41. වන කොටස.

මියෙදෙන තුරා.

” නිල්මි නගා අැයි සුමේධ අයියා මතක් වුනාද?.”

”අනේ නෑ. පොඩ්ඩා මොනවද සුමේධ අයියා ගැන කිව්වේ.”

”සේරම කිව්වා. දැන් ඒක වැඩක් නෑ. ඒනවද යන්න මගේ දුප්පත් වාහනේ.”

” ඉන්න මම අැදුමක් අැදන් ඉන්නම්.”

” ඔය අැදුම හොදයි.”

”අනේ මේක බෑ . පොඩ්ඩක් ඉන්න.”

මම නිවසින් පිටත් වී එන විට කිසිම අැදුමක් රැගෙන අාවේ නැ. අැදන් අා අැදුම පමණයි මට තිබුනේ. මම අදත් ඒ අැදුමම අැදගෙන කොන්ඩයත් පීරාගෙන අල්මාරියේ කැඩපතට ඒබී මගේ රූපය දෙස බැලුවා. තරමක් බුරුලට තිබූ අැදුම මට අැගේ ගානට සිරවි තිබුනා. මම මහත් වෙලා. මම තනියෙම හිනා වුනේ පුදුමයෙන්.

මම විජී අයියා දෙසට යන විට ඔහු දෑස් දල්වා මා දෙසම බලා වුන්නා.
මම ඔහු අසලම ගිය විට ඔහු මගේ හිසේ සිට දෙපතුල දක්වා නෙත් යැව්වා. මට දැනුනේ ලැජ්ජා සහගත හැගීමක්.

”විජී අයියේ.”

”නිල්මී නගා ඒ අැදුමට මාර පෙනුමයිනේ.”

මම ඔහුගේ කතාවට සිනවකින් පිළිතුරු දී වැටෙන් ඒහා පැත්තට පැන්නේ සුදු පාට දිගු සාය කෙටි කර අල්ලා ගනිමින්.

”විජී අයියේ මම කොහොමද මේකට නගින්නේ. හුගක් උසයින්නේ.”

” අැයි මාව අල්ලගෙන නගින්න ”

”අනේ මම බයික් ඒකක ගිහින්ම නෑ. මට බයයි.”

”මුලින් මේ හෙල්මට්ඒක දාන් ඉන්න.”

ඔහු කිසිදා මේ පයිසිකලය පැදෙනව්වේ හිස් අාවරන පැළදගෙන නෙමෙයි. ඔහු අද හෙල්මට් දෙකක්ම අරන් අැවිත්. මම හිස් අාවරණය පැළද ගන්නට උත්සහ කරද්දී අහු හිස් අාවරනය පැළදගෙන මා දෙස බැලුවා.

” කෝ ඒන්න මම දාන්න.”

මම අමාරුවෙන් හිස් අාවරනය පැළද ගන්නට උත්සහ කරන අයුරු දැක ඔහු කියා සිටියා. අමරුවෙන බයිසිකලයට නැගුන මම වැඩි දුරක් යන්නටත් මත්තෙන් වීජී අයියගේ බද වට දෑත් යව තදින් අල්ල ගත්තා.මට දැනුනේ මම ඉගිල්ලෙනවා වගේ. බයිසිකලය ධාවනය වුනේ එතරම් වේගයෙන්. බයිසිකලය ධාවනය වන්නට පටන් ගත වෙලේ පියා ගත දෑස් මම විවර කළෙම නැ.

” බහිනවද කුමරිහාමී.”

වීජී අයිය එලෙස පවසන විටයි මට දැනුනේ, බයිසිකලය නතර වෙලා කියලා. මම තවමත් ඔහුගේ බද වට දෑත් යවාගත් ගමන බව සිහිවී මම ඉක්මනින් දෑත් ඉවතට ගතතා.

” එක හොද වැඩක් මොකද මේ ටවුන් එකනේ.”

මම දන්නවා ඔහු කිව්වේ මා ඔහුව බදාගෙන සිටි එක ගැන කියලා.මගේ මුණ ලජ්ජාවෙන් රතු වුනා. මම මොකුත්ම නොකිය බයිසිකලයෙන් බහින්නට උත්සහ කළා. බහින්න යාමේදී වැටෙන්න ගිය නිසා මම ඔහුගේ උරහිස අල්ල ගත්තා.

” වැටෙයි ළමයෝ මාව අල්ලාගෙන බහින්න ආඩම්බරකම් නැතුව. ටවුන් එකේ කවූරු දැක්කම මොකද? දකින්න ඕනෙම අය හිතන් ඉන්නේ ඔය මගේ වයිප් කියලානේ.”

”මේ වීජී අයියගේ කාට නම් ” කියලා, හිත කියද්දී මට දැනුනේ සිවූම් සතුටක්. මම ඔහුගේ වරු ඇතිව බයිසිකලයෙන් බිමට බැහැ ගත්තා.

” නිල්මී නගා ඔතනම ඉන්න . මම බයික් එක අයිනකට දාලා එන්නම්.”

සුළු මොහොතකට පසු ඔහු මා අසලට පැමිණියා.

” නිල්මී නගා අපි දැන් කොහෙද යන්නේ.”

” මන්දා.”

මම උරහිස් හකුලමින් කිව්වේ, වට පිට බලමින්. නගරය පුරා සෙනග පිරී සිටියා. කලබලයෙන් එහෙ මෙහෙ ඇවිද ගිය ඔවුන් තම කාර්යේයන් ඉක්මනින් ඉටු කර ගන්නට උනාන්දු වෙන අයුරු මා හට පෙනුනා. විශාල ගෝනියක් කරතියාගත් මහලු මිනිසෙක් යම් පටු මගකට ඇතුල් වෙනවා දැකීමෙන් මා සිතේ දුකක් ඇදුනේ ඒ මනුස්සයට එක කරන්න පුලුවන්ද කියල හිතිලා.

” වීජී අයියේ.”

”ඇයි නිල්මි නගා.”

”ඔය දැක්කද අර වයසක සියා උස්සගෙන ගිය ගෝනියේ ලොකු . පවූ.. එයා ඒ කොහෙද ඒවා අරන් යන්නේ.”

මගේ කතාව ඇහුණාම ඔහු හිනා වෙන්නට ගත්තා. මට ඔහු ගැන ඇති වූනේ අමනාපයක්.

”මොකද හිනා වෙන්නේ . දන්නේ නැති නිසානේ ඇහුවේ.”

” එක තමා නිල්මී නගා මම ඔයාට ඉගෙන ගන්න හුගක් දේවල් තියේ කිවූවේ මේ ලෝකේ. ඔය දැකලා තියෙන සුරඟන ලෝකයට වඩා මේ ලෝකේ හුගක් වේදනාකාරී. වැඩි හරියක් ඉන්නේ දුක්විදින මිනිස්සු. ඒ ගිය සීය වගේ.”

”අනේ පවු වීජී අයියේ . එයා කොහෙටද ඒවත් උස්සගෙන යන්නේ.”

” එක තම ඒ මනුස්සයාගේ රස්සාව. ඔය දුක් විදගෙන බර අදින්නේ අහිංසක දුප්පත් පවූලක් නඩත්තු කරන්නත් වෙන්න පුළුවන් , නැත්තම් හවසට තැබාරුමට පුජා කරන්න වෙන්නත් පුළුවන්.”

”පව් වීජී අයියේ.”

”හ්ම් ඔය පොළ දැකලා නැ කිවුවනේ අපි අද පොළට යමු. අද ඔයා බඩු ගන්න .ආ සල්ලි.”

” මම .. අනේ මම දන්නේ නැ . ඔයා ගන්න.”

”දන්නේ නැති නිසානේ පුරුදු වෙන්න ගන්න කියන්නේ.”

”මොනවද ගන්නේ.”

”ඔය කැමති ඕනෙම දෙයක්.”

සෙනග අතර තෙරපෙමින් අපි පොළ පුර ඇවිද්දා. වීජී අයියට නම් එපා වෙලා වගේ මා පසුපස ආවා. බොහෝ හවස් වී අපි නිවසට එන විට බොහොම මහන්සියෙන් හෙම්බත් වී සිටියා. ජීවිතේ මුල්ම වතාව මම මෙහෙම අද්දැකීමක් ලබපු . ඒක නිසාම මට විඩාවට වැඩ දැනුනේ සතුටක්.

”අම්මෝ නිල්මී නගා මට නම් හොදටම මහන්සි . පුළුවන් නම් තේ එකක් හදන්න. ගෙනාපු කේක් කෑල්ලකුත් කාල බොන්න.”

ඔහු එළියේ තිබු ලෑලි බැංකුව මත හිද ගමින් කිවුවා.

” හා වීජී අයියේ මම හදන්නම්. එන්න ඇතුලට.”

” නෑ නෑ නිල්මි නාග හදන් එන්න . මම මෙහෙන් ඉන්නම්.”

මම අමාරුවෙන් එළවලු මල්ල කුස්සියට ඔසවාගෙන ගියා. කේතලය ලිප තැබූ මම මුලින්ම ඇදුම් මාරු කරගැනීමට ගියේ දැන් ශාමලී ගෙදර එන වෙලාවත් කිට්ටු නිසා. වීජී අයියා එක්ක ගියාට මොකද මගේ හිතේ තිබුනේ ලොකු බයක් , ශමී දැන ගත්තම මට බනිවි කියලා. මම ඇදුම හෝදන ඇදුම් ගොඩට වත් නොදා සගවා තැබුවා. ශාමලීගේ ඇදුමක් ඇගලා ගත් මම කුස්සියට ගොස් එළවලු මල්ල අසුරන්න වුණා.

” අයියෝ මොකද වීජී අයියා එළියේ. එන්නකෝ ඇතුලට.”

කියමින් ගෙට ඇතුල් වන ශමිගේ කටහඩ ඇහෙද්දී මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ දැන් මම දැන් වීජී අයිය එක්ක පොලේ ගිය බව දැන ගත්තම හොදටම බනිවි කියලා.

”අනේ කවුද පොලේ ගියේ. මම මේ පොලට යන්න බැරි වුනානේ කියල කල්පනා කර කර ආවේ.”

”වීජී අයියා ගෙනාවේ.”

ශාමලීගේ පිටුපසින් කුස්සියට පැමිණි වීජී අයියා දෙස ”අනේ ඇත්ත කියන්න නම් එපා” කියන්න වගේ බලලා කිව්වේ වීජී අයියා ඒ ගැන කතා කරන්න කලින්. මම එහෙම කියද්දී වීජී අයියා හොරෙන් හිනා වෙලා නිහඩ වුනා.

එයට නම් හිනා මම මෙතන බයේ ගැහෙනවා. මට ඔහු සමග පොඩි කෙන්තියකුත් ඇති වුනා.

” අනේ වීජී අයියේ ගොඩක් පින්. මම මේ කොහොමද බඩු ටිකක් ගේන්න යන්නේ කියලා හිටියේ.”

”අනේ ඕක මොකද්ද මම අද හරිම ආසාවෙන් පොලේ ගියේ.”

වීජී අයියා මා දෙස හොරෙහින් බලමින් සිනාසී කිවුවා. මගේ හිත සිවුම් සතුටකින් වගේම ලජ්ජාවෙන් පිරි ගියා. කේතලය උණුවන හඩ ඇසුණු නිසා මම එතනින් නැගිට තේ හැදීමට ලිප අසලට ගිය.

” මෙන්න වැඩක් අසාවෙන් පොලේ ගියා. කවුද අනේ අසාවෙන් ඔය මිනිස්සු ගොඩේ තෙරපෙන්න යන්නේ.”

” නැ මම මේ කිවුවේ. මම පොලේ ඇවිද්දේ නෑ. අදුරන වෙළෙන්දෙක් හිටිය එයාගෙන් සේරම ගත්තේ.”

හොද වැඩේ විකාර කියවනවට මම බිත්තිය සමග හිනා වෙමින් තනියම හිතුවා.

”මෙන්න තේ බොන්න.”

මම තේ විදුරු දෙක ඔවුන් දෙදෙනාට පාමින් කියා සිටියා. ඒ වන විට ගෙන ආ කේක් එක මේසය මත කෑලී කපා තබා තිබුනා.

” මොකද දන්නේ නැ අද තාත්තා පරක්කු . ගිනි වතුර ටිකක් බොන්න ගියද දන්නේ නැ.”

තේ වීදුරුව තොල ගාමින් ශාමලී කිවුවා.

”සෝමේ මාමා දැන් බොන්නේ නෑනේ.”

”ඔයා අවේ නැනේ ගිය දවස් ටිකේම. තාත්ත බිල ඇවිත් ගමටම සද්දයක් දැම්මා.”

නොයෙක් දේ කතා කරමින් අපි කඩිමුඩියේ රාත්‍රී ආහාරය පිළියෙළ කරන්න වුනේ අද හුගක් පරක්කු වෙලා නිසා. අනෙක් දින වල මම ශාමලී නිවසට පැමිණෙන්නටත් පෙර උයා තබනවා. පව් ශාමීට බඩගිනි ඇති. මට එයට අද බෝරුවාකුත් කියන්න වුණා පව්. මම තනියම කල්පනා කරන්න වුණා.

”මොනවද නිල්මී නගා ඔය හැටි කල්පනා කරන්නේ.”

”මම මේ හිතුවේ ශාමීත් එක්ක මත වැඩට ගියානම් හරි කියල.”

” ඔයාට පිස්සුද නිල්මී නගා.ඔය හිතන තරම් ලේසි නැ රස්සාවක් කරනවා කියන එක.”

වීජී අයියා නම් මගේ යෝජනාවට පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ.

”නිල්මී මොකද රස්සාවක් කරන්න හිතුවේ.”

ඊ ළග කොටසින් හමු වෙමු…. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *