6

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

***හයවෙනි දිගහැරුම ***

දැහැම් කවුළුවෙන් එපිට බලාගෙන අතීයට ගියේ අශේන්ගේ මතකය යලි යලිත් ඇයට වේදනාවක් එක්කර දෙමින්…

අශේන්ගේ ආදරය දැහැම්ට මහමෙරක් තරම් වුනා…ඇයව තනිකර ගන්නා ඒ සොදුරු මොහොතකදී අශේන් ඇයව සිප ගත්තේ කොයි තරම් දයාබරවද…..ඔහු කලේ ඇයට ආදරයම විතරය…විවාහයෙන් පසු අශේන් ඇයත් සමග ගෙවන සොදුරු දිවියක් ගැන කෙතරම් සිහින මැව්වාද …
එහෙත් තමාගේ වම් පස සිටින අශේන්ගේම හැඩ රුව තිබෙනා තැනැත්තා….ඔහු ගැන දැහැමිට කුඩා තරමක වත් අවබෝධයක් නැත…තවමත් රිදුම් දෙන ඇගේ ලේ පිරුණු දෙතොල් මතට අතගිලි ගමන් කලේ නිරායාසයෙනි…එහෙත් අශේන්ව මොහොතකට හෝ තමා ළග සිටින බව ශශීල් ළග සිටින විටදී දැනෙනවා නොවේද…?ඇය සිතන්නට වුනා…

ඔව් මං ශශීල්ව වෙනස් කර ගන්නවා..එයා අශේන් වගේ තැම්පත් කෙනෙක් නෙවෙයි…එයා දඩබ්බරයි…මෙහෙම හැසිරෙන්න හේතුව ඒක වෙන්න ඇති…ශශීල් මට ආදරේ ඇති…නැත්තම් මෙහෙම මාව හොයාගෙන එන්නෙ නෑ…අශේන් ඇර මට වෙන කෙනෙක් ගැන හිතන්න නම් කවදාවත් බෑ…ඒත් ඒ රූපෙට මං ආදරෙයි…ශශීල් ගැන මට හැගීමක් නැති වුනත් මං ආසයි ශශීල්ව දකින්න…හෙමින් හෙමින් මට ශශීල් ගැන හිතන්න එයාට ආදරේ කරන්න පුලුවන් වෙයි….දැහැම් තමන් ගත් තීරණය නිවැරැදි බවට දිගින් දිගටම සිතන්නට වුනා…

මොනවද බබෝ ඔච්චර කල්පනා කරන්නේ ..ආ….

නෑ…නෑ…ශශීල් එහෙම මොකුත් නෑ…ඒත් මං ඔයාගෙන් දෙයක් අහන්නද….

ඔව් ශුවර්…මොනාද අහන්න…

ඔයා මට ආදරෙයිද ශශීල්…?

එය ඇසුනු ශශීල් මහ හඩින් සිනා සෙන්නට වුනා…

ඒත් එක්කම දැහැම්ගේ දුරකථනය නාද වෙන්න ගත්තා…

කතා කරන්නේ අනූපමා බව දැනගත් දැහැම් තැති ගත්තා…

අනූ…ඇයි…ඇය බියෙන් මෙන් ඇසුවා…

උඹ කොහෙද ඉන්නේ දැහැමි ..තාම ගියේ නෑ නේද…මං උඹට පණිවිඩයක් කියන්න ගත්තේ…

මොකක්ද …මං තාම බස් එකේ ඉන්නේ..දැහැම් අනූපමාට මුසාවක් පැවසුවා…

එය අසා සිටි ශශීල් කට කොනකින් සිනා සී යලි ඉදිරිය බලා රථය පදවන්නට වුනා…

හරි උඹ ඔහොමම බස් එකෙන් බැහැපන්…අපි දැන් ගමේ යන්න ඕන…

ඇයි ඇයි බං මොකක්ද හදිසියේම ගමේ යන්නේ…මොකද වෙලා තියෙන්නේ අනූ….

උඹ කලබල වෙන්න එපා…මට කෝල් කලා සිතුම් අයියා….උඹ කලබල වෙයි කියලා මට කතා කරලා තියෙන්නේ…තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලා…පපුවෙ අමාරුවක් ඇවිත්…

අනේ අනූ…තාත්තා….ගොඩක් අමාරුයිද ….

අඩන්නෙ නැතුව හිටපන්කෝ…අපි දැන් පිටත් වෙමු…රෑ වෙනකොට ගෙදර යන්න පුළුවන්නේ…අපිව එක්කන් යන්න භානුක අයියා එනවා…

හා මං මගින් බැහැලා ඉන්නම්…දැහැම් කදුළු සලමින්ම දුරකථනය විසන්ධි කලා….

ශශීල් අපේ තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලා…මට දැන් ගෙදර යන්න වෙනවා….

ඒකත් එහෙමද…ඕ ශිට්…එතකොට අපි දෙන්නා දැන් මේ ගමන යන්නෙ නැද්ද බබා…අපරාදෙ මං කොච්චර ආසාවෙද ආවෙ…ඔහු කනගාටුවෙන් පැවසුවා…

අපි වෙන දවසක මීට් වෙමු ශශීල්…ප්ලීස් මාව ඔය ඉස්සරහින් බස්සවන්න…

හරි හරි බබා…ඉක්මනින් එහෙනම් එන්න බලන්න…කෝල් කරන්න මට හරිද….

හා…ඒත් මං ඔයාට කතා කරනකල් ඔයා මට ගන්න එපා…අනූ ළග ඉන්නවා…

අපෝ මන්දා…මාව මීට් වෙන්න බයයි…කෝල් කරන්න බයයි…ඔහොම පුලුවන්ද කෙල්ලේ අපි දෙන්නට ආශ්‍රේ කරන්න…හරි හරි ඔන්න නැවැත්තුවා දැන් බැහැ ගන්නකෝ…ඔහු ඇගේ අතක් තදින්ම මිරිකා අත හැර පැවසුවා…

දැහැම් රථයෙන් බැස ගත් වහාම ශශීල්ගේ මොන්ටේරෝ රථය ඉගිල්ලී ගියා ….

*************************

ශශීල් පසුවුනේ ආවේගයෙන්…ශිට් අතට ආපු චාන්ස් එක මිස් උනානේ…දැන් ඉතින් ශේප් එකේ තව ටිකක් ඉවසලා ඒකිව ශේප් එකේ තියා ගන්නවා…එසේ සිතූ ඔහු ඇමතුමක් ගත්තේ ඔහු නිතර සබදකම් පවත්වන සොනාලිටයි…ඔහු ඇයව හමුවීමට එන බව පවසා ඒ දෙසට රථය ගෙන ගියා …

භානුකගේ කාරය තවත් වේලාවකට පසු දැහැම් අසලින් නතර විය…අනූපමාද කාරයේ සිටි අතර ඇය හනිකට බැස දැහැම්ට ඉදිරි අසුනට යන ලෙස පැවසුවා …

අනේ අනූ උඹ ඉස්සරහින් යමන්…මං පස්සෙන් නගින්නම්..

මේ දැහැම් හිත හිතා ඉන්නේ නැතුව නැගපන්…ඒ මනුස්සයා උඹව කන්නෙ නෑ…මට නිදිමත හින්දා මං පස්සට යන්නේ…උඹ භානුක අයියට යන පාර කියපන් හරියට..එසේ පවසා දැහැමිව රථයේ ඉදිරි අසුනින් වාඩි කරවා අනූපමා පසු පසින් වාඩි විය….

භානුක දැහැම්ට නොපෙනෙන ලෙස ඇය වෙත පෙම්වත් බැල්මක් හෙලා රිය පදවන්නට විය…

දැහැම් ඒ අතරේ අනූපමාට කතා කොට පියාගේ විස්තර අසා දැනගෙන මදක් සන්සුන් වන්නට වුනා…

පැයක් පමණ කාරය පදවාගෙන ගිය භානුක අනූපමා වෙත හැරුනා…

අනූ අපි මේ මගින් කොහෙ හරි නවත්තලා තේ එකක් බීලා යමු නේද…?ඔයාලත් ඉන්නෙ ගොඩක් මහන්සි වෙලානේ…ගෙදර යන්නෙත් නැතුව අපි කෙලින්මනේ ආවේ…

ඔව් භානු අයියා…මාත් හිටියේ තිබහේ…මේ වෙලාවෙ තේ එකක් තිබුනොත් නම් හොදයි තමයි…

භානුක තේ බොන්නට සුදුසු ස්ථානයක් බලා කාරය නතර කලා…

අනූපමාද රියෙන් බැස ගත් අතර දැහැම් කල්පනාවකින්ම කාරයේ වම් පස දොර හරින්නට යද්දී භානුක ඇයව තමා වෙතට ඇද ගත්තේ ක්ෂණයකින්…දැහැම් සිදුවූයේ කුමක්දැයි කියා බියෙන්ම භානුක දෙස බැලුවා….

දැහැම්…ළමයෝ ටිකක් වට පිටාව ගැනත් අවදානෙන් ඉන්න…ඔයා කාර් එකේ දොර ඇරිය නම් මොකද වෙන්නේ…ඔයා දැක්කද ලගින්ම ගියපු බස් එක…මං හොද වෙලාවට දැක්ක නිසා හොදයි….තවමත් භානුකගේ තුරුලේ සිටිනා දැහැම් දෙස බලා ඔහු පැවසුවා….මේ අවිහිංසක මුවැත්තිය තමාගේ පපුවට ළං වී සිටිනා මොහොතේ භානුකගේ හද ගැස්ම වේගවත් වන්නට වුනා…ඇගේ ආත්මීය සුවද ඔහු ඇය ළගින්ම විද ගත්තේ දයාබරව…..භානුක දෑස් පිය නොසලවා දැහැම් දෙස බලා සිටියේ මුළු ලේ නහර පුරාවටම ඇයවෙත දවසින් දවස දලුලන ආදරයෙන්…..තමා වෙතින් තවමත් දැහැමිව ඉවත් කිරීමට භානුකට ලෝභ සිතුනා….

අයියා…ස්…සොරි…මං..වෙන කල්පනාවක හිටියේ…මං දැන් බහින්නද….

දැහැම්ගේ කටහඩින් පියවි ලෝකයට ආ භානුක කලබලයෙන්ම දෑත් මුදා ගත්තේ ඇයව නිදහස් කරමින්….

****************************

අනූපමා හැකි සෑම අවස්ථාවකම දැහැම්ව භානුක සමග තනි කර මග හරින්නට වුනා….

දැහැම් වරින් වර දුරකථනය දෙස බැලුවේ ශශීල්ගෙන් කෙට් පණිවිඩයක් හෝ පැමිණ ඇද්දැයි බැලීමට…එහෙත් ඒවෙනකොටත් ශශීල් සිටියේ තවත් කෙල්ලෙකුගේ පහස විදිමින් බව දැහැම් දැන සිටියේ නැහැ….

දැහැම්ලා නිවසට යන විටත් රාත්‍රී අටට පමණ විය…එදින භානුක සහ අනූපමාත් ඇගේ නිවසේම නතර වන්නට තීරණය කලේ පසුදා පාන්දරම දැහැමිගේ පියා බැලීමට රෝහලට යාමට සිතායි…

දැහැම් හනිකට එලියේ කාමරයක් භානුකට සකසන්නට වුනේ ඔහු තම නිවසට ඉස්සෙල්ලාම පැමිනි ආගන්‍තුකයෙක් නිසායි…

භානුක දැකි ගමන් ඇගේ සොහොයුරා සිතුම් සහ මවද ඔහු පිලිබද බොහෝ පැහැදෙන්නට විය…

භානුක කොහොමත් ගොඩක් සරල ගතිගුණ තියෙන පුද්ගලයෙක්…

දැහැම් භානුකට තුවායක් දීමට සිතා ඔහු සිටි කාමරයට යන විට භානුක සිටියේ උඩු කය නිරාවරණය වන පරිදි කෙට් කොට කලිසමකින් පමණක් සැරසිලයි…ඔහුගේ නිරුවත් කඩවසම් ශරීරය දෙස එක එල්ලේ බැලීමට නොහැකි දැහැම් හනිකට ඉවත බලා ගත්තේ ඕනෑම යුවතියක් එවන් අවස්ථාවක පත් වන අසීරු බව නිසාමයි…

භානුක ඉක්මනින් කමිසයක් ගෙන දෙවුර වැසෙන සේ දමා ගෙන දැහැමිට කතා කලා…

දැහැම් එන්න දරුවෝ…

එම හඩින් ඇය තිගැස්සී ගියේ මොහොතකට අශේන්ව සිහියට නැගෙමින්…

ඇය නිහඩවම භානුක අත තුවාය තබා කල්පනාබර දෑසින්ම පිටව ගියා…

ඇය යන දෙස බලා සිටි භානුක සුසුමක් හැර දැහැම්ට මේ වරින් වර සිදුවන විපර්‍යාසය කුමක්දැයි කියා කල්පනා කරන්නට වුනා….

###නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *