4

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

***හතරවන දිගහැරුම***

භානුකට රෝහලට ගියත් හිතට මහා නොසන්සුන් කමක් දැනෙන්න ගත්තා…

අයියෝ මට ඊයේ රෑත් කෙල්ල දකින්නවත් බැරි උනා…උදෙත් මට හදිස්සියෙ හොස්පිටල් එන්න උනානේ…මට අද දවසම හිතට මොකද්දෝ ලොකූ පාලුවක් දැනෙනවා…මං එයා ගැන කොච්චර හිතනවද….මටත් පිස්සු ඒ කෙල්ල දන්නවයෑ මගේ හිතේ තියෙන දේවල්…
ඒත් එයා ඉන්නෙ මොකක්දෝ ලොකු දුකකින් වගේ…වැඩිය කතා කරන්නෙත් නෑ..පුදුම අහිංසක කමක් තියෙන්නේ…මං අද ටිකක් කලින්ම ගියොත් ඒ දෙන්නවත් එක්කගෙනම යන්න පුලුවන්….
භානුක එසේ සිතාගෙනම කාරයේ යතුරද අතැතිව සේවය නිම වී රෝහලෙන් එලියට පැමිණියා…

දැහැම් ගේ උරහිස මත කාගෙදෝ බර අතක පහස දැනී ඇය එහෙමම හිස ඇල කර බැලුවා…

දැහැම්….මොකද මෙතන මේ වැස්සට තෙමි තෙමී පාර දිහා බලන් ඉන්නේ…ඇයි දරුවෝ ඔයා මේ හොදටම අඩනවනේ…කෝ අනූ නංගි…භානුක එකවර කුතුහලයෙන්ම ප්‍රශ්න ගනනාවක් අසන්නට වුනා …

දැහැමි එලෙසින්ම භානුකගේ පපුතුරේ හිස ගසා ගෙනම හඩන්නට වුනා…

භානුකට නොදැනීම ඔහුගේ දෙ අත් ඇගේ බද වටා එතී එක් අතකින් සියුම්ව ඇගේ කෙහෙරැලි අතර දග කරන්නට වුනා…

නැවතත් දැහැමි ව්ලියක් බදු හැගීමකින් ඔහු වෙතින් ඉවත් වුනා…

සමාවෙන්න අයියේ..මං…මං හිතලා කරේ නෑ…

හරි ළමයෝ…ඒකට කමක් නෑ…ඔයාත් එක්කම මේ පොද වැස්සෙ මට තෙමෙන්න බෑ…එන්න ඉක්මනට කාර් එකට නගින්න..අපි යන ගමන් කතා කරමු…කෝ එන්න දැන් ඉතින්…
භානුක ඇගේ අතකින් අල්ලාගෙන ගොස් රථයේ වාඩි කරවා ඔහුද ඉන් පසු රියට ගොඩ වුනා….

දැහැමිගේ කදුළු නැවතත් අළුත් වුනා…

ප්ලීස් දැහැමි…අඩන්න එපා…මට කියන්න දරුවෝ…මොකද උනේ කියලා…කෝ අනූ නංගි..ඔයා ඇයි මෙහෙම තනියම….

දැහැම්ට භානුකගේ දයාබර හඩින් තමා ගැන නැවත වරක් ලොකූ අනුකම්පාවක් දැනෙන්න ගත්තා ..ඇයට මතකයට නැගුනේ මේ ලෙසින්ම අශේන් ඇයව අමතන ආකාරයයි…ඔහුද ඇයට සමහර වෙලාවට මෙලෙසින් “දරුවෝ”….කියා අමතන්නේය…ඇය අශේන්ගේ ආදරයට මේ තරමට ලෝභ වන්නේද ඒකය…දෙයියනේ අශේන්…මේ විදියට ගියොත් මට පිස්සු හැදෙයි…ඉන්න තැනකින් මේ අසරණී ලගට එන්න රත්තරන්..ඔයාගේ දැහැමිගේ කදුලක් වත් දකින්න ඔයා කැමති නෑ නේද…?ඒත් අද ඔයා කොහොමද මට එච්චර නපුරු උනේ….මගේ හුස්ම ටික විතරයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ මගෙ අශේන්..මං.. .මං කොහොමද පිළිගන්නේ…ඇයි මට පිස්සු හැදෙන්නෙ නැත්තේ….
දැහැම් තම සිතින්ම ප්‍රශ්න නගිමින් ඉවත බලාගෙනම කදුළු දිය කර හරින්නට වූවා….

දැහැම් දෙසම ඇසිපිය නොහෙලා බලා සිටි භානුක ඇය ඉන්නා තත්වය තේරුම් ගත් නිසා ඇගෙන් පිලිතුරක් නොවිමසාම කාරය පදවන්නට වුනා….

දැහැමි සිටියේ ගොඩාක් දුර ඈතක අශේන් එක්ක දොඩමළු වෙලයි…

භානුක කාරය කොෆි ශොප් එකක් අසල නවතා දැහැම්ට කතා කලා…

දැහැමි..බහින්න ළමයෝ..ඔයා ඉන්නෙ සීතලේ…හොදටම තෙමිලත් එක්ක…අපි මෙතනින් කෝපි එකක් බීලා යමු ඔයාගෙ අකමැත්තක් නැත්තං…

එවිට දැහැම් තිගැස්සී ගියා…

ඇයි මේ…ඔයා මෙතන හිටියට ඉන්නේ ගොඩාක් දුරක ගිහින්..දැන් පොඩ්ඩක් පියවි ලෝකෙට එන්න හොද ළමයා වගේ කෝ බහින්න…

භානුකගේ දයාබරත්වය හමුවේ දැහැමිට ඔහුට පිටුපා සිත රිදවීමට නොහැකි වුනා…ඒ නිසා ඇය නිහඩවම රථයෙන් බැස ඔහු සමග කොෆි ශොප් එකට ගොඩ වුනා…

මේ කෙල්ල හරියට හුස්ම වැටෙනවට ජීවත් වෙන ගානයි..බලා ගත්තු අත බලා ගෙනම ඉන්නවා මිසක් කිසිම දෙයක් ගැන අවබෝදෙකින් නෙවෙයි ඉන්නේ…පව්..කොච්චර අහිංසකද…මේ මූනේ ලොකූ දුකක් හැංගිලා තියෙනවා…ඔව් මං ඉක්මනට ඔයා ඔහොම ඉන්න හේතුව හොයා ගන්නවා මැණික..මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ…කෝපි කෝප්පය ඉදිරියේ තබාගෙන කල්පනා බර දෑසින් සිටිනා මේ අවිහිංසක යුවතිය දෙස බලාගෙනම භානුක සිතුවා…

දැහැම් දැන් අනූ නංගි බලන් ඇති..මං එයාට කෝල් කරලා අපි එනකල් ඉන්න කිවුවා…අපි දැන් යමුද….භානුක ඇගෙන් නොවිමසාම නැගිට ගත්තා…

කොයි වෙලාවෙද කෝල් කලේ අයියා….දැහැම් පුදුමයෙන් ඇසීය…

එවිට භානුක ඇයට මද සිනාවක් පා දැහැම්ට ඉස්සර වෙන්නට දී ඇය පසු පසින් ගමන් කලා…

ඔය කොහෙද යන්නේ…දැහැමි මේ තියෙන්නේ කාර් එක..භානුක ඇයව නතර කර කාරයේ දොර හැර දුන්නා..

සොරි මට වැරදුනා..ඇය බොහෝ අහිංසකව පැවසුවා…

භානුක සුසුමක් හැර රියට ගොඩ වුනා….

****************************

දින කිහිපයක් ගෙවී ගියා…

දැහැම් මටත් දැන් උඹේ විකාරෙ හොදටම ඇතිවෙලයි තියෙන්නේ…මොන මගුලක්ද බං..මොකද්ද උඹේ ඔය ජීවිතේ…උඹ ජීවත් වෙන මලමිනියක් ගානයි..දැන් අපි කොළඹ ඇවිල්ලත් මාසෙකට කිට්ටුයි..උඹ මේ හිතින් මවා ගත්තු පිස්සු විකාර ඔලුවෙ තියාගෙන දගලනවා…මොකද්ද දැහැම් මේකෙ තේරුම…උඹලගේ ගෙදර මිනිස්සු උනත් උඹට එන්න දුන්නෙ මාව විශ්වාස කරලා…උඹ හරියකට කන්නෙ බොන්නෙ නෑ…හිනාවක් කතාවක් නෑ…ඔහොම ගියොත් උඹට පිස්සු හැදෙයි ළගදිම…මං තව ටිකයි ඉවසන්නේ…නැන්දලාට පණිවිඩයක් ඇරලා උඹව එක්කන් යන්න කියනවා…

එවිට දැහැමි බොහෝ කලබලව ගියා…අනේ අනූ ප්ලීස්…..මං…මං ආයෙ එහෙම කරන්නේ නෑ…මං උඹට පොරොන්දු වෙනවා…අම්මලාට මේ මොකුත් කියන්න එපා බං…ඒ මිනිස්සුත් මං හින්දා දුකින්…මං මහා කාලකන්නි අවාසනාවන්තියක් බං…
ඇය හඩන්නට වුනා….
කොළඹ අත හැර යන්නට සිදුවුනොත් අශේන් සොයා ගන්නේ කෙලෙසින්දැයි දැහැමි වද වුනා….

හරි මං තව ටිකක් උඹට කල් දෙන්නම්..දැන්වත් ඔය විකාර හිතෙන් අතෑරලා සතුටින් කාලා බීලා හිටපන්…බලපන් උඹේ ඇගේ හැටි…කටු ටික විතරයි…උඹ කොච්චර ලස්සන කෙල්ලක්ද…ඉස්සර උඹ කොච්චර ලස්සනට ඇදලා පැලදලා ඉන්නවද…බලපන් ඔච්චර දිග කොණ්ඩයක් තිබිලා උඹ ඕනවට එපාවට ඔලුවට පනාව ගහනවා විතරයි…කෝ වරෙන් මං පීරන්න…අනූපමා දැහැමි අතින් පනාව ගෙන පීරන්නට වූවා…

***************************

ශශීල් සිටියේ තවත් මිතුරෙකු සමග ක්ලබ් එකට වෙලා නිදහසේ මත් පැන් විදුරක් තොල ගාන ගමන් ..

මචං උඹට කියන්න බැරි වුනානේ…මං එදා ටානියා අරගෙන පොඩි ගමනක් ගියා..ඒ ගමන් ඒකි එක්ක තැඹිලි ගෙඩියක් බොන්න කියලා හිතාගෙන ටවුන් එක හරියෙන් ජිප් එක නවත්තලා බැහැලා ගියා…

ඇයි උඹව ටානියා මහපාර මැදම බදාගෙන කිස් කලාද..?මිතුරා ශශීල්ගෙන් ඔරොප්පුවට ඇසුවා..

ඒකිට නම් ඉතිං කොහොමත් තියෙන අමාරුවේ හැටියට මහපාර කියලා නෑ නේ…ඒක නෙවෙයි මචං මේකට මාත් ශොක් වෙලා ඉන්නේ….

හරි ඉතිං කියපංකෝ මොකද වුනේ කියලා…

එකපාරටම බං කවුද කෙල්ලෙක් මගෙ ගාවට ඇවිත් බදාගෙන අඩන්න ගත්තා අශේන්ද මොකක්ද නමක් කියලා….මාව කරකවලා අතෑරියා වගේ…

නෑ….ඉතිං…මේකත් එහෙනම් උඹට වැඩිවෙච්ච වෙලාවක උස්සපු කෑල්ලක්ද දන්නවයැ….

පිස්සුද යකෝ….කොච්චර බිව්වවත් මට කෙල්ලෙක් ලේසියෙන් අමතක වෙන්නෙ නෑ බං…නැත්තං ඉතිං මෙච්චර ගොඩක් මං හැන්ඩ්ල් කරන්නෙ කොහොමද…?ශශීල් මහත් උද්දාමයෙන් පැවසුවා…

මචං කෙල්ල කොහොමද ….?

කියලා වැඩක් නෑ බං පට්ට කෑල්ලක්…හැබැයි ඒකි කැලෑ මලක් වගේ…ඒ උනාට මාර ලස්සනයි…මට මතක් වෙනකොටත් ආසයි..ඒ වෙලාවෙ මොකුත් කරගන්න මට බැරි උනානේ බං..මං හිටියේ ටානියා එක්කනේ..ඒකි කොටි දෙනක් වෙලා හිටියේ..කෙල්ලගෙ කම්මුලට ගැහුවා මගෙ ඉස්සරහම..ඒකි මාව ඒත් බදා ගත්තෙ පිස්සුවෙන් වගේ…මං කීප සැරයක්ම ඒ පැත්තෙ කැරකුනා…තාම කෙල්ල අල්ලගන්න බැරි උනා…ඒකි මේ ටානියාලා වගේ තැලිලා පොඩිවෙච්ච එකියක් නෙවෙයි වගේ…මං මේ කෙල්ලව හොයනවා මචං…ශශීල් තම මත් පැන් විදුර අන්තිම දක්වා හිස් කර පැවසුවා…

****************************


හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *