…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 32 ~~~

ආශි සිගරට් එකක් අරගෙන බැල්කනි එකට වෙලා බොන ගමන් ලොකු කල්පනාවක හිටියෙ…..
මොන මොන ප්‍රශ්න වලට ඉස්සරහට මූණ දෙන්න වෙයිද කියල හිතද්දිනම් කවදාවත් හිතට බය කියන දේ දැනිල නැති ආශිට දැන් බයත් දැනෙනව ……

මගෙ හිතේ තිබ්බ ඔක්කොම ප්ලෑන්ස් කනපිට හැරෙව්වනෙ මේකි මගෙ හිතට රිංගගෙන එහෙම නොවුනනම් මෙලහකටත් මං මේ ගේම ගොඩදාල…..
දැන්නම් වෙන මාර්ගයක් හොයා ගන්න වෙනව…..
ශිට් හැමදේම කනපිට පෙරලුනානෙ….
මං දැන් මොකද කරන්නෙ …..

ආශි වේගෙන් කොන්ඩෙ ඇද ගන්න ගමං කල්පනා කලේ….
අාශිට තමන් ගැනම තිබුනෙ ලොකු කේන්තියක් …..

මං හිටිය වගේම මගේ හිත ගල් කරගෙන හිටියනම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ ….
දැන් මේ කෙල්ලගෙත් ජීවිතේ අනතුරේ දාල තියෙන්නෙ මං ……

මට උන්ගෙන් පලිගන්න ඕන…..
ඔව් මං පලිගන්නව හැම එකාගෙන්ම…
එකෙක්වත් ඉතුරු කරන්නෑ ……
මරනව යකෝ කෑලි කරනව…
මට මරල තොපේ මස් කන්න ඕන යකෝ ඒකරලත් මගෙ කේන්තිය නැති වෙන්නෑ…..

ඔව් මං එයාලට කරපු දේට තොපිව මරල තොපේ මස් කනව යකෝ පරිස්සමෙන්
ජීවත් වෙයවු…..
එදා ඇති වෙච්ච කේන්තිය මං පොඩ්ඩක්වත් අඩු නොකර තාම ඒවිදිහටම තියාගෙන ඉන්නෙ තොපිව මරා ගන්න…..
ඔව් මං තොපිව විනාශ කරනව……

බාත්රෑම් එකෙන් එලියට එද්දි ආශිගෙ කෑගහන සද්දෙට විසිනි වෙව්ලල ගියා……
කරේ දාගෙන හිටිය ටවල් එක එහෙමම ඇද උඩට අත අරින ගමං කෙල්ල හිමිහිට අඩි තියල ගියේ ආශි ලඟට ….

තමන්ට පිටුපාල ඉන්න ආශිගෙ උරහිසට අත තිබ්බෙ කෙල්ල හිතෙන් ගැහි ගැහී…..

ආශි කෙල්ලගෙ පැත්තකට හැරෙද්දි විසිනි ඒ මූණ දැකල අඩි දෙක තුනක්ම පිටිපස්සට විසිවෙලා ගියා…..
ඒ මූණ කේන්තියෙන් වියරැ වැටිල….
දෑස් කේන්තියෙන් දිළිසෙනව …..
අත් දෙකම මිට මෙලවිලා…
මූණෙ කම්බුල් දෙතොල් වෙව්ලනව දැක්කම කෙල්ලගෙ මුළු ඇඟම ගැහෙන්න ගත්ත…..
ආශි කේන්තියෙන් ඉන්නව ඕන තරම් දැකල තිබුනත් මේ තරම් කේන්තියකින් ඉන්නව කවමදාවත් දැකල තිබුනෙ නෑ ……

කෙල්ල දිහාවත් නොබලපු ආශි වේගෙන් බාත්රෑම් එකට ගිහින් මහ සද්දෙන් දොර වහගත්ත …..

එතන තිබුන යකඩ බාර් එකට හේත්තු වෙන්න ගිය කෙල්ල දැක්ක දෙයින් ඇස් වලට කඳුළු පිරැන…..

මෙච්චර ලොකු කේන්තියක්…..
දෙයියනේ මෙච්චර හයිය යකඩ බාර් එක නමල පොඩි කරන්න තරම් කේන්තියක් ඒ අත් වලට ……
ඒකද සමහරදාට අයියගෙ කාඹරෙන් අමුතු අමුතු සද්ද ඇහෙන්නෙ ඒ දවස්වල මට…..
ඒත් දැන් අයිය මං කාඹරේ ඉන්නකොට මේටිකේ එහෙම හැසිරැනේ නෑනෙ…..

පැයක් විතර ගෙවිල ගියත් ආශි බාත්රෑම් එකෙන් එලියට ආවෙ නෑ ….
බලාගෙන ඉඳල ඉඳල බැරිමතැන විසිනි ගිහින් දොරට තට්ටු කලා….

අයිය ….
අයිය ඔයා මොකද කරන්නෙ අනේ මෙච්චරවෙලා …..
මට බඩගිනි එන්නකො ඉක්මනට …..

ඒත් කිසිම කතාවක් බාත්රෑම් එකෙන් ඇහුනෙ නෑ ….
තවත් පැය කාලක් විතර බලල කෙල්ල ආයිමත් දොරට ගැහුව….
දොරට ගහගෙන ගහගෙනම යනකොට එකපාරට දොර ඇරැන නිසා කෙල්ල දොරට ගහපු පාරක් ගිහින් වැදුනෙ ආශිගෙ මූණෙ…

තමුසෙට පිස්සුද ඕයි…
මලවදේ මට නාගන්නවත් නිදහසක් නැද්ද…

කෙල්ලගෙ හිතට සැනසීමක් දැනුනෙ කලින් දැකපු කේන්තිය ඒ මූණෙ නෑ කියල දැක්කට පස්සෙයි…..

ම..ට ගො..ඩ..ක් බ..ඩ..ගි..නී…. ඒ..ක..යි
මේ ක..තා ක..ලේ…..

කෙල්ල ගොත ගගහ කියද්දි ආශි තෙත බේරෙන කොන්ඩෙ අතින් ගස ගස ඇවිත් කෝල් එකක් දීල කෑම ඕඩර් කලා…..

කෙල්ල කෑම කාල නිදාගන්න ලෑස්ති වෙද්දි ආශි ලැප් එකත් අරගෙන මොනවද කලබලෙන් වගේ කරනව දැක්කම කෙල්ලට ටිකක් එබිකම් කරල බලන්න හිතුනත් දැක්කොත් ඉතිං ආශිගෙන් පනිශ්මන්ට් කන්න වෙයි කියල කෙල්ල දන්න නිසා හොදට ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදාගත්ත ….

කෙල්ල හදිසියේම පාන්දර එකහමාරට විතර ඇහැරෙද්දිත් ආශි තාමත් ලැප්එක දිග ඇරගෙන…

අයිය දැන් එකත් පහුවෙලා ඔයා නිදාගන්නෙ නැද්ද …..

අයිය ….
කවුද බං අයිය ….
මං තමුසෙට එක පාරක් කිව්ව තමුසෙ මගෙ නංගි නෙමෙයි ගෑනි ඒකනිසා සහෝදරකම් කියාගෙන එන්න එපා තෝව මං හමගහනව…

ආශි කෑ ගහද්දි කෙල්ල සද්දෙ පිට නොවෙන්න තොල් වලින් විතරක් මතුර මතුර ආශිට බයින ගමන් අායිමත් ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගත්ත …..

උදේ අැහැරෙද්දිනම් ආශි කෙල්ලට තුරැළු වෙලා හොදටම ගොර ඇද ඇද නිදි….
ඇඟට උඩින් ගිහින් තිබුන ආශිගෙ කකුල හිමිහිට අයින් කරල කෙල්ල නැඟිටින්න හැදුවත් කෙල්ලව ආශිගෙ දෑත් වලට ආයිමත් හිරවුණා …..

කොහෙද තමුසෙ හොර ගල් අහුල අහුල පැනල යන්න හදන්නෙ ඔය…
මට සීතලයි සුදූ මං ලඟටම වෙලා ඉන්නවකො …..

දැන් හොදටම එලිවෙලා නැඟිටින්න ඕනෙ අනේ දැන්…….
තාම කරැවලයි කියල හිතල තමුසෙ නිදාගන්නව …..

⁣මේ අපි ගෙදර නෙමෙයිනෙ ඉන්නෙ තමුසෙට ඒක අමතකද මං කියනදේ අහන්නැතිව මං කියනදේ කරන්නැතිව හිටියොත් තමුසෙව අරගෙන ගිහින් මං තේ වත්තක අතරමං කරනව මාසෙකටවත් ගේ හොයාගෙන ආයිමත් ගෙදර එන්න බැරිවෙන්න ……
අා එතකොට මට කියන්න බැරිවුනානෙ තව මගෙ මේ මහපට ඇඟිල්ල විතර සයිස් කූඩැල්ලො ඉන්නව මෙහේ කොහොමද උන් වටකරගෙන ලේ බොද්දි…….

ආශි බය කර කර කියද්දි කෙල්ල අැත්තටමද කියල අහන්න වගේ ඇස් දෙකත් ලොකු කරගෙන ආශි දිහාම බලාගෙන ඉන්නව දැක්කහම ආශිට යන්න ආව හිනාව තදකරගෙන හිටියෙ හරිම අමාරැවෙන්…..

දෙන්නත් එක්ක උදේට කාල එහෙම පිටත්වුනේ හග්ගල මල් වත්ත බලන්න යන්න….
මල් වත්ත ලඟට යනකම්ම සීතලේ වෙව්ල වෙව්ල හිටිය කෙල්ල මල් දැක්ක ගමන් කා එකෙන් බැහැල ඇතුලට දුවගෙන යනව දැක්කම ආශිට යන්තමින් හිනාවකුත් ගියා…

එක එක විදිහෙ රෝස මල් අත⁣රෙ කෙල්ල අතරමං වෙලා කියලයි ආශිට හිතුනෙ…..
මල් අතගගා මල් අතරෙ ආසාවෙන් දැවටි දැවටි ඉන්නකොට ආශි කෙල්ලට නොදැනෙන්න පෝන් එක අරගෙන කෙල්ලගෙ පොටෝ ⁣ගොඩාක් අර ගත්ත….
පස්සෙ කෙල්ල දිහාවට හිමිහිට කිට්ටුවුනේ කොල්ලො දෙතුන්දෙනෙක්ම කෙල්ල වටේ කැරකි කැරකි ඉන්නව දැකලයි….

තමුසෙට මල් දැක්කම මල් බලන්න එක්කගෙන ආව මාවත් අමතක වුනානෙ….

මේව ගොඩාක් ලස්සනයි නේද…
ම්….
කියන්නකො අනේ ⁣ගොඩාක් ලස්සනයි නේද….

හ්ම් ….
හැබැයි තමුසෙ තරම් නෑ …..

ආශි අහකබලාගෙන කියද්දි කෙල්ල පුදුමයෙන් ඒ මූණ දිහා බැලුවෙ…..

වැඩිය හිතට ගන්න එපා මං එහෙම කිව්වෙ මං මෙයිට වඩා ලස්සන මල් ඕන තරම් දැකල තියෙන හිංද …

ආශි අත් දෙක කලිසම් සාක්කු දෙකේ දාගන්න ගමන් කියද්දි කෙල්ලට යාන්තමට හිනාවක් ගියෙ ආශි කටින් පිටවෙච්ච දේ මඟ අරින විදිහ දැකල…

මුළු දවසම ඇවිදල ආපහු හොටෙල් එකට ආවෙ රෑ කෑමත් හොටෙල් එකකින් අරගෙන…

ආව ගමන්ම නාන්න ආශි බාත්රෑම් එකට යනකොට විසිනිනම් ඇඳට පැනල සුපුරුදු විදිහට බ්ලැන්කට් එක පොරවගෙන ගුලිවුනා…

ආශි බාත්රෑම් එකේ ඉන්නකොට දෙතුන් පාරක්ම ආශිගෙ පෝන් එක රින්ග් වුනත් ආශිගෙ හැටි හොඳටම දන්න නිසා විසිනි ආන්ස්වර් කරන්න ගියෙනෑ ….

තමුසෙ නුවරඑළියෙ මං හැමදාම තියාගත්තොත් මට වෙන්නෙ තමුසෙගෙ ගඳ ඉවසගන්න බැරිව මැරෙන්නයි…

යනව ගිහින් වොෂ් දාගෙන එනව මගෙන් ගුටි කන්නෙ නැතිව …..

මට බෑ මට ගොඩාක් සීතලයි අනේ …

මං ඔය ඇදෙන් ඇදල අරගෙන පස්ස පැත්තට පයින් ගහල මේක ඇතුලට තල්ලු කරන්න කලින් පල ගිහින් හෝද ගනිං…

කෙල්ල බ්ලැන්කට් එක පැත්තකට දාල නැඟිට්ටෙ ආශි රවාගෙන නපුරැ විදිහට කෙල්ල දිහා බලාගෙන ඉන්නව දැකලයි….

බොරැවට රවාගෙන හිටිය ආශි හිනාව තද කරගෙන හිටියෙ හරිම අමාරැවෙන්…..

මේ ඔයාට කෝල්ස් දෙක තුනක්ම ආව…

බාත්රෑම් එකට යන්න ගිය විසිනි ආපහු හැරිල
කියල ගියේ…

ඇගපත හෝදගෙන ආපහු රෑම් එකට එනකොට ආශි ලොකු කල්පනාවක ඉන්නවයි කෙල්ල දැක්කෙ …..

අපිට හෙටම ආපහු ගෙදර යන්න පිටත්වෙන්න වෙනව…
ඇඳුම් සේරම පැක් කරගන්න දැම්ම…
උදේම අපි යන්න ඕන….

Likes ,comments වලට thanks යාලුවනේ ඔයාල බලාගෙන ඉන්න නිසා කොහොමහරි ඔන්න කොටසක් දැම්ම…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *