….හිරෑගෙන්…..~~~ පිනි වරැසා 46 ~~~

මෙච්චරවෙලා පෝන් එක ඕෆ් කරගෙන මොනව කරනවද මන්ද …..

කෙල්ල කොච්චර උත්සහ කලත් පෝන් එක වැඩ කලේනෑ….

බඩගින්නක් තිබුනෙ නැතත් පහලට ගියේ අම්මගෙ වදෙන් බේරෙන්නම බැරි තැනයි…..
බත් කටක් කන්න මුවට ලංකර ගත්තත් කෙල්ලට මතක්වුනේම ආශිව …
ආශි බඩගින්නෙ ඇති කියල මතක්වෙද්දි කෙල්ලට බත් කටක්වත් කන්න හිත දුන්නෑ…..

ඇයි දූ කන්නැතුව අතගගා ඉන්නෙ…..

මට කන්න බෑවගේ අම්ම ….

එහෙනම් පොඩ්ඩක් ඉන්නකො දූ කන්න ආස නිසාම මං කිරි පැණි අරගෙන ආව…..
ආ කාල ඉන්න දූ මේවට ගොඩාක් ආසයිනෙ…..

බෑ හිතෙනව අම්ම….
මට මේව දැක්කම අප්පිරිය හිතිල වමනෙ යන්න එනව……

ඒත් දූ මේවට ගොඩාක් ආසයිනෙ…..
මට පේන්නෙ නෝන මහත්තයගෙ පුරැදු පුරැදුවෙන්න එනව වගේ…..
නෙතුම්ටනම් ඕව පේන්න බෑ පුංචි කාලෙ ඉඳන්ම දැක්කමත් වමනෙ කරන්න හදනව…..

බත් කෑවෙත් නෑ …..
ටිකක්හරි කන්නකො….

කිරි එක අම්ම කෙල්ල දිහාට දික් කරද්දි කෙල්ල අප්පිරියාවෙන් ටිකක් හරි කෑවෙ අම්මගෙ හිත රිදෙයි කියල ……
ඒත් උගු⁣රෙන් පහලට යනවත් එක්කම වමනෙට එනකොට කුස්සිය පැත්තෙන් එලියට දුවල ගිහින් වමනෙ කලා…..

ඇයි දූ…..
දුවට මොකක්හරි අසනීපයක්වත්ද …..

නෑ…මේ….

නෑ මේ නෙමෙයි මං දැන් දවස් දෙක තුනක ඉඳන්ම බලාගෙන හොරෙන් හොරෙන් වමනෙ කරනව…..

අම්ම අහද්දි විසිනි බිම බලාගත්ත…..

මගෙ දූ අම්ම කෙනෙක්වත් වෙන්න එනවද….
මට බොරැ කරන්න බෑ මාත් ලමයි දෙන්නෙක් හදපු ගෑනියෙක් දරැවො …..

බිමට නැඹුරු වෙලා තිබුන මූණ අම්ම නිකටින් උස්සන ගමන් හිනාවෙලා ඇහුවෙ….

ඔ..ව් අ…ම්….ම……

අම්මගෙ දෑස් වලින් සතුටු කඳුළු වැක්කෙරෙද්දි අම්ම කෙල්ලව පපුවට තුරැළු කර ගත්ත….

බය වෙන්න දෙයක් නෙමෙයිනෙ දරැවො ඕක මට කියන්න තිබුනනෙ…..
මොනවද දූ කන්න ආස….

එතකොටමයි ආශිගෙ බයික් එක මිදුලෙ නවත්තනව ඇහුන නිසා කෙල්ල ඒ දිහාට දිව්ව…..

කෙල්ල එනදිහා බලාගෙන හිටිය ආශිගෙ මූණ වෙනස්වෙනවත් කෙල්ල බලාගෙන….
කේන්තියෙන් රතුවෙලා තියෙන දෑස් දැක්කම විසිනි ආශි ලඟට නොයා එතනම නතරවුනා ……

ආශි මොනවත්ම නොකිය කෙල්ලව නොදැක්ක ගානට යනකොටනම් විසිනිගෙ දෑස් කඳුලින් පිරිල ගියා…….

එකපාරටම රෑම් එකට යන්න බෑ කියල දැනුන නිසා විසිනි ආශිට තේ එකක් හදාගෙන ගියෙ……

විසිනි යනකොටත් ආශි බැල්කනි එකේ කනුවකට පිටදීල හිටියෙ…..

තේ ගෙ..නා..ව…….

කෙල්ල ආශි දිහා බල බල බයෙන් කියද්දි ආශි පිටිපස්සට හැරෙද්දිනම් කෙල්ලට හිතුනෙ ආව මෝඩකම් කියල…..

තේ නෙමෙයි මට දීපං වහ…..

බො…න්..න….. තේ එ…ක…

කෙල්ල තේ කෝප්පෙ ආශි දිහාට දික් කරද්දි ආශි කෝප්පෙ අරගෙන පොලවෙ ගැහුවෙ කෙල්ලට රවාගෙනමයි…..

කොයිවෙලේ හරි එක්කො තෝ මැරැම් කනව නැත්නම් උබව මරන්න බැරිනිසා මං මැරෙනව…..

ඇ..යි ⁣ ම..හ..ත්..ත..යො මං කර..පු.. ව…රද මො..ක. ක්ද…..

වරද්ද වරද මොකක්ද කියල උබ අහන්නෙ මගෙන්ද…..
ඇයි උබට ඒක තේරැන් නැද්ද ……

ආශි කෙල්ල ලඟට ඇවිත් බෙල්ලෙන් අතදාල කොන්ඩෙන් තදින් ඇල්ලුව …..

මං උබට එදා කිව්ව නේද දුවන්න පයින්න එපා කියල තේරෙන සිංහලෙන්…..
ගාල කඩාගත්ත මී හරකියක් වගේ දුවන්නේ උබට අමතක වෙලාද මගෙ දරැව ඉන්නව කියල…..

ආශි කේන්තියෙන් කෑ ගහල අහද්දි විසිනිගෙ කකුල් පවා ගැහෙන්න ගත්ත…..
මගෙ දරැවට මොකක්හරි උනොත් එදාට උබ මගෙන් මැරැම් කනව ඒක හොදට මතකතියා ගනිං……

ආශි කෑ ගහල ගිහින් වේගෙන් බාත්රෑම් එකේ දොර වහගනිද්දි කෙල්ල කොන්ඩෙන් ඇදපු නිසා ඇඳුම් කන හිස අතගෑවෙ කඳුළු පෙරාගෙන…..

සේරම අස් කරල ඉවරවෙලා ඇදට ගිහින් හාන්සිවුනේ ඉවසන්න බැරි තරමට දැනුන හිසේ කැක්කුමට……

ටික වෙලාවකින් කාඹරේට ආව ආශි ගුලිවෙලා ඇස් දෙකත් පියාගෙන නිදාගෙන ඉන්න විසිනි දැක්කම ආශිගෙ හිතේ තිබුන කේන්තිය නිමිල ගියා…..

කෙල්ල ලඟට ඇවිත් ලඟින් වාඩිවෙලා ඔලුවට අත තියද්දි දැනුන රස්නෙට ආශි කෙල්ලගෙ බෙල්ලටත් අත තිබ්බ…..
කෙල්ල ගැස්සිලා ඇහැරැනේ ආශිගෙ ස්පර්ශය නිසා……

කෙල්ල ආශිට රවල අනිත්පැත්ත හැරිල නිදාගද්දි ආශි විසිනිගෙ ඇදුම යටින් අතගාල කුස අතගෑවෙ…..

අහකට යනව එන්න එපා මාව අල්ලන්න….
මං තමුසෙ ඇල්ලුවෑ මං ඇල්ලුවෙ මගෙ පැටියව……

ඔව් මට දැන් හොදටම තේරෙනව මට නෙමෙයි දරැවට ආදරේටයි මට ලංවෙලා ඉන්නෙ කියල ……

එහෙමද …..
ඒක තේරැනානම් හොදයිනෙ…..

ආශි හිනාවෙලා කියද්දි කෙල්ල ආශිට රැව්ව…..

ඔහොම රවන්න එපා බං මට උබ ඔහොම රවනකොට හිතෙන්නෙම උබව ඇදට පෙරලගන්නමයි……

ආශි කට කොනකින් හිනාවෙලා කියද්දි කෙල්ල අහකබලාගත්ත…

තමුසෙට අසනීපයක්ද සුදූ ඔලුව මේ තරම් රත්වෙලා තියෙන්නෙ…

ඔක්කොම කරල නොදන්න ගානට අහනහැටි විතරක්….

විසිනි ආශිට රවල කියද්දි ආශි අසරණ විදිහට බැලුවෙ……

මං උබට නපුරු වැඩී නේද බං….
මට කේන්ති ගිහාම මට මාවවත් පාලනේ කර ගන්න බෑ සුදූ…..
මාව තමුසෙට ගැලපෙන්නෙ නෑ කියල හිතුන නිසයි මං පහුගිය ටිකේ තමුසෙට මාව එපාවෙන විදිහට හැසිරුණේ …….
ඒත් තමුසෙ ප්රෙග්නට් කියල දැන ගත්තාම මට තමුසෙව කොහොමවත් අත අරින්න බැරිවුනා…..
ඒකයි මං තමුසෙට ආයිමත් ලංවුනේ…..

ඒකියන්නෙ ඔයාට මාව ඕනෙ ඔයාගෙ දරැව නිසා විතරයිනෙ නෙතුම්…..

මේ උබ මං ගැන හිතාගෙන ඉන්න විදිහද බං…..
උබට හිතාගන්නවත් බෑ මං උබට කොච්චර ආදරේ කරනවද කියල…..
මං වගේ නපුරු මිනිහෙක් ලඟ තමුසෙට ජීවත් වෙන්න බෑ කියල මට හිතුන මං තමුසෙට නපුරු වැඩී…….

ඔයාට ඒක මතක්වුනේ හැමදේම වෙලා ඉවරවුනාමද නෙතුම්…….
මාව බලහත්කාරෙන්ම ඔයාගෙ කරගත්තට පස්සෙද බය කරල කසාද බැද ගත්තට පස්සෙ ද…..

ටික ටික ⁣ආශිගෙ මූන නපුරැ පාටට හැරීගෙන එනව දැක්කත් විසිනිට ඕන කලේ හැමදේම කතා කරල අදම විසඳගන්න……

තමුසෙ දන්නවනෙ හොදටම උනේ මොකක්ද කියල ……..
මේ හැමදේම වුනේ තමුසෙ එදා මට කිව්ව බොරැව නිසයි……….

මං එදා ඉඳන්ම ජීවත් වුනේ වැරදි කාරයෙක් වගේ …..
මං කරන්න තියෙන හැමදේම අමතක කරල තමුසෙ ගැන විතරමයි හිතුවෙ….
පස්සෙ මගෙ ප්ලෑන්ස් සේරම මං ගුනමකුවෙක් වෙලා අමතක කරල දාල තමුසෙට ආදරේ කර කර තමුසෙ මත්තෙම මැරෙන්න හැදුව…..
නැත්නම් එදා වෙරි මරගාතෙ වුනත් මං තමුසෙගෙ ඇඟටවත් අත තියන්නෙ නෑ……

තමුසෙ නොදන්නව උනාට තමුසෙගෙ ඒ බොරැව නිසා ගොඩ දෙනෙක්ගෙ ජීවිත වෙනස්වුනා ……
සුදු මැනිකෙගෙ තාත්ත කරපු කැපකිරීම් පොඩි මාමගෙ මහන්සිය හැමදේම වතුරෙ ගියා….

මට දැන් තියෙන්නෙ එකම බය මගෙ පව්ල මං මගෙ පව්ලට පනටත් වඩා ආදරේ කරනව කාටවත් ඒක නොතේරැනාට……..

ආශි ඇස්වලට පිරැන කඳුළු විසිනිට පෙනෙයි කියල අහකබලා ගත්ත…..

මාව දුර්වල කරන්න පුලුවන් මගෙ පව්ලට විතරයි …….
මට තමුසෙවයි දරැවයි ගෙදර අයවයි කොහොමහරි පරිස්සම් කර ගන්න වෙනව…..

මං දැන් ඉන්නෙ ප්‍රශ්න ගොඩකට හිරවෙලා සුදූ ……
ප්ලීස් මට උදව්කරන්න සුදූ ……..
උන් ඔක්කොම ඇහැගහගෙන ඉන්නෙ තමුසෙට මැනික …..
පිං සිද්ධවෙයි මං නැතුව තමුසෙ ගෙදරින් එලියටවත් බහින්න හිතන්නවත් එපා…..

මට ඒ උදව්ව විතරක් කරන්න රත්තරං මං කරන්න එපා කියපුදේ කරල තමුසෙ මාව අසරණ කරන්න එපා එච්චරයි මං ඉල්ලන්නෙ……

ආශි කෙල්ලගෙන් මිදිල බයික් එකේ නැඟල යනව විසිනි බැල්කනි එකට වෙලා බලාගෙන හිටියෙ දුකින්…..

කාටවත් නොකිව්වට එයා අපි නිසා හුගාක් දුක් විඳිනව දෙයියනේ ……..
පව් මහත්තයො ඔයා ……

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ තව කොටසක් හවසට දාන්නම්…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *