~~~~යශෝධරා ~~~04 කොටස

ඒ අද්භූත නිවසේ මා දුටු සියල්ල මෙන්ම සිරිල්ද ගුප්ත මිනිසෙකි … ළමා නිවාසයේ ගේට්ටුව පසුකරන තුරුම ඔහු හිස ඔසවා මා දෙස නොබැලුවේය …. වයස පනහකට ආසන්න පෙනුමක් තිබුණු සිරිල්ගේ මුහුණ පුරා උවේ අප්‍රසන්න බවකි .. සරම දෙපටට නමා ඇදගෙන උන් ඔහු වෙත කිසිම විනයක් නොවුනි …..
‘ මෙන්න මේ ළමයා අපේ වත්තට පැනලා ඉද්දි පොඩි මහත්තයාගේ අතටම අහුවුනා …මහත්තයට හොදටම තරහා ගිහින් ඉන්නේ …’
මා පාලිකාවට භාරදුන් සිරිල් වචන බර කළේය … ඒ ගොරෝසු කටහඩ කාර්යාලය පුරාම පැතිර ගියේ හෙනයක් පිපිරුවක් මෙන් දෝංකාර දෙමිනි …..
‘ ආව ගමන්ම වතුවලට පනින්න පටන් ගත්තාද ඔය ළමයා ’ පාලිකාවගේ ගුප්ත මුහුණේ ඇදී තිබුණු කෝපය වචනවලින් එළියට පනිද්දී මගේ ශරීරය පුරාම භීතියක රිදුමක් පැතිර යන්න විය …
‘මිස් මම ගිහින් එන්නම් මේ හිතුවක්කාර ළමයා එක විදිහකට හදාගන්න එක මිස්ගේ වගකීමක් ..’ මා දවා හළුකරනාකාරයේ බැල්මක් හෙලා සිරිල් පිටතට යන්න ඇවිද ගියේ කඩිසර ලෙසටය
‘තමුන් මගේ ලගට එනවා ….. ’ පාලිකාවට වඩා අඩි දහයක් පමණ දුරින් උන් මා උළුක්ව ගොස් තිබු කකුල අද්දමින් සෙමින් ඈ වෙත පියවර මැන්නෙමි …
‘මොකද අනුන්ගේ වතුවලට පැන්නේ ..’ පාලිකාව උවමනාවට වඩා මගේ මුහුණට ලංවී උන්නාය …… ඇගෙන් මිදී දුරකට දිව යෑමට උවමනා උනිද මා නොසෙල්වී ඇගේ දෑස දෙසම බලා උන්නෙමි .. ඇයගේ දෑසේ තිබුනේ මා පිළිබද කියා ලියා නොහැකි තරහවකි …
‘කට නැද්ද කතා කරන්න … මම තමුන්ගෙන් ඇහුවේ ..’ මා නිහඩව පිළිතුරු නොබැද ඉද්දි ඇගේ කෝපයේ සීමාව ඉක්මවා යන්න ඇත
‘මෙහෙට ආව ගමන් ඔහොම හිතුවක්කාර වෙනවද ආආආආආආආආ …. මම දන්නවා ඔය ආඩම්බරකම බස්සන විදිහ ……. අම්මා අප්පා නැහැ කියලාද …… මේකිගේ මුරණ්ඩුකම තියෙනවා අහසටත් උඩින් … සෝමා සෝමා ’ ඈ කෑ ගැසුවේ කාර්යාල දෙදරණ තරම් හඩකිනි
‘මිස් මට කතා කලාද ….’ මා දැක නැති ගැහැණියක් විත් පාලිකාව ඉදිරියේ නැවතුණි …. දිගු ගවුමක් ඇද සහිත කබායක් ඇද උන් ඇගේ මුහුණේ තිබුනේ කුරිරු පෙනුමකි
‘ඔව් ..මෙන්න මේ හිතුවක්කාර කෙල්ලව ගෙනියලා අර කාමරේට දානවා …’
‘කළුවර කාමරේට …’ මගේ හුස්ම හිරවේගෙන එන්නාක් මෙන් දැනෙද්දී මට උවමනා උවේ මා එහි රැගෙන නොයෙන ලෙසට ආයාචනා කිරීමටය … එහෙත් මගේ ආඩම්බර හිත ඒ සදහා අවසර නොදුන්නේය ….
‘ඔව් ඒකට තමා …. එක රැයක් ඒක ඇතුලේ ඉද්දි මෙයාගේ ගෑස් බහියි …’ ලාච්චුවෙන් ගත් යතුර සෝමා අත තැබූ පාලිකාව ඇසින් යන ලෙස අණ කළේය …
සෝමා ගොරෝසු අතින මාගේ අත තදින් ග්‍රහණය කරගෙන මා ඇදගෙන මෙන් තරප්පු පෙළ නගිද්දී මම හිතට දිරි ගත්තෙමි … ගැහැණිය නැවතුනේ ළමා නිවාසයේ තෙවන මහළේය …. තැන තැන මකුළුවන් බැදී දැල් නිසා අපිරිසිදුව ගිය උඩුමහල පුරාම තිබුනේ මුසල කමකි .. එයට හේතුව බොහෝ කාලයක් එහි මිනිස් වාසයක් නොමැති කම වෙන්න ඇත ..
‘හෙට උදේ වෙද්දී ඔය අහංකාරකම බැහැලා තියෙයි …’ ඉදිරියට විත් තිබු දත් කුට්ටම විදහා සිනාවක් පෑ සෝමා නතර උනේ විසල් කළුවර දොරක් අසලය …..
සෝමා ඉනෙහි සගවාගෙන උන් යතුරෙන් දොරේ අගුල් අරද්දී එයින් නැගුනු චිරි චිරි නාදය හිතට ගෙන ආවේ අමිහිරිතම හැගීම්ය ….
‘යනවා ඇතුලට …’
මට කිසිවක්ම සිතන්න ඉඩක් නොවිය පසු පසට ගිය සෝමා ඇගේ ශක්තිමත් දෑතින් කාමරය තුලට මා තල්ලු කළාය …. විසිව ගොස් මා නැවතුනේ කාමරය මාධ්‍යයේ ය … තවත් මොහොතකින් විසල් දොර වැසි ගොස් අනන්ත අදුර මැද මා අතරමන් වීමි ….. කාමරය සැදී තිබුනේ මද ආලෝකයක් හෝ නොවැටෙන ලෙසටය ….. විනාඩි ගානක් එක දිගට අදුර දෙසම බලා උන් මගේ දෑස් අදුරට හුරුවෙද්දී කාමරය තුල තිබු යම් යම් භාණ්ඩ දර්ශනය වෙන්න විය ..
ලොකු ඇදක් …මේසයක් … පුටුවක් ..ඇතුළු භාණ්ඩ කීපයක් තිබුණු කාමරයේ යම් කාලයක කිසිවෙකු රහස් කාමරයක් ලෙසට භාවිතා කරන්න ඇත ……
රිදුම් දෙන කකුල පරිස්සමින් බිම තබමින් සෙමින් සෙමින් යහන අසලට පියමැන්න මා එහි ඇලවුනෙමි …… තනිකම බොහෝ දරුණුය එය මා තරම් දත් කිසිවෙකු සිටිය නොහැකිය …අම්මා තාත්තා නැතිව තනිව හැදුනු වැඩුණු මා වැඩිපුරම හිද ඇත්තේ තනිවමය … එකලද මා වැඩිපුරම හිද ඇත්තේ අදුරේය …. කොතරම් දියුණු නගරයක ජිවත් උවද ආචිචි සමගින් මා ජිවත් උන නිවසට විදුලිය තිබුනේ නැත …..ඉතින් මා මේ අදුරට බය නොවෙමි …….
ආච්චි අම්මාවත් සිටියා නම් මට මෙලෙස අනාථයෙක් වෙන්න සිදුවෙන්නේ නැත …. සියල්ල සිදුවුවේ මගේ අවාසනාවට විය යුතුය ….ඒ දිනවල කොතරම් අඩුපාඩු ප්‍රශ්න තිබුනත් අප උන්නේ සතුටිනි ..
‘ජීවත්වෙලා ඉන්න ටික කාලේ බොරුවට අඩලා දොඩලා නාස්ති කරගන්න එපා පුතේ ලුනුයි බතුයි කාලා හරි සතුට්න් ඉමු …. ජිවිතේ කියන එක කොයි මොහොතේද කියලා අපි දන්නෙත් නැහැනේ ….. ඒ නිසා ජීවත්වෙන හැම මොහොතේම හිනාවෙලා හිටපන් …’ ආච්චි මට ඉගැන්වුවේ ඔවැනි දේවල්ය ….. ඇයට පින්සිදුවෙන්න ඕනෑම දෙයකට මුහුණ දීමට තරම් මට ශක්තියක් ඇත …..
ස්වභාවයෙන්ම මා හිතුවකාර දඩබ්බරියක් උනෙමි …පාසලේදී මා නහයට අහන්නේ නැති දැරියක් වීමි … නමුදු මට ගුරුවරුන් ආදරේ කලේය ..ඒ මා ඉගෙනුමේ හපනියක් උන බැවිනි ….. සියල්ල දුක් උනේ මා ගම අතහැර බණ්ඩාරවෙල එන බව දැනගත් දිනය …ඔවුන් කොතරම් පැවසුවත් මේරි නැන්දාට මා හදාවඩා ගැනීමට තරම් ආර්ථික තත්වයක් නොවුනි ….ඉතින් මා බණ්ඩාරවෙල ඒමට තීරණය කලෙමි ..මට තිබුනේ කුමන දුකක් හෝ විදගෙන කොළඹ සිටින්නය පළමු වරට මට එලෙස සිතුනි ….
බොහෝ වෙලා යනතුරුම අතීත මතකයන් අතරේ උන් මට මා නොදන්නා යාමයක ඇස පියවි තිබුණි …
එක්වරම ආආආ තිගැස්සී අවදිවුනේ කිසිවෙකු සිහින් සරින් ඉකිබිදන හඩිනි … අවදිව යහනේ වාඩිවූ මා ඉකිබිදුම ගලාගෙන ආ දෙසට කොතරම් වෙලා කන් දුන්නද ඉන් පසුව ඒ හඩ නෑසුණි .. කළුවර කාමරය තුල තනිවීම නිසා මගේ ඔළුව විකාර වීද යන බියෙන් මගේ හිත සැලෙන්න උනේ ඒ හඩ නෑසුණු හෙයිනි .. එහෙත් මගේ ඒ සිතුව්ල්ල දුරුවී ගියේ එකවරම කිසිවකු යටි උගුරෙන් කෑ ගැසූ හඩක් නිසාය …එය භීතියෙන් කල කෑ ගැසීමකි … දැන් නම් මට විශ්වාසය මේ ගෙදර කිසියම් අද්භූත දෙයක් සිදුවෙමින් පවතින බව … මෙහි සැරිසරන කිසියම් යක්ෂ ආත්මයක් මේ කාමරය තුලට රිංගා මගේ බොටුව මිරිකාවිද …භීතියෙන් සැලුන සිත එක්තැන් කරගෙන මා යහනේ ගුලි උවෙමි ….
උදෑසන සිට හිස් බඩින් උන් මට දැනුනු කුස ගින්න දරුණුය ….කුස ගින්නට වඩා අධිකව දැනුනු පිපාසය දරුණුය …. නිරාහාරව අප්‍රාණිකව උන් සිතට දැනුනු භීතිය නිසා මට දැනුනේ මගේ දෑස් නිලංකාර වෙන බවකි …

**************
‘යශෝධරා … යශෝධරා …’ නැවත දෑස් ඇර බලන විට මා උන්නේ කළුවර කාමරය තුල නම් නොවේ …. මා වැතිරී උන්නේ සුවපහසු යහනක් මතය .. මගේ අසලටම වී උන් අනුෂිකා බියවී වාගේ බලාගෙන උන්නේය .. කව්ළුවෙන් කාමරය තුලට ගලාගෙන ආ ආලෝකය උදෑසන විත් ඇති බවට සාක්ෂි කීය … අර කළුවර කාමරෙන් පිටතට මා රැගෙන ආවේ කවුරුන්ද …..
‘මම කොහෙද මේ ඉන්නේ …’ මා කතා කිරීමට උත්සහා කලෙමි
‘මේට්‍රන්ගේ රූම් එකේ ….ඔයාට දැන් කොහොමද ..’ අනුෂිකාගේ මුහුණේ තිබු බරපතල පෙනුමට යටින්වූ සතුට මට තේරුම් ගන්න අපහසු නොවුනි ….
‘මට හොදයි වගේ ..’ මට උවමනා උනේ මේ කාමරයෙන් පිටතට දිව යෑමටට ….එහෙත් පාදයෙන් ආ වේදනාව නිසාවෙන් දිවීමට තියා පියවරක් ඉදිරියට තැබීමටවත් මට අපහසුය …
‘ආ ….මේ ඇහැරිලා ඉන්නේ … කොහොමද මැම් ඊයේ රෑ …’ පාලිකාව පැමිණියේ ඒ මොහොතේය… ඇය මගේ හිසේ සිට පාදාන්තය දක්වා විමසුම් බැල්මක් හෙලද්දී මා නොසෙල්වී ඈ දෙසම බලා උන්නෙමි
‘ආයේ මුරණ්ඩු උනොත් ඔයිට වැඩිය දඩුවම් දරුණු වෙයි …. දිගටම මෙහෙ ඉන්න ඕන නම් මම කියන විදිහට පාඩුවේ ඉන්න වෙයි …. ’
මගේ හිතුවක්කාර කම ලග ඇයගේ හිතට තරහක් එන්න ඇත .. ඇය තවත් යමක් කීමට මුව විවර කළා පමණි මහා හඩින් ඇරුණු දොර ලග උන්නේ සෝමාය …
‘මිස් සේනාධිර මහත්තයා ඇවිල්ලා ..’
‘ මම ඉක්මනට එන්නම් .. එතකන් විසිටර් රූම් එකට එක්කන් යන්න …..’ සෝමා නැවත හැරෙද්දී පාලිකාව බැලුවේ අනුෂිකා දෙසය
‘අනුෂිකා මේ කෙල්ලවත් ලැහැස්ති කරගෙන එන්න ….. මම යනවා …’
පාලිකාව පිටව යද්දී අනුෂිකා කිසිවක් නොකියා දෑසින් මට නැගිටින්න අණ කළේය …මුරණ්ඩු වී කියන්න නොකර ඉන්න මට උවමනා නොවුනි … ඒ සදහා මගේ සිතට හෝ ගතට සවියක්ද නොවුනි …
අනුෂිකා සමග මා ශාලාවට යනවිට කෙල්ලන් සියල්ලම පෙලට සිටගෙන සිටියේ අමුත්තා පිළිගැනීමටය .. සෙනුලි මා දැක සිනාපාද්දී පෙරලා සිනාවක් පෑ මම පේලියේ කෙලවරට ගොස් සිට ගත්තෙමි …
විනාඩි පහක් දහයක් ගෙවී යන්න ඇත …. කෙල්ලන්ගේ අත්පොලසන් නාදයත් සමග එහි ඇතුළු උන අමුත්තා මා දැක පුරුදු අමුත්තෙකි ….. එලෙස නම් ඔහු මේ ළමා නිවාසයේ භාරකරුවාද …. සිතට කුහුලක් එද්දී මා ඔහු දෙස විමසිල්ලෙන් බැලීමි … යුරෝෆියන් ඇදුමින් සැරසී උන් ඔහු මා දැක ඇති කඩවසම්ම පුද්ගලයාය … ඔහුගේ ජවසම්පන්න සිරුර නිසා ඕනෑම කෙනෙක්ගේ සිත නිරන්තරයෙ ඔහු දෙසට යොමු වීම අරුමයක් නොවේ ….. කිසිදු සිනාවක් නොමැති ඒ මුහුණ පුරා තිබුනේ ගුප්ත දබ්බර පෙනුමකි … මොහු නම් තාප්පෙන් එහා ගෙදර හිමිකරුය ………..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *