40. වන කොටස.

මියෙදෙන තුරා.

” මම බිව්වා තමා අැයි මොකද යකෝ. අපි කලා බීලා සතුටින් ඉන්න මිනිස්සු.”

” හරි හරි තාත්තාගේ වැඩ අපට නවත්වන්න බෑ. බිව්වා නම් කෑ නොගහා ගෙට යන්න.”

” යකෝ මම වලි සෝමේ. මොකාටද පුළුවන් මගේ කට නවත්තන්න. ”

” හරි හරි තාත්තා කෑ ගහ ගහ ඉන්න. අපි යන්නවා. ඒන්න නිල්මී අපි යමු.

මගේ අතින් අතින් අල්ලා ගත් ශාමලී ගෙට අැතුල් වන්නට සැරසුනා.

” මොකද යකෝ මේ ගෙදර ලාම්පුවක් වත් පත්තු කරලා නැත්තේ. තොපි කොහෙද ගියේ.”

” කොහේ යන්නද? ලාම්පු පත්තු කරන්නේ මොකටද ලයිට් තියෙද්දි.”

”අෑ.. ලයිට් තියෙද?.”

” තාත්තේ බිව්වා නම් කෑ නොගහා ඉන්න. නිල්මිණි අපේ ගෙදර ඉන්නේ කියලා තාත්තට අමතකද?”

”මට මොන අමතකද? ඔබ නොදන්නවා වුනාට ඒකිත් අපේ ඒකියක් තමා වලව්වේ ඒකියක් නෙමේ. කුණු හැත්ත කෑවා මගේ අක්කගේ ජිවිතේ.”

”මොනවද තාත්තේ ඔය කියවන්නේ. ”

”මම කියවන්නේද?. සම්පුර්ණ අැත්ත.”

” විකාර කියවන්නේ නැතුව ගෙට යන්න තාත්තේ.”

ඉන් පසු ගෙට වැදුණු අපි දෙදෙනා සෝමේ මාමා මොනතරම් කියෙව්වත් එලියට අවේ නෑ. ශාමී කියා සිටියේ තාත්තා බීලා අාවම හොදම දේ තමා කතා කරන්න නොයා නෑහුනා වගේ අපි පාඩුවේ ඉන්න ඒක කියලා. කතා කරන්න ගියොත් ඒයාගේ සද්දේ තවත් වැඩි වෙනවා. ශාමලී නම් හොදට නිදා ගත්තා. සේමේ මාමා පාන්දර යාමය වෙන තෙක් තනියෙම කියවු නිසා මගේ නෙත් දෙකට නම් නිද්ද බිදක් වත් ළගාවුනේ නෑ.

” අනේ මගේ ශාමලී දුවේ. පොඩ්ඩක් මෙහෙට වරෙන්කෝ. මම බීලා කියවනවා කියලා හිතන්න ඒපා. මම බිව්වේ මේතරම් දවස් හිතේ හිර කරන් හිටි දුකක් නිසා.”

ශාමලී නම් හිටියේ බර නින්දක මට බය හිතුනේ සෝමේ මාමා ඒක පාරටම අඩන්නේ අැයි කියලා.

” අනේ නිල්මිණී දුවේ. අපේ කෙල්ලට පොඩ්ඩක් මෙහාට ඒන්න කියන්න. මට දුකයි මගේ දුවේ. මගේ දරුවන්ට මගේ ළග ඉන්න පින නෑ. මගේ දරුවෝ හැමදාම හොරු ගෙනියනවා.. ඔවුන්ට නම් හොදක් වෙන්නේ නෑ.”
”ශාමී ශාමී..”

”හ්ම්..”

”නැගිටින්නකෝ.”

”හ්ම් ..”

”ශාමී…..”

මම ශාමලීව උරහිසෙන් සොලවා අැහැරවමින් කිව්වා.

” මො..කද නිල්මී.. නිදා ගන්…නකෝ. ”

”සෝමේ මාමා අඩනවා.”

”අ…නේ ඒ..යා බිව්…වම ඔ…හොම තමා. සද්ද.. නැතුව නිදා.. ගන්න.”

අැය නැවතත් අනික් පසට හැරී නිදා ගත්තා. ඒවර සෝමේ මාමාටත් නින්ද ගිහින්ද කොහෙද සද්දයක් නෑ. පාන්දර දෙකට පමන මම අමාරුවෙන් නින්ද ලගා කර ගන්න පුළුවන්.

පසු දින උදෑසන් සෝමේ මාමා හැසිරුනේ කිසිත් නොවුන ගානට. ඔහුට රෑ කිව් කිසිවක් මතක බවක් නම් පෙනුනේ නැ.

” තාත්තේ මම අායි වැඩට යන්න කියලා.”

” අායි.”

උදෑසනම හුග දිනකට පසු රැවුල බාමින් සිටි සෝමේ මාමා ළගට ගොස් ශාමලී කියා සිටියා.

” ඔව් දැන් මට හොදයිනේ. අනික මගේ පුතා මගේ ළගට ගන්න මොකක් හරි දෙයක් කරන්න ඔනේ.”

”උබේ කැමැත්තක් දුවේ. පරිස්සමින් වැඩ කරපන්. අායි රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැතුව.”

” හරි තාත්තේ මම අායි මෝඩ වැඩ කරන්නේ නෑ. තාත්තාම දන්නවනේ හේෂාන් අයියා මාව රැවැට්ටුවේ නෑ.”

” ඒක ගැන දැන් කතා කරලා වැඩක් නෑ.”

” ඔව් තාත්තේ ඒ ගැන දැන් හිතලා වැඩක් නෑ. මම අද ඉන්ටව් යන්න කියලා.”

” කලින් ගිය තැනමද. උබට පුළුවන්ද ඒ මිනිස්සුන්ට මුණ දෙන්න.”

” ඊට වඩා ප්‍රශ්ණ වුන මිනිස්සු තාමත් හොදට ජීවත් වෙනවා තාත්තේ.”

”ඒතකොට නිල්මිණි දුව.”

” දවල්ට විතරනේ තාත්තේ මම නැත්තේ. පොඩ්ඩාත් ඒහයිනේ. විජී අයියාත් ඉන්නවානේ. තාත්තාත් මේ අහල පහළනේ ඉන්නේ. අනික වලව්වෙන් ඒන ඒකක් නෑ අායි නිල්මී හොයන්න.”

” ඒ මොකද”

” ඒයාලා හිතන් ඉන්නේ නිල්මී විජී අයියාව බැදලා කියලනේ.”

” අා.. ඔව්නේ. හරි දුවේ ඒහෙනම්.”

ඒදින උදෑසනම ශාමලී උදෙන්ම පිට වි ගියා. සෝමේ මාමාත් ඉන් පසු පිට වී ගියා. මට දැනුනේ පුදුමාකාර පාළුවක්. විජී අයියා හරි පොඩ්ඩා හරි ඒයි කියලා බලන් හිටියත් කිසිවෙක් පැමිණියේ නෑ. විජී අයියා සැබවින්ම මා සමග අමනාප වී අැති බව හොදින් පැහැදිළි වුනේ පසු දිනත් නොපැමිණිම.

ශාමලී දිනපතා රැකියාවට යන්න පටන් ගත්තා. මට හට නිවස තුල අැති වුනේ හරිම හුදකලා බවන්. ඉද හිට පොඩ්ඩා අැවිත් ගියත් මට දවසම නිවසේ සිටීම අපහසු වෙලා තිබුනේ. ඒක නිසාම මම නැවතත් පැරණී පොත් කීපය මුල සිට කිවන්නට පටන් ගත්තා.

” ශාමී නගා.”

”ශාමී නගා නෑතෝ.”

විජී අයියගේ කටහඩ අැහෙද්දී මට දැනුනේ පුදුමාකාර සතුටක්. ඔහු සතියක් මෙහි නොපැමින සිටිම මට දැනුනේ හරියට අවුරුදු ගණනාවක් නොපැමිනියා වගේ.

” කෝ ශාමී නගා.”

”ඒයා වැඩට යනවනේ දැන් . අැයි ඔයා මේ දවස් ටිකේ අාවේ නැත්තේ.”.

”මම නාදුනන කෙනෙක්නෙ. ඒකයි මම අාවෙ නැත්තේ. නිල්මී නගාට මාව විශ්වාසත් නෑනේ.”

” අනේ ඒහෙම ඒකක් නෑ විජී අයියේ.”

” හරි හරි නිල්මී නගා. මම රෑ වෙලා ඒන්නම් සෝමේ මාම ඒහෙම අාවම.”
” අැයි යන්නේ. මම හරිම පාළුවෙන් ඉන්නේ මේ ගෙදර. කියවන්න පොතක් වත් නෑ පුස්තකාලයට යන්න විදියකුත් නෑ.”

”පාළු බව දන්න නිසානේ මම ඒදා ටවුන් යන්න අඩ ගැහුවේ. දැන් ඔයා පවුලෙන් අයින් වෙලා ජීවිතේ ගැන ලොකු තීරණයක් අරන් ඉන්නේ. ඒක නිසා ඔයා තනියෙන් තමන්ගේ වැඩ කර ගන්න පුරුදු වෙන්න.”

”තරහා වෙන්න ඒපා විජී අයියේ. ශාමී අකමැති නිසයි මම බැ කිව්වේ.”

මම කියන්න නොහිතුවත් විජී අයියා තරහා කර ගන්නට අකමැති නිසා මට ඉබේම වගේ කිය වුනා.

” ඒයා අැයි අකමැති වෙන්නේ. ඒයා ඔයාට ඒහෙම දෙයක් කිව්වද?”
”නෑ නෑ. මොකුත් කිව්වේ නෑ. ඒත් මට තේරෙනවා ඒක.”

”විකාර කියවන්න ඒපා නිල්මි නගා. මම යනවා.”

ඒ කතාවත් ඔහුගේ හිතේ අැති වුනේ නොරිස්සුමක්. අමනාපය හිතේ තියෙද්දිම ඔහු පිට වී ගියා. මගේ හිතේ තෙරපුනේ ලොකු දුකක්. මගේ හිත හොදටම අකිකරු වෙලා. කිසිම දෙයක් හොදක් නරකක් , යුතු නොයුත්තක් මට කල්පනා වුනේ නෑ . අඩුම තරමින් මගේ අසනිප තත්වයක් මුළුමනින්ම අමතක වී ගිහින්. මගේ හිත තුල තෙරපුනේ විජී අයියාට කේන්ති ගැනිමට මා අතින් මේතරම් සිදු වරද මොකද්ද කියලා.

පසු දින දහවලේ ගස් වදුලින් සෙවන වු ලී බංකුව මත මම වඩි ගෙන වුන්නා.
මහ හඩ දීගෙන අා බයිසිකලය වැට අසල නතරවුනා. මට පාලනය කර ගන්නට නොහැකි මගේ හිත මගේ දෙපා මාව වැට අසරල රැගෙන ගොස් තිබුනා.

” නිල්මී නගා අදවත් යමුද?”

”ඔය බයික් ඒකෙද යමු කියන්නේ”

”ඔව් අැයි හොද නැද්ද?.”

”අනේ මන්දා.”

”අපිට ඉතින් සැප කාර් නෑ සුමේධ අයියට වගේ..”

” ඔයා කොහොමද සුමේධ අයියා ගැන දන්නේ.”

” මට පොඩ්ඩා කිව්වා.”

” ඒහෙමද?”

මට ලොකු අපහසුතාවයක් දැනුනේ පොඩ්ඩා හිතන් හිටියේ මම සුමේධ අයියාට අාදරෙයි කියලා. ඒයා නම් විජී අයියට සුමේධ අයියා ගැන කිව්වේ. අනිවාරෙන් මම සුමේධ අයියට අාදරය කලා ශාමී වෙනුවෙන් ඒ හැම දේම කැප කලා කියන්න අැති. කවදා හරි දවසක අායෙත් සුමේධ අයියායි මාවයි ඒකතු කරන්න ඔනේ කියලත් කියන්න අැති. අයියෝ මම සුමේධ අයියට අාදරේ කලේ නෑ විජී අයියේ. මට ඒහෙම කියලා කෑ ගහන්න හිතුනා.

ඊ ළග කොටසින් හමු වෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *