…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 07 ~~~

ආශික්ගෙ මූන බලන්න තියෙන බය නිසාම කෙල්ල
බිම බලාගෙනම හිටිය……
ඒත් ඒ එක්කම විසිනිගෙ කම්බුල් වලට දැනුන
දරදඬු ස්පර්ශය නිසා කෙල්ල හිමිහිට එක ඇහැක්
විතරක් ඇරල බැලුව …..

කෙල්ල දැක්කෙ රතුවෙලා තියෙන ආශික්ගෙ
ඇස් දෙක….
ඇරල බලපු ඇහැත් ආයිමත් වහ ගත්ත…..

ඒත් එක්කම ආශික් අල්ලගෙන හිටිය විසිනිගෙ
කම්බුල තවත් හයියෙන්ම මිරිකුව…..

ඌයි ……
අ…ම්…මා……

කෙල්ල යටිගිරියෙන් කෑ ගහද්දි ආශික් තව තවත්
හයියෙන් මිරිකගෙන හිටිය ……

මට ගොඩක් රිදෙනව …..
අනේ අත අරින්නකො …..

තමුසෙ මොකටද මගෙ රෑම් එකට ගියෙ…..

මං …
මං ගි..යේ..නෑ …..

විසිනි ගොතගගහ කියද්දි ආශික්ට තවත් තරහ
ගියා …..

යකෝ මට පේන්නම බැරි බොරැව තමයි…..
මගෙ යකාව ගෙන්න ගන්නෙ නැතිව කියනව
ඇයි එහෙම කලේ…..

ආශික් හයියෙන් කෑ ගහද්දි විසිනි ගල්වෙලා
වගේ හිටිය ……

මෙච්චරවෙලා ආශික් අල්ලගෙන හිටිය කෙල්ලගෙ
කම්බුල අතඇරල කෙල්ලගෙ කොන්ඩෙන්
අල්ල ගත්ත …..

ඇත්තමයි අයියා මං ඔයාගෙ රෑම් එකට ගියේ
නෑ ….

හිස ඇඳුම් කද්දි වේදනාව දරා ගන්න බැරිමතැන
ඇඬුම් අතරින් කිව්වත් ආශික්නම් එය පිළිගත්ත
බවක් තිබුනෙ නෑ ……

මටද යකෝ බොරැ කරන්නෙ ….
මිනිහෙක් හැරෙද්දි මට කියන්න පුලුවන් මේකා
මොකාටද එන්නෙ කියල …..

ආශික් තව තවත් කොන්ඩෙ තද කරල අල්ලගෙන
සාක්කුවෙන් අරගෙන කෙල්ලගෙ කොන්ඩ
පටියක් කෙල්ලට පෙන්නුව….

දැන්නම් කෙල්ලගෙ හුස්ම නැවතුනා
වගේ …..

එතකොට මේක මගෙ රෑම් එකට ආවෙ
පියාඹගෙනද…..

මං දන්න විදිහටනම් මේ ගෙදර කොන්ඩ පටි
ගැට ගහන වෙන කව්රුත් නෑ ……

මෙච්චරවෙලා අල්ලගෙන හිටිය කෙල්ලගෙ කොන්ඩෙ අතඇරල කෙල්ලගෙ කම්බුලකට
තට්ටුවක් දාල කෙල්ලව පිටිපස්සට තල්ලු
කලා….

තල්ලු වෙලා ගිය කෙල්ල බිත්තියෙ වැදිල
නතරවුනා …

මං හරියටම තමුසෙට විනාඩි දෙකක් දෙන්නම්…
ඉක්මනින් වස්තරයක් දාගෙන මගේ රෑම් එකට
එනව…..

ආශික් යන්න ගිහින් ආපහු හැරැන….

තමුසෙ අද පුල් ආතල් එකේනෙ හිටියෙ මට
ගේමක් දුන්න නිසා….
මං කියා දෙන්නම් තමුසෙට කොහොමද ආතල්
ගන්නෙ කියල හරියටම…..

මතකනෙ ඔන්ලි ටූ මිනිට්ස්….
නව් start …..

ආශික් කෙල්ලට දඹර ඇඟිල්ල පෙන්නල තරවටු
බැල්මක් හෙලල යන්න ගියා …..

දැන් ඉතිං මොනව කරන්න ද ….
මං ගියත් මූ මාව මරාගෙන කයි නොගිහින් හිටියත් මරාගෙන කයි…..

කෙල්ල ඉක්මනටම ටී ෂර්ට් එකකුයි ෂෝටකුයි
ඇඳගෙන ආශික්ගෙ කාඹරේ පැත්තට ගියා…..

ශික් මගේ බාල්දි මටම පෙරලෙනවනෙ…..
මේකත් වැටෙන්න තැනක් නෑ වගේ එතනම
වැටුනනෙ ඉතිං …..

කෙල්ල ගැහි ගැහී ආශික්ගෙ රෑම් එකට එනකොට
ආශික් ඇදේ පෙරලිල ෆෝන් එක ඔබනව…..

ආ හාමිනේ මේ වෙලාවටම ඇවිත් තියෙන්නෙ…..

වරදක් කලොත් දඬුවමකුත් ඉතිං තියෙන්නම
එපැයි….

මට මේ කාඹරේට සුද්දයක් දාල දෙනව……

මො..ක..ක්..ද……
මට..තේ…රැ..න්..නෑ කි..ව්..ව දේ…

හරි සිංහලෙන් කිව්වාමනෙ දන්නෙ නැත්තෙ…
මට මගෙ රෑම් එක ක්ලීන් කරල ඕනෙ …

හ්ම් පටන් ගන්නව ඉතිං …

කෙල්ල බයටම කොස්ස ගෙනත් අතුගාන්න
පටන් ගත්ත ….

මට මේකෙන් දෙකතුනක් දෑත බදල දෙන්න
තියෙනවනම් මේකගෙ කොන්ද කැඩිල
යන්න ….

විසිනි ආශික්ට රවාගෙන වීදුරැකටු අරං දාල
මුළු කාඹරේම අතුගෑව….

අතුගාල ඉවරයි මං යන්නද දැන් ….

අතු ගෑවට රෑම් එක අස්කරල නෑනෙ කොහේවත්..
මේ කාඹරේ බඩු හැමතැනම ඒව අස්කරන්නෙ
කව්ද එතකොට ……

විසිනි මුළු කාඹරේම දූවිලි පිහිදාල අස්කරල
ආයිමත් අතුගෑව…

ඉවරයි මං යන්නද දැන් …

හ්ම් ….
මේ ආ…
මට අමතක වුනා මේ රෙදිටික සෝදල දෙනව….
ආ මතක්කරල බාත්රෑම් එකත් හොදට සෝදල
එනව…..

දැන්නම් කෙල්ලට ඇඬෙන තරම්….
කෙල්ල තරමට වගේ උස රෙදි ගොන්නක්
තිබුන ….

රෙදි ටිකත් උස්සගෙන ගිහින් රෙදි හෝදල බාත්රෑම් එකත් හෝදල එද්දි හොදපන ගිහින් …..

විසිනි බාගෙට මැරිල වගේ බාත්රෑම් එකෙන්
ආවෙ…..

ආශික්නම් පුදුම සතුටක් ලැබුවේ …..
කෙල්ල වැඩකරන අතරතුරේ නෝන්ඩියට වගේ
බලල හිනා වෙද්දි කෙල්ලගෙ හිතේ තිබුන තරහ
තව තවත් වැඩි වුනා ……

දැන්වත් යන්නද ……
මේ කාඹරේ මොප් කරල යනව…..

ආශික් බිබී හිටිය බීම එක කාඹරේ පුරා විසිකලා….

මේ කනම් පුදුම කරැමයක් තමයි …
විසිනි තරහින් පුපුර පුපුර කාඹරේම මොප්
කලා…..

දානයක් දුන්න කියල හිතාගන්නව…..
මේ ඌරැ ගාල සුද්ධ කරල ….

ආශික් ටීවී එක දාන්න නැඟිට්ටා….
විසිනි මුළු කාඹරේම මොප් කරල බාත්රෑම් එකට යන්න යද්දි ටයිල් පොලවෙ කකුල ⁣ලිස්සල ගියා…
ආශික් කෙල්ලව අල්ල ගන්න හදනකොට
සමබරතාවය නැතිවෙලා කෙල්ලත් එක්ක
ඇඳට වැටුන…..

දන්නෙම නැතිව ආශික්ගෙ අත කෙල්ලගෙ ඉනවටේ ගියා…..
⁣විසිනිගෙ මූනම විඩාබරවෙලා මැලවිලා ගිහින්…..
මිරිකපු කම්බුල හොදටම රතුවෙලා …
බයට මුව පැටියෙක් වගේ ගැහෙනව …
කෙල්ලගෙ වෙව්ලන දෙතොල් දැක්කහම
කොල්ලට තමන්ව පාලනේ කර ගන්න බැරි
වුනා …..

කෙල්ලගෙ හදවත වගේම කොල්ල⁣ගෙ හදවතත්
ගැහෙන සද්දෙ පිටට ඇහෙන තරම් ….

ආශික් කොච්චර මැරකම් කලත් කවදාවත් ගෑනු ස්පර්ශයක් ලබන්න කැමති වෙලා නෑ….
ඒ නිසා මේ වෙලාවෙ කොල්ලගෙ හිතට කවදාවත් දැනුනෙ නැති හැඟීමක් ඇතිවුණා …..

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *