….. කදුලත් සැනසුමක්…..24

24. වන කොටස.

මාත් ඇදෙන් බැහැලා ,පොත් මේසේ ළගින් ඉද ගත්තා. බෑග් එකෙන් පොත් ටිකක් අරන් දිගහැර ගත්තා. පොත් වල වැඩක් කරන්න තරම් හිතේ නිදහසක් නැති නිසා පොත දිගෑරගෙන කල්පනා කර කර හිටියා. ටිකකින් අම්මට ආයෙත් නින්ද ගිහින්. සේන බාප්පගේ ගෙරවිල්ල නතර වෙලා .ඒක නිසා මං නිකමට වටපිටාව හෝදිසියෙන් බැලුවා. මොකද කොහෙන් හරී බලන් ඉන්නවා වෙන්න පුලුවන්නේ.
කපරාදූ නොකරපූ බිත්තීයේ පලංචී දැමීමට යොදා ගත් සිදුරූ තාම වහලා තිබුනේ නෑ. ඒවට ලෑලී කෑලී ගහලයී තිබුනේ . අහම්බෙන් වගේ මං දැක්කා පොත් මේසේ ළහ ලෑලී කෑල්ල එහාට වෙලා තියෙනවා. මං නොදැක්කා වගේ ඉදගෙන මොකද කරන්නේ කියලා කල්පනා කලා.
එතන බොන්න ගෙනාපූ වතුර කෝප්පේ වතුර ටිකක් ඉතුරු වෙලා තිබුනා. මං ඒකට ඩෙටෝල් බෝතලෙන් භාගයක්ම දැම්මා. කලවම් කරන ගමන් සිදුර දිහා බැලුවා. තවමත් මළ පෙරේතයෙක් වගේ බලන් ඉන්නවා. මං එකපාරටම ඩෙටොල් වතුර එක සිදුරෙන් එළියෙන් ගැහුවා. ඒ එක්කම දඩ බඩස් ගාලා පෙරලගෙන දුවනවා ඇහුනා. ඒ මූන දැක්කම එන කේන්තියට මට මිරිස් කුඩු ගැහුවොත් තමා සැනසීමක් දැනෙන්නේ.
ටික වෙලාවකින් සේන බාප්පා අම්මට කෑ ගැහුවා.

තෝ හොදට නිදී .අරකී හොර ලිව්ම් ලියනවා. ඇහරලා බලනවා. නැත්තම් ඕකිටත් නිදා ගන්න කියපන්.

අරෙහෙන් මෙහෙන් බලනවට බැන්නත් ,ඒක අම්මා ගනන් ගත්තේ නෑ. ලිව්ම අහු වුන නිසා අම්මට කිව්වම එයා කියන්නෙ.” උබේත් හොර වැඩ නිසානේ බලන්නෙ” කියලා.
අම්මා ඇහැරලා කුස්සියට ගියා, උයන්න ඕනී නිසා. සේන බාප්පගේ ඇහැ රතු වෙලා. මට ඒක දැක්කම හිනත් ගියා. අම්මා ඇහුවා ඇයී ඇහැ රතු වෙලා කියලා. සතෙක් ගිහින් කිව්වා.
ඊට පස්සෙ සේන බාප්පා මං ඉන්න තැනට ආවා. ඇවිත් මගෙ පොත දිහා බලාන ඉන්නවා.

සුදු දූ පාඩම් කරනවා වගේ..
මං සද්ද නැතුව හිටියා. සේරම බලූ වැඩ කරලත් බබා වගේ ලැජ්ජා නැතුව මෙහෙම කතා කරන්න පුලුවන්නේ.

හොදට පාඩම් කරන්න සුදු දූ..
සේන බාප්පා මගෙ ඔලුව අත ගාන්න උත්සහා කලා. මං එක පාරටම පුටුවත් පස්සට කරගෙන නැගිට්ටා.

එපා මාව අල්ලන්න . ලගට වත් එන්න එපා. බල්ලා.

ඇයී මේ ..මං ඔලුව අතගාන්නනේ හැදුවේ.

තෝ එන්න එපා මං ඉන්න තැනකට වත්. මගෙ දෑහටවත් පේන්න එන්න එපා.

මොකද මේ
අම්මත් එතනට ආවේ මගේ සද්දෙට.

අහන්නකෝ මෙයාගේ ඇහැට වුන දේ.

මොනා වෙන්නද රොඩ්ඩක් ගියා.
සේන බාප්පා එක පාරටම කියලා, එතනින් මගහැරලා ගියා. මට බැන බැන ලැහැත්තී වෙලා වැඩට ගියා.
මාත් ඉස්කෝලේ යන්න ලැස්‍ති වුනා. දත් මදින ගමන් මං පොඩ්ඩක් ගේ වටේ ගිහින් බැලුවා. පොත් මේසේ ලග ලෑලී කෑල්ලේ එක ඇනයයී තිබුනෙ, අනිත් ඒවා ගලවලා දාලා. මගෙ පොත් මේනේ යටයී, ඇද පාමුලත් බිත්තියේ සිදුරූ හාරලා. මට මේවා දැක්කම දැනුනේ පුදුම අප්පිරියාවක් . මොන තරම් ජරා මිනිහෙක්ද්ද. මේ තරම් ඇග වැහෙන්න ඇදුම් ඇදලත් මේ මිනිහා මොනවද මේ තරම් බලන්නේ.
මං අම්මටත් අඩගහලා පෙන්නුවා. එයා ඒකට මොකුත් කිව්වේ නෑ. අම්මව නම් මට් තේරුම් ගන්නම බෑ . ” ඇතුලෙන් ලෑලී කෑල්ලක් ගහමු” කිව්වා විතරයී. මං හිත් වේදනාවෙන් චූටී මල්ලිගෙ අතින් අල්ලගෙන ඉස්කෝලෙට පිය මැන්නා.
දැන් මට නැන්දලාගේ ගෙදර යන්නත් තහනම්. ක්ලාස් යන්නෙ අම්මත් එක්ක, මගේ ක්ලාස් ඇරෙනකන් අම්මා ක්ලාස් එක ලගට වෙලා හිටියා. ක්ලාස් එකටත් මගෙ සම්බන්දෙ ගැන කියලා තිබුනා.
ක්ලාස් එකේ ටීචර්ලත් මං දිහා බැලුවෙ අමුතු තාලෙට. පාඩම් කරන්නත් විදිහක් නෑ අම්මා නිදා ගද්දී මාත් නිදා ගන්න ඕනී. ශානූ අයිය එක්ක කතා කරන්න තියා, මූන දිහා බලලාවත් සැනසීමක් ලබන්න මට දැන් අවස්ථාවක් නෑ. අපේ ගෙදරට පල්ලේ සුපුන් මල්ලී ඔත්තූ බලන්න දාලනේ තියෙන්නෙ. කේලම් කියයී කියලා බයට මං ශානූ අයියව පුලුවන් තරම් මග හැරියා. ශානූ අයියත් හුගක් දුකින් හිටියේ. විමුත් මගෙන් ඈත් කරලා. ඒකත් සේන බාප්පගේ වැඩක්. එය තමා ටීචර්ට කියලා තිබුනෙ විමූ මගෙ ඈත් කරන්න කිය්ලා.
මං ඉස්කෝලෙට යද්දී ශානූ අයියා මග බලාගෙන ඉන්නවා. මං එයාව මග ඇරලා ගියා.

අක්කේ ඔයා අර අයියා එක්ක කතා කලේ නැත්තේ ඇයී.

නිකන්..

මං තාත්තට කියන්නෙ නෑ අක්කේ බය වෙන්න එපා.

මං දන්නවා චූටී මල්ලී.

ඇයී එහෙනම් ..

තව කට්ටිය ඉන්නවා කේලම් කියන්න.
මට චූටී මල්ලිගේ කතාව ගැන පුදුමත් හිතුනා. පොඩි ළමෙක් වෙලත් මං ගැන මේ තරම් හිතනවා.

*************************************
එදා සේරම ටීචර්ලා සර්ලා සේරටම විශේෂ රැස්වීමක් තිබුනා. විමුයී මායී කාලෙකින් එක තැනකට වෙලා කතා කරමින් හිටියා. පරන පුරුදූ තැනම වෙල්‍ යාය දිහා බලාන් හිටියේ. ශානූ අයියා එක පාරටම අපි ඉන්න තැනට ආවා.

ශදී නංගියෝ…

අනේ මෙතනින් යන්න මට ඔයා එක්ක කතා කරන්න බෑ.
මං කලබලෙන් වටපිට බැලුවේ . සුපුන් හරී ගයේෂා හරී පේන හරියක ඉන්නවද කියලා.

අනේ මට මෙහෙම කරන්න එපා සුදු මැනික..

අනේ ශානූ අයියේ කවුරු හරී දකී.

ඒත් මට ඔයා එක්ක කතා කරන්න ඕනී.
ශානූ අයියා හරිම වේදනාවෙන් කතා කලේ. විමු එතනින් අයින් වුනා අපිට නිදහසෙ කතා කරන්න දීලා මාත් විමූ පස්සෙන් යන්න හැරුනා.

අනේ සුදු මැනික පොඩි වෙලාවක් දෙන්න මට. මං දන්නවා ඔයා මාව මගෑරියට මට ආදරේ බව.
විමුත් බල කරපු නිසා මං එතන නතර වුනා. ශානූ අයියා මගේ අත් දෙක අල්ලා එයාගේ පපුවට තියා ගත්තා.

අනේ ශානූ අයියේ..

ඇයී සුදු මැනික.

කවුරූ හරී දකීවී.
ශානූ අයියගේ අත් දෙකෙන් මගෙ අත් දෙක මුදව ගන්න හිත් දුන්නේ නැහැ. ඒත් හිතේ බය ඊට වඩා ලොකුනේ. ශානූ අයියා අත් දෙක අතෑරලා ආදරෙන් මං දිහා බැලුවා. ඒ ඇස් දෙකේ වේදනාවත් එක්කම ලොකු ආදරයක් පිරිලා තිබුනා.

අනේ සුදු මැනික මගෙන් ඈත් වෙන්න එපා.

මට ඔයා ගැනයී ශානූ අයියේ බය.

මං ගැන බය වෙන්නේ ඇයී. ඒකාට මට මොකුත් කරන්න බැ. ඔයා බය වෙන්න එපා.

ඒත් ශානූ අයියේ .මට ඔයා ගැන බයයී.

අනේ සුදු මැනික මං ඔයා එක්ක ඉන්නවා. හැම දේකදිම. මගෙන් ඈත් වෙන්න එපා.

ශදී අක්කේ….
මං කලබලෙන් කටහඩ ඇහුන පැත්ත බැලුවා. දෙවියනේ සුපුන් මල්ලී. මං ඉවරයී.

ඊ ළග කොටසින් හමුවෙමූ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *