38

අචින්තයී අපේ ආදරේ
38
ඊලග දවසෙ උදේ වරුව ගත උනෙ කට්ටියගෙ ගිමන් හැරගන්න..මමත් ගොඩ දවසකින් හොදට ඇදෙ පෙරලි පෙරලි දහයත් පහු වෙනකම් නිදා ගත්තා..ඇහරවන්න වත් කෙනෙක් නෑනි ඉතිම්..
මින්දුට තෑන්ක්ස් කරන්න ඕනි මාව මේ වගෙ ගමනක් එක්කන් ආවට..හුග දවසක ඉදලා හිතෙ තිබ්බ අමුතු තනිකමක් හේදිලා ගියා වගෙ දැනෙනවා..
සේරම වස් දොස් හේදීලාම යන්න හිතන් ඇති වෙනකම් වතුර මල යට උන්නා..නාගෙන ඇදුමක් දාගෙන එහෙට මෙහෙට පැද්දි පැද්දි ඉදලා එලියට එද්දි එකොලහාමාරත් පහු වෙලා..බඩ චුට්ටක් දැවිල්ලයි වගෙ..ඒත් ඉතින් දැන් දවල් වෙලානි ..දවල්ටම කනවා..
මෙතන ඉදන් ලස්සනට සීගිරිය පේනවා..කාශ්‍යප රජතුමාට කොහොම හිතුනද මන්දා ඔය වගෙ තැනක එයාගෙ මාලිගාව හදන්න .මීට කලින් දෙතුන් පාරක් සීගීරිය හැබහින් දැකලා තිවුනත් අද අමුතුයි වගෙ..ජීවිතෙ ලොකු වෙන්ස් වීමක් වෙයි කියලා දැනෙනවා..
හායි ගුඩ්මෝනින්
ගුඩ් මෝනීන්
ලස්සනයි..
ම්ම් ඔව් මේ කැලෑමල් ජාතියක්
මන්න් කීවෙ කෙහෙල් මල් කැලෑ මලක් ගැන නෙමි..ඔයා ගැන..
මෙයා සැරින් සැරෙ ඇවිත් මොනාද මේ කියන්න හදන්නෙ
ඉතිම්
හ්ම්ම් ඉතිම්
නින්ද ගියාද හොදට
ම්ම් ඔව්
ඒකනි ඒකනි මන් හිතුවෙ ලමයා ඊයෙ රෑම බෑග් එකත් අරන් අපට හොරා සිගිරි නැගලා කියලා
නින්ද ගියා හුග කාලෙකින් ගොඩක් වෙලා
හ්ම්ම් සම්මානි
ම්ම්
දෙයක් අහන්නද
ඔව් අහන්න
තාමත් අර කොල්ලා ගැනද හිතන් ඉන්නෙ
ඇයි එහෙම අහන්නෙ
දැනගන්න..ඔයා හැමදාම ඔහොම ඉන්නද හිතන් ඉන්නෙ
දන්නෙ නෑ
කෙලින්ම කාරනාවට බහින්නම්කො..
හ්ම්ම්
ඉස්සර මගෙ හිතෙ ඔයා ගැන ඇති වුනු හැගීම තාමත් එහෙම ඒ විදියටම තියෙනවා..මන් කැමතියි සම්මානි ඔයා මැරි කරන්න..ඔයා කවදා වෙනකම් ඔහොම තනියෙන් ඉන්නද..
ඔයා දන්නවනි අපෙ තාත්ති ගැන ..ඉතින් ඒ දේපලවල එකම උරුම්මක්කාරයා මන්..මගෙ රුපේට,බලේට,දනයට කෙල්ලො දන ගහන්නෙ සන් සන් ගාලා..මගෙ ජීවිතේටත් එක එක කෙල්ලො ආවා..සමහර උන් මාව අතෑරියා..මන් සමහර එවුන් ඇතෑරියා..ඒ සේරම බොරු …ඒත් තාමත් හිතෙ කොනක ඔයාගෙ මතක තියෙන්වා..මට වචනයක් දෙන්න සම්මානි
පබාට ගැති මේ සිත වෙන කාටවත් දෙනවා තියා හිතන්නවත් බෑ.
රබ්….දික
රන්දිකට ඒ ටික තේරුන් කරන්න උත්සහා ගද්දු මින්දු ඇවිත් කතා කරා..
මගෙ වෙලාවට දෙයියො එව්වා වගෙ මින්දු ආවෙ..නැත්තම් මෙයාට මට උත්තර ද්දි ඉන්න වෙයි..මන් මින්දු අඩගැහුව සැනින් ඒ පැත්තට ගියා කොහොමත් දැන් මට හොදටම බඩගිනියි..
කට්ටිය මේසෙ වටෙ ඉදගෙන මායි රන්දිකයි දිහා බල බල කොදුරනවා..
ආව් ආව් මල් කඩනවා වගෙ..මහන්සිත් ඇතිනෙ දෙන්නත් එක්ක බොමුද සීතල වතුර වීදුරුවක්
සුපුන් රන්දිකටයි මටයි විහිලු කරනවා..රන්දික නම් ඒ විහිලු වලට කැමති වගෙ..
කොහිද ඉතින් බොලාගෙ වයිපරෙ හොදම සීන් එකෙදි මැද්දට පැනලා ශම්මානියො මෙහෙ වරො ඇබුල කන්නෝ ගෑවානි..ටිකක් ලේට් උනානම් කොල්ලා ගොඩෙ ගොඩනි
හරි බම්..අද දවසයි හෙටයි දෙකම තියෙනවා බොට..කුදහා ගින්දරයි බාම්..වරෙන් කොටා බාන්ට
යාලුවොත් එක්ක මෙහෙම කියො කියෝ ඉද්දි කොච්චර නම් සුන්දරද..හිතෙ තියෙන කාන්සිය ඉබේම නැති වෙලා යනවා
සූප්පුවෝ කෝ බම් බත්ඩෙ බෝයි..ඌ මිසින්
කිව්වත් වගෙ ..කෝ මින්දූ
ම්ම් අර මුල්ලෙ උන්නා සෙල්ලම් කර කර ඉන්න මන් අඩගහන්නම්
බඩී..කියාගෙන මින්දු බර්ත් ඩේ බෝයීව හොයන්න ගියෙ..හැබයි ආයෙ ආවෙ හෙන කේන්තියෙන්
අයියො මේ බලන්න සුපුන් මේ බඩී..
මින්දුගෙ කෑගැහිල්ලට අපි සේරම පොඩි එකා දිහා බැලුවා
පොඩි එකා අතෙ පොඩි පූස් පැටියෙක්
ඊයා කොහෙ උන්නු ජරාවක්ද මන්දා..බඩි බිම දානවා ඕකව
මට බෑ
පොඩි එකා පූස් පැටියව තුරුල් කරන් පපුවට..කොච්ච්‍ර කීවත් හැබයි පූස් පැටියව නම් බිම දැම්ම් නෑ..දැන් ඒ පාර ඉන්න අය සේරම පොඩ්ඩට පූස් පැටියා බිම දාන්න කියලා කියනවා..පුන්චි එකා මැනිකක් පපුවට තුරුල් කරන් ඉන්නවා වගෙ පූස් පැටියව ගුලි කරන්..මට කෙනෙක්ව මතක් වෙනවා..ඉස්සර පබත් උන්නෙ ඔය විදියට්..
මන් නැගිටලා පොඩි එකා ලගට ගියා..
හායි බඩි
හායි
ලස්සන පූසූ පැටියෙක්..කොහෙන්ද හම්බුනෙ
අර් මුල්ලෙන්
ම්ම් ශෝයි නෙ ..මොක්ක්ද ඌට දාන නම..
ආන්තිම කියන්න්කො..ලස්සන නමක්
ම්ම්
මොකක්ද හොද්..හරි අපි මෙයාට චූටි කියලා දාමු
හා
පූසත් යාව් යාව් ගානවා..නමට කැමතියි වගෙ..
දැක්කද එයත් කැමති
ආන්තිට එයා කීන දේ තේරෙනවද
ම්ම් ඔව්..එයා දැන් තව එකක් කියනවා ඔයා කර්නවද්
හා
අද් බඩීගෙ බර්ත් ඩේ එකනි..එයාට ආසලු බඩි බත් කෑවම කොච්චර ලොකු වෙනවද බලන්න..එයාට ඕනිලු බඩීව එයාව බිමින් තියලා මහත්තයෙක් වගෙ පුටුවෙ ඉදන් කෑම කනවා බලන්න
ඒමද
ඔව්
කාටවත් බැරි වුනු පූස් පැටියා මන් බිමින් තිබ්බා..පොඩි එකා හොදට අත සෝදන් ටේබල් එකෙන් ඉද ගත්තා..
ආන් බලාගන් යෝදියෙ දරුවො නම්ම ගන්න හැටි..ඉගෙන ගනින්
ඒකනි බම් මන් පලපුරුදු කෙනෙක්ම තෝර ගන්න යන්නෙ
අපි බත් බෙදා ගන්න යද්දිම පිලිවෙලට ඇදගත්තු වේටර් කෙනෙක් දුම් දාන බත් දීසියක් මේසෙ උඩින් තිබ්බා..
ටුඩෙ ස්පෙශල්..
ම්ම් පුදුම සුවදක්..ඒත් ඒත් මේ බත් එක…
බත් එක දැකලා මට ඉබේටම පුටුවෙන් නැගිටුනා…
මේ බත් එක..මේක මේක හදන්න දැනන් උන්නෙ මමයි අප්පච්චියි තවත් කෙනෙකුයි එඉතරයි..
එහෙමනම්….ඒ ..අනෙ දෙයියෙනෙ..
බත් එක තියලා වේටර් පස්සෙන් මන් ගියා නෙමි පැන්නුවා කීවොත් හරි
ඇ ඇයි මිස්
අනෙ අර රයිස් එක
ඇයි මිස් හරි නැද්ද..අනෙ
නෑ නැ..මන් ඒක කෑවෙ නෑ තාම රස බලන්න..
එ එහෙනම් මිස්
මට කියන්න ඒ බත් එක හැදුව කෙනා
ආහ් ඕකද මිස් අපෙ චෙෆ්
චෙෆ්?චෙෆ්..මන් මටම ඒක කියාගත්තා..එතකොට එතකොට ඒක..ඒ එයාද දෙයියනෙ
දැන් මගෙ හිත කියන්නෙ එ චෙෆ්ව බලන්න ඕන කියලා බැරි වෙලාවත් ඒ එයා නම්..ම්ම් වෙන කෙනෙක් වෙන්න බැ..ඒ බත හදන්න මන් කියලා දුන්නෙ එයාට විතරයි..
මට පුලුවන්ද ඒ චෙෆ්ව හම්බෙන්න
මෙහෙමයි මිස් ස්ටාෆ් කට්ටිය ඇරෙන්න වෙන කෙනෙක්ව කිචන් එකට ගන්න එපා කියලයි අපිට කියලා තියෙන්නෙ
අනෙ මේ අහන්න..මගෙ පව්ද්ගලික දේකට මට ඒ චෙෆ්ව බලන්න ඕන..ප්ලීස්
සේවකයා ඔලුව කස කස කල්ප්නා කරනවා
හ්ම්ම් හරි මිස් යන්කො..ඒත් මාව බේර ගන්න මිස්
හ්ම්ම් හරි බය වෙන්න එපා..ශුව බේරගන්නවා..මේ රයිස් එක මගෙ ජීවිතේට සම්බන්දයි..ඔයාට තෑන්ක්ස් ගොඩක්
කොහොම හරි වේටර්ව කැමති කරව ගෙන මන් හොටෙල් එකෙ කිචන් එකට ගියා..
සුදු කෝකි ඇදුමෙන් සැරසිලා පස් දෙනෙක් කිචන් එකෙ වැඩ..
ම්ම් මෙතනින්
මන් වේටර්ගෙ මූන බැලුවා
අර ඉන්නෙ අපෙ චෙෆ්
මට පිටුපාලා ඉන්න උස කෙනෙක්ව වේටර් පෙන්නුවා
දෙයියනෙ මෙ එයාද..අවුරුදු හතකට පස්සෙ..අනෙ මගෙ පපුව ඩග් ඩග් ගාලා ගැහෙනවා..නහර දිගෙ වේගවත්ව ලේ ගමන් කරනවා..
ඒ ඒ එයාද..මගෙ..
එක්ස් කියුස් මි
මගෙ කටහඩට චෙෆ් මගෙ පැත්ත හැරුනා…
මගෙ බලාපොරොත්තුව මාව ඉවසුම් නැති කරලා..මෙයාට හැරෙන්නම හැට පැයක් යනවනි
ඔව් මිස්
හුම්..ඒ එයා නෙමි..හුම්..මන් දුවන් ආවෙ එයා කියලා හිතලා..ඒත් මේ බත් එක හදන්න දැනගත්තෙ කොහොමද
මන් කලබල වුනු හිත ටිකක් සන්සුන් කර ගත්තා..
මිස්
මගෙන් සද්දයක් නැති තැන චෙෆ් ආයෙම කතාකලා..
ම් මට මට කියන්න අර රයිස් එක ගැන
මොන රයිස් එකද මිස්
දැන් ඔයාලා හැදුවෙ..අර සුවද ටෙම්පඩ් රයිස් එක..ඒක ගැන
ම්ම් මිස් ඒක අපි සාමන්‍යෙන් හදන එකක් නෙමි..
එහෙනම්
මෙහෙට හැම අවුරුද්දෙම මේ කාලෙට මහත්තයෙක් එනවා..ඒ මහත්තයා තමයි ඕකෙ වට්ටොරුව කියලා දුන්නෙ..එයා ආවම අපි ඕක හදනව..
මහත්තයෙක්..අනෙ එයා කොයි වගේද
උසයි..සුදුයු..හරියට නලුවෙක් වගෙ..හරි හරියට කියෝනවා මෙහෙ ආවම අපිත් එක්ජ..එයාගෙ ෆැමිලි එකම තමා මෙහෙට එන්නෙ..
අනෙ එහෙමද..ඔයා මේ බත හදනවා කීවෙ එයා ආවම නේද
ම්ම් ඔව්..
ඒකියන්නෙ අදත් එයා ඉන්නවද
ඔව් මිස්..අද එයා තමයි බත් එක හැදුවෙ..මන් කලෙ හෙල්ප් කරන එක විතරයි..බොරු කියන්නෙ මොකටද මිස් එයා හරියට පලපුරුදු චෙෆ් කෙනෙක් වගෙ..ඕනම කෑමක් හැදුවෑකි..එයා අපරාදෙ ඩොක්ට කෙනෙක් වෙලා තියෙන්නෙ
ඩො ඩොක්ට කෙනෙක්
ම් ඔව් මිස්..ලන්කාවෙ හොද ස්පෙශලිශ් කෙනෙක්..මිස් අහලා නැද්ද එයා ගැන..මොකක්ද එයාගෙ නම..මේ කෙල්ලෙක්ගෙ නමක් තියෙන්නෙ..
මොකක්ද මොකක්ද අනෙ කියන්න ඉක්මනට
ආහ් හරි ඩොක්ට පබා..
ඩොක්ට පබා..ඩොක්ට පබා අනෙ දෙයියනෙ..ඒ ඒ
මිස් මිස් මොකො මෙ
නෑ නෑ..මුකුත් නැස්..මට එයා බලන්න පුලුවන් වෙයිද
ම්ම් මිස් අද එයාගෙ ෆැමිලි එකම ඇවිත් ඉන්නෙ..බබාලත් ඉන්නවා..අද ඩොක්ටගෙ බර්ත් ඩෙ එක මන් හිතෙ..ඒකයි එයාම ඇවිත් ඒ ස්පෙශල් රයිස් එක හැදුවෙ..අපි ඒ රයිස් එකට මිස්ලගෙන් පේ කරන්නෙත් නෑ..සේරම ඩොකට පබා ගානෙ..
අනෙ හරි..අද මැයි විසි තුන..එයාගෙ උපන් දිනෙ..
මිස්
මට කියන්න එයා දැන් කොහි ඇද්ද කියලා
මේ වෙලාවෙ නම් එයාලා ඇත්තෙ අර හොටෙල් එකෙ අනිත් වැරන්ඩා එකෙ..
ම්ම් හරි තැන්ක්‍යු
මන් ආයෙම හැරෙද්දිම එතනට වේටර් කෙනෙක් ආවා
චෙෆ් අපිට අර කන්කුන් ඩිශ් එක ඕන..ඩොක්ටගෙ ටේබල් එකට
හා ඕකෙ
ම්ම් වරදවා හිතන්නැත්තම්..මට දෙන්න මන් ගිහින් දෙන්නම්
ඒ ඒත් මිස්
නෑ කෝ දෙන්නකො
එයාලා මොනාවත් හිතන්නත් කලින් ඕඩ කරපු ඩිශ් එක අරන් මන් හොටෙල් එකෙ වැරැන්ඩා එකට ගියා්
චෙෆ් කීව විදියට ..එයාට බබාලත් ඉන්නවද..එතකොට එයා බැදලද..
ඒත් හ්ම්ම් කමක් නෑ..එයා ජීවිතෙ හදාගෙන..ඉගෙන ගෙන..ඒ අන්ශෙන් ඉහලටම ගිහින්..උයන්නත් පුලුවන්..එයා කා එක්ක කොහොම උන්නත් කමක් නෑ..එයා සතුටින් නම්..
මන් ඉක්මනට ඒ පැත්තට ගියා..උස්ව ඇහෙන ඒ කටහඩ මට අදුර ගන්න අමාරු නෑ..දෙයියනෙ මගෙ පපුව ගැහෙනව..
අවුරුදු හතකට පස්සෙ මන් එයාව දකින්නෙ..ඔයා වෙන කෙනෙක්ගෙ වෙලා නම්..වෙලා නම් මන් මොනවා කියලා කරන්නද..ඔයා සතුටින් නම් එච්චරයි මහත්තයො..මට සතුටුයි..මන් ඔයාගෙ නොවුනට ඔයා මන් කියපු මන් ඉල්ලපු හැමදේම කරලා..මගෙ රත්තරන්..
මැරෙන්න මොහොතකට කලින් හරි ඔයා දකින්න මෙ ඇස් පෙරුම් පිරුවා..මින්දු අනෙ ස්තූති ඔයා මාව එක්කන් ආවට ..
එයා වෙන කෙනෙක්ගෙ වෙලා ඉන්න එක නම් මට දරා ගන්න බැරි වෙයි..ඒත් මගෙ රත්තරන්ව මෙ ඇස් දෙකට දකින එකත් මට හොදටම ඇති..
අද දවස මට කොච්ච්‍ර සතුටු දවසක්ද..
ජීවිතෙ මන් ඇවිද්ද ලොකුම දුර මෙ කෙටි දුර කියලා හැගෙන තරමට මගෙ හිත නොවිසිලිමත්..දැන් මන් එයාලා ඉස්සරහා..
කෑම අරන් ආව නිසා එයාලා වැඩිය මාව ගනන් ගත්තෙ නැති හැඩයි..දැන් මට ඔලුව උස්සලා එක පාරක් ඒ මූන දකින්බ ඕනි..
මන් රවුමෙන් ගිහින් එයා ඉස්සරහින් දීසිය තිබ්බ
දෙයියනෙ ඒ ඇස්..ඒ දගකාර කම තාමත් ඇස් වල සටහන් වෙද්දි එයාගෙ රැකියාවට ගැලපෙන වැදගත් පෙනුමක් එයාට ලැබිලා..
එයාගෙ ඔඩොක්කුවෙ චූටි පුතෙක්..ඒ එයාගෙද..
අද එයාගෙ බර්ත් ඩෙ එකනි මට ඕනි විශ් කරන්බ..ඒත්
ඔයා ස්ටාෆ් එකෙ කෙනෙක් නෙමීද
පබා කටහඩ අවදි කලා..අනෙ මගෙ පපුව දැන් නවතීවි..
එයා ඕන කමින් මගෙ මූන බලන් උන්නා..
බත් එක දැකලා මාව නැගිටුනා වගේම එයා මාව දැකලා නැගිට්ටා..
ස සම්මානි..සුදු ආප්පෙ..අනෙ මෙ ඔයා..
ඇස් වලට වැටෙන කදුලු හන්ගගන්න බොරු උත්සහයක නිරත උනු මන් අඩියට දෙකට අනිත් පැත්තට දුවන් ආව්..
සම්මානි ප්ලීස් ඉන්න..
එයා මගෙ දිග කොන්ඩෙන් මාව ඇදලා එයා ලගට ගත්තා..
සම්මානි
–මතු සම්බන්දයි– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *