5

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

***පස්වන දිගහැරුම***

දිනක් දැහැම් සහ අනූපමා නිමි ඇදුම් හලක් වෙත ගොඩ වූවේ අලුත් ඇදුම් කිහිපයක් ගැනීමට සිතා ගෙනයි…එම ගමනට වුවද දැහැම් සහභාගි වූයේ අනූපමාට බෑ කියා කියන්නට නොහැකි නිසාමයි…

ශශීල්ද ඒ මොහොතේ සිටියේ ඇදුම් සාප්පුවේ දැහැමිලා සිටි තැනට මදක් එහායින් වන්නට තිබූ පිරිමින් සදහා වෙන්කර තිබූ පැත්තේ ඩෙනිම් කලිසම් වගයක් තෝරා ගනිමිනුයි..

ඒඅතරේ ඔහුගේ නෙත රැදුනේ සුරූපී ගැහැනු ළමුන් වෙතයි…එක් වරම ඔහුගේ දෑස් දැහැමි අසල නැවතුනු අතර ඔහුගේ මුහුණ දීප්තිමත් විය…

ඕහ් ගෝඩ් මේ ඉන්නෙ අර කෙල්ල…චීස් කෑල්ලක් වගේ…මං කොච්චර මේකිව හොයන්න මහන්සි උනාද…මේ ශශී අතට අහුවුන කුරුල්ලෙක් ලේසියෙන් පැනලා යනවා බොරු..අම්මෝ දෙයියෝ බැලුවා වගේ මගේ ඇස් මානෙටම එවලා…ශශිල්ක ප්‍රීතියෙන් ඉපිලෙමින් දැහැම්ත් අනූපමාත් අසලට ගියා…

එක්ස්කියුස් මී…

එම කටහඩින් දෙදෙනාම හැරී බැලුවේ එකම විටයි…

අශේන්…අනූපමාගේ මුවින් වචන පිට වුනේද නැති තරම්..ඇය දැහැමිගේ සීතලව ගිය අත තදින්ම අල්ලා ගත්තා…

දැහැමි සිටියේ දෙනෙත් විශ්මයෙන් ඈයී යද්දී දෙනෙතට කදුළු පොකුරු පිටින් ගලා එමින්…

හායි…මාව මතකද ඔයාට..මම ශශී…ඔහු දැහැම් දෙස එක එල්ලේ බලා සිටියේය ..

ඔහුගේ දෑස් අශේන්ගේ මෙන් නොවන බවට ඇයට වැටහුනා…ශශීගේ දෑස් තරමක් දුඹුරු පැහැගත් අතර අශේන්ගේ දෑස් තද කළු පැහැයෙන් යුක්ත විය…ඉන් පසු ඇගේ දෑස් දිව ගියේ ශශීගේ ගෙල දක්වා දික් වූ කූරු කොන්ඩය වෙතයි…අශේන්ගේ තිබුනේ කෙටි තරමක් බොකුටු කොන්ඩයක් බව ඇගේ සිහියට නැගුනා..ඒත් අශේන්ට බොහෝ සමාන මෙමෙ රූපය..තමා කෙසේ අමතක කරන්නද…?ඇගේ හිත සැනසුමට මොහු දැක ගැනිම හෝ ඇතිය..ඇය ඔහු දෙස ඇසිපිය නොසොලවා බලා හිදින්නට විය…

මොකෝ මගෙ මූන දිහා ඔහොම බලාගෙන ඉන්නේ…මං කැමතී ඔයාව අදුන ගන්න..ඔහු කෙලින්ම දැහැමිට පැවසුවා…

අනූපමාටද මේ අශේන් නොව වෙනත් කෙනෙකු බව පසක් වන්නට වැඩිවේලාවක් ගත වුනේ නෑ…

මේ…එයා ටිකක් ලැජ්ජයි..ඒකයි..අනූපමා දැහැමිගේ තත්වය තේරුම් ගෙන ඔහුට පැවසුවා…

ම්ම්…ඒකත් එහෙමද….හරි එහෙනම් මේ මගෙ කාඩ් එක..ඔයා කතා කරනකල් මං බලන් ඉන්නවා ස්වීටී…
ශශීල් දැහැම් අත තම දුරකථන නම්වරය ලියූ කාඩ් පතක් තබා යන්නට ගියා…

දැහැමි දැහැනකට සම වැදුනාක් මෙන් ඔහු යන්නට හැර බලා සිටින්නට වුනා…

දැහැමි…ඒ අශේන් අයියා නෙවෙයි බං…ඒ වගේම සමාන රූපයක් තියෙන වෙන කොල්ලෙක්..උඹට දැංවත් තේරුනාද…?

අනේ අනූ ඒ මගෙ අශේන් නෙවෙයි බං…ඒත් මං කොහොමද ඒ රූපෙ අමතක කරන්නේ…එයා දකින ගානේ මට මගෙ අශේන් ජීවත් වෙනවා කියලා දැනෙනවා…මට ඒ රූපෙ දිහා බලලා හරි සැනසෙන්න පුලුවන්…
දැහැම් හඩන්නට වූවා..

උඹට පිස්සු හැදීගෙන එනවද දැහැමි..මේ අදුරන්නෙ දන්නෙ නැති එකෙක් පස්සෙ යන්න…එක වගේ රූපයක් තිබ්බා කියලා හැම මනුස්සයෙක්ම එක වගේ නෑ බං…මෙන්න මෙහෙ වරෙන් යන්න…අනූපමා දැහැම්වත් ඇදගෙන යන්නට විය…

දැහැමි ශශීල් ඇය අත තැබූ කාඩ් එක අතේ ගුලිකර ගත්තේ අනූපමාට නොපෙනෙන ලෙසයි…

****************************

භානුක ඔය අතරේ දැහැම් ගැන තම සිතේ ඇති අදහස අනූපමාට පවසනවා…එය ඇසූ අනූපමා සතුටින් පිනා යනවා..

මට මාරම සතුටුයි භානු අයියේ…දැහැම් මගෙ යාලුවා නිසා කියනවා නෙවෙයි..ඒ වගේ කෙල්ලක් ලබන්න කොල්ලෙක් වාසනා කරන්න ඕන…ඒත් මට මේ කතාව නොකියා බෑ…මට අයියට කියන්න දෙයක් තියෙනවා…

ඔය කියන්න හදන්නෙ දැහැම්ගෙ අතීතෙ නම් මට ඒකෙන් වැඩක් නෑ නංගි…මං ආදරේ කෙල්ලට විතරයි…හැබැයි එයාගෙ මූණෙ ලොකු දුකක් හැංගිලා තියෙනවා කියලා මට දකිනකොටම හිතුනා…ඒක කවදා හරි එයාම මට කියනකල් මං බලන් ඉන්නවා…මට දැහැම් ඇරෙන්න වෙන කෙල්ලෙක් ගැන නම් ආයේ කවදාවත් හිතන්න බැරිවෙයි අනූ නංගි…මං ඒ තරමට කෙල්ලට ආදරෙයි…භානුක තම අවංක හැගීමම අනූපමාට පැවසුවා…

ඒත් අය්යෙ එක පාර කෙල්ල කැමති කර ගන්න නම් ලේසි වෙන්නෙ නෑ…හැබැයි මං පොරොන්දු වෙනවා මගෙන් කරන්න පුලුවන් ඕන උදව්වක් මං අයියට කරනවා…අනූපමා ස්තීර හඩින් පැවසුවා…

තෑන්ක්ස් නංගි…මට ඉස්සරහට ඔයාගෙ උදව් අනිවාර්‍යෙන් ඕන…
භානුක පැවසුවා…

***************************

දැහැම් අනූපමා නානකාමරයේ සිටින වේලාවක් බලා ශශීල් දුන් කාඩ් පත සගවා තිබූ තැනින් ගෙන ඔහුගේ අංකය ට ඇමතුමක් ගත්තේ හදවත ගැහෙද්දීය…මට ඒ මූන දිහා බලන් ඉන්න තියෙනව නම් ඇති…මං ශශීල්ගෙන් දකින්නෙ මගෙ අශේන්ව…ඒක වැරැද්දක් නෙවෙයි…ඇය තම සිත නිවැරදි කරන්නට එසේ සිතුවා…

ශශීල් දුරකථනයට සම්බන්ධ වූ වහාම දැහැම් එය විසන්දි කලේ තිගැස්මෙන්…

මද වේලාවකින් ඇගේ දුරකථනයට ඔහුගෙන් ඇමතුමක් ලැබුනා….

හෙලෝ….කවුද මේ…

දැහැමිට උත්තර දෙන්න අපහසු උනත් ඇය යන්තමින් කටහඩ ගලපා ගන්නට උත්සහා කලා…

මේ….ම..ම…ආර…ඊයේ ඔයා…

හෝව් හෝව්…මං කියන්නම් ..ඊයෙ ශොප් එකේදී හම්බුන ලස්සන රෝස මල…අර දවසක් මාව පිස්සුවෙන් වගේ බදා ගත්තේ…එයානේ…මං හරි නේද කෙල්ලේ…?

ඔව්…කො..හො.ම දැහැම්ට කතා කරන්නට නොදීම ඔහු කතා කරන්නට වුනා..

වෙන කෙනෙක් නම් ඔච්චර ලැජ්ජා වෙන්නෙ නෑ…මං දැනගත්තා ඔයා කියලා…අනික මං දන්නවා ඔයා මට කතා කරනවා කියලා කෙල්ලේ…

සෑහෙන කාලෙකට පසු දැහැමිගේ මූන ලැජ්ජවෙන් රතුව ගොස් මුහුන පුරා අමුතු එලියක් වැටෙන්නට උනා…

කෝ බබා…ඔයා ඉතිං කතා කරන්නෙ නෑ නේ…ඒක නෙවෙයි..මං ආසයි ඔයාව මීට් වෙන්න..මං තැනයි වෙලාවයි කියන්න ඔයා එනව නේද…?
ශශී කල්‍ යල් බලා තමාගේ ඉලක්කයට සැරසුනා…

ම්..ම් මං අනූ එක්ක එන්නද…

අනේ බබා මට ඕන අපි දෙන්නා විතරක් මීට් වෙන්න..ඔයා යාලුවාට බොරුවක් කියලා එන්න පැටියෝ…මං ආසාවෙන් බලන් ඉන්නේ…

දැහැම් අවසානයේ ශශීගේ ඉල්ලීමට එකග වුනා…

මං තියන්නම්…

ඇයි හදිස්සිය කෙල්ලේ….හරි එහෙනම් මම තැනයි වෙලාවයි මැසේජ් කරන්නම්..ඔන්න මං බලන් ඉන්නවා කෙල්ලේ…

****************************

දැහැම් අනූපමාට මුසාවක් පවසා සේවා ස්ථානයෙන් පැන ගත්තේ තමාට දැඩි හිස රදය නිසා නිවසට යන බව පවසමින්…

අනූපමා දැහැමිව විශ්වාස කර ඇයට යන්නට අවසර දුන්නා…

දැහැමි යන විටත් ශශීල් කල් තියාම පැමිණ බලා සිටියේ ඇය එන පෙර මග බලාය..වහාම ඇය රථයට නග්ගවා ගත් ඔහු ඇය දෙස නෙත් කොන් බැල්මක් හෙලුවේය…

දැහැම් ඔහු වෙතින් දෑස් ඉවතට නොගෙනම අශේන්ගේ රුව සිත්සේ දැක ගත්තාය ..

මොකද ඔහොම බලන්නේ…මට ඉවසන්න බෑ ඔහොම බලද්දි නම් කෙල්ලේ…ඔහු දැහැමිගේ කලවයකට අත තබමින් අඩවන් දෑසින් බලා පවසන්නට විය…

දැහැමි ඔහුගේ ක්‍රියාවට බියෙන් තැති ගත්තාය…

ඉන් පසු ඔහු ඇයව තමා වෙතට ඇදගෙන ඇගේ දෙතොල් සිප ගන්නට වූයේ වියරුවෙන් මෙනි…දැහැමිගේ සියුමැලි දෙතොල් ලේ පැහැ ගැන්වෙන තුරු ඔහු ඇයට මිදෙන්නට දුන්නේ නැත…

ප්ලීස් එපා…දැහැම් බියපත් මුවැත්තියක සේ හිද සිටි අසුනේ කෙලවරටම වන්නට ඈත් වී ශශී දෙස බලා සිටියේ කදුළු පිරුනු දෑසින්..

මොකද බබා…ඔයා මාව මීට් වෙන්න ඇවිත් දැන්මේ මගෙන් ඈත් වෙන්න හදන්නේ ආ…ශශීල් කෝප ගත්තා…

න්..නෑ…නෑ…ශශීල්..මේ පාරේනේ…

එවිට ඔහු මහ හඩින් සිනාසී රථය පණ ගන්වා ගත්තා…

හරි අපි යමුකෝ නිදහස් තැනකට ආහ්..ඔහු දැහැම් දෙස බලා රථ ඉදිරියට පදවන්නට වුනා…

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *