51. වන කොටස.

මියෙදෙන තුරා…

” යමු වීජී අයියේ.”

අපි දෙදෙනාම දොළ අසලට ගියා . හිතන්නට බැරි තරම් දොලේ වතුර සීතලයි. ලැජ්ජාවෙන් යුතුව වීජී අයියගේ සරමක් දිය රෙද්ද ලෙස ඇදගෙන මම දොළ පාර දෙසට ඇදුනා. දියසේවල බැදුණු ගල් මත පා තබමින් මම ගමන් කලේ පරිස්සමින්. වීජී අයියා මටත් කලින් දොළට බැහැලා මම දොළට එන අයුරු බලා වුන්නේ සිනා වෙමින්.

” පරිස්සමින් නිල්මී ලිස්සයි.”

වීජී අයියට නම් හිනා. මම මේ බයේ ඉන්නේ දිය රෙද්ද ගැලවෙයි කියලා. මට පුරුදු නැහැනේ මෙහෙම රෙදි ඇදලා නාලා. මම ගෙදරදී නෑවේ බාර්ත් රූම් එකේනේ. ශාමිලාගේ දෙදරිදීත් නෑවේ ශාමිගේ දිග සායක් ඇදගෙන අමාරුවෙන්. අද මම වීජී අයියා ඉස්සරහා මේකත් ඇදන් නාන්න ඕනෙනේ. මම උඩින් ඇද වුන් සරමත් දෑතින්ම අල්ලගෙන දොළට බැස්සා.

” මොකෝ නිල්මී රෙද්ද ගැලවෙයි කියලා බයේද දෑතින්ම අල්ලාගෙන ඉන්නේ.”

ඒ වචන පෙළ මට ගෙන් ආ අපහසුතාව මුළු සිරුරම හිරි වැටි යන්නට සමත් වුණා.

” කමක් නෑ කමක් නෑ. පුරුදු නැතුව ඇතිනේ මෙහෙම නාලා . කවදා කාපු පරිප්පුද නේද ? මම අහක බලන් ඉන්නම්කො ඉක්මනින් හොද ගන්න. ආස වුනාට වතුර ඉන්න එපා ඔයා අසනීප වෙයි.”

ඔහු මා දෙස බලනවාද බලමින් මම ඇග දෝවනය කර ගත්තා. මට පිටු පා වුන් වීජී අයියා. මොහොතකටවත් ආපසු බැලුවේ නැහැ. නමුත් ඔහු තනියම හිනා වන බවනම් මට දැනුනා. වීජී අයියා නම් මාර පිස්සෙක්.

” මොකද අනේ කරන්නේ ජීවිතේට වතුර දැකලා නෑ වගේනේ. වෙන දවසක දෙන්න එක්ක දිය කෙලි කරමුකෝ .ඉක්මන් කරන්නකෝ කරුවලත් වැටිලා.”

”ආව්’…”

මොකෙකේ හරි අනිනවා වගේ දැනුන නිසා බිය වී මම නැවතුනේ අසල වූ විශාල ගලක් මත.

” මොකද මොකද නිල්මි.”

මගේ හඩින් කලබල වූ වීජී අයියා මා දෙසට හැරුනේ හදිස්සියෙන්. ඔහු හැරෙනවත් එක්කම මම හැද වුන් සරමේ ගැටය බුරුල් වී ගිලිහෙන්නට ගියා. මම සැනින් නැවතත් දෑතින්ම සරම ලයට තද කර ගත්තා.

” සොරී … මොකද වුනේ.”

මම අමාරුවෙන් සරම ලයට තද කරන් ඉන්නවා දුටු ගමන්ම ඔහු ආපසු හැරුනා. මේ සිදුවීම් ඔහුගේ මුහුණේ ඇති කලේ හරිම අමුතු සිනහවක්. මම නම් වුන්නේ ලැජ්ජාවෙන් ඇබරෙමින් .

” මොකෙද්ද ඇන්නා.”

” අපෝ ඔය පුංචි කුරියෙක් වෙන්න ඇති.”

” නෑ මට රිදුනා.”

” ඒ ඔයාට පුරුදු නැති නිසා. දැන් වත් ඉක්මන් කරනවද.”

” මට බයයි ආයි බහින්න.”

”අනේ හඩ්ඩී බාගෙටද ඇග හේදුවේ.”

” නෑ මම හෝදලා ඉවරයි.”
” හා ටක් ගාලා ගිහින් ඇදුමක් දා ගන්න නැත්තම් එතනත් මට අනිත් පැත්ත හැරිලා ඉන්න වෙයි.”

මම දොළ අසල ගස් දෙකක අලලා බැද තිබු වැල් පොටේ වූ තුවය ඇදගෙන නිවාස තුලට ගියේ, සරම වැල් පොට මත දිගහැර දමමින්. සතරවටින් කරුවල වී තිබුණේ රැ වීම නිසාම නොව ගස් වදුල නිසා බව මට වැටහුනා. නිවාස ඇතුලත වුනේ දැඩි අදුරක්. මම තිර රෙද්දෙන් වෙන් කර සාදා තිබු කොටසට ගියේ ගෙන ආ කවරයෙන් ඇදුමක් තෝරා ගැනීමට. ඇද අසල වූ කුඩා කවුළුව නිසා යහන මතට මද ආලෝකයක් පතිත වී තිබුනා. ඒ එළියෙන් ඇද මත වූ ඇදුම නෙත ගැටුනා. අද නම් දවසම වුනේ මම නිසිතු දේවල්. මම දැකපු හීනයට වඩා හැබෑ කතාව හුගක් ලස්සනයි. මම සයනය මත වූ තද රෝස රෝස පොකුරු වැටුන ලා රෝස පැහැ රැ අඩුම අතට ගත්තා.

පව් වීජී අයියා මන් වෙනුවෙන් හුගක් දේවල් කරලා. අනේ වීජී අයියේ ඔයා නම් මට ආදරේ කරන්න එපා. මම ඔයාගේ ජීවිතේට ආවේ ටික කාලයකට විතරයි. මට ඉක්මනින්ම ඔයාගෙ ජීවිතෙන් යන්න වෙයි රත්තරනේ. මට හුගක් ලෝබයි දැන් ඔයා දාලා යන්න. ඒත් මට යන්න වෙනවා. මම හිත පුරා දැවටුන වේදනාවත් සමග රැ ඇදුම අග ලා ගත්තා. මම කිමිදී වුන් අදුර මකමින් පොඩි යන්ත්රත සද්දයකුත් සමග විදුලි පහනක් දැල්වුණා.

” වීජී අයියේ මෙහෙ ලයිට් තියේද? මේ කැලාව මැදට. මම හිතුවේ ලයිට් නෑ කියලා .”

මම කිව්වේ තිර රෙද්දෙන් පිටතට හිස පොවමින් .

” කරන්ට් නෑ මගේ මනමාලි . මගේ ලස්සන මනමාලි කොහොම අදුරේ තියන්නද. පොඩි ජෙනියක් ගෙනාවා නිල්මි. ”

ඔහුට පෙනුනේ තිර රෙද්දට ආවරණය වී සිටි මගේ එක් උරහිසක් පමණයි. වීජී අයියා ඈත සිටම මාදෙස එබී බැලුවේ අමුතුම පෙනුමක් මුහනට අරගෙන. සැබවින්ම වීජී අයියගේ මා බිය කල නපුරු ඇස් අද පෙනුනේ හරිම අහිංසක විදියට. සිහිනෙන් පවා මාව බය කරපු ඔයාට අද මාව අයිති වුණා නේද කියලා මම මගේ දෑස ඔහුගෙන් ඉවතට ගත්තා.

” මගේ මනමාලි මන් ගෙනා අදුම ඇදලා හරිම ලස්සනයි. පොඩ්ඩක් එලියට එන්නකෝ ඔතනින්.”

” අනේ වීජී අයියේ”

”අනේ ගන්නේ හැමදාම හැංගිලා ඉන්නද හදන්නේ.”

” අනේ”

”හා හා කමක් නෑ ඉතින් ”

ඔහු ආපසු හැරී වසා දමා තිබු කාමරය දෙසට පියනගන්නට වුණා. වීජී අයියට කේන්ති ගියා වගේ .කුකුල් කේන්ති කාරයෙක්ද මෙයා. මම වීජී අයියා ලගට දුවන් ගිහින් අතේ එල්ලුනේ අද නම් මේ නිවාස තුල තනියම සිටීමට බයක් දැනුන නිසා.

” අනේ කොහෙද යන්නේ.”

” කමක් නෑ නිල්මි නගා සොරි .මම වැරදි දෙයක් කිව්වේ.”

ඔහු සිටියේ සිත් වේදනාවෙන්.

” අනේ ඒකේ වැරද්දක් නැ. මම දැන් ඔයගෙනේ.”

” නෑ නෑ නගා . මට ඔයාට ඇත්ත කියන්න පුළුවන් කාලේ වෙනකන් මෙහෙම ඉමු .”

” මට ඇත්ත දැන ගන්න ඕනේ නෑ වීජී අයියේ. මට ඔයාව විශ්වාසයි.”

මම ඔහුගෙන් අවසයයක් නැතුවම ඔහුගේ නිරුවත් පපුවට තුරුළු වුණා. ඔහුගේ හද ගැස්ම මා සවනත රැවූ දුන්නා. මගේ නළලත පළමු හාදුව තැබූ ඔහු මාව ආදරයෙන් තුරුළු කර ගත්තා.

” දැන් වත් මගේ මනාලිගේ ලස්සන බලන්න පුලුවන්ද?”

මගේ දෙවුරිසින් අල්ලා හිසේ සිට දෙපා තෙක් බැලු වීජී අයියා දෙනෙතින් මට ඉගි කළා. ඇතිවන අමුතු හැගීම දරා ගන්නත් තිබු එකම මග ඔහුගේ දෙනෙත් මග හැරිම පමණයි. මම බිම වූ තද නිල් රෙදි කාපට් එක සමග තනියම සිනා සුනා.

” අදනම් මට කන්න ඕනිත් නෑ වගේ කෙල්ලේ.”

ඔහුගේ දෙනෙතේ වුනේ ලොබ කමක් මම අමාරුවෙන් ඒ බැල්ම දරාගෙන වුන්නා.

” යමු මොනා හරි උයන්න. මට ඕනි අද දවස ඔයාට අමතක නොවන දවසක් කරන්න.”

”මට මැරුණත් අද දවස නම් අමතක වෙන්නේ නෑ වීජී අයියේ.”

” මොනවද කෙල්ලේ කියන්නේ.”

මගේ දෙතොල්මත ඔහුගේ දබරගිල්ල තබා ඔහු මාව නිහඩ කළා.

”මෙහෙ එන්න යන්න විකාර කියන්නේ නැතුව.”

විජේ අයියා මගේ උරතලය මතින් අතක් දමාගෙන කුස්සිය දෙසට පියමැන්නා. අපි දෙදෙනාම එකතු වී පිස ගත අපි දෙදෙනාගේ විවාහා ජීවිතයේ මුල්ම ආහාර වෙලා , සාලය ලෙස වෙන් කර තිබු කොටසේ වූ කුඩා මේසය දෙපස වූ අසුන් දෙක මත හිදගෙන ගනු ලැබුවා. මගේ හිතේ කවදාවත් නොතිබුන මේ සොදුරු දවස, මට හිතන්නට වත් ඉඩ නොතබාම ගලාගෙන ගියා. වීජී අයියාගේ අතින් කෑවු බත් පිඩේ රස මම ආත්මයෙන්ම විද ගත්තා.

” නිල්මී ”

”හ්ම්”
” ටිකක් වෙලා අපි එලියට වෙලා ඉමුද.”

”හරිම ශෝක් සීතල ඇති එලිය.”

”මගේ කෙල්ල සීතලටද කැමති.”

” ඔව් හුගක්ම”

ඔහු වැරන්ඩාවේ වූ වේවැල් පුටුවක වාඩි වෙද්දී ,මමත් ඒ අසලම වූ අසුනකට පහත වුණා.

” අද පුටු දෙකක නම් ඉගෙන බෑ. මෙහෙ එන්න.”

විජේ අයියා මගේ අතින් ඇදලා අරන් උකුල මත වාඩි කර ගත්තා. අපි දෙන්න සිටියේ මද අදුරේ. ආලින්දය දෙසින් ගලා ආ ආලෝකය අපේ රූපය චායාවක් සේ පෙනෙන්නට ඉඩ සැලසුවා. වීජී අයියාගේ උරතලය මත හිස හොවා ගත් මම වුන්නේ නුහුරු හැගීමක පැටලිලා. මගේ බද වටා ඔහුගේ සවිමත් දෑත් වෙලෙද්දී හමා ආ සීත මදනළයන්ගේ සිසිල වෙනුවට දැනුනේ උණුසුමක්.

” නිල්මී”

”හ්ම්ම්”

” මම වෙනදාටත් මෙතනට වෙලා තනියෙම ඉදගෙන ඉන්නවා. අද ඉදන් මට තනි නෑ. ඔයා හැමදාම මගේ ලගින් ඉන්නවා නේද.”

” ඔව් වීජී අයියේ”

මුළු ලෝකයම අමතක වී, ඔහුගේ ආදරයෙන් මුසපත් වී සිටි මම වීජී අයියාගේ උණුසුම් හාදු වැස්ස මද්දේ තදින් දෑස පියා ගත්තා.

ඊ ළග කොටසින් හමු වෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *