46. වන කොටස.

මියෙදෙන තුර.

”මොනවද නිල්මී නගා අහස දිහා බලාන කල්පනා කරන්නේ.”

” නෑ මෙතන හරිම ලස්සනයි .”

” නිල්මී නගාට මෙතන නවතින්න හිතිලා වගේ.”

”අපි ටිකක් මෙතන ඉදල යමුද?”

අපි ගල්තලාව මත හිදගත්තා. ශාමලී වීජී අයියයි හේෂාන් අයියගේ සිද්දිය ගැන කතාකරන අතරේ මම හිටියේ වෙනම ලෝකෙක. මම අසාවෙන රත් පැහැවුණු වලාකුළු වලට යටින් කපුටන් , කොක්කු වැනි කුරුල්ලන් අහස පුර රටා මවමින් තම ලැගුම්හල් වෙත පියබා යන අයුරු බලා සිටියා.

” මම දැන් කොහොමද නිල්මි දාලා යන්නේ.”

ශාමලී මගේ කරවටා අතක් දමා මගේ උරහිසට වාරු වෙමින් කියන විටයි මට සිහියට අවේ මම ඔවුන් කියන කිසිවක් අහන හිටියේ නැ නේද කියලා.

” මම ගැන හිතන්න එපා ශාමී .”

”එහෙම කියලා කොහොමද කෙල්ලේ . අපේ තාත්තා එක්ක ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමේ .මාත් නැතුවම ආයි බොන්න පටන් ගනීවී.”

” ඒක ඇත්ත නිල්මි නගාට තියෙන්නේ ආයි වලව්වට යන්න.”

නිහඩව කතාවට සවන් යෝමාගෙන් සිටි වීජී අයියා එහෙම කියද්දී මට ඇති වුනේ කියාගන්න බැරි තරම් දුකක්. මම හේෂාන් අයියා නැවත අපු එක ගැන හුගක් සතුටු වුණා. ඒත් දැන් මට තේරෙනවා මම ආයෙත් තනිවෙන්නයි යන්නේ. මට කෑ ගහල අඩන්න හිතුනා. කමක් නැ මම මේ මාස කීපය හරි සතුටින් හිටියනේ . කකුල් අල්ලලා වැදලා සමාව අරන් හරි ආයි ගෙදර යනවා කියලා මම හිත හදා ගත්තේ ශාමී වෙනුවෙන් . ඒකට තවත් හේතු වුනේ වීජී අයියගේ වචනය කියලා මම දන්නවා . නමුත් මම ඒක පිළිගන්න කැමති වුනේ නෑ.

”ඒත් වීජී අයියේ නිල්මිලාගේ ගෙදර කට්ටිය ආයි නිල්මිව බාර ගනීද. අනික එයාලා හිතන් ඉන්නේ ඔයා එයාව මැරී කළා කියලනේ.”

” නෑ නෑ එක බොරුවක් බව එයාලා දන්නවා. එයාලා අද වුනත් ලෑස්තී නිල්මී නගාව ගෙදරට බාර ගන්න. අනිත් එක සුමේධ අයියාත් ආයි ලංකාවට ඇවිත්ලු.”

” ඔයා කොහොමද ඔයතරම් දේවල දැන ගත්තේ .”

”දැන ගත්ත විදිය වැඩක් නැනේ කතාව ඇත්ත නම්. නිල්මී නගා ආයි ගෙදර යන්න සුමේධ අයියව මැරී කරලා සතුටින් ඉන්න හැමදාම.”

ඔවුන් කියන දේවල් වලට උත්තර දෙන්න තරම් නිරවුල් මානසිකත්වයක් මට තිබුනේ නෑ. මගේ හිත ආයි ගොඩ ගන්නට බැරි තරම් ලොකු වේදනා ගොඩකට යට වෙලා තිබුනේ. නමුත් මට හිතගන්න බෑ මම දැන් මොකේටද දුක් වෙන්නේ කියල. මගේ හිත ඇහුවේ එකම එක දෙයි . නැවත නැවතත් ඇහුවේ ඒ දේම විතරයි. වීජී අයියාට මං ගැන ඇත්තටම හැගීමක් නැද්ද. නැත්තම් ඇයි එයා මගේ ජීවිතේට මේ තරම් ළංවුනේ .මොනවද මම මේ හිතන්නේ වීජී අයියා කවදාවත් මට එහෙම දෙයක් අගවලා වත් නෑ. මේ හැමදේම හිතින් හදා ගත්තුවා.මම ගැන හැගීමක් නැත්තම් ඇයි එයා මාව ටවුන් එක්ක ගියේ, එදා මම ඒ බව ශමීට හන්ගද්දී එයත් සද්ද නැතුව හිටියේ. මට අසනීප වුන වෙලේ මම ගැන ඒ තරම් හොයල බැලුවේ,ලොකු මල්ලි මාව බලෙන් අරන් යන්න ගිය වෙලේ මාව බේරා ගත්තේ. ඒ හැමදේම කලේ මනුස්ස කමටද ? නැත්තම් මම සුමේධ අයියාට මම ආදරෙයි කියල එය හිතලා මාව මගාරින්න හදනවද? නැ නැ වීජී අයියා කවදාවත් මම ගැන හිතුවේ නෑ. මට මේ මොනවද හිතෙන්නේ.

හිතත් එක්ක ඔට්ටු වෙමින් මම ඔවුන් කිවූ සියල්ලටම හ්ම් කිව්වා. මිස , ඔවුන් ඇසු කිසිවක් මට මතක නෑ.

”නිල්මී මට පොරොන්දු වෙන්න ආයි වලව්වට යනවා කියලා. ඔයාට අපිට වගේ දුක් විදලා පුරුදු නෑ . ඒක නිසා සුමේධ අයියට කැමැත්ත දෙන්න . එයා ඔයාට ආදරෙයි නැත්තම් මොන පිරිමියද තමන් බදින්න ඉන්න කෙල්ලට ගෙදරින් පැනල යන්න උදවු කරන්නේ.”

”හරි හරි ශාමී මම ගෙදර යන්නම් ආයි. හැබැයි මම කවදාවත් සුමේධ අයියව නම් බදින්නේ නෑ. එකට හේතු ගොඩක් තියේ . කවදාවත්ම මම සුමේධ අයියට ආදරේ කලෙත් නෑ. දවසක මම මේ මේ හැමදේකින්ම ඈත් වෙන්න උත්සහ ගන්නේ ඇයි කියලා ඔයාලටත් දැන ගන්න ලැබෙයි.”

”ඔය හැමදාම කතා කරන්නේ හිතේ දෙයක් හංගගෙන .ඇයි නිල්මී ඔයාට බැරි මටවත් ඒ දේ කියන්න.”

” එක හැමෝටම දැනගන්න දවසක් එයි .”

” අනේ නිල්මී කියන්නකෝ.”

මම වීජී අයියා දිහා හොරෙන් වගේ බැලුවා .ඔහු හිටියේ බර කල්පනාවක.

” දැන් කියන්න බෑ. ඔයා දැන් තීරණයක් ගත්තද?”

”ඔව් ඔය ආයි වලව්වට යන්න කැමති නම් . මම ආයි වතාවක් හේෂාන් අයියව විශ්වාස කරලා බලනවා.”

” ඒක හොදයි ශාමී මමත් ආයි ගෙදර යන්නම්. මම දැන් දන්නවා මම මේ ලෝකේ කොහේ ගියත් මට උරුම මගේ ගෙදර .අර හිර කුඩුව විතරයි කියල.”

”අනේ නිල්මි ඇයි එහෙම කියන්නේ . මම කොහොමද හිත හදා ගන්නේ මේ ගමන යන්න.”

” නෑ නෑ ශාමී මම පොරොන්දු වෙනවා ගෙදර යන්න. මට පුරුද්දට වගේ කියවුනා.”

”හරි කෙල්ලේ දවසක සුමේධ අයියා ගැනත් හිතන්න.”

” බලමු බලමු.”

මම එසේ කිවුවේ ඇගේ හිත මේ ගමනට කැමති කරවන්නට සිතාගෙනයි. නමුත් මම මොනම හේතුවක් නිසාවත් සුමේධ අයියගේ ජීවිතයට නොයන බව නම් ස්තීරයි. මම නැවත ගෙදර ගිය පසු අසනීපය ගැන කීමට සිතා ගත්තේ,නැවතත් ඔවුන් මට සුමේධ අයියා යෝජනා කිරීම නවතා ගැනීමට අවශ්ය නිසා.

හේෂාන් අයියා සුදානම් කරතිබූ අයුරින්න සියල්ල කිසිම බාදාවක් නැතුව සිදු වුනා. මුලුන් මුලුන් සෝමේ මාමා මේ කටයුතු වලට විරුද්ද වුණත් වීජී අයියා සියල්ල පැහැදිලි කර සැම දේම හොදින් සිදු වීමට ඉඩ සැලැස්සුව. ශාමලීත් හේෂාන් අයියත් රහසේම විවාහය ලියාපදිංචි කරනු ලැබුවා. අවසානයේ ඔවුන් රටෙන් පිටව යන දවස උදා වුණා. හේෂාන් අයියාත් දරුවත් පමණක් රටින් පිටවන බව ඔහුගේ ගෙදරින් සිත සිටියා. එනිසා ඔවුන් ගුවන්තොටු පලෙන් ඇතුල් වූ පසු හමු වන්නට තීරණය කර සිටිය.

ශාමලිලට ගුවන් තොටුපලට යාමට තිබුනේ දහයට පමණ. එනිසා එදින දහවලේ ගෙදර යන්න යැයි ඇය මට ඇවිටිලී කළා. නමුත් ඔවුන් පිටවන තුරු හිදින්නට අවශ්යන බව මම පැවසුවා. එදින දහවලේ පොඩ්ඩත් පැමිණ සිය අක්කාගේ දෙපා නැමද ආශිර්වාද ලබා ගත්තේ තව කොපමණ කාලෙකින් ඔවුන් දැක ගන්නට ලැබෙයි නොදන්නා නිසා. පොඩ්ඩා ව තුරුළු කරන් ඉකිබිදිමින් ඇය කිවේ මා නැවත වලවුවට රැගෙන යාමට කටයුතු කරන ලෙසයි.

යන්න පිටත් වන මොහොතේ මාවත් සෝමේ මාමාවත තුරුළු කරන් හඩපු ශාමලී අවසාන වතාවටත් කිවුවේ හෙට උදයෙන්ම නිවසට යන ලෙසයි. මේ සිදුවීම් සියල්ල අපේ ගෙදරටත් ආරංචි වී ඇති බව පොඩ්ඩා ම සමග පැවසුවා. සුමේධ අයියත් ලංකාවට පැමිණ සිටින නිසා මා නැවත ගෙදර එනතුරු නිවැසියන් මග බලා සිටින බවත් ඔහු මට පැවසුවා.

ශාමලීව ගුවන් තොටුපලට ඇරලවන්නට පිටත්ව ගියේ වීජී අයියා පමණයි . තමන්ගේ එකම දුව තමන්ගෙන් ඈත්ව යන නිසා ඇතිවුන වේදනාව නිසා සෝමේ මාමාත් කල්පනා කාරමින් කාලය ගෙවා දැමුවා. මා හට නිවාස තුල දැනුනේ විශාල තනිකමක්. වෙනදාට දෙදෙනාම නිදා ගන්න සයනයේ අද ඇගේ හිස් බව මට තදින්ම දැනුනා. තනියෙම අද මත වැතිරී මම කල්පනා කලේ හෙට දවස ගැන . මම ආයෙත් හිටපු තැනටම යනවා නේද කියල මගේ හිත හඩා වැටුනා. සොමේ මාමාට සලකමින් මෙහෙම නැවතී සිටින්න ට මට අනන්ත වාරයක් සිතුනා. ඒ තරමටම මම නැවත ගෙදර යන්නට අකමැති . එහෙත් මම කොහොමද ශාමලී නැති පලු ගෙදර තනියම ඉන්නේ. මේ මම ශාමලී නැතුව මේ ගෙදර ඉන්න මුල්ම රාත්රිගය . ඒ වගේම මේ මම හිතේ නිදහසෙන් ඉන්න අන්තිම රාත්රිනයද කියලත් හිත මගෙන් ප්ර ශ්න කලේ, හෙට නැවතත් මගේ එක්ටැම් ගෙට යන්නට සිදුව ඇති නිසයි.

” නිල්මීණි දරුවෝ ඔයා නිදිද. ”

” නෑ සෝමේ මාමේ . කෑම කනවද දැන්ම.”

” අනේ දැන් කන්න බෑ දරුවෝ . මුළු ගේම පාලුයි හරියට සොහොන් පිට්ටනිය වගේ.”

”අනේ ඔව් සෝමේ මාමේ . මටත් හරිම පාලුයි.”

” ඔය දරුවා කළා නිදා ගන්න. මම කඩේ පැත්තේ ගිහින් එන්නම්.”

” මේ රැ. දැන් නාමයටත් කිට්ටුයිනේ කඩ වහලා දාලා ඇති.”

” හරි හරි දරුවෝ මට කඩේ යන්න උවමනාවක් නෑ . මේ කාන්සියේ ඉන්න බැරි නිසා පොඩ්ඩක් එලි පහලියේ ඇවිදලා එන්නම්.”

”හරි හරි සෝමේ මාමේ.”

” බය වෙන්න එපා දරුවෝ මම ඈතට යන්නේ නෑ.”

ඔහු නිවසින් පිටවී ගිය. මහ රැයක් වනතුරුත් සෝමේ මාමා නොපැමිණි නිසා මට ඉබේටම නින්ද ගිහින් තිබුනේ රාත්රීව ආහාරයත් නොගෙනමයි. පාන්දර දෙකට පමණ මම බිය වී ඇහැරුනේ සොමේ මම මහ හයියෙන් කෑගසන හඩ නිසයි.

” අනේ නිල්මිණි දුවේ මට සමාවෙයන් මගේ දරුවා මගෙන් තවත් ඈතට ගියා . මම මගේ දරුවෝ දෙන්න හැදුවේ හැම දාම මගේ ඇස මනේ තිය ගන්න . එත් මට පින නැ උන් ළග ඉන්න. ”

සෝමේ මාමා කියවන්නේ වෙරි මතින් බව දැනුන නිසා මම කාමරෙන් එලියට යන්න බය වුනා. මේ මහා රැ සෝමේ මාමා කොහෙන් බිලද මන්දා.

” අනේ දුවේ උබත් මාව දාලා අර වලවුවට යනවද. එක උබේ උරුමේ තමයි කමක් නැ දුවේ .උබ උබේ උරුමේ අරන් කවදා හරි මේ සෝමේ මම ලගටම වරෙන් මගේ දුවේ.”

මොන උරුමයක් ගැනද මේ කියන්නේ. වෙරි මරගතෙන් කියවනවද කොහෙද? මම එසේ සිතා ඔහු කියන කිසිත් හිතට ගත්තේ නැ.

” නිල්මිණි දුවේ මගේ කෙල්ල ගිය.”

ඔහු එසේ කිවුවේ ඇවිද ගන්න වත් බැරුව වැනි වැනි ඇවිත් කාමරේ උළු අස්සේ එල්ලෙමින්.

” අනේ සෝමේ මාමේ දැන් හුගක් රැ වෙලා . කැ ගහන්නේ නැතුව නිදා ගන්නකො.”

” හරි හරි මගේ දුවේ. මම මගේ කෙල්ල ගිය දුකට මම පොඩ්ඩක් බිවුවේ. ඔන්න මම යනවා. උබ කෑවද? මට නම් කෑම එපා . උබ කාලා නිදියපන්.”

ඉන් පසු නින්දට වැටුණු සෝමේ මම පසු දින දහවල් වන තුරුම එකදිගට නිදා ගත්තා. කන්නට පිරියක් නොතිබුනත් රාත්රිනයේ පිසූ ආහාර විසි කර දමා දහවල් ආහාරය පිළියෙළ කලා. මම මේ නිවසෙහි උයන අවසන් ආහාර වෙලා යයි සිහි වී සුසුම් හෙළුවා.

මම නිවස ළගට ඇරලන්නට වත් වීජී අයියා පැමිණෙයි යැයි සිතුවත් ඔහු පැමිණියේ නැ. නිවසින් මෙහි පැමිණෙන විට රැගෙන ආ ඔරලෝසුවත්, පොත් කිහිපයත් රැගෙන මම එලියට බැස්සේ ආ අයුරින්ම නැවත මට උරුම නිවසට යන්නයි.

”සෝමේ මාමේ මම යනවා ”

ඊ ළග කොටසින් හමු වෙමු…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *