ඇත්තටම එයා තාම මන් එනකම් ඉන්නවා ඇද්ද..මේ අවුරුදු හතට එයාව අමතක නොවුනු තරම්..මගෙ හුස්ම තාමත් වැටෙන්නෙ ඒආදරෙ නිසා නෙමීද…
පාදේශීය ලේකම් කාර්‍යාලයෙ අන්ගනය මත නවත්වපු කාරය ..තවත් විඩාබර දවසක ඇරබුම සටහන් කලා…

සම්මානි ආකර්ශා
පාදේශීය ලේකම්

හ්ම්ම්..මට හිමි අසුනෙ ඉතින් මන් රාජකාරි පටන් ගත්තා..

විරාමයක් ලැබෙන හැම මොහොතකම සිතට එන එකම මතකය නිසිත..එයා මේ වෙලෙ මොනා කරනවා ඇත්ද

කැම්පස් එකෙ ඩිග්‍රිය ඉවර වෙලා ගමට ඇවිත් මාස පහක් යද්දි මට මෙ ජොබ් එක ලැබුනා..ඒ ලැබුනු පඩිය එහෙමට කියලා වියදම් කරන්න මහා ලොකු අඩුපාඩු තිබ්බෙ නෑ..

ලොකු මල්ලි කොහොමත් ඒ වෙද්දිත් මොරටුව ඉන්ජිනේරු පීටයෙ ඉගන ගත්තෙ..නන්ගි ඒලෙවල් කරලා ගෙදර..එයා ආස උනෙ එයාගෙ නර්තන දක්ශතාවෙන් ඉහලට යන්න..අද එයා එයාගෙම කලාආයතනයක් කරනවා..

ලොකු මල්ලි මැරි කරලා රට ගියා..චූටිත් ගමේ ස්කෝලෙ නැටුම් සර්ව මැරි කලා..ලොකු මල්ලි ඉඩම් මුකුත් එපා කීව නිසා අප්පච්චි මටයි චූටිටයි ඉඩම ලීවා..චූටි එයාගෙ කොටසෙ කලාආයතනෙත් එක්ක ලස්සනට ගේ හදා ගත්තා..මාත් අප්පච්චිටයි මටයි සැනසිල්ලෙ ඉන්නෙ ලොකූ ගෙයක් නැතත් හුරුබුහිටි දෙමහල් නිවාසයක් හදා ගත්තා..ඒත් ඒ ගේත් මටයි අප්පච්චිටයි ලොකු වැඩියි..වෙලාවකට බූත බන්ගලාවක් වගෙ දැනෙනව..යන්තම් හරි ගෙදර පාලූව මැකෙන්නෙ චූටිගේ දූ පැටික්කි කොච්චරවත් අපෙ ගේ අස්සෙ නිසයි..

අප්පච්චි මට ජොබ් එක ලැබුනු මුල් කාලෙ එක එක මනමාලයො එක්කන් ආවා..ඒ ආව සේරමල්ලා මගෙ රූපෙට,මගෙ උගත්කමට,රස්සාවට මහා ඉහලින් කැමති උනා..ඒත් මේ හිත එකම එක කෙනෙක් වෙනුවෙන් විතරයි ඉඩ වෙන් කරලා තියෙන්නෙ..ඉතින් එයා නැත්තම් මට අනිත් අයගෙන් මොනාවත්ම ඕනි නෑ..

පස්සෙ කාලෙක මට මනමාලයො හොයලා අප්පච්චිටම එපා වුනා..ඒත් තාමත් අර බර බරෙ හැම උදේකම පටන් ගන්නවා..

ඇත්තටම එයා දැන් මොනා කරනවා ඇද්ද..තවමත් මන් ගැන හිතනවා ඇත්ද..මට තිබ්බ ආදරෙ තාමත් ඒ විදියයම ඇත්ද..

මේ ලගදි කොලබ ගිය වෙලේක මන් පරන ස්කීම් එකට ගියා..ඒත් දැන් එයාලා එතන නැ..කොහෙ යන්න ඇද්ද..

මගෙ හිතෙ අම්මා ගැන තිබ්බ වයිරය වෙනුවට දැන් තියෙන්නෙ කලකිරීමක් විතරයි..අප්පච්චි උනත් ඉස්සර වගෙ අම්මා එක්ක තරහක් නැහැ..

ආසයි මැරෙන්න කලින් එකම එක මොහොතක් ඒ පපුවෙ උනුහුම විදින්න..පොඩ්ඩක් කතා කරන්න..ඉස්සර වගෙ රන්ඩු වෙන්න..ඒත් දැන් මට එයාව හිමි නැතුව ඇති

ඕනම කෙල්ලෙක් ආස වෙන,ආදරෙ කරන හැමදේම නිසිත ලග තියෙනවා..ඉතින් එයා තවම මන් ගැන නොහිතනව ඇති..කමක් නෑ කොහෙ කොතන කවුරු එක්ක උන්නත් එයා සතුටින් නම්..

සිතුවිලි වල අතරමන් වෙල හාප්ශීට් එකෙ ඔහෙ රටා අදිද්දි මගෙ පෝන් රාජයා රින් වෙනවා..

ම්ම් කාලෙකින්

කොහොමද සම්මානි

අහ් ඉතින් ඉතින් මේන් එක්කෙනෙක්ට අපිව මතක් වෙලා

හා කවුද දන්නෙ නෑ අමතක කලෙ..

හරි හරි දැන් මොකො අපිව මතක් උනෙ ම්ම්

සම්මානි අනිද්දා අපෙ දෙවනියගෙ උපන් දිනෙ..ඉතින් අපි තීරනෙ කලා සිගිරි යන්න

හ්ම්ම් නියමයි..ඉතිම් ඉතිම්

ඉතින් කියන්නෙ..මෙහමයි කාලෙකින් අපි හම්බුනෙත් නැනි..ඒ නිසා මායි සුපුනුයි අපෙ බැජ් එකෙ කට්ටියය එයාගෙ අයටයි එන්න කීවා..ඔක්කොම අපි ගානෙ උඹට තියෙන්නෙ එන්න විතරයි

ඒත් බම් මන් වැඩනෙ

අනෙ පල පල..ඔන්න අරවා මේවා අදාල නෑ..හෙට උදෙ ලෑස්ති වෙලා ඉදින් ..

අනෙ බම්

මේ මේ පාර ආවෙ නැත්තම් උඹෙයි මගෙයි යාලුකමත් ඉවරයි..මතක තියාගනිනි ඒක..

මේ මින්දු නම්..මට මුකුත් කියන්න ඉඩ නොදි පෝන් එක තිබ්බා..

හුම් කාලෙකින් මමත් කොහෙවත් ගියෙ නෑ තමයි..ඒත් අප්පච්චි..

හෙට කරන්න ඕන වැඩ ටික උප ලේකම්‍ට පවරලා දවස් තුනකට නිවාඩු දා ගත්තා .

අප්පච්චිත් චූටිත් එක පයින් මගෙ තීරනෙ අහලා සතුටු වුනා..හැමදාම ගේයි ඔෆිස් එකයි අතර හිර වෙලා උන්නු මටත් මේ ගමන ගෙනත් දුන්නෙ සැනසීමක්…

ඉතින් ඊලග දවසෙ කුකුලටත් කලින් මින්දුලා ආව පුන්චි රෝසා බස් එක මාවත් දාගෙන සීගීරිය පැත්තට සේන්දු උනා…

ිමාතලේ හරියෙදි අපේ ගමනට තවත් කෙනෙක් එකතු වුනා..

කට්ටිය ප්ලෑන් කරලා කරපු වැඩක්ද මන්දා..ඒ ආව කෙනා ඉදගත්තෙ මගෙ ලගින්..

තවමත් ඉස්සර වගේමයි..තව චුට්ටක් මහත් වෙලා සුදු වෙලා සුද්දෙක් වගෙ..

හායි

ම්ම් හායි

ලගට ආව කෙනා එක්ක කතා නොකර බැනි..අනික මට කරපු වරදකුත් නැ..

ඉතින්

ඉතින්

දැන් ඒජ් කීයද

අහලා නැද්ද කෙල්ලන්ගෙන් වයස අහන්න හොද නෑ කියලා

ම්ම් ඔව් ඉතිම්..බට් මට සැකයි වගෙ

මොකක්ද

ඔයාගෙ ඒජ් නැවතිලා වගෙ..

ඒ කිවෙ

තාම පලවෙනි දවසෙ මන් දැක්ක කෙනාමයි

හා ඇත්තද

නෑ බොරු

හො හෝ මේන් මෙතන මල් නෙලනවෝ..වල් ගලෝන ගමන්..

කට්ටියගෙ උසුලු විසුලු රස කෑම ජාති..ලස්සන පරිසරය මේ හැම දේම එක්ක අපි සීගීරියට ආවා..

එහෙනම් කට්ටිය වොශ් දාගෙන ඩිනර් ගමු..හෙට සීගීරි යන්..

ම්ම් වෙහෙසයි..මමත් මින්දුගෙ නන්ගි කෙනෙකුත් එක රූම් එකක නැවතුනා..

–මතු සම්බන්දයි–

ඉතින් පබාට මොකද උනෙ..මේ ආවෙ කවුද කියලා ඊලග කොටසින් දැනගමු..අද දවසෙ පුලුවන් උනොත් 39කොටසත් දාන්නම්..එතකම් පබාට මොකද උනෙ කියලා කල්පනා කරලා කියන්න හොදෙ.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *