34

~~යශෝධරා ~~
34 කොටස
‘යශෝධරා මේ රෑ කොහේ යන්නද ’ සාලයේ උන් විදුර අංකල් මා දැක නලල රැලි කළේය …
‘ අංකල් මම මෙහෙ අත ඇරලා යනවා …’
‘ඔයාට අපෙන් වරදක් උනාද දරුවෝ …’ විදුර අංකල් මෙහායින් අසුන්ගෙන උන් අම්මාගේ බැල්මේ උවේ දුකකි …
‘මට කාගෙන්වත් වැරද්දක් උනේ නැහැ … ඒ උනත් මට යන්න දෙන්න …’ මම අම්මාගේ මුහුණ දෙස නොබැලීමට පරිස්සම් උනෙමි …
‘යශෝධරා කොහෙවත් යන්නේ නැහැ ..’ පියගැටපෙළ බැස පැමිණි තාරුක නතර උනේ මා අසලය
‘ඔයා කොහොමද එහෙම කියන්නේ … මම යනවා … ඔයාට බැහැ තාරුක අයියේ මාව නවත්තන්න ..’
මට බලපෑම් කිරීමට ඔහුට අයිතියක් නැත …. ඉතින් මා ඔහුට රවා බැලුවෙමි ….
‘යශෝධරා මේ අහනවා …. ඔයා අවුරුදු දෙකක් මේ ගෙදර හිටියේ …. ඔයාට මොනවා හරි උනොත් අපිට උත්තර බදින්න වෙයි …. ‘’
‘ඔයාලාට කවදාවත් එහෙම කරන්න වෙන්නේ නැහැ …. මට යන්න දෙන්න … ‘’ කුඩා ගමන් මල්ල ලයට තදකරගත් මා තාරුක දෙස හෙළුවේ මුරණ්ඩු බැල්මකි ..
‘කට වහගෙන යන්න කිව්වා නේද කාමරේ ඇතුලට …’ ඔහු මගේ අතකින් අල්ලා ගත්තේ මට අඩියක් හෝ පෙරට තැබීමට නොදෙමිනි ….
‘මට බෑ ….. මට බෑ ….. ඔයාලා මොනවා කිව්වත් මට බෑ තවත් එක දවසක්වත් මෙහෙ ඉන්න ..’ උගුර යටින් කෑ ගසද්දීම මා කාමරයට දෙසට තල්ලු කර දැමු ඔහුගේ මුහුණ කළුවී අදුරුවී ගොසිනි …
‘ඔයා මහා නපුරෙක් අයියා …ඇයි මට මෙහෙම කරන්නේ …’ අභීත මා එනතුරු බලා සිටින බව සිහිවී මම කෑ ගැසුවෙමි ….
‘කට වහගෙන ඉන්න නේද කිව්වේ …’ මා දෙසට ඇගිල්ල උරුක් කරගෙන උන් ඔහුගේ මුහුණේ නපුරුකම වැඩිවී ගොසිනි …
‘පුතා ඒ ළමයාට නිදහසේ ඉන්න දෙන්න …..’ විදුර අංකල් කෑ ගැසුවේ බලා හිද බැරිම තැනය ….
‘තාත්තා කට වහගෙන ඉන්න මම යශෝධරා ගැන බලාගන්නම් ..’ තාරුක අංකල් කියූ කිසිවක් කනකට ගත්තේ නැත …
‘උබ යශෝධරාගේ අම්මා තාත්තාද ඒ කෙල්ල ගැන බලන්න …කියපන් උබේ මේ කෙල්ලගේ කව්ද ඔය තරම් බලපෑම් කරන්න ..’
‘මම යශෝධරාව බදිනවා ….. මම ඒක තීරණය කරලා ඉවරයි …’ හෙනයක් පුපුරන්නාක් මෙන් තාරුක එලෙස පවසද්දී සියලු දෙනා බලා උන්නේ අදහන්න නොහැකිවා මෙනි …
‘ඔයාට බැහැ පුතා එහෙම කරන්න ..’ ආන්ටි කතා කලේ ඉවසා නොහැකිම තැනය …
‘මොකද බැරි මට පුළුවන් ….කව්රු මොනවා කිව්වටත් මම යශෝධරා තමා බදින්නේ .. අනික ඔයා කොහොමද මට එහෙම කියන්නේ …මගේ ජිවිතේ තීරණය කරන්නේ මට ඕන විදිහටයි ’
කතාව බොහෝ දුර දිග ගොස් තිබුණි . …. පිය පුතු දෙදෙනා එකිනෙකාට චෝදනා කරගද්දී අම්මා මෙන්ම මාද බලා උන්නේ බියෙනි …
‘ඔයා කියන දේ අහන්න ඕන නැහැ තාත්තා මට …. මොකද ඔයා කවදාවත් අපි කිව්ව දේවල් ඇහුවේ නැති නිසා …අම්මාට හාර්ට් ඇටැක් එකක් ආවේ ඔයා මේ ගෑනි එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්ත දවසේ ..එදා ඉදලා එයා මැරෙනකම් විදෙව්වා … ඔයා කවදාවත් අම්මා කියන දේවල් ඇහුවේ නැහැ … මතකද දවසක් ඔයාට මම වැදලා කිව්වා තාත්තා කොහෙවත් යන්න එපා අම්මාට ගොඩක් අමාරුයි කියලා එදා ඔයා මම කිව්ව දේ අහන්නේ නැතිව එළියට බැස්සා …. එදා තමා අම්මාගේ අන්තිම දවස …. එයා මැරුණේත් ලොකු වේදනාවකින් … ’
බොහෝ ආවේගශීලීවූ ඔහුගේ වදන් අවසානයේ බොහෝ වේදනාත්මකවිය … අම්මා විදුර අංකල් සේම තාරුකද ඒ අවස්ථාවේ බොහෝ වේදනා විදිමින් උන් බවකි පෙනුනේ ..
‘මට එන්න පුළුවන්ද ඇතුලට …’ මද වේලාවක් යනතුරු පැවති නිහඩතාවය බිදවැටුනේ අභිතගේ කටහඩිනි … පමාවූ බැවින් ඔහු මා සොයා එන්න ඇත …
‘කවුද මේ …’ විදුර අංකල් හදිසියේ පැමිණි අමුත්තා දැක සන්සුන් බවක් මවා ගත්තේය ..
‘මම ආවේ යශෝධරා අරන් යන්න …’ අභීතගේ හඩේ කිසිදු පසුබෑමක් නැත ….
‘උබ කව්ද යශෝධරා අරන් යන්න …’ තාරුක ඕනෑවට වඩා කලබල උනේ අභිතගේ ස්වරූපය දැක වය යුතුය ..
‘මම එයා බදින්න ඉන්න කෙනා …. සැකනම් යශෝධරාගෙන් අහලා බලන්න ..’ කිසිදු බයකින් තොරව දොඩන අභීත දෙස සියළු දෙනා බලා උන්නේ පුදුමයෙන් මෙනි …
‘යශෝධරා මේ කියන්නේ මොනවාද …. කියනවා මූ කියන්නේ ඇත්තද … ’ අදහාගත නොහැකිවා මෙන් තාරුක මා දෙස බැල්මක් හෙළිය …
‘ඔව් ..ඔව් …එයා කියන හැම වචනයක්ම ඇත්ත ….මම අභීත සර්ට ආදරේ කරනවා …අද ඊයේ නෙවේ අවුරුදු ගානක ඉදලා ..’
මට බියවීමට කිසිදු හේතුවක් උවේ නැත … ඕනෑම දෙයකට අභීත මා ලගින් ඉදිනු ඇත …
‘මේ බලපන් යශෝධරා මූ ඔයාට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් . …ඔයාලා දෙන්නා ගැලපෙන්නේ නැහැ කොහොමත් …’
තාරුකට උවමනා වෙන්න ඇත්තේ මගේ සිත අභීත කෙරෙන් බිදවිමටය … එහෙත් අපගේ පෙම
‘ආදරේ කියන්නේ වයස බලලා ඇතිවෙන හැගීමක් නෙවෙයි …. මට ආපස්සට යන්න බැහැ මම අභීත සර් එක්ක යනවා …එයා නැතිවුනොත් මට ජීවත්වෙන්න බැරි වෙයි …’
‘තේරුම් ගන්න යශෝ …ඔයාට මම ගොඩක් ආදරේ කරනවා …. ඔයා දැක්ක දවසේ ඉදලාම මගේ හැම හීනයකම හිටියේ ඔයා …..’’ මට බොහෝ ලංවූ තාරුක දෝතින්ම මගේ මුහුණ අල්ලාගෙන වේදනාවත්ම ස්වරයෙන් පවසන්න විය …
‘උබ කොහොමද තාරුක යශෝධරාට ආදරේ කරන්නේ … යශෝධරා කියන්නේ උබගේ නංගි …’ අභීත කෑ ගැසුවේ ඉවසිය නොහැකි තැන විය යුතුය …
‘මොනවද යකෝ උබ කිව්වේ …’ මගේ මුහුණ අතහැර අභීත වෙතට පැනගත් තාරුක ඔහුගේ කොලරයෙන් අල්ලා ගත්තේය ….
‘මම කිව්වේ ඇත්ත තමා … ’ අභීත තම ස්වරය මදක් හෝ වෙනස් නොකළේය … විදුර අංකල් සේම අම්මාද බොහෝ කලබල වෙන්න ඇත …
‘මොකක්ද ඇත්ත ..’
‘ඇත්ත අහගනින් එහෙනම් …යශෝධරා කියන්නේ මිසිස් වීරකෝන්ගේ දුව …’
අභිතගේ මුවින් එලෙස පිටවූ ඇසිල්ලෙන් අම්මා කලබල වී දුවගෙන ආවේ මා ලගටය …
‘යශෝධරා …. මේයා කියන්නේ ඇත්තද …ඔයා මගේ දුවද …’ ඇසිපියකදු නොහෙලෙමින් මා දෙස බලා උන් අම්මාගේ දෑසේ කදුළු ගොඩකි ….තවත් නම් ඇගේ කදුළු දකිම්න් මට නිහඩව සිටිය නොහැක …
‘ඔව් මම ඔයාගේ දුව ….’
‘ඔයා කවදද මේ දේවල් දැනගත්තේ ‘’
‘අද ඔයාගේ කාමරේ ගහගෙන ඉන්න මගේ ආච්චි අම්මාගේ පින්තුරේ දැක්කට පස්සේ තමා මම දැනගත්තේ ..’
‘අනේ මගේ දුවේ ….. මට සමාවෙන්න …’ ඇයට උවමනා වෙන්න ඇත්තේ මා තුරුලට ගැනීමට උව .. මට උවමනා උවේ ඈ කෙරෙන් පලා යෑමටය …
‘මට කවදාවත් බැරි වෙයි ඔයාට සමාව දෙන්න …. කෝ මගේ තාත්තා …. ඇයි ඔයාලා මාව අසරණ කලේ … දන්නවද මම මිනිස්සුන්ගෙන් කොච්චර කතා ඇහුවද කියලා ……. ඔයාට තිබුනා නේද මාව බලා ගන්න ..ඇයි ….ඇයි ඔයා මාව දාලා ගියේ …’
මම ඇගෙන් බොහෝ පැනයන් විමසුවත් ඇය නිරුත්තරය …
‘යශෝධරා … .මගේ දුවේ …. ඔයාගේ අම්මාට වැරදි කියන්න එපා ….. මමයි හැමදේටම වැරදි …. මම තමා ඔයාගේ තාත්තා …… ඔයාගේ අම්මාට මම ආදරේ කළා බැදපු මිනිහෙක් කියන එක අමතක කරලා ….ඔයාව බඩට ආවට පස්සේ මම කිව්වා ඔයාව නැති කරලා දාන්න කියලා …ඒත් අම්මා මටත් නොකියා ඔයාවත් අරන් ගිහින් තිබුනා …… ඔයා ඉපදුනාට පස්සේ එයා මාව හොයාගෙන ආවා … දුවට සාධාරණයක් කරන්න කියලා ඇඩුවා …ඒ උනත් මම ඒ වෙද්දී දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් …. මට කරන්න දෙයක් තිබුනේ නැහැ … අම්මාට මම නැතිව ඉන්න බැරි උනා …. මම කිව්වා මට ආදරේ නම් ඔයාව අමතක කරන්න කියලා …. එයා ගොඩක් අමාරුවෙන් හිත හදාගෙන මෙහෙ හිටියා .. පස්සේ මගේ වයිෆ් හාර්ට් ඇටැක් එකක් හැදිලා මැරුණා …. මගේ දරුවොන්ට අම්මා කෙනෙක් ඕන උනා … මම ඔයාගේ අම්මාව බැදලා මෙහෙ එක්කන් ආවා ….. අම්මාට හැමවෙලේම ඕන උනා ඔයාව ගෙන්න ගන්න …ඒ උනත් මම අම්මාගේන් පොරොන්දුවක් ගත්තා ඔයාව කිසිම දවසක මෙහෙ එක්කන් එන්නේ නැහැ කියලා .. මගේ අතින් තාරුකගේ අම්මාට ලොකු අසාධාරණයක් උනා … මගේ හිත ඒ වෙද්දී ඒ ගැන ගොඩක් දුක් උනා …. මට හිතුනා ඔයාව මෙහෙ ගෙනාවොත් මගේ දරුවෝ දෙන්නාට අසාධාරණයක් වෙයි කියලා … ඒ නිසා තමා මම ඔයාව ගේනවාට අකැමැති උනේ … මට සමාවෙන්න දුවේ …. හැම දෙයකටම වැරදි මම ..’
විදුර අංකල් නොහොත් මගේ අතිජාත පියාණන් හඩා වැලපුනේය …ඔහුට වඩා මගේ හිත බොහෝ හඩා වැටුණේය ….මට මා ගැනම පිළිකුලකි ඇතිවුනේ ….. මවෙක් හෝ පියෙක් තවත් දරුවෙක්ගේ සතුට වෙනුවෙන් එක දරුවෙක් අතහැර දැමීම කොතරම් ඛේදයක් ද …ඔවුන් මා අතර දැම්මේ මා ඔවුන්ගේ පවක්වූ නිසාද … තාත්තා මා විනාශ කිරිමට තීරණය කර ඇත්තේ මෙලොව ජාතක වීමටත් පෙරය … ..ඉතින් මා අවාසනාවන්තියකි …..තවත් විනාඩියක් හෝ මේ පොළවේ රැදී සිටීමට මට උවමනා උවා නොවේ …
මම හුස්මක් හෝ නොගෙන ආත්මයක් නොමැති හිස් කයක් පරිදි ඉදිරියට ඇවිද ගියෙමි …..
‘දුවේ යශෝධරා යන්න එපා … ‘’ තාත්තා මෙන්ම අම්මාද හඩා වැටුනේ මහා කම්පාවකිනි … එහෙත් මට ඔවුන්ට සමාව දිය හැකිනොවේ ….ඔවුන්ගේ ආදරයේ ප්‍රථිපලය ලෙසට කුස තුල පිළිසිදගත් මා තාත්තාට පෙනෙන්න ඇත්තේ තම කිර්ති නාමය විනාශ කිරීමට පැමිණි පිළිලයක් ලෙසය ….
යශෝධරා යන්න එපා යැයි කියනු ඇතැයි සිතුවත් වදනක් හෝ පිටනොකර සෙල් රුවක් මෙන් තාරුක බලා උන්නේය …. මා ඔහුගේ අනියම් සොයුරියයි …. ඔහු පෙම් කලේ තම සොයුරියට බව දැනගත් පසු ඔහුට එය දරාගත නොහැකිවා වෙන්න ඇත ..
‘යශෝධරා මට සමාවෙයන් මගේ දුවේ ..’ අම්මාගේ විලාපයේ දෝංකාරය ගේට්ටුවෙන් නික්ම බොහෝ ඈතට යනතුරුම මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දුන්නේය ……
මතු සම්බන්ධයි ( අවසන් කොටස හෙට බලාපොරොත්තු වෙන්න ..) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *