….. කදුලත් සැනසුමක්….10

10. වන කොටස.
වෙසක් පෝයත් කිට්ටු වුනා. දහම් පාසලේ බක්ත්තී ගීත ප්‍රංගයක් තියේ කියලා ලොකු හාමුදුරුවෝ මට එන්න කිව්වා. ගියපාරත් මං බක්තී ගීත කියන්න ගිය නිසා. ඒත් පුරුදුවෙන්න ගියොත් ක්ලාස් පාඩූ වෙනවා. අම්මත් යන්න ඕනී නෑ කිව්වා. සංගීත සර් එන්නම කිව්ව නිසා ගෙදරි යන්න දුන්නා.
මං පංසලට ගියෙ විමුයී ශානූ අයියලගෙ පංතියේ නිර්මානී අක්කයී එක්ක. ඒ දෙන්න බක්තී ගීත් කන්ඩායමේ හිටියේ නෑ මගේ තනියට වගෙ පංසලට යන්න ආවා. ඉතිං මං බක්ත්තී ගීත් පුරුදු වෙනකන් ඒ දෙන්නා බන මඩුවේ කොනක කතා කර කර හිටියා. දවසක් ආපහු ගෙදර එනකොට නිර්මනී අක්කා මාර කතාවක් කිව්වා.

මේ විමූ නංගා . අපි බක්තී ගීත අහන්න අපෙ පංතියෙ කෙල්ලෝ කොල්ලො සෙට් එකට එන්න කියමු නේද ශානුට එහෙම.
නම ඇහෙත්ම මං නිර්මානී අක්කා දිහා ගැස්සිලා බැලුවා. එයා හොරෙන් මගෙ දිහා බල බල හිනා වෙනවා.

ම්ම්ම්ම් .. ඔව් ඔව් දූලාන් අයියවත් ගෙන්න ගන්න ඕනී

දැං ඉතිං ශානුක එනකන් බලන් ඉන්න අයත් ඉන්නවනේ.
නිර්මානී අක්ක එහෙම කියද්දි මට තේරුනා විමූ සේරම වැඩ කාලා කියලා.

ඒ කවුද…
මං ඇහුවේ සැක ඇර ගන්න.

ඔය අහන කෙනාම තමා. අපිත් සේරම දන්නවා හොදේ. ඉන්නවකෝ මං ශානුවට කියන්න.

අනේ අක්කේ එපා. මං ආයි ස්කූල් එන්නෙත් නැ ඕන්.

බෑ බෑ හිතේ තියන් ඉදලා බෑ.

එපා අක්කේ. මගෙ හිතේ තිබ්බට , එයා ඇහුවත් මං කැමති වෙන්නෙ නෑ. තියෙන ප්‍රශ්න හොදටම ඇති. මං නිසා එයාටත් ප්‍රශ්න එනවට මං ආස නෑ. අනේ අක්කෙ ප්ලීස් කියන්න එපා. ප්ලීස්..
නිර්මානී අක්කායී, විමුයී ගෙදරට හැරෙන තැන් වලට එනකන් අපි කතා කරමින් ආවා. අන්තිමට මං තනියෙන් ගෙදර පැත්තට එන්න හැරුනා . මගෙ හිතට හරිම බයයී නිර්මානී අක්කා කියයී කියලා. වෙන දෙයක් වුනාවේ . ශානූ අයියා මොනවා හිතයිද දන්නෙ නැ මං ගැන. කමක් නෑ . එයා කැමති වුනත් මං කැමති වෙන්නෙ නෑ. සේන බාප්පා ශානූ අයියටත් ප්‍රශ්න ඇති කරයි ගෙදරට ආරංචි වුනොත්. ශානු අයියා පව් .මං කවදාවත් කැමති වෙන්නෙ නෑ .ඒ ආදරේ මගෙ හිතේම තිබුනාවේ. එයා මට ආදරේ නොකලත් මං හැමදාමත් එයාට ආදරෙයි.
ගෙදට කිව්වු වෙද්දී ගේ ඇතුලේ හුගක් අය ඉන්නවා වගේ සද්දෙයී. දෙවියනී සීයයි ආච්චී ඇවිත්. මං ගෙට ගිය ගමන් ආච්චිගෙ ඔඩොක්කුවෙ බෙල්ල බදාගෙන ඉද ගත්තා .

මගෙ සුදු කෙල්ල .බක්තී ගීත පුරුදු වුනාද?

ඔව් සුදු අම්මේ. කෝ තාත්තා.
මං තාත්තා කියන්නේ සීයට.

සීයාට ටිකක් අසනීපයී පුතේ. මහන්සියට නිදි ඇති.

අනේ තාත්තිට මොකද?
මං කෙලින්ම ගියේ සීයා ලගට. සීයා නිදී. මං ලගින් ඉදගෙන සීයගෙ ඔලුව අතගන්න ගත්තා. මං ආව බව දැනිලද කොහෙද සීයට ඇහැරුනා. මේ ලේකේ මට වැඩියෙන්ම ආදරේ මගෙ සීයා විතරයී වෙන්නැතී. එයා තමා මාව පොඩි කාලේ ඉදන්ම හදා ගත්තේ.

සුදු දූ ඔයා ආවද?

ඔව් තාත්තේ .හුගක් අමාරුයිද ඔයාට.

නෑ සුදු දූ.. මට අමාරු නැ. ඔයා ඉන්නවනේ දැං මං ලග.
මගෙ ඇස් දෙක නොදැනීම කදුලින් බොද වුනා. මං චූටී කලේ සීයගෙ තුවාල වලත් සිද්ධාලේපත් ගානවා. මොනවා උනත් සීයා මට කියන්නෙ සුදු දූ මොනවා හරි ගන්න, ඔයගේ අතින් බේත් ගැවම මගෙ ලෙඩ ඉක්මනට හොද වෙනවා කියලා. පව් මං කරන වැඩ වලින් එයාට රිදෙන්නත් ඇති. ඒත් කවදාවත් මට ඉරටු පාරක් වත් ගහලා නෑ මගෙ සීයා. ඒකට සේන බප්පා මට දැනටම කීපාරක් ගැහ්ලා තියෙද. මං ඒවා සීයට කියන්නෙ නෑ. කිව්වොත් සීයා කීයටවත් මාව මෙහෙ තියන්නෙත් නැ.
සීයා වැඩ කලේ මිනී පෙට්ටි සාප්පුවක. විසක් ශරීර ගත වෙලා කියලා තමා ඩොක්ටර්ලා කිව්වේ. අනික ඉතින් හුගක් බොනවත්නේ. කොච්චර බිව්වත් සීයා කාටවත් කරදරයක් කලේ නෑ. මං පොඩි කාලේ මට මතකයී සීයා බීපූ දාට අපි දෙන්නා එක්ක එකතු වෙලා සිංදු කියනවා.
දැන් නම් සීයට ටිකක් අමාරුයී ඇවිදින්නත් බෑ ටග් ගාලා මහන්සිය එනවලූ. වැඩි වයසක් නෑ පනස් හතරයී .ඒත් බීලයී එම්බාම් විසයි සේරම නිසා මේ සේරම ලෙඩ.
***********************************

වෙසක් පෝය දවස උදා උනා. සීයට දැන් චුට්ටක් විතර අඩුයී. ස්පිරිතාලේ එක්ක ගිහින් බේතුත් ගෙනත් දුන්නන්නෙ. සේන බාප්පා සීයව නම් බලා ගත්තා. ඒකත් ඉතිං මොකක් හරි කපටි කමක් වෙන්න ඇතී.

සුදු දු අද නේද බක්තී ගීත කියන්නෙ.

සීයා මාව කයියට අල්ල ගත්තා. මං හිටියේ සුදු මල් වැලක් අමුනමින්.

ඔව් තාත්තේ . ගෙදරටත් ඇහෙයී.

මාත් එනවා සුදු දූ එක්ක යන්න . දූ සිංදු කියනවා බලන්න ඕනී මටත්.

ඒත් කොහොමද තාත්තා යන්නෙ. ආයී අඩනීප වෙයි.

දූ බලන්නකො මං එනවා.

තාත්තා එනවා නම් මාත් ආසයි.
හවස ත්‍රීවිල් එකක් ලැහැත්ති කරන් කට්ටියම පංසලට ගියා . මන් ගියෙ ළමා සාරිය ඇදගෙන. මම සීයගෙ අතිං අල්ලගෙන බුදුන් වදින්න එක්ක ගියා. බුදුන් වැදලා ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් නූලකුත්ගැට ගැහැව්වා.
බක්ති ගීත ප්‍රසංගය පටන් ගත්තා. මං සිංදු කියන ගමන් සීයා දිහා බැලුවා. එයා ඇස් දෙකේ කදුලූ පුරවන් ආදරෙන් මං දිහා බලන් ඉන්නවා.
මං වට පිට බැලුවේ ශානූ අයියලා ඇවිද්ද කියලා. එයාලා ඇස ගැටෙන හරික හිටියේ නෑ. මට ශානූ අයියා ගැන සීයා එක්ක කියන්නම හිතුනා. ඒත් ශානු අයියා ට මං ගැන හැගීම්ක් නැතුව ඇති කියලා හිත හදා ගත්තා. මගෙ සීයා හරිම හොදයී මට එයා එක්ක කියන්න බැරි කිසිම දෙයක් නෑ. මගෙ යාලුවෙක් වගේ. ඒත් ඒදා සේන බාප්පා කරන්න ගිය දේ මං සීයට කිව්වේ නෑ.
බක්ති ගීත ප්‍රසංගය ඉවර වුන ගමන් මං ගියේ සීයා ළගට. එයා ඇස්දෙක පිස දමමින් මට ආශිර්වාද කලා.
විමුයී නිර්මානී අක්කයි මං ලගට ආවා.

නියමයී ඈ. තනියෙන් කියපු සිංදුව නියෙමෙටම කිව්වා. සුපිරී.

නියමයී ශදී නංගියෝ.

දෙන්නා මාව වර්ණනා කරනවා.
කෝ දූලාන් අයියලා.

උන් ආවේ නෑ. දන් සැලක් දෙනවලූ ගමේ.
නිර්මානී අක්කා එහෙම කියද්දී මට එහෙනම් කමල් නැ කියලා හිතුනා.

කොල්ලගෙ හිතේ තිබුනා එන්න. ආව් ..ආව්… ඈ

අනේ නිර්මානි අක්කෙ පිස්සු නොකියා ඉන්න. එහෙම හිතෙන්නෙ නැති තරමට හොදයි. ඔයාටත් පිං මගෙ හිතේ තියෙන දේ එයාට නොකිව්වට.
මං එහෙම කියද්දි නිර්මානී අක්කා සුසුමක් හෙලුවා.

ඔව් නංගියෝ. අපි එයාගෙ හිතට දාලා ඔයාට යාලූ කරවලා වැඩක් නෑ. එයාටම ආදරේ හිතුනොත් අහයී. නැත්තම් මට පුලුවන් ශානුවට තේරුම් කරන්න .එහෙම වැඩක් නෑ.

ඔව් අක්කේ.

යමල්ලා යමල්ලා දන් සැල වදින්න .
විමූ අපේ කතාවට බාදා කලා. ප්‍රසංගයට එන අයවෙනුවෙන් දහම් පාසලේ ළයින් එකතු වෙලා ඒ නූඩ්ල්ස් දන්සල ලැස්ති කරේ. අපිත් පෝළිමේ ගිහින් දන් සැල වැන්දා.
************************************

ඊ ළග කොටසින් හමු වෙමූ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *