38. වන කොටස.
මියෙදෙන තුරා…..
මට නැවත සිහි එන විට මම වුන්නේ කාගේ හරි සවිමත් දෑතක් මත.
යන්තමින් බොදවු රූපයක් මට පෙනුනත් කවුද කියා අදුරා ගන්න තරම්
ඒ පෙනීම සමත් වුනේ නැ. නමුත් සියල්ලන්ගේ කටහඩවල් කෑ ගැසීම්
මට අෑතින් වගේ අැහුනා.
” යකෝ මූට කොහෙන් අපු හයියද්ද මේ. දාපන් ලොකු අක්කව අැතුළට.”
” මේ අැමති බේබී මට කියලා මුළු පට්ටන්දරයම දිගෑර ගන්නේ නැතුව මෙතනින් ගියානම් හොදයි.”
” උබට මොකද්ද තියෙන අයිතිය අපේ ඒකීව මෙහෙ තියා ගන්න.”
”අැමති බේබී නැට්ට පාගන් වගේ.”
වදන් ඒකින් ඒක අැහෙද්දී මම දැන ගත්තා මම ඉන්නේ විජී අයියාගේ දෑත මත කියලා. තද ඔලුවේ කැක්කුමත්, සිරුරේ අප්රාණික බවත් නිසා මට දෑස් අරින්නට සිත් වුනේ නෑ. තවමත් තදින් දැනුන පපුවේ වේදනාව මට දරා සිටීම අපහසු වුනා. මද සිහියක් තිබු නිසා වැටේවි කියා බයෙක් දැනුන නිසා මම පොඩි දරුවෙක් වගේ විජී අයියගේ කර වටා අතක් දමා ගත්තා.
” අැයි නිල්මී නගා. ඉක්මණට යමු අැතුළට.”
” ම..ට… අ…මාරු….යි”.
විජී අයියා මාව උස්සගෙන කොහොට හරි රැගෙන යන බව මට දැනුනා.
” ඒ අඩෝ මාව කැබ් ඒකෙන් බස්සන්නේ නැතුව දාපන් ඔකිව කැබ් ඒක අැතුළට.”
”ඔහෙලගේ කවුරුත් මෙහෙ නෑ. දැන් නිල්මී නගා අයිති මට.”
” අප්පට සිරි කවදද නගා වුනේ.”
” අැයි අැමති බේබී දන්නේ නෑ වගේ. මේ මගේ කසාද බිරිද?”.
වෙන මොනවා නොඅැසුනත් මට ඒ වචනය නම් හොදටම අැසුනා. අැයි විජී අයියා ඒහෙම කිව්වේ. මට දැනුනේ පුදුමයක්. නමුත් යටි හිතට මට වටහා ගන්නට නොහැකි සතුටක් දැනුන බව නම් මටත් අපැහැදිලි කරුනක්.
” ඒකත් ඒහෙමද?. නැගහල්ලා වාහනේට . අපි යමන් යන්න. ඒක ඒකාගේ ගෑනු අපට ගෙනියන්න ඔනේ නෑ.”
” අාන් ඒහෙම යන ඒක තමා හොද? පවු මේ අහිංසකයන්ට බේත් ටිකක් වත් අරන් දෙනවා. තමුසෙලා සැප පුටු වල ඉද්දී මේ අහිංසකයෝ උබලා නිසා ඒක ඒකාගෙන් ගුටි කනවා.”
විජී අයියාගේ කතාවෙන් තේරුනේ, චිත්රපට වල වීරයෙක් වගේ ලොකු මල්ලියේ ගෝලබාලයින්ට පහර දීලා මාව බේර ගෙන තියෙන්නේ කියලා.
”උබ ඔකිව බැද ගත්තට කමක් නෑ. අපිට නෑ කම් කියන්න වත් , දෑවැද්ද ඉල්ලන් වත් ඒන්න ඒපා. මොකද අපේ ලොකු අක්කා මැරිලා ඉවරයි . අපි අද හෙටම දානයක් දෙනවා.”
” මගේ බල්ලාවත් ඒන්නේ නෑ උබලගේ කකුල් ලොවන්න. මට කියලා උබගේ දානේ දෙන්න ගෙදර උන්ට අවස්ථාව හදලා දෙන්න කලින් ගියා නම් තමා හොද?”
” යමං”
ඉන් පසු මහ හඩ නගාගෙන වාහන පෙළ නික්ම ගිය බව මට අැහුනා.
” අනේ නිල්මී. අනේ වෙලාවට විජී අයියා අාවේ. නැත්තම් අර නරුමයෝ අපේ නිල්මිව අරන් යනවා.
” හරි හරි ශාමී නගා. අැද හදන්න නිල්මි නගාව තියන්න.”
” හරි විජී අයියේ.”
ඔවුන් මාව අැද මත හාන්සි කරවා දිය බිදු කිපයක් මුහුණට ඉසිනු ලරබුවා.
” දැන් හොදයි නේද නිල්මී නගා.”
”ප.. පුව රි..දෙන..වා.”
”අනේ අැයි නිල්මී.”
අැදේ මා අසලින්ම ඉදගත් ශාමී මගේ පපුව අත ගාන්න ගත්තා . අැගේ මුහුනේ තිබුනේ මට දැනෙනවටත් වඩා ලොකු වේදනාවක්. මාස දෙකකට පසු මතු වූ වේදනාව මට අමතකව යමින් තිබු මරණය නැවත සිහි කැදවනු ලැබුවා.
” තවත් රිදෙනවද නිල්මී.”
” දැ…න් ටික…ක් අඩු…යි.”
” ශාමී නගා ඔයාගේ අත තුවාල වෙලානේ. මේ ලේ ඒනවා”
” අරුන් තල්ලු කරපු පාරට මම වැටුණනේ. වැලමිට අැනුනා. වැඩිය රිදෙන්නේ නෑ විජී අයියේ.”
මම අමාරුවෙන් හිස උසවා අැගේ අත දෙස බැලුවා. වැළමිට අසල විශාල පෙදෙසක් සීරිලා. වැලි කැට අැණී අැති වු කුඩා කුඩා සිදුරු වලින් ලේ බිදු මතු වෙලා. මට දැනුනේ මං ගැනම කළකිරිමක්. මෙතරම් වෙලා හිතේ තද කර ගෙන වුන වේදනාව කදුළු බවට පත් වී දෙනෙක් වලින් රුරා වැටුනේ මොර ගෙඩි වගේ.
” අනේ අැයි නිල්මි අඩන්නේ.”
”ඔයාලට මේ සේරම කරදර මම නිසා”
” ඒහෙම කියන්න ඒපා නිල්මියෝ. ඔයාව අපිට හුගක් වටිනවා. ඔයා අපිට වදයක් නෙමෙ. ඔයා නිසා තමා මම අද දෙපයින් අැවිදින්නේ. ඔයා මං වෙනුවෙන් හැම දේම කැප නොකරන්න මම මෙලහට පොළවට පස් වෙලා.”
”අනේ විජි අයියේ ශාමීගේ තුවාලෙට බේත් ටිකක් දාන්න.”
”අනේ ඔනේ නෑ. මේක පොඩි සීරීමක්නේ.”
”මෙන්න මෙහෙ ඒන්න ශාමී නගා පණ්ඩිත කම් නැතුව . තව ලේ ඒනවා.”
විජී අයියා බලෙන්ම වගේ තුවාලය පිරිසිදු කරලා, බෙහෙත් වර්ගයක් අාලේප කලා. හිසේ බර ගතිය හැරුණ කොට දැන් මට වෙන අපහසුතාවක් නොදැනුන නිසා අැද මත වාඩී වුණා.
” ඒ පාර කොහෙද නිල්මී නගා යන්න හදන්නේ.”
” මට දැන් හොදයි අනේ”.
”සොරි නගා මට ඔයාලගේ අැමති මල්ලිට ලොකු බොරුවක් කියන්න වුනා.’
”ඒ මොකද්ද?”
මම හොදටම දන්නවා ඔහු ඔය කියන්නේ මම ඒයාගේ විවාහක බිරිද කතාව වෙන්න ඔනේ බව. මගේ හිත හුගක් අාස වුණා ඒයාගේ කටින්ම අායි අායි ඒ වචන පෙළ අහ ගන්න. මට මේ මොනවා වෙලාද කියලා . මටම මමගැන කේන්ති .
” මම ඔයාව මැරි කරා කිව්ව කතාව.”
” ඒකට කමක් නෑ. අැයි ඒත් ඔයා ඒහෙම කිව්වේ.”
” ඔයා වෙනුවෙන්.”
” මම වෙනුවෙන්”
”ඔව්. දැන් අැමති බේබී අායි කවදාවක් නිල්මී නගා හොයන් ඒන්නේ නෑ. මොකද ඒයා හිතන්නේ ඔයා හිතුවක්කාර කමට මාව බැද ගත්තා කියලා.”
” ඒක හොදයි. නැත්තම් මාව ගෙනියන්න අායිත් ඒයි.”
ඉන් පසු උදා වු සමය නම් බොහොම සාමකාමී. ලොකු මල්ලී කියා ගිය අයුරින්ම ගෙදර මා වෙනුවෙන් දානයක් පැවැත්වු බව පොඩ්ඩා අපිත් ඒක්ක කිව්වා. සියල්ලන්ම මට බැන වදිනවලු සැපට ඉන්න තිබුනා සුමේධ ළමයව මැරි කලා නම්, දැන් කොහෙද යන හිගන්නෙක් බැදගෙන දුක් විදිනවා කියලා.
සැබවින්ම මගෙ හිත තුළ කැකැරෙන්නේ අමුතුම හැගුම් පොදියක්. ඒක මට කිසිදා නොදැනුන නමුත් සුන්දරම සුන්දර හැගීමක්. ඒත් ඉතින් නිතරම මගේ හිත පුංචී ඊර්ශ්යාවකින් වැහිලා ගියේ. ඒ හැගීම මට අයිති නෑ කියලා දන්න නිසා.
” නිල්මී නගා කම්මැලි නැද්ද ගෙදරටම වෙලා ඉන්න.”
දවසක් මම සැදෑවරුවක මිදුලෙහි කොනක අටවා තිබු ලෑලි ගසා සෑදු බංකුවක් මත වාඩි ගෙන නිසොල්මන්ව ඉදිද්දි,විජී අයියා ඒතනට පැමිණ මගේ හුදකලාව බිද දැමුවා.
” කම්මැලී නම් තමා විජී අයියේ. කොහෙ කියලා යන්නද?. මට ගෙදර ඉන්නවට වඩා නම් මෙහෙ හුගක් හොදයි.”
”හ්ම්. කෝ ශාමී නගා”
” තේ ඒකක් හදන් ඒන්න කියලා ගියා.”
”ගාමී නගා. මමත් ඉන්නවා හොදේ.”
ශාමලිට ඔහු අා බව හඩ ගා කිවු ඔහු. මා හිද සිටි බංකුවේම කොනක වාඩි වී මා දෙස බැලුවා.
” නිල්මී නගා.”
”හ්ම්.”
”ඒනවද මාත් ඒක්ක රවුමක් යන්න.”
”මම”
”ඔව් අකමැතිද මාත් ඒක්ක යන්න.”
” නෑ නෑ අකමැත්තක් නෑ. කොහෙද යන්නේ.”
”ඉබ්බා දියට දැම්මම අැන්නෑවේ කිව්වලු” මගේ හිත ඉල්ලන්නෙත් ඒක බව මම දන්නවා . ඒ නිසා දෙවරක් නොසිතාම කැමැත්ත ප්රකාශ කලා.
” කොහේ හරි.”
” ඒ කිව්වේ.”
” ඔයා පොළේ ගිහින් නෑ කිව්වනේ . හෙට පොළ. හෙට යමු මාත් ඒක්ක.”
හදිස්සියෙම මතක් වු වැදගත් කාරනයක් සේ ඔහු මා දෙසට නැඹුරු වී රහසින් වගේ කිව්වා. අැත්තටම විජී අයියා මට අාදරේ කරනවා වත්ද?
” ශාමි යන්න දෙයිද?”
”විජි අයියා ඔයත් අාවද?. අයියෝ මම තේ දෙකයි හැදුවේ. අවුලක් නෑ අපි දෙන්න ඒක තේ ඒක බෙදන් බොමු.”
හිත තුළ අැතිව තිබූ නැවුම් හැගුම පහව, මේ සිදු වීම ගැන අකමැත්තක් සිත පහල වුනා.ශාමී විජි අයියට අාදෙරෙයි වගේ.;
ඊ ළග කොටසින් හමු වෙමු.. —