4වන දිගහැරුම
කොල්ලා ටික ටික කෙල්ල ළගට ආව….කෙල්ල තද කරලා ඇස් පියන් හිටියත් කොලාගේ සුසුම් කෙල්ලගේ මුහුණ ළගටම වැදුනා කෙල්ලට හොදින්ම දැනුනා…
කෙල්ල ගැන අබමල් රේණුවක තරම්වත් ෆීලින්ස් කොල්ලට තිබුණේ නෑ….ඒත් මේක චෙනායානම් දැනන් හිටියේ නෑ…
කෙල්ල හොද හුස්මක් උඩට ගත්තා …අරන් තනි ඇහැක් ඇරලා බැලුවා….බලලා සාරියත් ටිකක් උස්සගෙන කොල්ලාගේ කකුල් අතර තද පහරක් එල්ල කලා…
“බුදු අම්මෝ….”
කොල්ලා වේදනාවෙන් කෑගසන අතරතුර කෙල්ල අයිනකට පැනගෙන මහ හඩින් හිනාවෙන්න ගත්තා…
“මොකද්ද යෝදියේ ඒ කලේ….”
“හහ්…ඒ ආත්මාරක්ෂක සටන් ක්‍රමනේ….දන්නේ නැද්ද?මං ඉතින් ආය වෙන කෙල්ලෝ වගේ නෙවෙයිනේ ..හදිස්සියට ප්‍රයෝජනයට ගන්න ටිකක් ඉගෙනගත්තා…”
චිනූ කීවේ සිනාසෙමින්…..
“තමුසෙනම්…මහා….මොන ජාතියේ කෙල්ලෙක්ද මංදා…හිතුවද ළං උනේ ආසාවට කියලා…..
“අපෝ නෑ …මගෙ තුන් හිතින් මොන හිතෙන්වත් මං ඔයා වගේ හිනාවෙන්න හරියට කතාකරන් අ දන්නේ නැති කෙනෙක් එක්ක දීග කන්නේ නෑ…..”
“ඔව් තමුසේ දීග මෙදෙයිනේ මාවනේ කන්නේ…”
“අපෝ මට පිස්සු බලු රෝගේ හදාගන්න උවමනාවක් නෑ තාම.”
“ආ මංද දැන් පිස්සු බල්ලා එතකොට….”
“නැතුව ඉතින් මෙතන වෙන කවුරුත් නෑනේ….”
කොල්ලා ගහන්නට පනිද්දී චිනූ බාත් රූම් එකට ගිහින් දොර වහගත්තා…
.ඇතුලටත් පැන ගත්තට පස්සේ තමයි තේරුණේ ආභරණ වත් ගලවන්නේ නැතුව අදින්න ඇදුමුත් නැතිව තමයි ඇතුලට ආවෙ කියලා…
“දැන් මොනවා කරන්නද?”
කෙල්ල ආභරණ ගලවා අමාරුවෙන් හෙය ස්ටයිල් එකත් ගලවගෙන නා කියාගෙන ඇතුලේ තිබ්බ බාත් රොබ් එකක් ඇද ගත්තා…
“හා මෙක මට හොදට දිගට තියෙනවානේ….”
වත දෙස බලා සිතමින් කෙල්ල එලියට ආවේ හොර පූසියෙක් වගෙයි…එලියට ආවම කලින් කල ඒවට රිටන් එක හම්බේදෝයි සිතමින්…
ඒත් කොල්ලට ඒක ගානක් උනේ නැතට්න් කෙල්ලව දැක්ක ගමන් කොල්ලා මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා…..
“හා ඔහේ හිනාවෙන්නත් දන්නවද…ඒත් මොකද උලමෝ මට හිනාවෙන්නෙ…”
“බලන්වකෝ බටු ඇටේ බාත් රොබ් එකේ දිග….පඹයෙක් වගේ ඔයී තමුසේ….ලව් කරලා බැදලා ආවත් ඌ තමුසෙට මුකුත් කරන්නේ නෑ…දැක්කහම බාලාන්සෙ ලමයෙක් වගෙයි…”
“අනේ මේ දිගංචියො මං ගැන හොයන්නේ නැතුව ගිහින් නාගාන්නවකෝ…ගදයෙන් වගේ නොයිද…..”
“ආ සුවද බලන්න හිතුනද??
කෙල්ල ඒකට කළේ ඇස් හීන කරලා රවපු එකයි….
කොල්ලාත් නා කියාගෙන ඇවිත් දෙන්නත් එක්කම කළේ ඇදේ දෙපැත්තට වෙලා පෝන් ඔබ ඔබ හිටපු එකයි ….
කෙල්ල එෆ් බී එක පැත්තට ආවා…මුළු වෝල් එකේම තිබ්බේ විවාහයට එක්කළ සුබ පැතුම්….
දෙන්නා පොටෝවලනම් ලස්සනට ගැලපෙන යුවලක් වගේ හිටියා ඇත්තට කොච්චර රණ්ඩුකලත්…..
“කෑම ඕඩර් කරනවකෝ….”
බඩේ පනුවෝ බොක්ෂින් ගහනවා වගේ ද්ණුන නිසා කෙල්ල කිවේ ඔහුට…
“ඕනනම් ඕඩර් කරනවා….”
කෙල්ල ගස්සගෙනම හෝටලයේ අභයන්තර දුරකතන ජාලයෙන් ඒක එක දර්ගයේ කෑම බොහෝ ප්‍රමාණයක් ඇනවුම් කළා…
කොලා බලන් හිටියේ ඇස් උඩ තියාගෙන….
“මොකෝ.මොනවද කන්න?’
සෙනේශ් ඇනවුම් කලේ එළවළු සුප් එකක් පමණයි ….
“අපෝ මොනාද දිගංචියෝ ඉන්න ටිකේ කාලා බිලා ඉන්නවකෝ…කෙල්ලෙක්ගෙවත් නැති කැටයම්නේ මෙයාගේ තියෙන්නේ…….”
“අනේ මේ… තමුසේ බටු ඇටක් විතර ඇති….කොහොමද ඔය බඩට ඔච්චර දාන්නේ…..”
මදු සමය සදහා ඔවුන්ට දින දෙකක වෙන් කර තිබුනා….ඒ දින දෙක පුරාම එහෙ මෙහෙ ඇවිද්දේ දෙන්නාගේ සුපුරුදු රන්ඩු මැදිමයි…..
විවාහයේ දෙවනි දිනයත් ගෙවිලා කෙල්ල සෙනේශ්ගේ නිවසට ගියා…. නිතර ආව ගිය තැනක් උනත් අදනම් කෙල්ලට දැනුනේ නුහුරක්…..
මතු සම්බන්ධයි