30

~~~~යශෝධරා ~~~
30 කොටස
විදුර වීරකොන්ගේ නිවස බොහෝ නිහඩ එකකි …. තාරුක මෙන්ම තරුෂිද මව සහ පියා සමග එතරම් කතාබහක් නොවුනි …ඔවුන් දිවි ගෙව්වේ තමන්ගේම ලෝකයක් සාදාගෙනය …. විදුර වීරකෝන් යනු ආදරණිය සැමියෙකු විය ….. ඔහු කටයුතු කලේ බිරියට රිසි සේ…. මා මේ නිවසට රැගෙන පැමිණි වීරකෝන් මහත්මිය ඉතා සිත්ගන්නා සුළු තැනැත්තියකි …ඇයට උවමනා උවේ සියළුම දෙනාට කාරුණික අයුරින් සැලකීමටයි … කොතරම් ආදරණිය තැනැත්තියක උවද තාරුක මෙන්ම තරුෂිද ඇයව ප්‍රතික්ෂේප කළේය …. කොතරම් සිත් රිදුනත් ඇයගේ මුව මත නිරන්තරයෙ රැදී තිබුණු සිනාව නම් නොමැකුණේය ..
තාරුක වැඩිපුරම උන්නේ නිවසින් පිටතය …. ඉගෙනුම අවසන් කර සංගීත කණ්ඩායමක් සමග එක්ව උන් ඔහුගේ මුළු ජිවිතයම උවේ සංගීතයයි …. දිනය පුරා පිටත උන්නත් රාත්‍රී ආහාරය ගැනීමට ඔහු නිවසට පැමිණීයේය … සියලු දෙනා එක්වන්නේ රාත්‍රී ආහාර වේලාවටය ….
මේ නිවසේදී මට තාරුක හමුවුනා නම් ඒ රාත්‍රී කෑම මේසයේදී පමණි …. ඔහු මා දෙස වරින් වර බැලුවද මම ඒ බැල්ම මගහැර සිටීමට පරිස්සම් උනෙමි …
‘යශෝධරා ඒක නේද ඔයාගේ නම .. .’ කොතරම් මග ඇර සිටියද දිනක් මා කාමරයට යද්දී ඔහු මග අහුරා උන්නේය
‘හ්ම්ම්ම් ඔව් ….’ උවමනා උවේ ඔහුව මග හැරීමට උව ඊට ඉඩක් නොවුනි …
‘එදා බණ්ඩාරවෙල බස් එකෙදී මට පුප්ප පුප්පා ආව කෙල්ල මගේ ගේ ඇතුලේදීම මට හම්බ උනා පුදුමයි නේද ..’
ඔහු උවමනාවට වඩා මට ලංවෙද්දි මම අඩියක් පසුපසට තබා වටපිට බැලුවෙමි …කිසිවෙකු දුටුවහොත් මා ගැන වැරදියට සිතනු නොඅනුමානය …
‘මට යන්න දෙන්න තාරුක අයියා ..’ බැගෑපත් බැල්මක් හෙළු මා ඔහුගෙන් මිදී කාමරයට යෑමට මගක් සෙව්වෙමි ..
‘මම තමුන්ව අල්ලාගෙන කන්නේ නැහැ . …දුවන්න යන්නේ හිතුවද මම ආසාවෙන් ඔයත් එක්ක කතා කරනවා කියලා ..’ මම ඔහුගේ මුහුණේ බැලුවේ එවිටය … ඔහු කිවේ සත්‍යක්ද එසේ නොමැති නම් මුසාවක්දැයි වටහා ගැනීමට නොහැකි තරම් ඒ මුහුණ පුරා ඇතිවූ හැගීම් ව්‍යාකූලය …
‘ආසාවක් නැති නම් මට යන්න දෙන්නකෝ බැරියර් දාගෙන ඉන්නේ ..’ ඔහුට ඔරවා මම එලෙස පැවසුවෙමි …. හිනා යන්න ආවත් ඔහු කට තද කරගෙන හිනාව පාලනය කර ගන්න විය ….
‘මොකද ඔරවන්නේ …… ලස්සනයි කියලාද හිතාගෙන ඉන්නේ තමුන් ..බලනවකො මේ කටු බොඩි එක කටුගෙට යවන්න හොදයි …ඔය …ඔය රවද්දී නිකන් මොකක්ද එකෙක් වගේ …. මම කියන්නේ බොරු නම් ගිහින් බලනවකො කන්නාඩියෙන් තමුන් කොහොමද කියලා ..’
ඔහු එලෙස පවසන්න ඇත්තේ විහිළුවටය ..නමුදු මට දැනුනේ මහා අවමානයක් ලෙසය …. ඉදිරියට පැන කන රත්වෙන්න පාරක් ගැසීමට උවමනා උනිද මම හිතට සිහිකර දුන්නේ මේ ඔහුගේ නිවස බවයි …
‘අයියා …මේ හලෝ ඔයාගේ ෆෝන් එක අඩනවා ගොඩක් වෙලා ..බලනවා ඇවිල්ලා ගර්ල් ෆ්‍රෙන්ඩ්ද දන්නේ නැහැ …. ‘’ තාරුකගේ ජංගම දුරකථනය රැගෙන තරුෂි නාවා නම් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යනු ඇත …. තරුෂිගේ අතක තිබු ජංගම දුරකථනය රැගෙන ඔහු ඉවතට යද්දී කාමරයට දිව ගිය මම නතර උවේ කැඩපත ඉදිරියේය ….
ඔහු පැවසුවේ සැබෑවක්ද මා එතරම් විරූපිනියක්ද …. ශරීරය මදක් කෙසග උවද මගේ මුහුණ පිරිපුන්ය උරහිස දක්වා වැටි ඇති රන්වන් පැහැති කෙස්කලබ මගේ පෙනුම යහපත් කර තිබු අතර ඔහු පැවසූ තරමට මා අවලස්සන නැත … මා තරහා ගැස්සීමට ඔහු මෙලෙස පැවසුවා විය යුතුය …
නිරන්තරයෙ මා පසු පස ලුහුබදින තාරුකගේ බැල්ම මග හැරීමට මම පරිස්සම් උනෙමි …… කෑම මේසයේදී පවා මා ආහාර ගත්තේ හිස එසවිමකදු නොකරමිනි ……
******
අභීත ඔහු මගේ හිත තුල නිරන්තරයේ සැරි සැරුවේය ….. අභිතගේ සුවදුක් විමසා දැනගැනීමට උවමනා උනිද මා කලේ හිත පාලනය කර ගැනීමය ….. ගෙවුණු හැම රැයකම අභීත මගේ සිහිනයන් අතර සැරි සැරුවේය ….සිහිනයන් දකින ඒ රුව මා දෙස බලා උන්නේ බැගෑපත් බැල්මකිනි …
‘යශෝධරා ආපහු එන්න .. මට ඔයාව ගොඩක් මතක් වෙනවා ..’ මට බොහෝ දුරින් සිටගෙන ඔහු ආයාචනා කළේය …
‘මට ආපහු එන්න බැහැ සර් …. ඔයාව ආපහු දැක්කොත් මට මගේ හිත පාලනය කරගන්න බැරි වෙයි ….’
මම ඔහු වෙතින් තව තවත් දුර ඇදෙමින් පැවසුවෙමි …
‘යශෝධරා දන්නවාද ..ඉස්සර දවස් වල නෙත්මා නැතිව මට මෙච්චර පාළුවක් දැනුනේ නැහැ …..ඒත් දැන් මට ලොකු පාළුවක් තනිකමක් දැනෙනවා …. නෙත්මා මගේ ලග ඉදලත් මම තනිවෙලා වගේ දැනෙනවා ….. ඒ ඔයා මෙහෙන් ගියාට පස්සේ යශෝධරා .. ආපහු එන්න යශෝධරා මට පාලුයි ..’
‘මට බෑ සර් …මට බෑ ….මට දරාගන්න බැරිවෙයි …ඔයා නැතිව බැරි වෙයි ..’ ඔහු පැමිණෙන්න යැයි ඇවිටිලි කරද්දී මා කලේ ඔහුගෙන් බොහෝ දුරට යෑමය ….
දරාගැනීමට නොහැකි තරම් දුකින් මම අඩා වැටුනෙමි …
‘යශෝධරා ඇයි දරුවෝ මේ අඩන්නේ …’
මම අවදිවුවේ ආන්ටිගේ ඇමතුමෙනි …… මගේ මුහුණ තෙත්ව තිබුනේ කදුළු වලටය …. මද වෙලාවක් යනතුරුම මම දුටුවේ සිහිනයක් බව වටහා ගැනීමට මට අපහසු උනි …..
‘ මම ඇඩුවාද ආන්ටි …’
‘ඔව් දරුවෝ …මම ගොඩක් වෙලා අහගෙන ඉදලා ආවේ …. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද මගේ දරුවෝ …’ ඇය මගේ හිස පිරිමදිමින් එලෙස විමසුවද දීමට නිසි පිළිතුරක් මා සතුව නොවුනි …
*****************
‘ විදුර යශෝධරගේ ස්ටඩිස් වලට අපි මොනාද කරන්නේ …’ රාත්‍රී කෑම මේසයේදී විදුර අංකල්ගෙන් විමසුවේ ආන්ටිය ….
‘යශෝධරා කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද ..’ ආන්ටිට පිළිතුරක් නොදී ඔහු බැලුවේ මා දෙසය ..
‘මම ඒලෙවල් ක්ලාස් එකේ ඉගෙනගත්තේ අන්කල් ’
‘ හ්ම්ම් යශෝධරාට ක්ලාස් ගිහින් එක්සෑම් කරගන්න පුළුවන් වෙයිද ….ඉස්කෝලේකට දාන්න වෙයිද’
‘මට ක්ලාස් ගියොත් එක්සෑම් කරගන්න පුළුවන් අන්කල් …මම වෙනුවෙන් ස්කුල් හොයන්න මහන්සි වෙන්න එපා …’
‘හරි එහෙනම් යශෝධරාට ටියුෂන් ක්ලාස් ටික ලැහැස්ති කරලා දෙන්නම් .. මොන දේ උනත් ඉගෙනීම සම්පුර්ණ කරගන්න ඕන ’
ඔවුන් මට උවමනාවට වඩා දයාබර වෙද්දී මගේ ඇසට ඉබේම කදුළක් උනන්න විය ….
‘ඇයි දරුවෝ අඩන්නේ මේ …’ ආන්ටිගේ බැල්ම බොහෝ කාරුණිකය
‘ඔයාලා මම වගේ අනාථ කෙල්ලක්ට මේ විදිහට සලකද්දී මට දරාගන්න බැහැ ..’ මම හිස ඔසවා බැලුවේ දෑසේ පුරවා ගත් කදුළුවලිනි …. තාරුකගේ දෑස රැදි තිබුනේ මා ලගය …. මම කලේ වහා ඉවත බැලීමය ..
‘යශෝධරා කොහොමද අනාථ දරුවෙක් වෙන්නේ ..ඔයාට අපි ඉන්නවා නේ .. ආයේ කවදාවත් ඔයා අනාථ ලමයෙක් කියලා කියන්න එපා ..එහෙම උනොත් මට ගොඩක් දුක හිතෙයි ..’
‘හරි ආන්ටි මම ආයේ කවදාවත් එහෙම නොකියා ඉන්නම් …’
‘හොද ළමයා දැන් ඔය ඇස් වල පුරෝගෙන ඉන්න කදුළු පිහදාලා මේ කෑම ටික කාලා ඉන්න ..’
දෑසේ රැදී තිබුණු කදුළු පිසදැමූ මා මද සිනාවක් පෑවෙමි …. ආන්ටි අංකල් සමග නිදන කාමරයට යද්දී තරුෂි රූපවානිය ක්‍රියාත්මක කළාය …
‘යශෝධරා එන්න ටීවී බලන්න …’
කාමරයට යෑමට සුදානම් වෙමින් උන් මා බෑ නොකියා තරුෂි උන් තැනට ගියෙමි …. තරුෂි සේම තාරුකද උන්නේ රූපවාහිනිය නරඹමිනි …ඔහු මා දෙස නිකමදු හෝ බැලුවා නොවේ ….ඉතින් මා නොසෙල්වී උන් තැනම සිටගෙන උන්නෙමි ..
‘යශෝධරා වාඩිවෙන්න …..’ ඒ තරුශීය …. මම අසුන්ගත්තේ හරියටම තාරුක ඉදිරියෙන්වූ අසුනේය .
‘යශෝධරා අද හොරර් මුවී එකක් තියෙනවා …. මට තනියම බලන්න බයයි වගේ …. ඔන්න ඔයත් එන්න මාත් එක්ක ෆිල්ම් එක බලන්න …’
චිත්‍රපටයක් නැරබීමට තරම් නිදහසක් සිත තුල නොවුවද …. ඇගේ සුහද භාවය නිසාවෙන් මම කිසිවක් නොකියා උන්නෙමි …
‘මෙන්න විශේෂ පුවතක් …පසුගියදා මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් උන බණ්ඩාරවෙල සුජාතා නිවාසයේ සිද්දියේ තවත් තොරතුරු රැසක් හෙලිකරගැනීමට පොලිස් පරීක්ෂක රාමනායක මහතා සමත්වී ඇත ….මෙහිදී සිදුකර ඇති මහා පරිමාන අප‍රාධ සිද්දීන් අතර දැරියන් මුදලට විකිණීමද සිදුවූ බව හෙළිකරගෙන තිබේ … ’
පුවත් කියන්නීය ගිරවියක් සේ පුවත් ප්‍රකාශ කරද්දී මම දෑස් අයාගෙන ඒ දෙස බලා උන්නෙමි …. සිදුවී ඇති අපරාධ සුළු පටු ඒවා නොවේ ..
‘ළමා නිවාසයේ භාරකරු අභීත සේනාධිර මහතා මේ පිළිබද දැක්වූ අදහස් දෙසට අපි යොමු වෙමු ..’
රූපවාහිනී තිරය මත ඇදුනේ ඔහුගේ රුවයි …මා මේ ඔහු දකින්නේ කොතරම් කාලයකට පසුවද හරියටම මාස තුනකට පමණ පසුවය .. ඔහුගේ මුහුණේ තිබු දැඩි ගතිය තවමත් එලෙසමය … මුවේ මද සිනාවකදු නොමැතිව ඔහු යමක් පවසයි .. මගේ සවනට ඔහු කියවූ කිසිවක්ම නෑසුනේය … මා කලේ නෙත පුරා ඔහුගේ රුව උරා ගැනීමය …
‘යශෝධරා ..යශෝධරා …මොකද මේ බයවෙලා වගේ බලාගෙන ඉන්නේ ..’ තාරුක මා දෙස බොහෝ වෙලා බලා ඉන්න ඇත ..
‘මම මම …බයවෙලා නැහැ ..’ මට ඔහුට මගේ හැගීම් පෙන්වීමට උවමනා නොවුනි …
‘බයවෙලා නැත්තම් මොකද නිකන් හොල්මනක් දැකලා වගේ ..තාම හොල්මන් ෆිල්ම් එක බැලුවේ නැහැනේ මනුස්සයෝ ..’
ඔහු එලෙස පැවසුවේ සමච්චල් ස්වරයෙනි …
‘අයියේ මම ටක් ගාලා කාමරයට ගිහින් එන්නම් …. යශොට යන්න දෙන්න නම් එපා ..’ යමක් මතක් වී තරුෂි කාමරයට යද්දී තාරුක වඩ වඩාත් මා දෙසට සමීප වෙන්න විය ..
‘ඔයා කාට හරි බයෙන්ද ඉන්නේ ..’
ඔහු නිමාවක් නැතිව එක පිට එක පැනයන් විමසද්දී මා ඔහුගේ මුහුණ මගහැර ඉවත බැලීමි …
‘මම යකෙක්ටවත් බය නැහැ …. ‘’ ඉවත බලාගෙන උව මා දුන්නේ මුරණ්ඩු පිළිතුරකි …
‘බය නැහැ කියලා ෂුවර්ද … ‘’
‘ඔව් …ඔව් …බය නැහැ …’
දෙදෙනාගේ රණ්ඩුව දිගට යෑමට පෙර තරුෂි අප වෙත දිවගෙන ආවාය …..
චිත්‍රපටය … මිය ගිය පසු භුතාත්තමයක් බවට පත්වූ කාන්තාවක් පිළිබද එකකි … චිත්‍රපටයේ සමහර සිදුවීම් සිතට බියක් ගෙනාවද මම බියක් නොපෙන්වා උන්නෙමි ….
ඒ රැයේ නින්දට ගොස් බොහෝ වෙලාවක් යනතුරුම මගේ නෙතට නින්දක් නොආවේය … යාන්තම් දෑස් පියවිගෙන එද්දී මා අවදිවුවේ කිසිවෙකු කාමරයේ සැරිසරන හඩක් ඇසීම නිසාය … මම යාන්තම් දෑස් විවර කර බැලීමි … අදුරේ උව මට දර්ශනය උවේ යක්ෂ රූපයකි …. මුව විවරකරගෙන උන් යක්ෂගේ දිව තිබුනේ මුවෙන් පිටය … විලිස්සාගේන උන් දත් රත් පැහැතිය … හිත පුරා විහිද පැතිර ගිය බිය නැමැති හැගීම ශරීරය අඩපණ කරද්දී මම කෑ ගැසීමට මුව විවර කලෙමි ..
මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *