…. කදුලත් සැනසුමක්…34
34. වන කොටස.
මං ගෙදර ආවේ හුගක් හිත් වේදනාවෙන් මං ආපු ගමන් දොල පැත්තට ගියේ ශානූ අයියට දුක කියන්න. මං ශානූ අයියා එක්ක කියලා ඇඩුවා . ශානු අයියා හුගක් දුක් වුනා.
අනේ ශානූ අයියේ..
අඩන්න එපා මගෙ සුදු මැනික.. ඔයා බය වෙන්න එපා තව කල් තියෙනවා.
ඒ උනාට. ඇයී ඔයා වගේ හොද කෙනෙක්ට එයාලා මෙහෙම කියන්නෙ.
ඒකනී. මං චූටී මාමා එක්ක කතා කරන්නම්.
එපා එපා. එයත් කැමති වෙන්නෙ නෑ . එයත් අම්මා කිව්ව දේ විශ්වාස කරනවා. ඔයා මුලින් ජොබ් එකක් හොයා ගන්න.
හරි හරී මගෙ සුදු මැනික. ඔයාට මාව නැති වෙන්නෙ නෑ. කවුරු අකමැති වුනත් මං ඔයාව මගෙ කර ගන්නවා මයී.
ඒත් අපිට පාඩුවෙ ඉන්න දෙන එකක් නැ ශානූ අයියේ . ඔයා දන්නෙ නෑ චූටී මාමාගෙ හැටි.
ඔය බය වෙන්න එපා . දහ අට වෙනකන් ඉවසන්නකො . අපි මැරි කලාම කාටවත් මොකුත් කරන්න බෑ. ඊට කලින් ඔයාව බන්දන්නත් බෑනේ එයාලට.
අනේ ශානූ අයියේ . මට ඔයාව ඕනී.
හරි ළමයෝ . බය නොවී ඉන්න. අපි විභාගේ ඉවර වුනාම මේ සේරම අතෑරලා දාලා ඈතකට යමූ.
ශානූ අයියටයි මටයී තේරුම් ගියා කවදාවත්ම අපේ ගෙදරින් කැමැත්ත ලැබෙන්නේ නෑ කියලා. ඒක නිසා හැමෝම අත් අරින්න අපි තීරනය කලා. මට අතාරින්න බැරි කෙනෙක් හිටියේ නෑ. ශානූ අයියගේ ආදරේ තරම් ආදරයක් මට කාගෙන්වත් දැනුනේ නෑ. අම්මාගෙන් වත් ,චූටී කාලේ ඉදන් අම්මයි මමයි හුගක් ඈතයී. ඒක නිසාද කොහෙද අම්මගෙ ආදරේ දැනුනේ නෑ. මගෙ මුලූ ජීවිතය වුනේ ශානූ අයියා.
ශානූ අයියත් අත් අරින්න බැරි දෙයක් තිබුනේ නෑ. මං හිතන් හිටියටත් වඩා ඒ ගෙදර තත්වයත් හුගක් වෙනස්. ශානූ අයියත් මං වගේමයි පොඩි කාලේ ඉදන්ම හැදිලා තිබුනේ මහ ගෙදර , ආච්චි අම්මයී සීයයී එක්ක. ශානූ අයියා ගෙදර අය කියන කිසිම දෙයක් අහන කෙනෙක් නෙමෙයී. හරිම මුරංඩුයී, ගෙදර අයව බය කරගෙන වගේ හිටියේ. ඒකට ශානූ අයියට හේතු හුගක් තිබුනා. ඒක ශානූ අයියගෙ වරද නෙමෙයී කියලා මං තේරුම් ගත්තා.
ටිකක් කල් ක්ලාස් යනකොට මුදල් ප්‍රශ්න එන්න ගත්තා.මට හැම දේකටම ශානු අයියගෙන් සල්ලි ඉල්ලන්න බෑ. අම්මා එවන සල්ලී පංති ගාස්තු ගෙවන්නත් මදී වුනා. නෑදෑයෝ කවුරුත්ම මට සල්ලි වියදම් දුන්නෙත් නෑ. එයාලටත් නැද්ද, නැත්තම් මං ඉගෙන ගන්නවට අකමැතිද කියන්න මං දන්නෙ නෑ. සමහර මාස වල පංති ගාස්තු ගෙවා ගන්න බැරී මන් සමහර විෂයන් වලට මාසෙම ක්ලාස් ගියේ නෑ. මං ශානූ අයියට කිව්වෙත් නැ, තවත් එයාට කරදර කරන්න බැරි නිසා. අම්මට සමහර මාස වල සල්ලි එවන්න බැරී වුනා.
ක්ලාස් එකේ මට හුහක් හොද යාලුවෝ කීපදෙනෙක් හම්බවෙලා හිටියා. මගෙ කතාව ඇහුවම එයාලා හුගක් දුක් වුනා. එයාලා මට ප්‍රී කාඩ් හදලා දෙන්න උත්සහ කලා. ඒත් ඒකටත් අම්මා එන්න ඕනිනේ. සමහර දවස් වලට මගෙ යාලුවෝ මට සල්ලි දුන්නා.
ඉස්කෝලෙ තත්වයත් හොද වුනේ නැ, සමහර විෂයන් උගන්වන්න හරියට ගුරුවරු හිටියේ නැ. ඉස්කෝලේ ගියත් බොරුවට දවස ගත් වුනා විතරයී. ක්ලාස් යන්න බැරී වෙන එක මට ලොකු පාඩුවක් වුනේ ඒකයී. ඒ මදිවට ඉකෝලේ යන්න හරියට වාහනය තිබුනෙ නෑ. ත්‍රීවීල් වල යන්න වුනේ. වියදමත් වැඩීනේ. උදේට ස්කෝලේ යන ළමයින්ට වෑන් එකල් තිබුනා. ඒකෙත් යන්නෙ” කොට්ට පොල් වගේ “දොරේ එල්ලිලා, නැත්තම් ඇතුලේ දෙකට නැමීගෙන. හුගක් දාට දොරේ එල්ලිලා වගේ ඉස්කෝලේ ගියේ. කදු පල්ලම් වැඩි පාරේ දොරේ යන එක හරිම බයානකයී. සමහර දාට යන්න වාහනයක් හම්බ වුනේ නෑ. පරක්කු වෙන නිසා ආපහු ගෙදර ආවා. හුගක් දවසට මම ඉස්කෝලේ ගියෙ නෑ. ඒක නිසාම මට ඉස්කෝලේ යාලුවෝ හිටියේ නෑ.
මං ශානූ අයියට කෝල් කරන්න දොළ පැත්තට ගියා.ගිහින් කතා කරලා එනකොට ආච්චි අම්මා දොළ ළගම ඇවිත් බලාගෙන ඉන්නවා. එයාගේ මූන තිබුනේ හරිම නපුරු පාටක්.
සුදු දූ මොකද්ද ඔයා ඔය කරන්නෙ.
ඇයී සුදු අම්මේ.
ඇයි ගාන්නෙ මොකක්ද්ද ඔය හංග ගත්තෙ දෙනවා මෙහෙට.
මොකක්ද්ද?
මේ ළමයෝ මට තවත් බොරු කියන්න එන්න එපා. දෙනවා මෙහාට හංග ගත්තු එක.
තව දුරටත් ආච්චි අම්මට බොරු කියලා බේරෙන්න බැරී බව මට තේරුනා. මට පෝන් එක ආච්චි අම්මට දෙන්න වුනා. දැන් ඉතින් චූටී මාමට කියාවී.මං ඉවරයී.
ඉන්නවා මං චූටී මාමට කියන්න.
අනේ සුදු අම්මේ චූටී මාමාට නම් කියන්න එපා,මං ඔයා කියන ඕනී දෙයක් කරන්නම්.
බෑ බෑ කියන්න ඕනී. අහුවුනොත් මං එපෑ වග කියන්න .
අනේ අනේ… සුදු අම්මේ…..
මං ශානූ අයියා ගැන හැමදේම ආච්චි අම්මා එක්ක කිවවා. එයා මං වෙනුවෙන් වියම්කරන බවත් කිව්වා. එයා නැත්තම් මං ජීවත් වෙන්නෙත් නෑ කියලත් මං කිව්වා .
හරී. ඔය ළමයට මාව හම්බෙන්න එන්න කියන්න පුලුවන්ද?
පුලුවන්.. පුලුවන්.. සුදු අම්මේ. අද වුනත් පුලුවන්. ඒත් චූටි මාමටම් අල්ලා දෙන්න එපා .
එහෙම කරනවද මං ..ආ….. කෝල් එකක් ගන්න. එන්න පුලුවන්න අහලා බලන්න.
මං ශානූ අයියට කොල් එකක් අරන් ඔක්කොම විස්තරය කිව්වා. ශානූ අයියා හෙට වුනත් එන්න කැමති වුනා. පෝන් එක ආච්චි අම්මට දෙන්න කියලා. ආච්චි අම්මත් එක්කත් කතා කලා. හෙට ආච්චි හම්බෙන්න එන්න ශානූ අයියා පොරොන්දු වුනා.
කතාවෙන් නම් කොල්ලා හොදයි වගේ හෙට බලමුකෝ.
එහෙම කියමින් ආච්චි අම්මා මගෙ අතට පෝන් එක දුන්නා.
හෙට බලන්නකො සුදු අම්මේ.
හ්ම්ම්ම් බලමුකෝ.
හෙට කෑම ටිකක් හදන්න වෙයී නේද?
සුදු අම්මගෙ කැමැත්තක්. චූටි මාමා බනිවිනේ.
එයාට කියන්න ඕනි නෑ . ඈත ඉන්න නෑදෑකෙනෙක්ගේ පුතෙක් ආවා කියමූ.
ආච්චි අම්මයී මමයී හෙට උයන්න දේවත් තීරනය කලා. දිග නෑකමක් කිව්වා ශානූ අයියටකියන්න කියලා. මගදී චූටි මාමා හම්බුනොත් කියන්න කියලා.
පහු වෙනිද උදේ නවය පහු වෙනකොට ශානු අයියා බයික් එකෙන් මුදුලටම ආවා. කලින් මෙහෙ ආපු බව හංගන්න ඕනී නිසා මග දිගට කෝල් දුන්නා, පාර අහන්න වගේ.
ආච්චි අම්මා ශානූ අයියා දැක්ක ගමන් ලස්සන හිනාවක් මවාගෙන ඉස්සරහට ගියා. මම හැංගුනා.
එන්න පුතේ ඇතුළට. සුදු දූ එන්න හැංගුනාද?
මං එළිය ආවේ නෑ.
සුදු දූ එන්න . දැන්ද හැංගෙන්නෙ.
මං දොර රෙද්දට මුවා වෙලා බැලුවා . ශානූ අයියගෙ මූනේ තිබුනේ ආදරනීය හිනාවක් .
ශදී නංගී
සුදු අම්මෙ මං තේ හදන්නද?
මට කට්ටිය ඉස්සරහා කතා කරන්න ලැජ්ජයී වගේ. ලොකු අම්මත් මං දිහා බල බලා හිනා වෙනවා.
හා හා. තේ හදන්නකෝ. පුතා මෙයාගේ තේ බීලා තියෙද?
ඔව් ආච්චි අම්මෙ. මෙයා ඉතින් දවසම ගෘහ විද්‍යාගරයෙනේ ඉන්නෙ ඉස්සර. අපිත් හොරෙන් ඇවිත් හොරෙන් තේ ඉල්ල ගන්නවා.
මං ආච්චි අම්මට ,ශානූ අයියටයී කතා කරන්න ඉඩ දීලා කුස්සියට ගියා. මං තේ හදන්න කේතලය ලිපේ තියලා. ඉකෝලේදී අපි කරපු දේවල් සිහිපත් කලා. ඇත්තටම අද වෙන දේ හීනයක් වගේ ආච්චි අම්මා නම් ශානූ අයියට කැමතී වගේ.
සුදු දූ තේ කෝ
මේ එනවා සුදු අම්මේ..
මං තේ හදාගෙන. කෙසෙල් ගෙඩී බිස්කට්, කේක් තියපු ට්‍රේ එක අරගෙන සාලයට ආවා.
ගන්න ශානූ අයියේ.
කෝ ඔයාලා බොන්නෙ නැද්ද?
ශානූ අයියා කේක් කෑල්ලක් ගන්න ගමන් ඇහුවා.
පුතා බොන්නකෝ.. ඉක්මනට යන්නද ආවේ. කෑම ටිකක් කාලා යමු. සුදු දූ පාන්දර ඉදන් ඉව්වා.
නෑ නැ හදිස්සි නෑ ආච්චි අම්මෙ.
කතා බහ කරමින් කාලය ගෙවිලා ගියා. ශානූ අයියව ආච්චි අම්මගෙ හිතට නම් හොදටම වැදිලා තිබුනා. ආච්චි අම්මා කිව්වා කෑම ටික මේසෙට අරින්න කියලා. මම මේසය සකස් කරමින් හිටියා. ඒත් එක්කම ආච්චි අම්මගේ පෝන් එක රින්ග් වුනා.
චූටී මාමට ආරංචි වෙලා අපේ ගෙදරට කවුරු හරී ඇවිත් කියලා. ආච්චි අම්මගෙන් ප්‍රශ්න කලා. ආච්චි අම්මා කලින් කියන්න හිටපු කතාවම චූටි මාමට කිව්වා. මං එනවා දැන් එනකන් ඉන්න කියන්න කියලා චූටී මාමා කියලා තිබුනා.
මගෙ මුලු ඇගම රත්වෙලා ගියා. ඇගත් අප්‍රානික වෙලා වගේ.
අනේ සුදු අම්මේ. චූටී මාමට සැක හිතලද?
නෑ.. නෑ.. අවුලක් වෙන එකක් නෑ. පුතා කෑම කාමරයට ගිහින් කෑම කන්න. බය වෙන්න එපා. පුතා ගියොත් සැකේ වැඩි වෙනවනේ එනකන් ඉන්න.
ආච්චි අම්මා නෑකම ගැන ආයෙත් ශානූ අයියට කියලා දුන්නා. ශානූ අයියා ඇත්තම කියන්නද ඇහුවා. ආච්චි අම්මා ඒකට කැමති වුනේ නෑ.
ශානූ අයියා කාමරයට ගිහින් කෑම ගන්න සූදානම් වුනා. මං කෑම එකක් බෙදලා දුන්නා. ශානූ අයියා කෑම කාලා ඉවර වෙලා සාලයට ආවේ නෑ එතනටම වෙලා හිටියා. ලොකු අම්මයී, ආච්චි අම්මයිත් එතන කතා කරමින් හිටියා.
ආච්චි අම්මෙ දැං නම් යන්න ඕනී චූටී මාමා නෑනේ තව.
පුතා යන්න. ඒක මං බේර ගන්නම්.
ආච්චි අම්මා චූටි මාමට කෝල් කරන්න කියලා එළියට ගියා. ශානූ අයියා ගෙදර යන්න කියලා නැගිට්ටා. මං කෑම කාමරෙන් එළියට එන්න හදද්දී ශානු අයියා මගෙ අතින් අල්ලලා ඇදලා ගත්තා.
ඇයි මේ..
ඇයී අහන්නෙ.
ශානූ අයියා මගෙ කම්බුලක් සිප ගත්තා.
ආච්චි අම්මා එයි අනේ.
ශානූ අයියා කම්බුල් දෙකයි ,නනයි සිප ගෙන මාවා තුරුලූ කර ගත්තා.
අනේ දකී .කෝ යන්න දෙන්න.
මම තුරුලෙන් මිදිලා එන්න උත්සහ කලා.
තරහයී..
ඇයී..
කෝ මට.
මං ශානූ අයියා තුරල ගිහින් මූන සිප ගත්තා.
දැං වත් යමුද?
ශානූ අයියා ඇස් දෙක පියාගෙන .
හා යමූ..අම්මේ කාලෙකට ඇති..
ඔයාට පිස්සු..
මම බොරු තරහක් අරන් කෑම කාමරෙන් එළියට පැන ගත්තා. ශානූ අයියා ආච්චි අම්මටයී, ලොකු අම්මටයී වැදලා ආශිර්වාද ගත්තා. හැමෝටම යන්නම් කියලා ශානූ අයියා පිට වෙලා ගියා.
ඊට ටික වෙලාවකට පස්සෙ චූටී මාමා ආවා. ඇවිත් ගේ පුරා විමසිල්ලෙන් බැලුවා.
කෝ අර ආව කොල්ලා..
ඊ ළග කොයසින් හමු වෙමූ.