….. කදුලත් සැනසුමක්…..36

36. වන කොටස.

ඒත් මං උත්සහ කරන්න ඕනී සුදු අම්මේ. මේ ඉස්කෝලෙට ගියොත් ශානූ අයියා මං වෙනුවෙන් කරන වියදම් අපරාදේ වෙනවා, උගන්වන්නෙ නෑනේ.

අම්මගෙන් අහලා බලන්න එහෙනම්.
මම ආච්චි අම්මගේ පෝන් එක අරන් අම්මට කෝල් එකක් අරන් සේරම විස්තරය කිව්වා. අම්මා කිව්වා ” අලුත් ස්කෝලෙට ගියානම් හොදයී තමා, කෝ ඒත් සල්ලී ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න.” කියලා. කාගෙන් හරි ඉල්ලගෙන මං යන්නම ඕනී ,චූටී මාමාගෙන් ඉල්ල ගන්නම් කියලා මං බොරුවක් කිව්වා. එහෙනම් සර් කියන්නෙ මොකද කියලා එයාට කියන්න කිව්වා.
ඊළග පංති දවසෙදී නයනී සුභ ආරංචියක් අරන් ආවා. සර් මට උදවු කරන්න කැමතී වෙලා තිබුනා. භාරකාරයෙක් එක්ක ඇවිත් ප්‍රින්සිපල් හම්බ වෙන්න කියලා කියලා තිබුනා.
ඒ කිව්ව විදිහටම ආච්චි අම්මයී මමයී අලුත් ස්කෝලෙට ගියා. එදා එන බව නයනිට කලින් කියලා තිබුන නිසා නයනී අලුත් ළමෙක් ආවා, කියන ආරංචියට කාර්යාලයට එකට ආවා. අපි හිටියේ කාර්යාලය ඉස්සරහා ඉදගෙන.

ශදීයෝ මොකද කිව්වේ.

ප්‍රින්සිපල් ලොකු වැඩක්ලූ, ටිකක් ඉන්න කිව්වා.

ආහ්.. මේ සර්ගෙ නම කියපන් රණසිංහ සර් කියලා හරිද. එතකොට ප්‍රින්සිපල් සර් දන්නවා.

හ්ම්ම් හා.

අපි යනවා එහෙනම් . අපිට පංතියෙ උගන්වනවා රණසිංහ සර් මං කියන්නම්කෝ මගෙ යාලුවා ඇවිත් කියලා.
නයනී, නයනී එක්ක ආපු යාලුවයී ගොඩනැගිලී දෙකක් අතරින් ඇතුලට ගියා.
ටිකකින් අපිට් ප්‍රින්සිපල් සර් එන්න කිව්වා. සහතික එහෙම විමසිල්ලෙන් බැලුවා. ටිකක් වෙලා නිහඩව ඉදලා.

සුදුසුකම් නම් ඇති මේ ස්කෝලෙට එන්න ඇයි මුලින්ම ඇප්ලිකේෂන් නොදැන්මෙ.

මේ ළමයගෙ අම්මා දුර ඒවට දාන්න බෑ කියලා ළග ස්කෝලෙට දැම්මා මහත්තයෝ.
ආච්චි අම්මට කතා කරන්න දීලා මං අහගෙන හිටියා.

ආ .. මේ කවුද එතකොට.

මං ආච්චි අම්මා. මේ මගෙ මිනීපිරී.

ආහ්… එහෙමද හරී අපි මේ ළමයව ඉස්කෝලෙට බාර ගන්නවා. අස්වීම අරන් එන්නකෝ.

අනේ හුගාක් පිං මහත්තයෝ.

හරී හරි අම්මේ. මට පිං දෙන්න එපා. දුවගේ හැකියාව තමයී.
අපි යන්න නැගිටිනකොටම සර් කෙනෙක් අපි ළගට ආවා. ඇවිත් මගෙ දිහා විමසිල්ලෙන් බැලුවා.

මේ ශදීෂා වෙන්න ඕනී.

ඔව් සර්
මං පෙරලා පිලිතුරු දුන්නා
සර් මේ මං අර කියපු ළමයා.
ඒකෙන් මං තේරුම් ගත්තා ,මේ ආවේ රණසිංහ සර් බව. එය උස කෙනෙක් , උසට සරිලන මහත, ඒ වගේ හරිම කරුණාවන්ත මුහුනක් ඒ සර්ට තිබුනේ. කොන්ඩය තැනින් තැන සුදු වෙලා, වයස පනස් ගනනක පමන පෙනුමක් තිබුනා. ඒ මුහුහුනේ නිතරම ලස්සන සිනහවක් ඇදිලා තිබුනා. සර් දැක්ක මොහොතේඉදන් මට දැනුනේ සර්ව මං අදුරනවා වගේ.

ආ.. එහෙමද? මේ ගොල්ලො මට නිකමටවත් කිව්වෙ නෑ. ළමයා හොදයී රණසිංහ සර් අස්වීම අරන් එන්න කිව්වා.
රණසිංහ සර්රුත් එක්කම අපි ඔපිස් එකෙන් එළියට ආවා.

ශදීෂා ඉක්මනටම අස්වීම අරන්න් එන්න තේරුනාද?

හා සර්.

හොදයී ඒහෙනම් පරිස්සමින් යන්න. බුදු සරණයී.

අපි යනවා සර් සර්ටත් බුදු සරණයී.

ආච්චි අම්මයී,මායී ගෙදර ආවේ හුගක්සතුටින්. ආව ගමන් අම්මට කෝල් කරලා විස්තරය කිව්වා. අම්මා ඉක්මනට අස්වීම අරන් දෙන්න පොරොන්දු වුනා. කිව්ව විදිහටම අම්මා ඇවිත් අස්වීම අරන් දුන්නා . ස්කෝලෙන් අස්වීම දෙන්න බැම කිව්වා. බොරු හේතු ගොඩක් කියලා අස්වීම අර ගත්තා.
සදුදා ම අලුත් ඉස්කෝලෙට යනවා කියලා හිතාගෙන මන් ඉතිරි දවස් දෙකත් ගෙදර හිටියා.
එදත් ක්ලාස් එක ළගට ශානූ අයියා ආවා. අලුත් ඉස්කෝලෙකට යන ආරංචිය නිසා ශානූ අයියා හුගක් සතුටින් හිටියේ.. අලුත් ඉස්කෝලෙට දාන්න වෙලා තිබුනේ සුදු සපත්තු. ඒක නිසා ශානූ අයියා මට සුදු සපත්තු අරන් දුන්නා. ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න සල්ලිත් දුන්නා.
සදුදා පාන්දරින් නැගිටලා ලැස්තී වුනේ අලුත් ඉස්කෝලෙට යන්න. පරක්කු වුනාම යන්න බස් නැති වෙන නිසා පාන්දර හය වෙනකොට පාරට ගියා.
හරිම සංතෝෂයෙන් පිලිඅරගෙන මාව ඉකෝලෙට භර ගත්තා මට පංතිය තියෙන තැන කියලා පංතියට යැව්වා.
අපේ පංතිය තිබුනේ උඩ තට්ටුවක, මම පඩි පෙළ නැගලා පංතිය ළගට ගියා.. නයනි මං දැකලා හිනා වුනා. පංති හිටපු සරුත් මං දිහා හැරිලා බලලා හිනා වුනා.

අලුත් ළමයා නේද.

ඔව් සර් ..
මං බිම බලාගෙන එහෙම කිව්වා.

ඇතුලට එන්න ළමයෝ. ළමයි මොයාට වාඩී වෙන්න ඩෙක්ස් එකකුයී පුටුවකුයි දාලා දෙන්න.
ඒ හිටියේ පංති බාර සර්. මගෙ නම රෙජිස්ටර් එකට දාලා, සර් පාඩම උගන් වන්න පටන් ගත්තා. මං ඉද ගත්තෙ නයනී ළගමයී. ළමයී සේරම මගෙ දිහා කන්න වගේ බලනවා. ඇත්තටම කිව්වොත් මං හිටියේ බය වෙලා, රැග් දේවී කියලා. නයනී නිසාමද කොහෙද පංතියේ ළමයි ඉක්මනටම මාත් එක්ක එකතු වුනා. රැග් මොකුත් නෑ සහෝදරියක් වගේ ආදරෙන් පිලි ගත්තා. ඒත් දහතුන වසරේ පිරිමි ළමයින්ට මට රැග් කරන්න ඕනී වෙලා තිබුනා. දවසක් මාව පඩි පෙළේදි නතර කරගෙන රෝස මලේ නටුවෙ කටූ … කවිය කියන්න කිව්වා. කීප සැරයක් කිව්වත් මං සද්ද නැතුව හිටියා. එතකොටම එතනට ආපේ අපේ පංතියේ පිරිමි ළමයී.

හා හා.. අයියලා අපේ අලුත් යාලුවට රැ කරන්න බෑ.

ඇයී ඇයි. එයාට විතරක් අමුත්තක්.

හරි එහෙනම් අයියලා රැග් කරන්නකෝ අපි සර්ට කියන්නම්.
ඇත්තටම ඒ ස්කෝලේ රැග් දෙන්න තහනම්. මුලින්ම උසස් පෙළ පංතී පටන් ගන්න දා පොදු රැග් එකක් කරන්න විතරයී ඉඩ දීලා තිබුනේ. කොහොම හරී ගොඩක් ළමයී මාව ආදරෙන් පිලිගත්තා. ඒ ඉස්කෝලෙත් මං ආසම තැනක් බවට පත් වුනා
*****************************
දවසක් මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට කරුම ගෙදර නැහැ. පාන්ද හය වෙද්දි ගෙදරි යන මම ගෙදර එනකොට තුන කිට්ටු වෙනවා. ඉස්කෝලෙයි, පංතී දෙකම තියෙන දාට රෑ හත පහු වෙනවා. ඒත් මට කිසිම මහන්සියක් දැනුනෙ නෑ, මං හරිම ආසවෙන් ඉස්කෝලේ ගියේ. මං අල්ලපු ගෙදර අයට කතා කලා. ආච්චි අම්මා එහෙ ඉදන් ගෙදර ආවා . ලොකු අම්මගෙ ලේලිට බබා හම්බෙලා නිසා එයාව බලා ගන්න එන්න කියලා තිබුනා. දැන් ආච්චි අම්මයී මායී විතරයී ගෙදර. ආච්චි අම්මා හරිම බයයී තනියම ගෙදර ඉන්න, ඒක නිසා මං නැති වෙලාවට එයා අහල පහල ගෙවල් වලට යනවා. මට පාන්දර තුනට ඇහැරලා උයාගෙන බත් බැදගෙන ඉස්කෝලේ යන්න වුනා. ආච්චි අම්මටත් වයස නිසා එයා පාන්දර ඇහැරුනේ නැහැ. ලොකු අම්මා ඉන්නකොට ගෙදර සේරම වැඩ කලේ ලොකුඅම්මා නේ. ඒක නිසා ආච්චි අම්මා උයන්න උනන්දුවක් නෑ . සමහර දාට හත පහු වෙලා ගෙදර එද්දිත් උයන්න තියා, ආච්චි අම්මා ගෙදරවත් ඇවිත් නෑ . මං ඇවිත් එක මාලුවක් බතක් උයලා තමා එයාටත් කන්න දුන්නෙ. සමහර දාට අහල පහළ ගේකින් කෑම එවලා තිබුනා.
ශානූ අයියා එක්ක කතා කරන්න මට දැන් ගෙදර ඔනී තරම් නිදහස තියේ. චූටී මාමත් නිතර දෙවේලේ මගෙ පස්සෙන් එන එක නවත්තලා දාලා තිබුනා.
දැන් මං දිගටම පංතී, ඉකෝලෙයි දෙකටම යනවා. මගෙ වියදම් සේරම වගේ ශානූ අයියගෙ පිට පැටවිලා තිබුනා. ශානූ අයියා මං ඉල්ලන්නත් කලින් මට ඕනී දේවල් හොයලා බලලා කරලා දුන්නා.
සේන බාප්පගෙ ඇග පුරම කසන රෝගයක් හැදිලා වන වෙලා කියලා ආරංචී වුනා. ඒක නිසා අම්ම හම්බකරන සල්ලිත් ගෙදර වියදට යොදවන්න වුන නිසා මට සල්ලි එවන්න අම්මට බැරුව ගියා . මොන දේ වුනත් මහෙ හිතට නම් ඒ ආරංචිය ගෙනාවේ අහිංසක සතුටක්. මට කරපු දේවල් වලට දෙවියෝ සේන බාප්පට දඩුවම් කරන්න පටන් අරන් කියලා මගෙ හිත සතුටු වුනා.
දවසක් අම්මා ආච්චි අම්මට කෝල් එකක් ගත්තා. අරගෙන හුගක් වෙලා ආච්චි අම්මා එක්ක කතා කලා. පස්සෙ මගෙත් එක්ක කතා කරන්න ඕනී කියලා අම්මා කියලා තිබුනා.
අම්මා මාත් එක්ක කියලා ඇඩුවා. මට දැන් සල්ලි එවන්න විදියක් නෑ කියලා. සේන බාප්පා පලංචියක් පල්ලෙ වැටිලා කකුලකුත් කඩාගෙන නැන්දලා දැන් සේරම බලන්නෙ කියලා අම්මා කිව්වා. දැන් ළමයා ඉපදෙන්නත් ළග නිසා ඊට පස්සෙ එයාට වැඩට යන්න වෙන්නෙත් නැහැ කියලා හුගක් ඇඩුවා. මට ශානූ අයියා ගැන කියන්න හිතුනත්, මට තියෙන නිදහසත් නැති වෙයී කියලා මං නිහඩව අහගෙන හිටියා

සුදු දූ .. ඇයී ඔයා සද්ද නැත්තේ.

මං දන්නෙ නෑ අම්මේ පුලුවං කල් ඉකෝලේ යනවා . මට යාලුවොත් උදව් කරනවනේ. යාලුවෙක්ගෙ ගෙදර නවතිනවා බස් වියදමත් ඉතුරු වෙයිනේ.

සුදු දූ ඔයාව ඔහෙ යවලා මං කර ගත්තේ ලොකු මෝඩ කමක්.

ඇයී අම්මේ..

දැන් ලොකු මාමා සල්ලි එවන්නෙත් නැහැලූ ආච්චි අම්මට ඔයාට වියදම් කරයි කියලා. මගෙ ළමයා කියලා මගෙන් ගෙදර වියදමුත් ඉල්ල ගන්න කිව්වලූ.

පුදුම මිනිස්සුනේ මට එයාලා කවද්ද සල්ලි දුන්නේ.

මට දුකයී මගෙ සුදු දුවේ…

ඇයි අම්මේ..

මං දන්නවා හැමදේම, ඔයාට වියදම් කරන්නෙ කවුද කියලත් මං දන්නවා.
ඒක ඇහෙත්ම මගෙ ඇග ගල් වෙලා ගියා. මං නිහඩවම අහගෙන හිටියා.

මගෙ කරුමෙට මේ වගෙ මිනිහෙක් හම්බුනානේ. මං කවදාවත් ඔයාට ඔහොම වෙන්න දෙන්නෙ නැ මං. දැන් ආදරෙන් හැම දේම කරාවී. ඒත් බැන්ද කාලෙක ඔය සේරටම වාඩු ගනීවී.

එහෙම වෙන්නෙ නෑ අම්මේ.

ඔයා දන්නේ නෑ සුදු දූ පිරිමි ගැන. මට දුකයී මගෙ දුවේ ඔයා වෙනුවෙන් මට මොකුත් කර ගන්න බෑ. මේ වෙලේම මගෙ බඩටත් දරුවෙක් ආවනේ.

අනේ අම්මේ ඕවා හිතන්න එපා. මට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ.

මට තිබුනේ ඔයාව හදාගෙන හැමදාම තනියෙන් ඉන්න . එහෙනම් මේ ප්‍රශ්න මොකුත් නෑ.

අඩන්න එපා අම්මේ. හැමදේම විසදේයී.

ඊ ළග කොටසින් හමු වෙමු — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *