…….හිරූගෙන්…….~~~ පිනි වරුසා 60 ~~~

මෙතුම්ගෙනුයි මහිමගෙනුයි බේරෙන්නම බැරිතැන විසිනි යන්න ලෑස්ති වුනා….

සුදූ වරෙන්කො බං….

එනව වදේ…..

ලෑස්ති වෙන්න ගත්ත වෙලේ ඉඳන්ම පහලට වෙලා පීකර් බැදගෙන කෑ ගහනව…….

මහිමට බැන බැනමයි විසිනි පඩිපෙළ බැහැගෙන ගියේ…….

තමුසෙ මැරෙන්න හදන්නෙ කෝ තාම රිතූ අක්කි ඇවිල්ලත් නෑ……

ඒකි එයි බං මගින් ගමු……

හුඟ කාලෙකට පස්සෙ හොදට ඇද පැළඳගෙන එලියට යන්න ලෑස්ති වෙලා ඉන්න කෙල්ලව දැක්කහමනම් අම්මට දැනුනෙ ලොකු සතුටක්…….

මං ගිහින් එන්නම් අම්ම…..
හොදයි දූ පරිස්සමට ගිහින් එන්නකො….

මං ගිහින් එන්නම් නැන්දම්මෙ…..

කෙල්ලගෙ ඇඟේ හැප්පිලා කෙල්ලට ඇද කර කර අම්මට වඳින මහිම දැක්කම විසිනිට වගේම අම්මටත් හිනාගියා…..

කා එකට නැඟල එකදිගට හොන් ගහන මෙතුම් දිහාට මහිම යන්න පිටත්වුනේ කෙල්ලගෙ අතකිනුත් ඇඳගෙන…..

මෙහෙ වරෙන් යන්න අරූට හෝන් එක උඩ නින්ද ගිහින්ද කොහෙද…..
කොහෙද ඉතිං මේ ගෑනු ජාතිය ලෑස්ති වෙන්න ගියාම පැය දෙක තුනක්වත් යනවනෙ ඉතිං……

මගෙ අත අතඅරිනව මැට්ටො මට රිදෙනව…..

බලන්නකො අම්ම…..

බයවෙන්න එපා නැන්දම්මෙ මං ඔයාගෙ ලේලිව පුතාටත් වැඩිය හොදින් පරිස්සම් කරල අරගෙන එන්නම්කො……

පරිස්සමෙන් ගිහින් එන්න දරුවනේ…..

කා එක ලඟට ආව විසිනි අත ගසල දාල ගස්සගෙන කා එකට නැග්ගෙ……

ටවුන් එකට ගියාට පස්සෙ රිතුත් ඇවිල්ල කෙල්ල ලගින් වාඩිවුනා……

ගල්ස් කියන්න බලන්න මුගෙ පොකැට් එක සූරාකන්න ඔයාලට කොහාටද යන්න ඕන කියල…..

අනේ මන්ද රිතූ අක්කිම කියන්න…..

ඔයාල කැමති තැනකට යමු…..

ලොකු එකෝ අපි අපේ තැනටම යමුද එහෙනම්……

යමං එහෙනම් N&V කලෙක්ෂන්……

අනේ මං දැක්ක එහෙ ලස්සන ලස්සන වෙඩින් සාරිස් තියෙනව……
එහෙට යමු…..

ඔව් ඉතිං වට්ටියෙන් පෙට්ටියට වැටුනත් එකයි පෙට්ටියෙන් වට්ටියට වැටුනත් එකයි…..

මොකද්ද ඒ කතාව මහිම අයිය……

හැමෝම අමුතු විදිහට හිනාවුනා කියල කෙල්ලට හොදටම තේරුනා…..

නෑ මං කිව්වෙ අපේ රටේ ව්‍යාපාරිකයො අපි දිරි ගන්වන්න ඕනෙනෙ ඉතිං…….
එයාලගෙන්ම අපි රෙදි මිලදී ගෙන එයාලට නැගී සිටින්න සහයක් වෙමු……

පිස්සු කියෝනවද මන්ද…..

හතර දෙනා එක්ක කා එකෙන් බැහැ ගත්ත….

මහිමනම් වයින් කරල තියල වගේ හතර අතේ දුවන්නමයි හදන්නෙ….

ශිට් මුගෙ නහය විදල නාස් ලනුව දාගෙන එන්න අමතක වුනානෙ මට…
දැන් මේ කුලප්පු වෙච්චි කුලු මීම හතර අතේ දුවනව ඒකෙන්…..

මේ ලොකු එකෝ මං තොට කිව්ව කියල හිතේ තියාගං……
තොගෙ පියම්බිකාව ඉස්සරහ මට කියල රෙදි ගලෝගන්න ඕනෙ නැත්නං කට වහගෙන යමං ……

අනේ නවත්ත ගන්නවලකො ඔය යුද්දෙ….
මේ පාර අප්ප…..
අපි යං අක්කි ඇතුලට මේ ඩබල අැතිවෙනකම් රංඬුවෙලා එන්නෙ නැතෑ…..

බලපං අයියෙ මොන ප්‍රශ්නයක් ආවත් ගෑනු ගෑනු අන්තිමට සෙට් වෙනව…..
බලපංකො උබේ සක්කර වට්ටම උබව දාල යන හැටි විතරක්……

ඕකුන් ඔක්කොම එකම ජාතියනෙ වරෙන් බං හෝතබුවො අපිත් යමං…..

යමං යමං හැබැයි ලොකු අයියෙ උබ මට හෝතබුව කිව්ව එහෙනම්…..

N&v කලෙක්ෂන් …..
දිළිසෙන ලොකු අකුරින් ඉස්සරහ ලොකුවට ගහල තියෙන බෝඩ් එක දැක්කහම කෙල්ලට ඇත්තටම ආස හිතුන…..

හතර දෙනා එක්ක කතා කර කර ඇතුලට ගියා……

අපි ඉස්සෙල්ලම අක්කිගෙ වෙඩින් සාරි එක අරගෙන ඉමු නේද අයිය……

දෙන්නට කැමති දිහාක යමු…..

අද ඉතිං අපි දෙන්න නිකං රොබෝල වගේනෙ…..
හා නේද බං ලොක්ක…..

අනේද කියන්නෙ…..

රිතූ ආස පාටින් ලස්සනට වැඩ දාපු ලස්සන සාරි එකක් රිතුයි විසිනියි එකතුවෙලා තෝරගත්ත….

හම්මෝ මේ සාරි එක තෝරගන්න හරියටම පැයකට වඩා ගත්ත මුං දෙන්න…
අම්මෝ මමනම් කසාද බදින්නෙත් නෑ කෙල්ලො යාළු කරගන්නෙත් නෑ…..

ඒක තමයි කෙල හල හල සසිනි පස්සෙ වැටිල ඉන්නෙ….

සසිනි ඒ කවුද සසිනි …..
මගෙ යාළුව සසිනි ගැන කිව්වෙ…..

ආ ඒ යාළුවද….
වැඩක්නෑ බං උබල ඇඳුම් තෝරන විදිහ දැකල මං ඒ අදහස අයින් කර ගත්ත….

සුදූ ඔයාට වෙඩින් එකට හොද ඇඳුමක් දෙන්නත් එක්ක තෝරගන්නකො එහෙනම් අපි අර පැත්තට ගිහින් එන්නං……

රිතූ එක්ක කෙල්ලට හරියන ඇඳුමක් බැලුවත් කෙල්ලගෙ හිත ගියෙ නෑ ඒ කිසිම ඇඳුමකට…..

රැග් එකක් අස්සෙ ලස්සනට නමල තිබුන ඇඳුම කෙල්ල අරගෙන දිග ඇරල බැලුව…..
ඒ ඇදුමෙ පාටට ඩිසයින් වලට කෙල්ලට ගොඩාක් ආස හිතුන……

සොරි මිස් ඕක ඕඩර් කරපු ඇඳුමක්…..

අනේ ප්ලීස් මට මේක දෙන්න බැරිද…..

සොරි මිස් ඕක අපේ සර් වයිෆ්ට අරගෙන තියෙන්නෙ…..
ඕක දෙන්න විදිහක් නෑ……..

මේ වගේ තව එකක්වත් නැද්ද ……

නෑ මිස් ඕක විතරමයි තිබුනෙ….

ඔයාලගෙ සර්ට කියල මට මේක අරගෙන දෙන්න බැරිද….
අනේ ප්ලීස් ප්ලීස්…..

හරි ඔහොම ඉන්නකො මිස් මං සර්ගෙන් අහල එන්නං…….

බලන්න අක්කි…….
හොයල හොයල අමාරුවෙන් තෝර ගත්ත ඇඳුමත් ඕඩර් කරපු එකක්……

ඒ ලෙහෙන්ග එකනම් මාරගති නංගි ඔයාගෙ පාටට නියමට මැච් වෙනව……
කොහොමහරි ගන්නම ට්‍රයි කරමු……

රිතූ කිව්වෙ හොරෙන් හිනාවෙන ගමං……

සෝ සොරි මිස් සර් ඒක දෙන්න කැමතිනෑනෙ……

එහෙමද ……

මොකද කරන්නෙ අක්කි…..
සර්ව හම්බෙන්න පුලුවන් ද අහන්න…..

පොඩ්ඩක් ඉන්න නංගි මෙතුම් කෝල් කරනව……

අනේ සොරි නංගි මං ඉක්මනට එන්නං මේ හදිස්සියක් කියල පොඩ්ඩකට අඬගහනව….

මට ඔයාලගෙ සර්ව පොඩ්ඩක් හම්බෙන්න පුලුවන් ද …….

හම්බෙලා බලන්න මිස් ඒත් මං හිතන්නෑ වැඩක් වෙයි කියල…….

ඔතනින් ඉස්සරහට ගිහින් දකුණු පැත්තට යන්න එතකොට සර්ගෙ කැබින් එක තියෙනව……..

විසිනි ඇදුමත් අරගෙනම කියපු විදිහට ගිහින් දොරට තට්ටු කලා…….

ඒත් වීදුරුවෙන් ඇතුලෙ ඉන්න කෙනාව හරියට පෙනුන්නෑ……

⁣මේක ඇහුවට පස්සෙ මේ මනුස්සය කොයි විදිහට කතා කරයිද කියල හිතනකොටනම් කෙල්ලට දාඩිය පාරකුත් දැම්ම……

කමින්……

කෙල්ලට පිටුපාල කම්පියුටර් එකේ වැඩ කර කර හිටපු කෙනා කෙල්ලගෙ පැත්තට හැරෙද්දි කෙල්ලගෙ අතේ තිබුන ඇඳුම බිමට අතඇරුන………

ඔ…යා……..

දාගෙන හිටිය සන්ග්ලාස් දෙක ගලෝල කෙල්ල දිහා බැලුවෙ වෙන කවුරුවත් නෙමෙයි ආශි …….

සොරි මට මේ ඇඳුම එපා…….

එතකොට තමුසෙද මෙච්චරවෙලා මේක ඉල්ල ඉල්ල වලි කෑවෙ……

ඔව්……

මං ඒත් බැලුව මෙච්චර මුරංඩු එකී කවුද කියල…….

ආශි පුටුවෙන් නැඟිටල කෙල්ල දිහාට එන ගමනුයි ඇහුවෙ…….

ආශිව කෙල්ල දැක්කෙත් මේ තරමට කිට්ටුවෙන් මාස ගානකට පස්සෙ……
කෙල්ලට හිතුන ආශි දැන් කලින්ටත් වඩා කඩවසම් වෙලා කියල……

ආශි එන වෙලාව වෙනකම් බැල්කනි එකට වෙලා බලාගෙන හිටියත් කරුවලේ ආශිගෙ මූණ කවදාවත් හරියට දැක්කෙ නෑ …….
ඇත්තටම කෙල්ල හිතාගෙන හිටියෙ හැමදාම රෑට ආශි එන්නෙ කට ගොන්නක් බීගෙන කියලයි…….

ඉස්සර වගේ නෙමෙයි ගානට කපල තිබුන කොන්ඩෙ රැවුල නිසා ආශි දැන් පුදුම ලස්සනයි……
අනික අදින ඇඳුම් පවා දැන් හරිම නීට්…..

දැන්නම් මෙතුම් නෙතුම් මූනවල් දැක්කාම හොයා ගන්නත් බැරි තරම්……
ඒත් ආශි කොන්ඩෙ කපල තියෙන විදිහට ආශිවනම් ලේසියෙන්ම අඳුරගන්න පුලුවන්…..

ආශි කලිසම් සාක්කු දෙකේ අත් දෙක දාගෙන කෙල්ල ලඟට හිමිහිට ඇවිදගෙන ආව……

සොරි මට මේ ඇඳුම ඕනනෑ ……

ඇයි මෙච්චරවෙලා ඕක ඕනමයි කියල දැඟලුවෙ……

ආශි කෙල්ල දිහා රවල අහද්දි ඉස්සර වගේම කෙල්ලගෙ හිත ගැස්සිල ගියා…..

ඔයා කොච්චර වෙනස්වෙලා තිබුනත්
ඒ නපුරැකම තාමත් ඒවිදියමයි මහත්තයො…..

මං ඔයාගෙ නපුරැකමට ගොඩාක් ආදරෙයි…..

මොකද මගෙ දිහා කන්න වගේ බලාගෙන ඉන්නෙ…..

මං යනව…..
මට මේ ඇඳුම එපා……

තමුසෙගෙ තියෙන අහංකාරකමත් තාම ඒවිදිහටම තියෙයි සුදූ…..
ඒකනම් පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ……

කමක්නෑ මගෙ දේවල් මං ලඟ තිබුනාවෙ…..

මොකද මේ ඇඳුම එපා කියන්නෙ…..
මේ ශීට් එකේ මං හිටිය නිසාද වෙන කෙනෙක් හිටියනම් තමුසෙ ඕක රංඬු කරලහරි අරගෙන යනවනෙ……

ඒක එහෙම වෙන්න තිබුන තමයි….

නෙතුම් ඔයා ඕක වයිෆ්ටනෙ ගත්ත කිව්වෙ මට එපා මං යනව….

කෙල්ලගෙ වචන වලට ආශිගෙ ඇස්වලින් පවා කේන්තිය පිටවෙන තරම්…..

උබ ඔය නොකිය කියන්නෙ මට වෙන ගෑනියෙක් ඉන්නව කියලනෙ…..
ඔව් උබ හරි මං මේක ගත්තෙ මගෙ හොර ගෑනිට තමයි ……

ආශි කෙල්ලගෙ අතකින් ඇදල තද කරල අල්ල ගත්ත…..

ආශි කෙල්ලගෙ ඇස් දිහාම බලාගෙන රවාගෙන කියද්දි කෙල්ලගෙ කඳුළු පිරුනු දෑස් බිමට හැරවුනා……

අත අරින්නකො මට රිදෙනව…..

උබේ ඔය වචන වලට මට ඊටත් වඩා රිදෙනව…..

මිරිකගෙන හිටිය අත ගසල දැම්මෙ විසිනි දිහා බලාගෙනම කේන්තියෙන්…….

විසිනි ආශි දිහාවත් නොබල කඳුළු පිරුනු මූණ හංගගෙන යන්න ගියා…..

ගෙදර ආපු ගමන්ම විසිනි කලේ ඇඳ බදාගෙන ඉකිබිඳපු එක……

දූ මේ දොර අරින්න……

ඇයි අම්ම…..
බාප්ප ඇවිල්ල දූව ඉක්මනටම හම්බෙන්න ඕනලු ……
එලියට ගිහින් ටිකක් කතා කරන්න ඕන කියන්නෙ…..
හොඳ ඇඳුමක් දාගෙන ඉක්මනට පල්ලෙහාට එන්න…..
දන්නවනෙ බාප්පට හුඟක් වැඩ තියෙනව….

හරි අම්ම මං ඉක්මනට එන්නං……

කෙල්ල මූණ කට හෝදගෙන ඉක්මනින් ලෑස්ති වෙලා පහලට ගියා…..

දූව අපි පොඩ්ඩකට එලියට යමුද …..

හා බාප්පි…..

බාප්ප කෙල්ලත් එක්ක ආවෙ රෙස්ටුරන්ට් එකකට……
නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට ගිහින් දෙන්නත් එක්ක වාඩිවුනා…..

දූ ඔයා මොනවද බොන්නෙ….

බාප්පි කැමති දෙයක් ගේන්නන්න…..

ඔරෙන්ජ් ජූස් ගේන්න……

දූ මං ඔයත් එක්ක හුඟ දවසක ඉඳන් මේ ගැන කතා කරන්න හිටියෙ…..
ඒත් මං කතා නොකෙරැවෙ මේ ප්‍රශ්නෙ දෙන්නත් එක්ක විසදගනී කියල……
ඒත් බලාගෙන හිටියට මට පේන්නෙ මේක විසඳෙනව නෙමෙයි දෙන්නත් එක්ක තවත් මේක දිග්ගස්ස ගන්නව කියල…..

බාප්පි කතාකරන්න හදන්නෙ මමයි නෙතුම් ගැනයිනම් අපි ඒ ගැන කතා නොකර ඉමු බාප්පි……

දූ ඔයා දන්න දේ නෙමෙයි ඇත්ත…..
ඇත්ත ඊටවඩා ගොඩාක් වෙනස්…..
ඔයා දන්නෙ නෙතුම් නැත්නම් ආශිගෙ ජීවිතේ ගැන එක පැත්තක් විතරයි…..

ආශි ඇත්තටම වැඩිහරියක්ම මුළු ජීවිතේම කැපකලේ ඔයා වෙනුවෙන් එයාගෙ පවුල වෙනුවෙන් ……
ඒත් ඇත්තටම කවුරුවත් එයාව හරියට තේරුම් ගත්තෙ නෑ ……

එදා හොස්පිටල් එකේදි වුනත් දරුව නැතිවුණා කිව්වාම ඔයා හැසිරුන විදිහ හරිම වැරදී…..
මං මේ පුතාගෙ පැත්ත ගන්නව නෙමෙයි දූ මං ඇත්ත හොදටම දන්න නිසා කියන්නෙ….

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ …….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *